වර්ෂ 2022 ක්වූ May 16 වැනිදා Monday
කොරෝනා සටන හමුවේ 2021 ඉන්දීය චිත්‍රපට

කොරෝනා වසංගතය හේතුවෙන් වසරේ වැඩි කාලයක් සිනමා ශාලා වසා දමා තිබීම සමඟින් 2020 වසරේදී ලෝක සිනමාවට මෙන්ම බොලිවුඩයට ද උදා වූයේ හොඳ කාලයක් නොවේ. කෙසේ නමුත් 2021 වසර ද බොලිවුඩයට සාපේක්ෂව හොඳ වසරක් වනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාව වුවද අඛණ්ඩව පැවති වසංගත තත්ත්වය සමඟ විටින් විට සිනමා ශාලා වසා දැමීමට සිදු විය. කොවිඩ් -19 වසංගතයේ මාරාන්තික දෙවැනි රැල්ලෙන් පසු ඉන්දියානු සිනමාහල්වල තිරගත වූ ප්‍රථම ප්‍රධාන හින්දි චිත්‍රපටය බවට පත් වූයේ ආක්ෂේ කුමාර් රඟපෑ 'බෙල්බොටම්' චිත්‍රපටයයි.
ලෝගේෂ් කණකරාජ් විසින් අධ්‍යක්ෂණය කර විජේ සහ විජේ සේතුපති රංගනයෙන් දායක වූ 'මාස්ටර්' චිත්‍රපටය වසංගත තත්ත්වය අතරේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූවකි. ඉන්දීය රුපියල් කෝටි 135ක වියදමින් නිමැවුණු 'මාස්ටර්' චිත්‍රපටය සතියක් තුළ ඉන්දීය රුපියල් කෝටි 200 වාර්තා කළේ හොලිවුඩ් චිත්රපටද අබිබවා යමිනි. විදේශීය බොක්ස් ඔෆිස් වාර්තාවේ 2021 වසරේ ඒ වන විට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වී සිටි 'මාස්ටර්' ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තාවේ පළමු ස්ථානයට පත්වූ පළමු ඉන්දීය චිත්‍රපටය බවට පත්විය. මධ්‍යම රාත්‍රි දර්ශන ද සමඟින් එය මෙරට සිනමා ශාලාවල එකම දිනයකදි වැඩිම දර්ශන වාර ගණනක් වෙන්කර ගත් චිත්‍රපටය බවටද පත් විය. රජිනිකාන්ත් රඟ පෑ Annaatthe චිත්‍රපටයද පසුගිය වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය. මේ අතර බොහොමයක් චිත්‍රපට අන්තර්ජාල ප්‍රවාහ ඔස්සේ නිකුත් කෙරුණද කොරෝනා ව්‍යාප්තිය හමුවේ 2021 වසර ඉන්දීය සිනමාවට ද එතරම් හොඳ නොවූයේ අමිතාබ් බච්චන්, සල්මන් ඛාන්, ආක්ෂේ කුමාර්, රාණි මුඛර්ජි, සයිෆ් අලි ඛාන්, ජෝන් ඒබ්‍රහම් වැනි ජනප්‍රිය තරු පෙනී සිටි දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම අසාර්ථක කරමිනි. 2021 අවසන් වන විට එම වසරේදී නිකුත් වූ වැඩිම ආදායමක් උපයාගත් ඉන්දීය චිත්‍රපට සහ අසාර්ථක වූ හින්දි චිත්‍රපට මෙසේ වේ.
2021 ඉහළ ආදායම් ලද ඉන්දීය චිත්‍රපට
Sooryavanshi (හින්දි)
තිරගත කිරීම - නොවැම්බර් 05
වියදම - ඉන්දීය රු. කෝටි 250
ආදායම - ඉන්දීය රු. කෝටි 294.17
Pushpa: The Rise - Part 1 (තෙළිඟු)
තිරගත කිරීම - දෙසැම්බර් 17
වියදම - ඉන්දීය රු. කෝටි 200
ආදායම - ඉන්දීය රු. කෝටි 300
Master (දෙමළ)
තිරගත කිරීම - ජනවාරි 13
වියදම - ඉන්දීය රු. කෝටි 135
ආදායම - ඉන්දීය රු. කෝටි 300
Annaatthe (දෙමළ)
තිරගත කිරීම - නොවැම්බර් 04
වියදම - ඉන්දීය රු. කෝටි 180
ආදායම - ඉන්දීය රු. කෝටි 239.21
Vakeel Saab (තෙළිඟු)
තිරගත කිරීම - අප්‍රේල් 09
වියදම - ඉන්දීය රු. කෝටි 90
ආදායම - ඉන්දීය රු. කෝටි 137.65
Akhanda (තෙළිඟු)
තිරගත කිරීම - දෙසැම්බර් 02
වියදම - ඉන්දීය රු. කෝටි 70
ආදායම - ඉන්දීය රු. කෝටි 125.60
'83 (හින්දි)
තිරගත කිරීම - දෙසැම්බර් 24
වියදම - ඉන්දීය රු. කෝටි 270
ආදායම - ඉන්දීය රු. කෝටි 150.47
Doctor ( (දෙමළ)
තිරගත කිරීම -
ඔක්තෝබර් 09
වියදම - ඉන්දීය රු. කෝටි 40
ආදායම - ඉන්දීය රු. කෝටි 105
Uppena ( (තෙළිඟු)
තිරගත කිරීම - පෙබරවාරි 12
වියදම - ඉන්දීය රු. කෝටි 22
ආදායම - ඉන්දීය රු. කෝටි 100
Maanaadu (දෙමළ)
තිරගත කිරීම - නොවැම්බර් 25
වියදම - ඉන්දීය රු. කෝටි 25
ආදායම - ඉන්දීය රු. කෝටි 100
Tadap
තිරගත කිරීම - දෙසැම්බර් 03
වියදම - ඉන්දීය රු. කෝටි 30
ආදායම - ඉන්දීය රු. කෝටි 34.80
වියදම - ඉන්දීය රු. කෝටි 20
ආදායම - ඉන්දීය රු. කෝටි 30.33
2021 අසාර්ථක හින්දි චිත්‍රපට
තිරගත කිරීම - මැයි 13
වියදම - ඉන්දීය රු. කෝටි 150
ආදායම - ඉන්දීය රු. කෝටි 18.33
Bell Bottom
තිරගත කිරීම - අගෝස්තු 19
වියදම - ඉන්දීය රු. කෝටි 170
ආදායම - ඉන්දීය රු. කෝටි 50.58
වියදම - ඉන්දීය රු. කෝටි 54
ආදායම - ඉන්දීය රු. කෝටි 17.29
Chandigarh Kare Aashiqui
තිරගත කිරීම - මාර්තු 01
වියදම - ඉන්දීය රු. කෝටි 40
ආදායම - ඉන්දීය රු. කෝටි 36.44
Mumbai Saga
තිරගත කිරීම - මාර්තු 19
වියදම - ඉන්දීය රු. කෝටි 50
ආදායම - ඉන්දීය රු. කෝටි 22.29
Chehre
තිරගත කිරීම - අගෝස්තු 27
වියදම - ඉන්දීය රු. කෝටි 40
ආදායම - ඉන්දීය රු. කෝටි 16.55
Bunty Aur Babli 2
තිරගත කිරීම - නොවැම්බර් 19
වියදම - ඉන්දීය රු. කෝටි 30
ආදායම - ඉන්දීය රු. කෝටි 22.12