වර්ෂ 2022 ක්වූ May 16 වැනිදා Monday
2022 බොලිවුඩ් චිත්‍රපට

උදාවන 2022 නව වසර සමඟ බොලිවුඩයට නවතම සිනමා නිර්මාණ රැසක් ද එක් වනු ඇත. මේ වන විට 2022 දී නිකුත් කිරීමට සූදානම් බොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුව ඉදිරිපත් කර ඇතත් තවමත් පැතිර යන කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඇතැම් විට මෙම දිනයන් වෙනස් වීමට ඉඩ ඇති බවද කිව යුතු වේ.
RRR
එස්. එස් රාජාමෞලි අධ්‍යක්ෂණය කළ 'ආර්ආර්ආර්' චිත්‍රපටය නිකුත් කිරීම කොරෝනා වසංගතය හේතුවෙන් දිනෙන් දින කල් දැමුණි. නමුත් මේ වන විට එය ලබන වසරේ ජනවාරි 07 වැනිදා නිකුත් කරන බව නිවේදනය කර තිබේ. මෙම දකුණු ඉන්දීය චිත්‍රපටය 1920 ගණන්වලට පෙර පැවති නිදහස් යුගය පසුබිම් කරගත් ප්‍රබන්ධ කතාවක් වන අතර එය නිර්මාණය වන්නේ ප්‍රකට නිදහස් සටන්කාමීන් දෙදෙනෙකු වන අල්ලුරි සීතාරාම රාජු සහ කොමාරම් භීම් යන අයගේ ජීවිත පදනම් කර ගනිමිනි. රාමා රාඕ, රාම් චරන්, අජේ දේව්ගන් සමඟ ආලියා භාත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
Radhe Shyam
'රාධේ ශ්‍යාම්' යනු ප්‍රභාස් සහ පූජා හෙග්ඩේ රංගනයෙන් දායක වන රාධා ක්රිෂ්ණ කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ - ප්‍රේමණීය චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව 1970 දශකයේ යුරෝපය පසුබිම් කරගෙන ඇති අතර එය තෙළිඟු සහ හින්දි භාෂාවලින් නිකුත් කෙරේ. ලබන වසරේ ජනවාරි 14 වැනිදා මෙම චිත්‍රපටය නිකුත් කිරීමට නියමිතය.
Prithviraj
හින්දු පුරාවෘත්තවල එන රණශූර ප්‍රිත්විරාජ් චෞහාන් රජු පිළිබඳ චරිතාපදානයක් මේ ඔස්සේ දිග හැරේ. ඔහුගේ මුල් කාලීන යුධ ජයග්‍රහණ, ප්‍රේම කතාව සහ ඉස්ලාමීය ආක්‍රමණයට නායකත්වය දුන් මුස්ලිම් ගුරිද් රාජවංශයේ පාලකයෙකු වූ ඝෝර්හි මුහම්මද් සමඟ ගැටුම් එහි ඇතුළත් වේ. අක්ෂේ කුමාර් සහ මනුෂි චිල්ලාර් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම ඓතිහාසික වීර කාව්‍ය ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ චන්ද්‍රප්‍රකාශ් ද්වේදි විසිනි. 2022 ජනවාරි 21 වැනිදා 'ප්‍රීතිවිරාජ්' චිත්‍රපටය නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර ඇත.
Badhaai Do
රාජ්කුමාර් රාඕ සහ භූම් පෙඩ්නෙකර් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක 'බඩායි දෝ' 2018 වසරේ තිරගත කෙරුණු 'බඩායි හෝ' චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටයයි. හර්ෂ්වර්ෂන් කුල්කර්නි විසින් අධ්‍යක්ෂණය කළ එය ලබන වසරේ පෙබරවාරි 04 වැනිදා නිකුත් කිරීමට නියමිතව ඇත. විසි වැනි විය පසු කළ පුතුන් දෙදෙනෙකු සිටින මැදි වියේ යුවලක් තවත් දරුවෙකු අපේක්ෂා කරන කතා පුවතක් මෙහි ඇතුළත් වේ.

