හොලිවුඩ් වැඩ වර්ජනයක්

ඔක්තෝබර් 21, 2021

 

ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 90 ක් එක් වූ අතර වැඩ වර්ජනයකට අනුමැතිය දීම සඳහා ඡන්දය දුන් ඡන්ද දායකයන්ගෙන් සියයට 98.6 ක් ඡන්දය ප්‍රකාශ කළහ

 

හොලිවුඩ් වැඩවර්ජන අතර ඩිස්නි ස්ටුඩියෝ වර්ජනයේ කතාව ද සුවිශේෂි එකකි

 

මේ තත්ත්වය සමඟින් චෙන්නායි නගරයෙන් පිටත 950 ක් පමණ චිත්‍රපට ශාලා හිමිකරුවන් තම චිත්‍රපට ශාලා වසා දමයි

 

පසුගිය සතියේදී පෙළ ගැසුණු අයිඒටීඑස්ඊ ප්‍රාදේශීය සංගම් 36 ක රූපවාහිනී හා චිත්‍රපට නිෂ්පාදනයේ සේවයේ නියුතු හොලිවුඩ් වෘත්තීය සමිති සේවකයෝ 60,000 ක් චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදන ව්‍යාපාර දණ ගැස්විය හැකි වැඩ වර්ජනයක් වෙනුවෙන් පෙළ ගැසී සිටිති.

සෑම සතියේ දිනකම අලුයම 3.00ට හැනී අයිසන් සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් පාසල් දිවා ආහාරය පිළියෙළ කිරීම සඳහා අවදි වන්නීය. අහස තවමත් කළුවර වුවද පැය දෙකකට පසු, එම තනිකඩ මව වේශ නිරූපණ ශිල්පිනියක ලෙස සේවයට යන්නේ ලොස් ඇන්ජලීස් හරහා හොලිවුඩ් දර්ශනතලයක් වෙතටය.

තමා සිය නිවෙසින් පිටතට යන විට, අවම වශයෙන් තවත් පැය 12 ක් ගත වන තෙක් නැවත නිවෙසට පය තැබීමට ඇය බලාපොරොත්තු වන්නේ නැත. ඇය තම දරුවන් දැකීම සඳහා සිය නින්ද පූජා කරන්නීය. තම දරුවන් සමඟ වැඩ කිරීමට ඇයට කාලය අහිමි වේ. මන්ද ජීවත්වීම වෙනුවෙන් නිවෙසේ බිල්පත් ගෙවීමට ඇය වැඩ කළ යුතුව ඇත. "මට තනි මවක් ලෙස වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකිය" යනුවෙන් ඇය එන්බීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවාය. "මට කුලී ගෙවීමට, රක්‍ෂණ ආවරණය ගෙවීමට සහ මගේ දරුවන්ට සහයෝගය දැක්වීමට සිදු වන බැවින් එයට මිලක් නියම වී ඇත. මම මගේ දරුවන්ගේ ජීවිතවලින් ඈත් වී සිටියත් මට රැකියාවක් ලැබීම මගේ වාසනාවයි" හැනී අයිසන් පවසන්නීය.

නමුත් අයිසන් සේම වෙනත් දහස් ගණන් අන්තර්ජාතික රංග වේදිකා සේවකයන්ගේ සංගමයේ - අයිඒටීඑස්ඊ (ධ්දබඥපදචබඪධදචත ඒතතඪචදජඥ ධට ඊඩඥචබපඪජචත ඉබචඨඥ ඡ්ථනතධරඥඥඵ) සාමාජිකයන් පවසන්නේ එය එසේ විය යුතු නැති බවයි. රංග වේදිකා සේවකයන්ගේ අන්තර්ජාතික සන්ධානය - අයිඒටීඑස්ඊ යනු කාර්මික ශිල්පීන් 150,000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තීය සමිතියකි. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වේදිකා නාට්‍ය, සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන සහ වෙළෙඳ සංදර්ශන ඇතුළුව විනෝදාස්වාද කර්මාන්තයේ ශිල්පීහු එයට ඇතුළත් වී සිටිති.

වේශ නිරූපණ ශිල්පීන්ගේ සහ කොණ්ඩා මෝස්තර ශිල්පීන්ගේ සංසදයේ සාමාජිකාවක වශයෙන් අයිසන්ට සිකුරාදා සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණි. එනම් දහස් ගණනක් වූ තමා වැනි සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනයක් කැඳවීමට අයිඒටීඑස්ඊ හි සභාපතිවරයාට බලය ලබා දෙනවාද නැද්ද යන්න වෙනුවෙනි.

