වෘක මිනිසාගේ කතාව

නොවැම්බර් 17, 2022

 

වෘකමිනිසා හෙවත් වෙයාවුල්ෆ් යනු මිථ්‍යා සතෙක් වන අතර ලොව පුරා කතා රැසකට හේතු වී තිබේ. වෘක පුරාවෘත්තය ආරම්භ වූයේ කවදාද සහ කොතැනදී ද යන්න පැහැදිලි හැඳීන්වීමක් නැත. ඇතැම් ජනප්‍රවාදවලට අනුව වෘකයන් යනු දුෂ්ට, බලගතු වෘකයන් බවට පත් වන මිනිසුන් ය. ඇතැම් අවස්ථාවකදී මිනිසාගේ සහ වෘකයාගේ විකෘති සංයෝගයක් ලෙසද හැඳීන්වේ. නමුත් වෘකමිනිසුන් යනු මිනිසුන් හා සතුන් මැරීමේ ආශාව පාලනය කර ගත නොහැකි ලේ පිපාසිත තිරිසනුන් ය. ග්‍රීක පුරාවෘත්තයට අනුව පෙලස්ගස්ගේ පුත් ලයිකෝන්, බිලිපූජා කරන ලද පිරිමි ළමයෙකුගේ නටබුන් වලින් සාදන ලද ආහාරයක් ලබා දීමෙන් සියුස් දෙවියන් කෝපයට පත් විය. කෝපයට පත් සියුස් එයට දඬුවමක් ලෙස ලයිකෝන් සහ ඔහුගේ පුතුන් වෘකයන් බවට පත් කළේය.

වෘකමිනිසුන් තේමා කොට ගත් චිත්‍රපට රැසක් හොලිවුඩයේ නිර්මාණය වී තිබේ. An American Werewolf In London (1981), The Company Of Wolves (1984), The Howling (1981),Frankenstein Meets the Wolf Man (1943), The Wolf Man (1941), Late Phases (2014) ඒ අතරින් කිහිපයකි. නුදුරේදීම ඔබට බොලිවුඩයේදීද වෘකමිනිසෙකු හමුවනු ඇත. වසරකට වරක් සිදු වන ඉතා සුවිශේෂී ඉන්ද්‍රජාලික රාත්‍රියකදී භාස්කර් වෘකයෙකුගේ සපාකෑමට ලක්වේ. ඒ හේතුවෙන් ඔහුට වෘකයාගේ හැකියාවන් සහ ලක්ෂණ ලැබේ. ඉන් පසු සෑම පුර පසළොස්වක රාත්‍රියකදීම ඔහු වෘකයෙකු බවට පත් වේ.

වෘකමිනිසෙකු බවට පත් වන භාස්කර්ගේ කතාව ගෙන එන්නේ භේඩියා හින්දි චිත්‍රපටයයි. භේඩියා යන්නෙහි අරුත වෘකයා වේ. 

හාස්‍ය මුසු ත්‍රාසජනක චිත්‍රපටයක් වන භෙඩියා අමර් කෞෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ලබන නොවැම්බර් 25 වැනිදා නිකුත් කිරීමට නියමිතව ඇත. භේඩියා චිත්‍රපටය දිනේෂ් විජයන්ගේ නිෂ්පාදනයක් වන අතර 'විජන්ස් හොරර් කොමඩි යුනිවර්ස්'හි තුන්වැනි කොටසයි. 2018 වසරේ නිකුත් වූ Stree සහ 2021 වසරේ නිකුත් වු Roohi  චිත්‍රපට පිළිවෙළින් මෙහි පළමු සහ දෙවැනි චිත්‍රපට වේ. වරුන් ධවාන්, ක්‍රිති සැනොන්, දීපක් ඩොබ්රියල්, අභිෂේක් බැනර්ජි

පාලින් කබක් ඇතුළු පිරිසක් භේඩියා චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙති. ශ්‍රද්ධා කපූර් "තුම්කේශ්වරී" ගීතය සමඟ විශේෂ රංගනයකට එක් වන්නේ ඇය ඉබපඥඥ චිත්‍රපටයේ නිරූපණය කළ භූමිකාව සමඟිනි.

[email protected]