පේ‍්‍රමයේ අදුරු පැතිකඩ

The Other side of The Midnight
අගෝස්තු 18, 2022

 

ජනප‍්‍රිය ඇමරිකානු නවකථා කරුවකු වූ සිඞ්නි ශෙල්ඩන් විසින් 1973 දී ලියූ ‘ දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ් නයිට්’ එම වසර තුළ ලොව පුරා අතිශය ජනප‍්‍රිය වූ, පොත් මිලියන ගණනක් අලෙවි වූ නවකතා පොතක් බවට පත්වූ අතර, 1977දී පමණ බි‍්‍රතාන්‍ය සිනමා හා රූපවාහිනි කථාමාලා අධ්‍යක්ෂක චාර්ල්ස් ගැරට් විසින් එම නමින්ම සිනමාවට නංවන්නට ආරම්භ කළේය.

චාර්ල්ස් ගැරට් 1962 දී ‘ද ටයිම් ටු රිමෙම්බර්’ නම් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කළද, ඔහුගේ ‘ඈන් ඔෆ් ද තවුසන්ඞ් ඬේස්’, චිත‍්‍රපටයෙන් ඔහු මුළු‍ ලොව පුරාම ජනප‍්‍රිය විය. 1971 දී ඔහු අධ්‍යක්ෂණය කළ ‘මේරි ක්වීන් ඔෆ් ස්කොට්ස්’, ‘මෙන්ම 1973 දී නිර්මාණය වූ ‘ලොස්ට් හොරයිසන්‘, තුළින් ඔහු ලොව කීර්තිමත් අධ්‍යක්ෂකයෙකු විය. 1974 දී නිර්මාණය කෙරූ ‘ද ඩෝව්’ චිත‍්‍රපටයද, සුවිශේෂිත විය. චාර්ල්ස් ගැරට් ‘ දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ්නයිට්’ චිත‍්‍රපටය පටන් ගත්තේ 1976 දී තරමේය.

ඔහු එහී තිරනාටකය භාර කළේ හර්මන් රොචර්ටය. හර්මන් , 1971 දී තිරගත වූ ‘සමර් ඔෆ් 42‘ චිත‍්‍රපටයේ තිර රචකයා විය. ඉන් පසු ‘ක්ලාස් ඔෆ් 44’, ‘ස්වීට් නොවැම්බර්‘, ‘වෝටර් මෙලන් මෑන්‘, ‘රිමෙම්බර් වෙන්‘, ‘ඔඞ් ටූ බිලි ජෝ’ වැනි චිත‍්‍රපටවලද තිර නාටක ලිවීය. ‘ද අදර් සයිඞ් ඔෆ් ද මිඞ් නයිට්’ චිත‍්‍රපටයේ තිර නාටකය ඔහුට ලැබුණේ ඉන්පසුවය. සිඞ්නි ශෙල්ඩන් ගේ නවකථා තුළින් චිත‍්‍රපට තිර නාටක ලිවීම පහසු කටයුත්තක් නොවේ. සිඞ්නි ⁣ශෙල්ඩන්ට ලොව පුරා විශාල ‘ෆෑන් බේස්‘ එකක් ඇත. ඔවුන් සිඞ්නි ශෙල්ඩන්ගෙ නවකථාවලට කෙතරම් වශි වූවාදැයි කිව හොත් ඒවාවලින් මොනතරම් විශිෂ්ට ලෙස චිත‍්‍රපට නිර්මාණය කළ ද, ඔවුන් කරන්නේ ඒ චිත‍්‍රපටවල ඇද සෙවීමය. ඒ, චිත‍්‍රපටයට වඩා නවකථා පොත උසස් බව සනාථ කිරීමටය. එහෙයින් තිර නාටකරුවා මෙය චිත‍්‍රපටයක් වෙනුවෙන් ලියන විට වඩාත් පරිස්සම් විය යුතුවේ.

හර්මන් රොචර් සිඞ්නි ශෙල්ඩන්ගෙ නවකථාව වාර ගණනාවක් කියවන්නට ඇත. අවසානයේ ඔහු නවකථාව හා සමගාමිව යන ලෙස අපූරුවු තිරනාටකයක් ලියා චාර්ල්ස් ගැරට් ට භාර දුනි.

