බල අරගලයක අවසානය

ඔක්තෝබර් 6, 2022

 

අන්තර්ජාතික අපරාධ පොලිස් සංවිධානයේ නිලධාරියකු අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ අබිරහස් අපරාධකරුවකු පිළිබඳ වාර්තාවකි. සීඅයිඒ වෙතින් ඔහු වෙත පණිවිඩයක් ලැබී ඇත. ඒ සමඟ ඉස්තාන්බුල්හිදී ගන්නා ලද පුද්ගලයකුගේ පිටුපස රූපයක් අමුණා ඇත. නිලධාරියා සීඅයිඒ ආරක්ෂිත දුරකතන අංකය අමතා මෙසේ පැවසීය. "එය ක්‍රියාවිරහිත කරන්න. ඒ අබ්‍රාම්. කුරේෂි අබ්‍රාම්".

මේ අතර, කේරළයේ පාලක පක්ෂය වන ඉන්දීය එක්සත් පෙරමුණේ නායක පී.කේ රාම්දාස් මරණයට පත් වන්නේ විපක්ෂ නායක මෙඩෙයිල් රාජන්ගේ දියණියට අයත් රෝහලකදීය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ඉන්දීය එක්සත් පෙරමුණේ වැඩබලන නායක මහේෂා වර්මා ඉදිරි මැතිවරණයේදී වාසියක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් රාජන් හට මිනීමැරුමකට චෝදනා එල්ල කරමින් රෝහලෙන් පිටත කැරැල්ලක් ඇති කිරීමට සැලසුම් කරයි. සත්‍ය ගවේෂකයකු වන ගෝවර්ධන් ෆේස්බුක් සජීව නිවේදනයක් ඔස්සේ කියා සිටින්නේ රාම්දාස් ඔහුගේ අවසාන වසර තුළ රූකඩයක් වූ බවත් පක්ෂය සතුව රාජ්‍ය භාණ්ඩාගාරයට වඩා දෙගුණයක මුදල් ඇති බැවින් රාම්දාස් වෙනුවට ආදේශ කරන පුද්ගලයා තීරණාත්මක විය යුතු බවයි. ඒ වෙනුවෙන් ඔහු ප්‍රියදර්ශිනී "ප්‍රියා" රාම්දාස්, බිමල් "බොබී" නායර්, ජතින් රාම්දාස්, වර්මා සහ ස්ටෙෆන් නෙදුම්පාලි යන අපේක්ෂකයන් පස් දෙනෙකු ලැයිස්තුගත කරයි.

ප්‍රියා සහ ජතින් රාම්දාස් ගේ දියණිය සහ පුතුය. ප්‍රියාගේ දෙවැනි විවාහය සිදු වී තිබෙන්නේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබී සමඟිනි. ජතින් එක්සත් ජනපදයේ වාසය කරන අතර ඔහු ජීවතුන් අතර සිටින බව දැන සිටියද ස්ථානය පිළිබඳ තොරතුරක් නොමැත. ස්ටෙෆන් නෙදුම්පාලි යනු රාම්දාස් විසින් ඉහළට ගෙන ආ පුද්ගලයෙකි. ස්ටෙෆන්ගේ අතීතය අප්‍රකට නමුත්, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද ක්‍රියාකාරකම් වලදී ඔහුගේ දායකත්වය සහ ඩුබායි සිට කේරළයට සිදුකෙරන රත්රන් ජාවාරම් ගැන ප්‍රකටය. ඔහුට ලුසිෆර් ලෙස ආමන්ත්‍රණය කරන ගෝවර්දන් ඔහු හඳුන්වන්නේ "වඩාත්ම භයානක පුද්ගලයා" යනුවෙනි. කෙසේ නමුත් පසුගිය හය වසර තුළ ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අසන්නට නොලැබුණි. මේ අනුව වර්මා ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සමඟින් අනුප්‍රාප්තිකයා වීමට බොහෝ දුරට ඉඩ ඇත. ජාත්‍යන්තරයටද බලපෑම් කරමින් මෙම බලඅරගලය ක්‍රියාත්මක වන අයුරු රිදී තිරයේ දැක ගත හැකි විය.

ඒ චිත්‍රපට ත්‍රිත්වයක පළමුවැන්න ලෙස 2019 මලයාලම් භාෂා දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන ලුසිෆර් චිත්‍රපටයෙනි. එය මුරලි ගෝපි රචනා කර ජනප්‍රිය නළු ප්‍රිත්විරාජ් සුකුමාරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. මෝහන්ලාල්, විවේක් ඔබ්රෝයි, මංජු වෝරියර්, ඉන්ද්‍රජිත් සුකුමාර්න් ඇතුළු පිරිසක් එහි චරිත මැවූහ. ලුසිෆර් ප්‍රිත්විරාජ්ගේ මංගල චිත්‍රපට අධ්‍යක්‍ෂණය සනිටුහන් කළ අතර එය දැනට මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක් විය. ලුසිෆර් යනු දක්ෂ ලෙස ලියා ඇති සහ උපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රබන්ධ කථා වස්තුවකි. ප්‍රිත්විරාජ් අධ්‍යක්ෂණයේ මංගල දර්ශනය ඉහළයි යනුවෙන් එය විචාරක පැසසුම් ද ලැබීය. ලුසිෆර් චිත්‍රපටයේ ඉදිරිය ගෙන එන්නේ ඹ්2: ඡ්ථනභපචචද සහ ගෝඩ්ෆාදර් චිත්‍රපට ද්විත්වයයි.

මේ අතරින් ගෝඩ්ෆාදර් චිත්‍රපටය ඊයේ (ඔක්තෝබර් 05) නවරාත්‍රි අවසානයේ සමරනු ලබන විජයදශම් උත්සවයට සමගාමීව තිරගත වීම ආරම්භ විය.

ගෝඩ්ෆාදර් කතාව දිගහැරෙන්නේ දේශපාලන නායකයකුගේ මරණයෙන් පසු අබිරහස් මිනිසෙකු බලයට පිවිසීම සමඟිනි. තෙළිඟු, දේශපාලන- ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටයක් වන එය මොහාන් රාජාගේ අධ්‍යක්ෂණයකි. මෙහි චිරංජීව් සමඟ සල්මන් ඛාන්, නයනතාරා, පූරි ජගන්නාද් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

ගෝඩ්ෆාදර් තෙළිඟු සිනමාවේ සල්මන් ඛාන්ගේ කුලුඳුල් රංගනය වීමද විශේෂ කරුණකි. ප්‍රභූදේවා විශේෂ චරිතයකට ආරාධිත රංගනයකින් එක් වී සිටී.