අයිසන් සේම අනෙකුත් සේවකයන් වඩා හොඳ කොන්ත්‍රාත්තුවක් සඳහා බලා සිටින අතර ඔවුන් විශ්වාස කරන්නේ මෙම කර්මාන්තයේ වෙනසක් සිදු වීමට බොහෝ කල් ගත වී ඇති බවයි. "අපිත් මිනිස්සු" ඔවුන්ගේ අදහසයි. මෙහි එන සෑම වෘත්තීය සමිති සාමාජිකයෙකුගේ කතාව එක සමාන නොවේ. එහෙත් බොහෝ දෙනෙක් සමාන දුක් වේදනා බෙදා ගනති. පැය ගණනක් පුරා දර්ශනතලයේ විවේකයක් නැත. ඇතැම් විට වැසිකිළියට යාමට පවා නොහැකිය. වැඩ මුර අතර විවේක කාලයක් නොමැත. සති අන්ත නිවාඩු නැත. එවැනි කතන්දර බොහෝ කලක් කර්මාන්තය තුළ හුවමාරු වී ඇත. එහෙත් පසුගිය මාස කිහිපය තුළ සාමාජිකයෝ ඒවා ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට තරම් ධෛර්යවත් වූහ. අගෝස්තු මාසයේ සිට, "ඪච_ඵබධපඪඥඵ නචඨඥ" නම් ඉන්ස්ටග්‍රම් ගිණුමේ හොලිවුඩයේ සිටින අයිඒටීඑස්ඊ සාමාජිකයන් විසින් සිය ගණනක් තම තමන්ගේ කථා පළ කෙරෙමින් තිබේ.

එහි වරෙක මෙසේ සඳහන් විය. "මම වරක් නිෂ්පාදන සහයක ලෙස පැය 24 ම වැඩ කළ පසු කාර්යබහුල වේලාවක නිවෙසට එන අධිවේගී මාර්ගයේදී තදබල ලෙස නිදා ගැනීමේ අවශ්‍යතාව දැනෙන්නට විය. මම දැඩි ලෙස අසරණව සිටියෙමි. අතිකාල දීමනාව මහත් වූ මුත් යහපත් වැටුපක් සඳහා මට මගේ ජීවිතය අවදානමට ලක් කළ නොහැකියි". කැමරා සහායිකාවක වන කැට්ලින් බ්‍රවුන් පවසන්නේ, තිරය පිටුපස සිටි තමාට දිගු කලක් පුරා යන්ත්‍රයකට මෙන් සැලකූ බව හැඟෙන බවයි. ඇය කියා සිටියේ, තමා පැය 18 සිට 20 දක්වා සේවය කළත් ඇතැම් විට ආහාර ගැනීමට අවශ්‍ය බව වගකිවයුත්තන්ට සන්නිවේදනය කිරීමට පවා නොහැකි වූ බවයි. හොලිවුඩ් වෘත්තීය සමිති සාමාජිකයන් ඉල්ලා සිටින්නේ පසුගිය දශකය තුළ නිෂ්පාදනය ඉහළ යාම මෙලෙසින් දිගු පැය ගණනක් හා අනතුරුදායක තත්වයන් ඇති කිරීමට හේතු වී ඇති බවයි.

තවද පසුගිය දෙවසරක පමණ කාලය පුරා පැතිර ගිය කොරෝනා වසංගතය ද මෙයට විශාල බලපෑමක් ඇති කළේය. අනෙක් සියල්ලන් මෙන්ම හොලිවුඩ් වෘත්තීය සමිති සාමාජිකයෝ ද වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූහ. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සෑම කෙනෙකුටම පාහේ සිදු වූයේ නිවෙ‌සේ නවාතැන් ගැනීමටයි. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුට වාඩි වී රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට නැරඹීම සඳහා වැඩි කාලයක් ඉතිරි විය. නරඹන්නන්ගේ එම වර්ධනය නෙට්ෆ්ලික්ස්, ඇමේසන් ප්‍රයිම් වීඩියෝ, හූලු සහ එච්බීඕ මැක්ස් ඇතුළු විශාලතම ප්‍රවාහ සේවා 2020 වසර අවසන් කිරීමට පෙර එක්සත් ජනපද ග්‍රාහක සංඛ්‍යාවෙන් 50 % කටත් වඩා ඉහළ අගයක් ගත් බව වෝල් ස්ට්‍රීට් ජර්නල් විශ්ලේෂණයේ දැක්වේ.

එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. පසුගිය සතියේදී පෙළ ගැසුණු අයිඒටීඑස්ඊ ප්‍රාදේශීය සංගම් 36 ක රූපවාහිනී හා චිත්‍රපට නිෂ්පාදනයේ සේවයේ නියුතු හොලිවුඩ් වෘත්තීය සමිති සේවකයෝ 60,000 ක් චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදන ව්‍යාපාර දණ ගැස්විය හැකි වැඩ වර්ජනයක් වෙනුවෙන් පෙළ ගැසී සිටිති. ඒ අනුව චිත්‍රපට හා රූපවාහිනී සේවකයන් සඳහා ගිවිසුම් සාකච්ඡා මඟින් නව කොන්ත්‍රාත්තුවක් නොලැබුණ හොත් වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිතියේ ජාත්‍යන්තර ප්‍රධානියා හට බලය දීමට ඡන්දය ලැබිණි. ඡන්දය ප්‍රකාශ කිරීමට සියයට 90ක් එක් වූ අතර වැඩ වර්ජනයකට අනුමැතිය දීම සඳහා ඡන්දය දුන් ඡන්ද දායකයන්ගෙන් සියයට 98.6 ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. මෙහිදී නව යෝජනාවක් ඉදිරිපත් කළ අතර එයට සියලුම නිෂ්පාදන සඳහා පැය 10 ක සහ සති අන්ත විවේකය, දිවා ආහාරය සඳහා නිෂ්පාදන නැවැත්වීමට බල කිරීම සහ වැටුප් තලයේ පහළ සිටින අයගේ ජීවන වැටුප වැනි මූලික ගැටලු ඇතුළත් කර තිබේ.

අන්තර්ජාතික රංග වේදිකා සේවකයන්ගේ සංගමයේ සභාපති මැතිව් ලෝබ් බදාදා නිවේදනය කර සිටියේ, එකඟතාවයකට පැමිණිය නොහැකි නම්, වෘත්තීය සමිති සාමාජිකයන් 60,000 ක් ඔක්තෝබර් 18 වැනිදා පෙ.ව. 12:01 ට ප්‍රධාන චිත්‍රාගාරවලට එරෙහිව එක්සත් ජනපදය පුරා වර්ජනයක් ආරම්භ කරන බවයි. කෙසේ නමුත් මූලික ගැටලු විසඳන එකඟතාවයකට ඒමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතියේ සිනමා සහ රූපවාහිනී නිෂ්පාදකයන්ගේ සන්ධානය සමඟ වෘත්තීය සමිති අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බවද මැතිව් ලෝබ් සඳහන් කර සිටී.

දේශපාලනඥයන්, හොලිවුඩ් තරු ද ඔවුන්ගේ සහයෝගය මේ වෙනුවෙන් ලබා දෙමින් සිටී. මින්ඩි කාලිං, රයන් රෙනෝල්ඩ්ස්, කෙරී වොෂිංටන්, සෙත් රොජන්, ඇනා පැකින්, බෙන් ස්ටිලර්, සාරා පෝල්සන්, ෆ්‍රෑන් ඩ්‍රෙෂර්, ජේන් ෆොන්ඩා සහ ලිලී ටොම්ලින් ඇතුළු බොහෝ දෙනෙකු වර්ජනයට සහාය ලබා දී ඇත. වර්ජනයේ ඡන්ද විමසීම, කොංග්‍රස් සභිකයන් සියයකට වැඩි පිරිසකගේ අවධානය පවා දිනාගෙන තිබේ. තිරය ​​පිටුපස කම්කරුවන් සහ ඔවුන්ගේ නීතීඥයන් මේ වන විටත් වීදි බැස සිය මෝටර් රථවල තීන්ත ආලේපිත වැකි සටහන් කරමින් වර්ජනයක් සඳහා සහයෝගය පළ කර තිබේ.