කථාව මුළුමනින්ම ගෙතී යන්නේ නොයෙල් පේජ් වටාය. ඇත්තෙන්ම ඇයගේ අසාමාන්‍ය සුරූපි බව වටාය. නමුත් තිර රචක, හර්මන් රොචර් ශෙල්ඩන්ගේ නවකථාව තුළින් වෙනත් යමක් දුටුවේය. මොන තරම් හැල හැප්පිලි තිබුණත් මෙම කථාව කේන්ද්‍රිය කරගෙන තිබුණේ අවංක ආදරය මතය. නොයෙල් පේජ්, හඹා ගියේ මේ ආදරය පසු පසය. සියුමැලි අවිහිංසක සුරුපිනියක්, කාම ධේනුවක් වූයේත්, හැපින්නක් වූයෙත් මේ අවංක ආදරය නිසාය.

තිර රචකයා නොයෙල් පේජ් ගැන සානුකම්පිතව බැලූ බවක් පෙනේ. ඒ සානුකම්පිත බව ⁣පේ‍්‍රක්ෂකයා තුළ දනවන්නට ඔහු කොතෙක් ගැඹුරට උත්සහ ගත්තේද කිව හොත් අවසානයේදී හර්මන් රොචර් ගේ උත්සහය සපළ වෙයි. එහී ප‍්‍රතිඵලය ලෙස පේ‍්‍රක්ෂකයාගේ වීරවරිය වන්නේ, නොයෙල් පේජ්ය.

නොයෙල් පේජ්ගේ දුප්පත් ජීවිතය චිත‍්‍රපටය තුළ වැඩි ලෙස තීව‍්‍ර නොවූවද, ඇය ගේ පියා ඇයට මල් ව්‍යාපාරයක් හා සාප්පුවක් අයිති මැදිවිය ද පසුකෙරූ ඔනස්ටි ලන්චන් නම් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ වන්නට පොලඹවන්නේ ඔවුන් ප‍්‍රංශයේ මාර්සෙලී නගරයේ ගෙවන දුප්පත් ජීවිතයෙන් අඩුම තරමෙ නොයෙල්ව හෝ මුදවා දැමීමටය.

නොයෙල්ගේ ප‍්‍රථම ලිංගීක අත්දැකීම, චිත‍්‍රපටයෙන් පෙන්වන්නේ මේ ඔනස්ටි ලන්චන් සමඟ ය. එයට ඇය අවනත වන්නේ ඉතාමත් අකමැත්තෙන් හා හිරිකිතෙනි. ඒ නිසා ඇය ඔනස්ටි ලන්චන් නම් මහලූ‍ කාමතුරයාට නින්ද යන තෙක් සිට, ඔහුගෙන් මිදී පැරිසිය බලා යන්නේ තම ජීවිතය සොයා ගෙනය.

නිනව්වක් නොමැතිව, අරමුණක් නොමැතිව ඇය පැරිසියේ සැරිසරන විටය ඇයට ලෝරන්ස් ඩග්ලස් හෙවත් ලැරී ඩග්ලස් නම් කඩවසමි තරුණ ඇමරිකානු යුද හමුදා ගුවන් නියමුවාව හමුවන්නෙ.

නොයෙල් පේජ් ව තමා ගේ වස`ගයට නතු කරගැන්මට ලැරී ට එතරම් ලොකු උත්සහයක් ගැන්මට අවශ්‍ය වූයේ නැත. ඒ ඔහු ගේ කඩවසම් බවත්, වෘත්තියේ උසස් බවත් උපරිමයෙන්ම තිබූ නිසාය. නොයෙල් ට නම් ඇයගේ අසාමාන්‍ය සුන්දරත්වය හැරෙන්නට වෙන කිසිවක් තිබුණේ නැත. අවම වශයෙන් පැරිසියේ ඇයට ඉන්න හිටින්න තැනක් වත් තිබුණේ නැත. ලැරීට, ඇයව හමුවූ දිනයම පහසුවෙන්ම ඩැහැ ගැන්මට හැකි වූයේද ඒ නිසා විය හැකිය. කෙසේ හෝ ඔවුන් දෙදෙනා මුල් හමුවීමෙන්ම දැඩිව බැ`දුනි. ඔහු ඇයව පැරිසියේ තිබෙන ලස්සනම හෝටලයකට රැුගෙන ගියේය. එදින රාත‍්‍රිය ඔවුන් ගත කළේ එම හෝටලයේය. ඒ රාත‍්‍රිය තරම් සුන්දර රාත‍්‍රියක් ඇය තම ජිවිතයටම ගෙවා තිබුණේ නැත. ඇය අවංකවම ඔහුට ආදරය කරන්නට විය.

පසුදින සිට සතියක්ම ඔහු ඇය සමඟ පැරිසියේ අතී සුන්දර ස්ථානවලට ගියේය. ඔහු, ඇයව පැරීසියේ ආදරය සංකේතවත් කරන තැන්වලටය වඩාත් රැුගෙන ගියේ. ඒ තුළිනුත් ඇය ආදරයෙන් මුසපත් විය.

