තම සිතුවිලි හා තරග වදින සංගීතවේදනියකගේ කතාව

ඔක්තෝබර් 6, 2022

වාද්‍ය වෘන්ද මෙහෙයවන්නියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බැඳී ලින්ඩා ටර්, ක්ලීව්ලන්ඩ් වාද්‍ය වෘන්දය සමඟ චිකාගෝ සංධ්වනි වාද්‍ය වෘන්දය සමඟ, බොස්ටන් සංධ්වනි වාද්‍ය වෘන්දය සමඟ දිගු ගමනක් පැමිණි අයෙකි. 2013 දී බර්ලින් හි ප්‍රධාන වාද්‍ය වෘන්ද මෙහෙයවන්නිය ලෙස ටර් තේරී පත් වූවාය. වේදිකාවට සහ තිරයට ද සංගීතය ලියා ඇති ටර් ලොව අති දුර්ලභ ඡ්ට්ර්‍ණඊ සම්මානලාභීන් (Emmy, Grammy, Oscar, සහ Tony යන සම්මාන සතරම දිනාගත්) 15 දෙනාගෙන් කෙනෙකි. සිය වෘත්තිය දිවියේ මීළඟ තලයට පිවිසීම සඳහා විශිෂ්ට ගණයේ සංගීත සංධ්වනියක් නිර්මාණය කරමින් සිටින මේ අති දක්ෂ සංගීතවේදිනිය හට හැඟී යන්නේ තම වටාපිටාව පමණක් නොව, තමාගේම සිතුවිලි පවා මෙම කර්තව්‍යයට විරුද්ධව කුමන්ත්‍රණය කරන බවයි. මෙම අරගලයේදී තමාගේ අස්වැසිල්ලට, උපකාරයට සිටින්නේ ඇය විසින් හදාගත් දියණිය පෙට්‍රා පමණක් බව ඇයට වැටහේ.

ප්‍රවීණ රංගන ශිලිපියකු මෙන්ම සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ටොඩ් ෆීල්ඩ්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් යුතු මනෝවිද්‍යා චිත්‍රපටයක් වන ඊදැප මෙලෙස දිගහැරේ. ටොඩ් සමඟ ඇලෙක්සැන්ඩ්‍රා මිල්චන් සහ ස්කොට් ලැම්බර්ට් විසින් නිෂ්පාදනය කරන ලද මෙහි කේට් බ්ලාන්ෂේ ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර නොමි මර්ලන්ට්, නීනා හොස්, සොෆී කවුර්, ජූලියන් ග්ලෝවර්, ඇලන් කෝඩියුනර් සහ මාර්ක් ස්ට්‍රොන්ග් සෙසු චරිතයන්ට දායක වෙති. ෆ්ලොරියන් හොෆ්මිසර් කැමරාකරණය කළ මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබ තිබෙන්නේ ප්‍රවීණ අයිස්ලන්ත ජාතික සංගීතවේදිනියක වන හිල්දුර් ගුආනාදොතිර් විසිනි. හෙට (ඔක්තෝබර් 07) සිට ලොවපුරා තිරගත වන මෙය පැය 2 විනාඩි 38 ක දිගු චිත්‍රපටයකි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන කේට් බ්ලාන්ෂේ ගැනද යම් සඳහනක් නොකළ හොත් මෙම ලිපිය අසම්පූර්ණ වනු ඇත. සිය සැබෑ දිවියේ, කේට් එමී සමාන ද්විත්වයක්, ඔස්කාර් සම්මාන ද්විත්වයක්, බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන ත්‍රිත්වයක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ත්‍රිත්වයක් සහ ටෝනි සම්මාන යෝජනා කිහිපයකටම, මෙන්ම තවත් සම්මාන රාශියකට හිමිකම් කියූ ඡ්ට්ර්‍ණඊ සම්මානලාභිනියක වීම එතරම් ඈතක නොවන අති දක්ෂ ඕස්ට්‍රේලියානු ජාතික රංගන ශිල්පිනියකි. ටර් හි ලින්ඩා ටර්ගේ චරිතය නිරූපණය කරන කේට් එම චරිත නිරූපණයෙදී පෙන්වන විශිෂ්ටත්වය ඇයගේ රංගන දිවියද මීළඟ තලයට ගෙනගොස් ඇති බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති. විචාරකයින්ගෙන් අනේකවිධ පැසසුම් ලත් මෙම චිත්‍රපටය රෝටන් ටෝමාටෝස් අඩවියේ විචාරකයන් 36 දෙනෙකුගෙන් 97%ක් අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 8.1/10 කි. මෙටාක්‍රිටික් වෙබ් අඩවියේ විචාරකයන්ගෙන් සියයට 91ක් අනුමත කර ඇති මෙම චිත්‍රපටයට එහි 'විශ්වීය පිළිගැනීමක්' ලෙස හඳුන්වා ඇත.