වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
අභියෝග මැද නොසැලෙන BLACK PANTHER WAKANDA FOREVER

වකන්දා රාජ්‍යයේ නායක ටී-චල්ලා රජු ගේ ඇවෑමෙන් එහි ජනයා තවදුරටත් එම රාජ්‍යය නොයෙක් විධ බලවේගයන්ගෙන් ආරක්ෂා කරගනිමින් පසු වෙති. නමෝර් නම් දුෂ්ට රජු විසින් පාලනය කරන මුහුදු පතුලේ සැඟවුණු රාජ්‍යයක් වන තලොකාන් වෙතින් වකන්දා වෙත දරුණු අභියෝගයක් කෙරෙන්නේ මේ අතරය. මේ තර්ජනයෙක් සිය රාජ්‍යය ආරක්ෂා කර නොගතහොත් එය වකන්දා රාජ්‍යයට පමණක් නොව මුළු ලෝකයටම බරපතළ ඛේදවාචකයක් වනු ඇත.
මාවල් චිත්‍රකතා හි බ්ලැක් පැන්තර් චරිතය මත පදනම් වූ 2018 වසරේ තිරගත වූ බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ දෙවැනි අදියර Black Panther : Wakanda Forever චිත්‍රපටය මෙලෙස ඇරඹෙන අතර එය හෙට (11) සිට ලොව පුරා තිරගත වීමට නියමිතය. මාවල් සිනමැටික් යුනිවර්ස් (MCU) හි 30 වැනි චිත්‍රපටය වන මෙය ජෝ රොබට් කෝලේ සමඟ එය තිර රචනය කළ රයන් කූග්ලර්ගේ අධ්‍යක්ෂණයකි. මෙහි ලෙටීටියා රයිට්, ලුපිටා නියොන්ගෝ, ඩනනි ගොරියා, වින්ස්ටන් ඩූක්, බොමිනික් ත්‍රෝන්, ෆ්ගොරන්ස් කසුම්බා, මිචෙලා කෝලේ, මාර්ටින් ෆ්‍රීමන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
බ්ලැක් පැන්තර් පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ටී-චල්ලා රජුට රංගනයෙන් පණපෙවූ 43 හැවිරිදි චැඩ්වික් බොස්මන් පසුගිය 2020 වසරේ මෙලොව හැර යාමත් සමඟ දෙවැනි චිත්‍රපටයේ රචනය නව මඟක් වෙත යොමු කිරීමට නිර්මාණකරුවනට සිදු විය. ටී-චල්ලා රජුගේ චරිතය වෙනුවට මෙම චිත්‍රපටයේ දී හමුවන ප්‍රධානම චරිතය වන්නේ ෂුරී කුමරියගේ චරිතයයි. වකන්දා ජාතියට නව තාක්ෂණය නිර්මාණය කරන ෂුරී කුමරිය ටී-චල්ලා රුගෙ බාල සොයුරියයි. රජුගේ මරණයෙන් ශෝක වන ඇය එම වියෝ දුක සංසිඳුවා ගන්නේ සිත වෙනතක යොමු කරන නව තාක්ෂණික නිර්මාණ සමඟිනි.
ද හොලිවුඩ් රිපෝටර් සඟරාව මෙම චිත්‍රපටය එහි ආරම්භක සති අන්තයේදී උතුරු ඇමරිකාවේ ඩොලර් මිලියන 175ක් උපයා ගනු ඇතිබවට පුරෝකථනය කර ඇති අතර බොක්ස්ඔෆිස් ප්‍රෝ සඟරාවට අනුව මෙම චිත්‍රපටය ඇමෙරිකාවේ පමණක් මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යනු ඇත.