සතියක් පමණ ඔවුන් අපමණ ලෙස විනෝද විය. නොයෙල් ට ලැරී හැරෙන්නට වෙන ජීවිතයක් නොවීය. එහෙත් හදිසියේම ලැරීට ඇමරිකාවෙන් තම සේවාස්ථානයෙන් පැමිණෙන ලෙස අණ කළ හෙයින් ඔහුට නොයෙල්ව පැරිසියේ දමා යන්නට සිදුවිය. ඇයට එය කෙලෙසකවත් දරා ගැන්මට නොහැකි විය. එහෙත් ඔහු කීවේ තව සතියකින් මුලදී හමුවූ හෝටලයට පැමිණෙන ලෙසත්, එදිනට ඔහුද පැමිණ පසුව ඇයව විවාහ කර ගන්නා බවකි. පැමිණෙන දිනය හා හමුවන වේලාව ද ඔහු ඇයට දැන්විය. ඒ හේතුවෙන් නොයෙල් ⁣ගේ දුක තරමක් තුනී විය.

සතියක් ගෙවී ගියේය. ලැරි කී දිනය උදාවිය. නියමිත වෙලාවටත් කලින් නොයෙල් එම හෝටලයට ගියාය. ඇය ඔහු එනතෙක් බලා සිටියේ ඉමහත් බලාපොරොත්තු රැුසක් පොදි බැඳගෙනය.

ලැරී කී කාලය පසුවී පැය ගණනාවක් ගත විය. ලැරී පැමිණියේ නැත. ඇය තවත් පැය කීපයක් බලා සිටියාය. ලැරී පැමිණියේ නැත. සිදුවන්නේ කුමක්දැයි ඇයට වැටහුණි. ඒ ලැරී නැවත කිසිම දිනයක නොපැමිණෙන බවය. එය ඇත්තකි, ලැරි කිසිම දිනක යළි ඇයව සොයා පැමිණියේ නැත.

ඒ වන විට ලැරී ඇයගේ මුළු ජීවිතය බවට පත් වී තිබුණි. එකම බලාපොරොත්තුව බවට පත්වී තිබුණි. තමා විශාල රැුවටීමකට අසුවී ඇති බවක් ඇයට දැනුණිි.

‘ දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ් නයිට්‘ චිත‍්‍රපටය දෙවැනි ඇරැුඹුම පටන් ගන්නේ මෙතැන් සිටය. ඇත්තෙන්ම චිත‍්‍රපටය උද්වේගකර වන්නේ ද මෙතැන් සිටය. අහිංසකාවක් ව සිටි යුවතියක් කොටි දෙනක් බවට පත් වන්නේ මෙම සිදුවීමෙන් අනතුරුව ය. චිත‍්‍රපටයේ රොමෑන්ටික්භාවයේ සිට අනුරාගයට හැරවෙන්නේද, නව චරිත කීපයක්ම ප‍්‍රබලව එකතු වන්නේද මෙතැන් සිටය.

කන්ස්ටැන්ටින් දිමේරිස් , ආර්මන්ඞ් ගෝෂර්, කැත්රින් ඇලෙක්සැන්ඩර්, බිල් ෆෙරේසර්, එසේ එක්වූ ප‍්‍රබල චරිතයන්ය. මේ සියල්ලෝම නොයෙල් ගේ චරිතය සමඟ සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවේ.

නොයෙල් ගැබ් ගන්නේ මේ අතරේදීය. එයට සෘජු ව වගකිව යුතු වන්නේ ලැරි ඩග්ලස්ය. එහෙත් දැන් ලැරී යළි එන්නේ නැත. එහෙයින් ඔහුගේ ලෙයින් හැදෙන දරුවාද තමාට අවශ්‍ය නැත. අවශ්‍ය ඔහුගෙන් දිගින් දිගටම පළිගැනීමටය. එම නූපන් දරු කලල නැති කර දැමීමට ඇය උත්සහා ගත්තේ ඒ නිසාය. තමාගේ බලාපොරොත්තු, සිහින, ඒ සියල්ලම සුනුවිසුනු කළ ඒ සටකපට ලැරී ඩග්ලස්ව කෙසේ හෝ විනාශ කර දැමිය යුතු යැයි ඇය තිර ලෙස අදිටන් කළාය.

ඉතාමත් අසීරුවෙන්, අධික වේදනාවකින් ඇය විසින්ම ඇයගේ දරු කලල විනාශ කළාය. එතරම් වූ වේදනාවක් ඇයට උහුලා ගැන්මට හැකි වූයේ, ඇයගේ පළිගැනීමේ අධිෂ්ඨානය නිසාමය.

රූමත්කමත්, අධිෂ්ඨානයත් හැරෙන්නට, ඒ වන විට ඇය සතු කිසිවක් තිබුණේ නැත. ලැරී ඩග්ලස්ව සොයා ඔහුව විනාශ කරන්නට නම් ඇය ආර්ථිකව සවිමත්ව සිටිය යුතුවේ. එලෙසම තමා සතු කිසියම් බලයක් තිබිය යුතුවේ. මේ සියල්ල ලබා ගැන්මට ඇයට තිබු එකම අවිය ඇයගේ රූමත් කමය. ඇය එය උගසට තියන්නට පටන් ගතී.

ඇය ආර්මන්ඞ් ගෝෂර් නම් සුප‍්‍රසිද්ධ සිනමාකරුවා පසු පස ගියේ සිනමා නිළියක් වීමටය. මුදල්, ජනප‍්‍රියත්වය මෙන්ම බලවත් අයගේ ඇසුරට පත් වන්නට හැකි එකම මාර්ගය ලෙස ඇය දුටුවේ සිනමා නිළියක් වීමය. එසේම ආර්මන්ඞ් ගෝෂර් ගේ චිත‍්‍රපටයක රඟපෑමේ වරම ලැබුණහොත් එක් රැුයකින්ම ඇය ලෝකය පුරාවටම ජනප‍්‍රිය වන බව ඇය දැන සිටියාය. සාමාන්‍යයෙන් ආර්මන්ඞ් ගෝෂර් කිසිවකට එක් වරම නිළි කම ලබා දෙන්නේ නැත. නොයෙල් පිළිබඳවද ඔහු දැරුවේ එවන් ප‍්‍රතිපත්තියකි. එහෙත් නොයෙල් ඔහුට තම අනුරාග දැල එළු‍වාය. ඇයගේ රූමත් සිරුර දුටු,ආර්මන්ඞ් ට ඇය විසින් එළු අනුරාග දැලට අසුනොවී සිටීමට නොහැකි විය.

රූමත් කම හා අනුරාගය අල්ලසට දී ඇය ආර්මන්ඞ් ගෝෂර් හරහා නිළියක් විය. එසේ නිළියක් වීමෙන් ඇය පැතු, මුදල්, ජනප‍්‍රියත්වය හා බලවත් මිනිසුන්ගේ ඇසුරට ඇය පත් විය.

‘කන්ස්ටැන්ටින් දිමේරිස්’ නම් ග‍්‍රීක මහා ධන කුවේරයාව ඇයට මුණ ගැසුණේද, සිනමා ලොවේ ඇය ජනප‍්‍රිය වෙමින් සිටින කාලයේදීය. දිමේරිස්, සතු අහස් යාත‍්‍රා ගණන, හා නැව් ගණන ඔහුවත් නොදන්නවා ඇත. ඔහුගේ ව්‍යාපාර මුළු‍ ලොව පුරාම විහිදී පැතිරි තිබුණි. නොයෙල් ඔහුගේ අනියම් බිරිඳ බවට පත්විය. එතැන ආදරයක් තිබුණේ නැත. එකිනෙකාට ආවේණිික අවශ්‍යතාවයන් හැර.

නොයෙල් ගේ ගමන් බිමන්වලට වෙනම පුද්ගලික ජෙට් යානයක් වෙන් කර තිබුණි. මේ අතර නොයෙල් විසින් පුද්ගලික රහස් පරීක්ෂකයකුගේ සහය ලබා ගත්තේ ලැරී ඩග්ලස් ගැන සෙවීමටය.

මේ වනවිට මිනිසුන් කීප දෙනෙක් සමඟ නොයෙල් ඇසුරු කළ ද, තවත් මිනිසුන් කීප දෙනෙක් සමඟ යහන් ගත වුණද, මේ සියල්ලේම අරමුණ වූයේ ලැරී ඩග්ලස්ය. ඔහුව සොයා ගැන්මය, ඔහුගෙන් පළිගැනීමය.

සිඞ්නි ශෙල්ඩන් ගේ මේ කථාවේ අන්තර්ගතනය නිවැරදිව අධ්‍යයනය කළහොත් මෙහි වැටහෙන එකම දෙය ගැඹුරු ආදරයයි. නොයෙල් මොන තරම් මිනිසුන් සමඟ සිටියත්, ඇය සිතින්, ගතින් සිටින්නේ ලැරී සමඟය. ඔහුව සොයා ගන්නට උත්සහා කරන්නේ ඔහුව ආයෙත් දැක බලා ගැන්මටය. ඔහුගෙන් පළිගැනීමට කොතෙක් උත්සහා ගත්තද, ඇයගේ යටි හිතේ කොනකම රැු`දී තිබුණේ ඔහු වෙනුවෙන් ඉපදුණු දැඩි ආදරය යි. නොයෙල් මොන තරම් උප්පරවැට්ටි දැම්මත් ඇයගේ අවශ්‍යතාවය වූයේ ලැරීව තමා සතු කර ගැන්මය.

