ප්‍රබන්ධ සාහිත්‍යයෙන් සිනමාවට නැඟුණු සිනමාවට නැඟුණු

මැයි 26, 2022

 

වෘත්තාන්තයක් ගොඩනැඟෙන්නේ යම් චරිතයක් කේන්ද්‍ර කරගෙනය. සත්‍ය සිදුවීමක් සහිත චරිත කතාවක් නම් එය ඒකීය වෘත්තාන්තයකි. මනංකල්පිත චරිතයක් මතින් ගොඩනැගෙන වෘත්තාන්තයක් නම් එය කතා මාලාවක් ලෙස ඉදිරියට ගෙන ගිය හැකිය. එබඳු ප්‍රබන්ධ සාහිත්‍යයෙන් සිනමාවට නැගුණු ජනකාන්ත පැරණි චරිත රැගත් චිත්‍රපට මාලාවන් තවමත් අප මතකයේ නිදහන්ව පවතී.

තරුණ විද්‍යාඥයකු විසින් නිර්මාණය කරන සම්මතයෙන් තොර නුවණැති දරුණු පුද්ගලයකු වන ෆ්‍රැන්කන්ස්ටයින් (FRANKENSTEIN)  පිළිබඳ කතාව මුද්‍රණයෙන් නිකුත් වුයේ 1818 දීය. එය පිටු 280කින් සමන්විත නව කතාවකි. ඉංගී‍්‍රසි ජාතික මේරි ෆේල්රිනම් ලේඛිකාව රචිත එම කතාව මුලින් සිනමාවට නැඟුණේ 1931 වසෙර්ය. ජේම්ස් වේල් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිතය කොලින් කිලිටි රඟපෑවේය.

රුධිරය උරාබොන මනුෂ්‍යයන් පිළිබඳ කතා රචනා කළේ ඈත අතීතයේ සිටය. 1871 ෆිර්ඩනිලි ෆෙනුස්ගේ කාමිලා එවන් කතා කතාවක් වෙයි. එහි සඳහන්ව තිබුණේ තරුණියන් සමඟ මිතුරුව ඔවුන්ගේ ලේ උරා බොන කාන්තාවක් ගැනය. වඩාත් ප්‍රකට ලේ පිපාසිත චරිතය ඩ්‍රැකියුලා (DRACULA)  ප්‍රබන්ධ සාහිත්‍යයට 1897 අවතීර්ණ විය. රංග ශාලා කළමනාකරුවකු ව සිටි අයිරිස් සාහිත්‍යයට බ්‍රෑම් ස්ටෝකර් මැවූ එම චරිත කතාව මුද්‍රණය වී පාඨක සිත් දිනා ගැනීමට පෙර එක් වරක් නාට්‍යයක් ලෙස වේදිකා ගතව තිබේ. ඉන් සිනමා පටයක් නිපදවන්නේ ජර්මනියේය. 1922 ප්‍රදර්ශිත එය නොස්ෆෙරාටු ද වැම්පයර්ය. ෆ්‍රෙඩ්රික් විල්හෙල්ම්වුනේ තැනූ එහි ඩ්‍රැකියුලා චරිතය මැක්ස් ෂෙරික් රඟපෑවේය. මෙම චරිතයට නොබිඳෙන ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ගලා ගෙන ආවේ 1958 වසරේ හැමර් චිත්‍රපට සමාගමේ හොරේ ඔෆ් ඩ්‍රැකියුලා ගෙනි. එහි රඟ පෑ ක්‍රිස්ටෝපර් ලී ජනපි‍්‍රයම ඩ්‍රැකියුලා නළුවාය.

ටාසන් (TARZAN) යනු මනඞකල්පිත කැලෑ වීරයෙකි. මෙකී චරිතය මූලික කොට ගෙන වනගත වික්‍රමයක් පසුබිම් වූ ටාසන් ඔෆ් දි ඒප්ස් මුල්ම කතාව එඩ්ගාර් රයිස් බොරෝස් 1912 රචනා කළේය. කැලෑ ජීවිතය, එහි බිහිසුණුකම, වනචාරීන්ට විරුද්ධව නැඟීමට එතරම් කාලයක් ගත නොවිණ. පළමු මහා සංග්‍රාමය යුරෝපීය සිනමා කර්මාන්තය සසල කරද්දී එය ගොඩගැනීම සඳහා කැලෑ වීරයා 1918 සිනමාවට පැමිණියේය. ටාසන් ඔෆ් දි ඒජස් නමින් පෙන්නූ එය නිහඬ චිත්‍රපටයකි. ප්‍රධාන නළුවා එල්මෝ ලින්කන්ය. අධ්‍යක්ෂවරයා විලියම් ටේලර් විය. මෙහි ප්‍රතිනිර්මාණය ලෙස 1932 ඉදිරිපත් කළ ටාසන් ද ඒප්මෑන් කථානාදයෙන් බිහි වූ චිත්‍රපටයයි.

නිවැරදි ආකාරයට අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දෙන රහස් පරීක්ෂක චරිතයක් වශයෙන් ෂර්ලොක් හෝම්ස් (SHERLOK HOMES) හඳුන්වාදිය හැකිය. එම චරිතය රැගත් නව කතා 1887 සිට රැසක් පබඳින ආතර් කොනන් ඩොයිල් නම් ලේඛකයාට තම පෑනින් මැවූ චරිතය උදෙසා නයිට් නාමයක් ද ලැබුණේය. 1899 නාට්‍යයකටත් පාදක කරගත් ෂර්ලොක් හෝම්ස් චරිතය 1900 නිශ්ශබ්ද යුගයේ සිට තවමත් සිනමාවට නැගෙමින් පවතී. මෙහි පළමු චිත්‍රපටය ෂර්ලොක් හෝම්ස් බෆ්ලිඩ් වෙයි. ආතර් ඩබ්ලිව්. මර්වින් නිර්මාණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විලියම් ගිල්ලිට්ටි රඟපැවේය.

කිසිවකු නොපෙනෙන අදිසි මිනිසා ඉන් විසිබල් මෑන් (INVISIBLE MAN) ප්‍රබන්ධය පළමුව කියවීමට ලැබුණේ 1897 පර්සන් වීක්ලි සඟරාවට කොටස් වශයෙන් ලියන ලද නව කතාවකි. විද්‍යා ප්‍රබන්ධ කලාවේ පියා ලෙස විරුදාවලිය ලත් එංගලන්තය ජාතික එම්.ජී.වෙල්ස් විසින් ලියූ මෙම චරිතය සිනමා තිරය ඔස්සේ පැමිණියේ 1933 නිපදවන ලද ඉන්විසිබල් මෑන් චිත්‍රපටයෙනි. එහි එම චරිතය ග්ලොරියා ස්ටුවරට්ක්ඩේ නිරූපිතයි.

සොරෝ (ZORRO 19 වෙනි සියවසේ යටත් විජිත ආණ්ඩුව කැලිෆෝනියා ජනතාවට අයුතු අන්දමින් සැලකීමට එරෙහිව නැගී සිටි එඩිතර වංශවතෙකි. මොහු වඩාත් ජනපි‍්‍රය වූයේ චිත්‍ර කතා මඟිනි. ඒයජොන්ස්ටන් මැක්කියුලි නම් ලේඛකයා 1919 ස්ටෝරි වීක්ලි සඟරාවට ලියන ලද කතාවක් විය. මෙහි පළමු සිනමා වික්‍රමය මාර්ක් ඔෆ් සොරෝ නමින් 1920 තිරගතව ඇත. ප්‍රධාන නළුවා ඩග්ල්ස් ෆෙයාර් බෑන්ක්ය. මෙම නිහඬ චිත්‍රපටය ප්‍රෙඩ් නිබ්ලෝගේ අධ්‍යක්ෂණයකි.

ග්‍රහ ලෝකයක ඉපිද පෘථිවියේ හැදී වැඩී තමන් සතු සුපිරි ශක්තිය මානව වර්ගයාගේ යහපත පිණිස යොදවන තරුණයකු දුටුවේ 1938 චිත්‍ර කතාවක් තුළිනි. ජෙරි සීග්ල්ගේ රචනයකින් හා ජෝ සාප්ටර්ගේ සිතුවමින් මැවුණු සුපර් මෑන් (Super Man) මේ වන විට ඇසිදිසි මාධ්‍යය මෙන්ම පරිගණක ක්‍රීඩා ගණනාවකට පසුබිම්ව තිබේ. ඔහු ප්‍රථමයෙන් සිනමා ප්‍රදර්ශනයට පැමිණියේ 1951 සුපර් මෑන් ඇන්ඩ් මෝල් මෙන් චිත්‍රපටයෙනි.

ප්‍රබන්ධ සාහිත්‍යයෙන් උපන් තවත් ප්‍රකට චරිතයක් වන ජේම්ස් බොන්ඩ් (JAMES BOND)  නමින් අප කියවා හා දැක ඇත. මොහු නිර්භීත රහස් ඔත්තුකරුවෙකි. ජාත්‍යන්තර වශයෙන් සිදුවන සාපරාධි ක්‍රියා ව්‍යාප්ත කිරීමේ කාර්යේ නියැළී සිටින ඔහු නිර්මාණය කළේ ඉයන් ෆ්ලෙමින් විසින් 1953 දීය. එහි පළමු චිත්‍රපටය ඩොක්ටර් නෝ 1962 නිෂ්පාදනය කළේය. සෙසු චිත්‍රපට එතැන් පටන් තවමත් නිෂ්පාදනය වෙමින් පවතී.

පරමාණු කිරණ ශරීර ගතවීමෙන් අසාමන්‍ය ශක්තිමත් පුද්ගලයකු බවට පරිවර්තනය වන දොස්තර ඩේවිඩ් බෲස් බානර්ගේ කතාව හල්ක් (ඩ්උඹ්ම්) නමින් හඳුන්වයි. මෙය ස්ටැන්ලි ජැක් කිර්බයිගේ ප්‍රබන්ධයකි. මින් සැදුණු චිත්‍රපට මාලාවේ පළමුවැන්න හල්ක් නමින්ම තිරගතව ඇත. ඒ 1977 දීය. එම චරිතයට පණදුන් බිල් බික්බායි සමඟ නිකල්ස් කොරිස් චිත්‍රපටය මෙහෙයවා තිබිණ. මෙකී චරිත මෙන්ම ගොපලු කොල්ලා ((HULK) ප්‍රධාන කොට ගත් චිත්‍රපට හා මෑත කාලීනව සිනමා තිරය ජයගත් ස්පයිඩර් මෑන්,කැප්ටන් ඇමෙරිකා, හැරී පෝටර්, බැට් මෑන් චිත්‍රපට මාලා අමතක කළ නොහැකිය.