'ගංගුබායි කැතියවාඩි' චිත්‍රපටය එස් හුසේන් සයිඩි රචනා කළ 'මාෆියා ක්වීන්ස් ඔෆ් මුම්බායි' කෘතිය මත පදනම් ව නිර්මාණය වූවකි. එහි කතා පුවත ගෙන එන්නේ 60 දශකයේ මුම්බායිහි පාතාලයේ නම් දැරූ කාන්තාවක වන ගංගුබායි කොතේවාලිගේ ජීවිතයයි. 60 දශකයේ මුම්බායිහි ගණිකා නිවාස රාශියක් ඇය සතු විය. සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගංගුබායි කැතියවාඩි' චිත්‍රපටයේ ගංගා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ආලියා භාත් විසිනි. එය 2022 පෙබරවාරි 18 වැනිදා තිරගත කිරීමට නියමිතව ඇත.
Jayeshbhai Jordaar
දිව්‍යන්ග් තඛාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද හාස්‍යමය චිත්‍රපටයක් වන 'ජයේෂ්භායි ජෝධාර්' චිත්‍රපටය මුලින් නිකුත් කිරීමට නියමිතව තිබුණේ 2020 දීය. කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමූ එය ලබන වසරේ පෙබරවාරි 25 වැනිදා නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර තිබේ. රන්වීර් සිං විසින් එහි සමාජයේ පිරිමි සහ ගැහැණු අතර සමාන අයිතිවාසිකම් විශ්වාස කරන ගුජරාටි මිනිසෙකුගේ චරිතයකට පණ පොවනු ලබයි.
Bachchan Pandey
2022 මාර්තු 04 වැනිදා තිරගත කිරීමට නියමිත 'බච්චන් පාණ්ඩේ' චිත්‍රපටය 2014 වසරේ තිරගත වූ 'වීරම්' චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයයි. එහි කරුණාවන්ත ගැමියෙකු තම පෙම්වතියගේ පියාගේ සතුරන්ගෙන් පවුල ආරක්ෂා කර ගැනීම සඳහා කැප වේ. අක්ෂේ කුමාර්, ක්‍රිති සැනොන් සහ ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් රංගනයෙන් දායක වන මෙම ක්‍රියාදාම හාස්‍යජනක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ෆර්හාඩ් සම්ජි විසිනි.
Shamshera
කරන් මල්හෝත්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ශම්ෂේරා' චිත්‍රපටයේ රන්බීර් කපූර්, වානි කපූර් සහ සංජේ දත් ප්‍රධාන චරිත නිරූපණය කරති. 2022 මාර්තු 18 වැනිදා එය නිකුත් කිරීමට නියමිතව ඇත. 1800 පසුබිම් වූ මෙම චිත්‍රපටයේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ස්වාධීනත්වය සඳහා සටන් කිරීමට භාරගත් ගෝත්‍රයක් ගැන කියවේ. රන්බීර් කපූර් එහි ප්‍රධාන චරිතය වන ශම්ෂේරා සහ ඔහුගේ පියා ලෙස ද්විත්ව චරිත නිරූපණය කරයි. වානි කපූර් නර්තන ශිල්පිනියකගේ චරිතයකට පණ පොවන්නීය.
Laal Singh Chaddha
අමීර් ඛාන් සහ කරීනා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන ලාල් සිං චද්දා ටොම් හැන්ක්ස් රඟපෑ 'ෆොරස්ට් ගැම්ප්' චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයයි. අද්වත් චන්දන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ලාල් සිං චද්දා' 2020 නත්තල් සමයේදී තිරගත වීමට සැලසුම් කර තිබූ නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු පසු ලබන වසරේ අප්‍රේල් 14 වැනිදා තිරගත කෙරෙන බවට නිවේදනය විය.
Heropanti 2
ප්‍රේමණීය ක්‍රියාදාම චිත්‍රපටයක් වන 'හීරෝපන්ති 2', 2014 වසරේ තිරගත වූ 'හීරෝපන්ති' චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අහමඩ් ඛාන් විසිනි. එහි ටයිගර් ශ්රොෆ්, නවසුදීන් සිද්දික් සහ තාරා සුතාරියා රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ කොල්ලකෑමකින් හෝ පැහැර ගැනීමකින් රාත්රියේදී මිනිසුන්ට උපකාර කරන පිරිමි ළමයෙකු වටා ය. 'හීරෝපන්ති 2' ලබන වසරේ අප්‍රේල් 22 වැනිදා නිකුත් කිරීමට නියමිතව ඇත.

Maidan
ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාපන්දු පුහුණුකරුවකු වන සයිඩ් අබ්දුල් රහීම්ගේ ජීවිතය පදනම් කරගෙන නිර්මාණය කර ඇති ක්‍රීඩා චිත්‍රපටය 'මයිදාන්' නම් වේ. අජේ දේව්ගන් විසින් එහි රහීම්ගේ චරිතයට පණ පොවනු ලබයි. අමිත් ෂර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රියමනී සහ අන්සුමන් භගත් ද රංගනයෙන් දායක වෙති. 'මයිදාන්' චිත්‍රපටය 2022 ජුනි 3 වන දින ලොව පුරා සිනමාහල්වල නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
Cirkus
රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සර්කස්' චිත්‍රපටයේ රන්වීර් සිං ද්විත්ව චරිත නිරූපණය කරයි. එය විලියම් ෂේක්ස්පියර්ගේ The Comedy of Errors නාට්‍යය පාදක කරගත් 1982 වසරේ තිරගත වූ ඒදඨධධප චිත්‍රපටයේ නිල අනුවර්තනයයි. 'සර්කස්' චිත්‍රපටය ලබන වසරේ ජූලි 15 වැනි දින නිකුත් කිරීමට නියමිතය.
Adipurush
හින්දු වීර කාව්‍යයක් වන රාමායණය පාදක කරගනිමින්, ඉදිරියට එන මෙම මිථ්‍යා ත්‍රාසජනක චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රභාස්, ක්‍රිටි සැනොන් සහ සයිෆ් අලි ඛාන් ය. ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කළ 'අදිපුරුෂ්' චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු 11 වැනිදා තිරගත කිරීමට නියමිතව ඇත.
Ram Setu
'රාම් සේතු' යනු රාමායණයේ සඳහන් වන රාම් සේතු පාලම මිථ්‍යාවක් ද යථාර්ථයක් ද යන්න සෙවීමට ගවේෂණ චාරිකාවක යෙදී සිටින පුරාවිද්‍යාඥයකු පිළිබඳ චිත්‍රපටයකි. අභිෂේක් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ අක්ෂේ කුමාර්, ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති. 'රාම් සේතු' ලබන වසරේ ඔක්තෝබර් 24 වැනිදා නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර ඇත.
Ganpat
'ගන්පත්' යනු විකාස් බාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. එහි ටයිගර් ශ්රොෆ් සහ ක්‍රිති සැනොන් ප්‍රධාන චරිතයට පණ පොවති. එය 2022 දෙසැම්බර් 23 වැනිදා තිරගත කිරීමට නියමිතව ඇත.