එහෙත් ⁣නොයෙල්ගේ පුද්ගලික රහස් පරික්ෂක නොයෙල් වෙත ගෙන ආවේ නම් එතරමි සතුටුදායක ආරංචියක් නොවේ. ඒ ලැරී ඩග්ලස්, ඇමරිකානු ජාතික කාන්තාවක් වූ කැත්රින් ඇලෙක්සැන්ඩර් නැමැත්තියක් සමඟ විවාහ වී ඇති බවකි. එය ඇයට වැදුණු දරුණුම පහරකි. කවදා හෝ කා සමඟ හෝ විවාහ වෙයි කියා සිතුවද, එය මෙතරම් ඉක්මනින් සිදුවී ඇතැයි ඇය කිසිවිටකත් සිතුවේ නැත.

නොයෙල් සමඟ පැරිසියේදී සතියක් පමණ උපරිම විනෝදයක් ලැබූ ලැරී ඩග්ලස් යළි ඇමරිකාව බලා ගියේ නොයෙල් හා ඇය සමඟ විනෝද වූ කාලය ද අමතක කර දමමිනි. ලැරීට එවැනි තරුණියන් ඇති තරම් හමුවී ඇත. ඔවුන් සමඟ විනෝද වී ඇත. ඉන්පසු ඔවුන්ව අත්හැර දමා ඇත. එහෙයින් ලැරීට නොයෙල් යනු තවත් එක් තරුණියක් පමණි. ලැරී ඇමරිකාවට ගිය පසුය ඔහුට කැතරින්ව මුණගැසුණේ. ලැරී කැතරින්වද, නොයෙල්ව ගෙන ගියා වගේ අලංකාර වූ හෝටලයකට ගෙන ගියේය. එදින රාත‍්‍රියේ ඔවුන් දෙදෙනා එහි නවාතැන් ගන්නට විය. කැතරිනුත් තමාට මුණ ගැසුනු තවත් එක් තරුණියක් පමණි යැයි ලැරී මුලදී සිතුවද, පසුව ඔහු ඇයව විවාහ කරගෙන ‘තැන්පත්’ වන්නට සිතුවේය. ඔහු සිත සිතා සිටියේ නැත. එම සිතුවිල්ල ඉතා ඉක්මනින් ක‍්‍රියාවට නැංවිය. ඔවුන් දෙදෙනා විවාහ වී, ඇමරිකාවේ පදිංචි විය.

නොයෙල් ගේ රහස් පරික්ෂකවරයා සොයා ගත්තේ මේ විස්තරයන්ය. ඇය එතැන් සිට ලැරීව තමා වෙතට ගෙන්වා ගැනීමේ ක‍්‍රමය ගැන සිතුවාය. මේ අතරේදී ලැරී ට තරමක් අපහසු කාලයක් උදා විය. ඔහු හමුදා ගුවන්යානාවල පයිලට් වරයෙක් වූ නිසා මගීන් ගෙන යන ගුවන් යානා එළවීමේ පළපුරුදු නොමැති විය. එහෙයින් ඔහුට අලූ‍ත් රැුකියාවක් සොයා ගැනීමේ අපහසුතාවයට පත් විය. නොයෙල් ට මෙම සිදුවීම් රහස් පරික්ෂක විසින් කීවේය. ඇය දිමේරිස් ට කියා ඇයගේ ජෙට් යානය පැදවීම සඳහා ලැරී ව ගන්නට උත්සහා කළාය. ඇය සිතුලෙසම එම කාර්ය ඉටුවුණිි. ලැරී ඩග්ලස්, කැත්රින් සමඟ ග‍්‍රීසීයට පැමිණියේ තම අලූ‍ත් රැුකියාව භාර ගැන්මටය.

