වසර අටකට පසු තවත් අනුක‍්‍රමික ඝාතකයෙක්

ජූලි 28, 2022

අයිෂා වර්මා තම සැමියා ගුරු දිවේකර් හට අමතා පණිවිඩයක් තැබීමට උත්සාහ කරයි. තොප්පියක් පැලඳ සිටින අද්භූත මිනිසෙක් ඇගේ නිවසට කඩා වැදී, ඉස්කුරුප්පු නියනකින් ඇයව මරා දමා ජනේලයෙන් ඉවතට විසි කරයි. ඇගේ අවමංගල්‍ය උත්සවයේදී මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරියා වන ආදිත්‍ය රාතෝර් පොලිසියට පෙන්වා දෙන්නේ මිනීමරුවා සොයා ගැනීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවුව හොත් අතීතයේ දී ගෝවාහි මැර කල්ලියක් සමඟ එක්ව කටයුතු කළ ගුරු ඝාතන රැල්ලකට යනු ඇති බවත්ය. 2014 වසරේදී රිදී තිරයේ දිග හැරුණු හින්දි ත‍්‍රාසජනක, ක‍්‍රියාදාම ෑන ඪසකක්සබ චිත‍්‍රපටයෙන් දැකගත හැකි වූයේ ගුරු තම ගැබිනි බිරියගේ ඝාතකයා සොයා ගිය කතාපුවතයි. සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, ශ‍්‍රද්ධා කපූර් සහ රිතේෂ් දේශ්මුක් රංගනයෙන් දායක වී මොහිත් සූරි අධ්‍යක්ෂණය කළ ෑන ඪසකක්සබ චිත‍්‍රපටය විචාරක ප‍්‍රශංසා සමඟ ඉහල ආදායම් වාර්තා තැබීය. තවද එහි ඇතුළත් වූ ර්‍ණ ඨ්කකසහ්බ”ල ර්‍ණ‍’්රදදර්එ”ල ර්‍ණ‍්‍ය්පා්රා” ගීත ඉහල ජනප‍්‍රියත්වයක් දිනා ගැනීමට සමත් විය.

 

අයිෂා වර්මාගේ ඝාතනයෙන් වසර 8 කට පසු මුම්බායි හි තවත් අනුක‍්‍රමික ඝාතකයකු බිහි වී තිබේ. පෙර ඝාතකයාට වඩා ම්ලේච්ඡු මෙන්ම වඩා භයානක නමුත් භාවිත කරන්නා වූ වෙස් මුහුණ එක හා සමාන වේ. මුම්බායි නගරය බිය ගැන්වූ වත්මන් අනුක‍්‍රමික ඝාතකයාගේ කතාව ගෙන එන්නේ ෑන ඪසකක්සබ ඍැඑමරබි ලෙසිනි. ෑන ඪසකක්සබ චිත‍්‍රපටයේ දිගුවක් ලෙස මොහිත් සූරි විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ෑන ඪසකක්සබ ඍැඑමරබි චිත‍්‍රපටයේ ජෝන් ඒබ‍්‍රහම්, අර්ජුන් කපූර්, දිශා පතානි සහ තාරා සුතාරියා රංගනයෙන් දායක වී සිටිති. බොලිවුඩයේ ආකර්ෂණීය නිළියක ලෙසින් තාරාගේ රංගනයට අමතරව මෙහිදී ගායන හැකියාවද දැකගත හැකි වේ. විසිහය හැවිරිදි තාරා මෙහි ඇතුළත් ර්‍ණීය්්ප්එ”‍ නම් ගීතය ගායනයටද එක් වී සිටින්නේ ඇය වයස අවුරුදු හතේ සිට ඔපෙරා ගායනාවලින් ලද අත්දැකීම් සමඟිනි.

 

ෑන ඪසකක්සබ ඍැඑමරබි ගෙන එන්නේ ඒකපාර්ශ්වික ආදරයක පැටලී සිටින මිනිසුන් දෙදෙනෙකුගේ කතාවකි. සිය ආදර කතා සැබෑ කර ගැනීමට ඔවුන් තෝරා ගන්නා අයුරු වීරයා කවුද? දුෂ්ටයා කවුද? යන්න තීරණය කරනු ඇත. හින්දි, ක‍්‍රියාදාම, ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් වන ෑන ඪසකක්සබ ඍැඑමරබි හෙට (ජූලි 29) සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතය.