මතක අමතක

මැයි 19, 2022

ඩිමෙන්ශියාව යනු වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන පොදු මානසික ආබාධ කිහිපයකින් එකකි. මේ හේතුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය දුර්වල වන අතර ගැටලු විසඳීමේ හැකියාව මෙන්ම සන්නිවේදන කුසලතා ද අඩු වී යයි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ ඉහත කී තීරණාත්මක සාධකවලට සහාය වන මොළයේ සෛල මියයෑම හෝ වෙනත් අයුරකින් මොළයට හානියක් සිදුවීම හේතුවෙනි. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වරෙක ඩිමෙන්ශියාව 'ජාතික අර්බුදයක්' ලෙස විස්තර කළේය. ලොව රටවල් කිහිපයක්ම මෙම තත්ත්වය වෙනුවෙන් ජාතික සැලසුම් හෝ උපාය මාර්ග සම්පාදනය කර ඇති අයුරු ද දැකගත හැකිවේ.

ඇලෙක්ස් ලුවිස් යනු පළපුරුදු ඝාතකයෙකි. දශක ගණනක සේවයෙන් අනතුරුව ඔහු විශ්‍රාම යාමට සැලසුම් කරන නමුත් අවසාන වශයෙන් තවත් එක් කාර්යයක් පැවරේ. ඉලක්කය තරුණ ගැහැනු ළමයෙකි. මේ බව දැනගත් පසු ඇලෙක්ස් එය ප්‍රතික්ෂේප කරන්නේ ළමා ජාවාරම්කරුවන් තුරන් කිරීම විශ්‍රාමික දිවියේ ඔහුගේ අනාගත අභිප්‍රායන් අතර වූ නිසාවෙනි. එහෙත් පසුව ඇලෙක්ස් හට දැන ගැනීමට ලැබෙන්නේ ඇය වෙනත් ඝාතකයකු විසින් මරා දමා ඇති බවයි. ළමා ජාවාරම්කරුවන් තුරන් කිරීමේ කටයුත්ත ආරම්භ කළ ඇලෙක්ස් එම ඝාතකයා සොයා යමින් ඔහු කුලියට ගත් පුද්ගලයන්ට එරෙහිව නැගී සිටී. එහෙත් මෙම අරමුණේදී ඔහුට අභියෝගයක් වන්නේ ඔහුගේ වයස් ගත බව අනුව ඩිමෙන්ශියාව හේතුවෙන් මතක ශක්තිය අඩු වී යාමයි. මෙහි අවසානය කුමක් වනු ඇති දැයි දැන ගැනීමට ලැබෙනුයේ අප්‍රේල් 29 වැනිදා සිට තිරගත කෙරෙන Memory චිත්‍රපටයෙනි.

Memory ඩාරියෝ ස්කාර්ඩපෙන්ගේ තිර රචනයකින් මාර්ටින් කැම්බෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. එය ජෙෆ් ගිරෙට් විසින් රචිත De Zaak Alzheimer නවකතාව මත පදනම්ව නිර්මාණය කළ  The Alzheimer Case නම් බෙල්ජියම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. ර්ඥථධපර චිත්‍රපටයේ ඇලෙක්ස් ලුවිස්ගේ චරිතයට පණ පොවන්නේ අයර්ලන්ත ජාතික නළු ලියම් නීසන්ය. ගයි පියර්ස්, මොනිකා බෙලූචි, ටාජ් අට්වාල්, රේ ෆියරන්, රේ ස්ටීවන්සන්, ලුවිස් මැන්ඩෙයිලර් ඇතුළු පිරිසක්ද රංගනයෙන් දායක වී සිටිති.

මෙම චිත්‍රපටය පුරුෂ පක්ෂයේ වැඩි මනාපයක් දිනා ගත් චිත්‍රපටයක් බවට පත් වී තිබේ. එය තිරගත කිරීමේදී නරඹන්නන්ගෙන් 51% ක් පිරිමින් වූයේ වයස අවුරුදු 25 ට වැඩි පුද්ගලයන් 84% ක් සහ 45 ට වැඩි පුද්ගලයන් 46% ක් ලෙස වාර්තා කරමිනි. Memory  චිත්‍රපටය එහි පළමු දිනයේම ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක ආදායමක් වාර්තා කළේය. එයට ධ්ර්ච්ඡ දර්ශකයේ ලකුණු 5.6/10ක් හිමි වී තිබුණද සාර්ථක ලෙස විචාරක මනාපය දිනා ගැනීමට අසමත් වී සිටී. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ එයට හිමි වී ඇති විචාරක මනාපය 30%කි. විචාරකයන් එය දකින්නේ ප්‍රබල නළුවෙකු සිය වෘත්තීය දිවියේ අවසාන කාලයේ මානසික අවපීඩනයට ලක් වූ ත්‍රාසජනක චිත්‍රපටයක් සඳහා ඔහුගේ කාලය නාස්ති කිරීමක් ලෙසිනි. ලොස් ඇන්ජලීස්හි තවත් ප්‍රමුඛ පෙළේ විචාරකයෙකු පවසා සිටින්නේ මෙම චිත්‍රපටය අමතක කිරීමට කැමැති බවයි.