ඔහු ට පැදවීමට නියමිතව තිබුණේ නොයෙල්ගේ පුද්ගලික ගමන් බිමන් යන ජෙට් යානය ය. නොයෙල් ඔහුට ඉතාමත් නපුරු අන්දමට සැලකිය. හැම විටම ඔහුව ඉතාමත් පහත් අන්දමින් සලකන්නට විය. මුලින්ම ඔහු නොයෙල්ව හ`දුනා ගත්තේ නැත. එහෙත් සිදුවීම් කීපයකින් පසු ඇය කවුදැයි ඔහු හදුනා ගති. එසේ හ`දුනාගත් පසුත් ඇය ඔහු ට කරන කෙනෙහිලිකම් අඩු කළේ නැත. මෙය තව දුරටත් ඉවසා ගත නොහැකි වූ ලැරී දිනක් ඇයව බලෙන් මෙන් සිප ගතී. එම සිප ගැනීම සෑහෙන දිගු සිප ගැනීමක් විය. ඇය වතුරේ තද කරගෙන සිටින රබර් බෝලය අත හැරියාය. එය එක්වරම උඩට පැමිණීය. ඇය මෙතෙක් කල් හද ගැඹ තුළ සඟවා සිටි ආදරය නැවතත් මතු වන්නට විය.

එතැන් සිට ඔවුන් දෙදෙනා යළි ඇසුරු කරන්නට විය. ආදරය කරන්නට විය. ඉන්පසු ඔවුහු එක්ව කැත්රින්ව විනාශ කර දැමීමට සැලසුම් කළහ. එහෙත් ඊට ප‍්‍රථම ලැරී කැත්රින්ට කීවේ තමාට ඇයව දික්කසාද කිරීමට අවශ්‍ය බවය. එය ඇසූ කැත්රින් සිය දිවි හානි කර ගැන්මට ගියද, එය සාර්ථක වූයේ නැත. පසුව ලැරී ඇයව මුහුදේ විනෝද චාරිකාවකට රැුගෙන ගියේ මේ සියල්ල අමතක කර පෙර පුරුදු ලෙස ජීවත් වන බවක් අ`ගවමිනි. ඔවුහු එහීදී මුහුදේ තිබෙන ගල් ගුහාවක් බැලීමට ගියහ. එය තරමක් අද්භූත වූ අඳුරු ගුහාවකි. ඔවුන් දෙදෙනා ඒ තුළ විනෝද වුවද, අවස්ථාව ලද සැනින්ම ලැරී කැත්රින්ව එම ගුහාවේ හිර කර තබා, එතැනින් පැන ගියේ ඇයට ඒ තුළම මිය යන්නට ඉඩහරිමිනි. එහෙත් එම ගුහාව නැරඹීමට පැමිණි තවත් පුද්ගලයකුගේ ආධාරයෙන් එතැනින් ඇය බේරුණි. පසුව ඇය ගුහාවේදී තමාට ඇතිවූ තුවාල හා මානසීක පීඩනයට බෙහෙත් ගන්නට ගිය දොස්තරට, තමා මුහුණ පෑ අකරතැබ්බය කියා, තම සැමියා ලැරී තමාව මරා දමන චේතනාවෙන් එසේ සිර වීමට ඉඩ හැරිය බවක් කීය. එහෙත් දොස්තර එය විශ්වාස කළේ නැත. ඔහු සිතුවේ ඇය මෙසේ කියනුයේ ඇගේ මානසික පීඩනය නිසා කියාය.ඉන් දින කීපයකට පසු එක් රාත‍්‍රියක නොයෙල් හා ලැරී ඇයව මරා දමන්නට සැලසුම් කරනවා ඇයට ඇසුණි. ඇය වහා ඔවුන්ගේ නිවසට යාබදව තිබෙන ගඟ ළ`ගට ගොස් එහි බෝට්ටුවකට නැ`ගී පලා යන්නට තැත් කළේ එවලේ ඇතිවූ තද කුණාටුව හා මහ වැසි නොතකාය. ගෙඟ් ම`දක් දුර යනවිට, කුණාටුව සැර විය, ගෙඟ් දිය පහර තද විය. කැත්රින්ට බෝට්ටුව පාලනය කර ගැන්මට නොහැකි විය. ඇය බෝට්ටුවත් සමඟම දිය රකුසාට හසුවී ගෙඟ් පතුලටම ගිලී ගොස් නොපෙනි ගියාය.

ලැරී ,නොයෙල් සමඟ එකතු වීමට කැමති වූයේ ඇයගේ බලවත් කමටය. දිමේරිස් ගේ පිහිටෙන් ඇය දැන් ධන කුවේරවරියෙකි.

ලැරී ව අත්හැරීමට දිමේරිස් කීප වතාවක්ම නොයෙල් ට කීවද, ඇය එය කනට වත් ගත්තේ නැත. ඇය තව තවත් ලැරීට ආදරය කරන්නට විය. මෙයට දිමේරිස් ඊර්ෂ්‍යා කරන්නට විය.

මේ අතර, කැත්රින්ගේ අතුරුදන්වීම සම්බන්ධව, පොලීසිය නොයෙල් හා ලැරීව සැක කළේය. එයට දොස්තරගේ සාක්ෂිය අතිශයින්ම වැදගත් විය. ලැරී හා නොයෙල් එක්ව කැත්රින්ව මරා දමන්නට සැලසුම් කර ඇතිබවත්, මුහුදු ගුහාවේ ඇයව සිර කර තබන්නටද, සැලසුම් කළේ ලැරී බව, කැතරින් අතුරුදන්වීම ට පෙර දිනයේ ඇය තමාට පැවසූ බව දොස්තර පොලිසියට කීය.

ලැබුණු හැම සාක්ෂීන් මත පොලීසිය නොයෙල් හා ලැරීව සැක පිට අත්අඩංගුවට ගතී. දිමේරිස් නොයෙල් ව බැලීමට ඇයව හිර කර සිටි බන්ධනාගාරයට පැමිණ කීවේ, තමා විනිසුරු හඳුනන බවත්, නොයෙල්ට හා ලැරීට මෙම වරද කළ බව පිළිගන්නා ලෙසත්, එවිට ඇයට මෙයට සමාව ලබා ගත හැකි බවත්, තමා එය විනිසුරු සමඟ රහසේ කථා කරගන්නා බවත් කීය. එලෙසම ලැරීටද සති දෙකක කාලයක් පමණක් හිරේ සිට සම්පූර්ණයෙන් නිදහස් වීමට හැකි බවක් කීය. නොයෙල් එය විශ්වාස කළද, ලැරී කීවේ මෙය දිමේරිස් ගේ උගුලක් බවය. නමුත් ඇය දිමේරිස්ව විශ්වාස කළාය. දිමේරිස් මෙය කිරීමට පෙර ඇයගෙන් පොරොන්දුවක් ගත්තේ ඇය නිදහස් වූ පසු ලැරීව සදහටම අත් හැර, තමා සමඟ පමණක් ජීවත් විය යුතු බවකි. ඇය එයට එකඟ වූවාය.

නඩුදිනයේදී, ලැරී කොතෙක් අකමැති වූවද, නොයෙල් මෙම වැරැුද්ද තමාත්, ලැරීත් එකතු වී කළ බවත්, කීප වතාවක්ම කැත්රින් ව මරා දැමීමට උත්සහා ගත් බව අධිකරණයට පැවසීය.

නඩුවේ තීන්දුව වූයේ නොයෙල් හා ලැරී මෙම අතුරුදන් වීම සම්බන්ධව වැරදිකරුවන් බවත්, චූදිතයන් දෙදෙනා එය පිළි ගන්නා බවත්, ඒ නිසා, දඬුවම ලෙස ඔවුන් දෙදෙනාට වෙඩි තබා මරාදමන ලෙසත්ය.

තමා දිමේරිස්ගෙ උගුලට අසූවු වග නොයෙල්ට තේරුම් ගියේ එවිටය.

චිත‍්‍රපටයේ මා ප‍්‍රිය කරන දර්ශනය වන්නේ නොයෙල් පේජ් විසින් තමාට වෙඩි තබා මරාදමන අවස්ථාවට මුහුණ දෙන අවස්ථාවය. ඇය එම අවස්ථාවට මුහුණ⁣ දෙන්නට විනාඩි කීපයකට පෙර ඇයට තවත් වෙඩි ශබ්දයක් ඇසේ. එම ශබ්දය තුළින් ඇය අභ්‍යන්තරව සලිත වේ. එම වෙඩි ශබිදය එල්ල වෙන්නට ඇත්තේ ලැරී ඩග්ලස්ට බව ඇයට හොඳටම විශ්වාසය. දැන් ඇගේ වාරයයි.

චිත‍්‍රපටය අවසන් වන්නේ දිමේරිස් කන්‍යාරාමයකට යන දර්ශනයකිනි. ඔහු එහී යනුයේ දිය පතුලේ සැඟවුණා යැයි සිතු කැත්රින්ව බැලීමටය. ඇය කන්‍යාරාමයේ නැවති සිටියි. එසේ නම් ඇය මිය ගොස් නැත. එවිට නොයෙල් හා ලැරී මිනී නොමරා තම ජීවිතවලින් දඬුවම් වි`ද අවසානය. ඔවුන් දෙදෙනා කැත්රින්ව මැරුවෙ නැත. එහෙත් ඔවුන් දඬුවම් වින්දේ මැරීමට තැත් කළ වරදටය. දිමේරිස්, කැතරින්ව බැලීමට කන්‍යාරාමයට යෑමෙන් ප‍්‍රත්‍යක්ෂ වන්නේ ඔහු විසින් ඇයව මෙම කන්‍යාරාමයේ නවත්වා ඇති බවකි. ඊටත් වඩා තේරුම් යනුයේ, නොයෙල්, හා ලැරී ව සිර ගත කර ඔවුනට මරණය ළඟා කර දීමත්, කැතරින්ව බේරා ගැනීමත් පසු පස සිටින්නේ දිමේරිස් බවය. කැතරින්ව බේරා ගැනීමට දිමේරිස් උවමනා වන්නේ ඇයිද යන්න පැහැදිලි වන්නේ ‘සිඞ්නි ශෙල්ඩන්ගේ ‘මෙමරීස් ඔෆ් මිඞ් නයිට්‘ පොතෙනි. නො එසේ නම් ඒ ඇසුරින් නිර්මාණය වූ ගැරි නෙල්සන් විසින් අධ්‍යක්ෂණය කෙරූ ‘මෙමරීස් ඔෆ් මිඞ්නයිට්’ චිත‍්‍රපටයෙනි.

‘දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ් නයිට්’ චිත‍්‍රපටය පුරාවටම විහිදී තිබූයේ නොයෙල් පේජ් ගේ චරිතයයි.හැම රූප රාමුවකම පාහේ සිටියේ ඇයයි. මාරි ෆ‍්‍රාන්ස් පයිසියර් නම් ප‍්‍රංශ නිළියට චිත‍්‍රපටය තුළ විශාල කර්ය භාර්යක් තිබුණි. ඒ ඇය ‘දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ් නයිට්’ චිත‍්‍රපටයේ නොයෙල් පේජ්ගේ චරිතය රඟපෑ නිසාය. ඇයගේ අතිශය රූමත් බව හා අනුරාගික බව මෙම චරිතයට නිසි ලෙස ගැළපුණි. ආදරයේ රොමෑන්තික බව මෙන්ම අනුරාගයේ උච්ච බව ඇය විශිෂ්ට ලෙස රඟදක්වමින් සිඞ්නි ශෙල්ඩන් මැවූ නොයෙල් පේජ් ගේ චරිතයට මනා සාධාරණයක් ඉටු කළාය.

⁣කන්ස්ටැන්ටින් දිමේරිස් ගේ චරිතයට පණ දුන්නේ ඉතාලියෙන් පැමිණ හොලිවුඞ් උසස් සිනමාව තුළ මහා පුරුකක් වූ රැුෆ් වාලෝන් නැමති නළුවාය. ලැරී ඩග්ලස් වූයේ ජෝන් බෙක්ය. සූසන් සරන්ඩන් කැතරින්ගේ චරිතය රඟපෑවාය.

1980 වසරේදී මෙම කථාව හින්දි සිනමාව තුළින්ද පැමිණියා. ඒ ‘ ඕ බේවාෆා’ නමිනි. එය අධ්‍යක්ෂණය කළේ සාවන් කුමාර් ටාක්ය. එහි නොයෙල් පේජ් ගේ චරිතය රඟපෑවේ යෝගිතා බාලි නම් නිළියයි. ලැරී ඩග්ලස් වූයේ අනිල් ධවාන් ය. ධන කුවේර කන්ස්ටැන්ටින් දිමේරිස්ගේ චරිතය රඟපෑවේ ජුබිලි ස්ටාර් යයි කලක් හැඳින්වූ රාජේන්ද්‍ර කුමාර් ය.

‘දි අදර් සයිඞ් ඔෆ්ද මිඞ් නයිට්’ ලංකාවේ සැවෝයි සිනමා හලේ එක දිගට සති ගණනාවක්ම දැඩි ජන ආකර්ෂණය මාධ්‍යයේ ප‍්‍රදර්ශනය විය. අද එහී ඞී.වී.ඞී. හා බ්ලූ‍ රේ තැටි සොයා ගත හැකි අතර, ්‍යඊධ සැටිලයිට් නාලිකාවලින්ද එය විකාශය වේ.

‘දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ්නයිට්’ යනු හුදු සිනමා පටයක් නොවේ. එය අපට හමුවන තවත් ජීවිත කීපයක කථාවකි. සුන්දර යැයි සිතෙන ජීවිත තුළ මොනතරම් අසුන්දර දේ සිදුවෙනවාදැයි තේරුම් ගැන්මට හැකි තවත් අගනා චිත‍්‍රපටයකි ‘ දි අදර් සයිඞ් ඔෆ් ද මිඞ්නයිට්‘