අපේ රටේ නම් නොයෙකුත් ක්ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වැඩ වර්ජන පිළිබඳ අසන්නට ලැබීම පුදුමයක් නොවන කරුණක් බවට පත් වී තිබේ. රජයන්ගෙන් හෝ ආයතනික මට්ටමෙන් හෝ තම තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ජනතාව මෙලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පිවිසීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇතත් සිනමා කර්මාන්තයක මෙලෙස වැඩවර්ජනයක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් මීට වසර තුනකට පමණ ඉහතදී දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ ද දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.මේ සිනමා වැඩ වර්ජනයට ප්‍රධානම හේතුව වූයේ ඩිජිටල්කරණය යි. දකුණු ඉන්දීය සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයන් විසින් එම වැඩ වර්ජනය දියත් කරනු ලැබූයේ ඩිජිටල් සේවා සපයන්නන් විසින් සිදු කෙරෙන අය කිරීම් ඉහළ බවට චෝදනා නඟමිනි. 2018 මාර්තු 16 වැනිදා වන විට දෙමළ සිනමා කර්මාන්තය තුළ විරෝධතාව සිනමා කර්මාන්තයේ අනෙකුත් අංශ කරා ද පැතිර ගිය අතර චිත්‍රපට රූගත කිරීම්, තිර රචනය සහ පූර්ව ප්‍රචාරක පට එළිදැක්වීම ඇතුළුව සියලුම නිෂ්පාදන කටයුතු නතර කර දමන ලදී.

මේ තත්ත්වය සමඟින් චෙන්නායි නගරයෙන් පිටත 950 ක් පමණ චිත්‍රපට ශාලා හිමිකරුවන් තම චිත්‍රපට ශාලා වසා දැමූ අතර ඩිජිටල් සේවා සපයන්නන්ගේ භාණ්ඩ හා සේවා ගාස්තුව පහත දැමීමට අමතරව රජය විසින් ගාස්තු අය කෙරෙන දේශීය විනෝද බද්ද අඩු කරන ලෙස ද ඉල්ලීම් අතර විය. එම වර්ජනය පැවති වකවානුව තමිල්නාඩුවේ සිනමා කර්මාන්තයේ ඉහළම ආදායම් ගෙන දෙන කාලයක් වුවද ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටි දැවැන්ත චිත්‍රපට කිහිපයක්ම නිකුත් නොකර සිටීමට නිෂ්පාදකයන් හට සිදු විය. කෙසේ වෙතත් ඒ සමඟින් එම්. ජී රාමචන්ද්‍රන්, රජ්නිකාන්ත්, කමල් හසන් වැනි ජනප්‍රිය තරු රඟපෑ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ පැරණි චිත්‍රපට වසර ගණනාවකට පසු යළිත් වරක් රිදී තිරයට පැමිණිම සිදු විය.

හොලිවුඩ් වැඩවර්ජන අතර ඩිස්නි ස්ටුඩියෝ වර්ජනයේ කතාව ද සුවිශේෂි එකකි. මීට පෙර හොලිවුඩයේ වැඩවර්ජනයක් පැවතියේ 1930 දශකයේ අගභාගයේදීය. 1930 ගණන් වලදී, මහා අවපාතයට පසුව චිත්‍රාගාර මඟින් සේවකයන්ගෙන් පීඩාකාරී ලෙස සේවය ලබා ගැනීම හේතුවෙන් හොලිවුඩය තුළ වෘත්තීය සමිතිවල නැඟිටීමක් සිදු විය. මේ වෘත්තීය සමිති අතර 1938 දී ෆ්ලෙයිෂර් චිත්‍රාගාරයේ සජීවිකරණ චිත්‍රාගාරයක පළමු වර්ජනය සිදු විය. තිර කාටූන් ශිල්පීන්ගේ සංසදය පිහිටුවන ලද්දේ ද එයින් පසුවය. 1941 දී ඩිස්නි සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

1930 ගණන්වල මැද භාගයේ වෝල්ට් ඩිස්නි චිත්‍රාගාරයේ සේවයේ නියුතු වූයේ සේවකයන් 200 කටත් වඩා අඩු සංඛ්‍යාවකි. එහෙත් 1937 දී සමාගම සිය පළමු පූර්ණ-දිගු සජීවිකරණ චිත්‍රපටය වන 'ස්නෝ වයිට්' සහ 'සෙවන් ඩුවෝර්ෆ්ස්' එළිදැක්වීය. උද්ධමනය සඳහා සකස් කළ එය, එක්සත් ජනපද චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයෙන් එකකි. පසුව 'ඇඩ්වෙන්චර්ස් ඔෆ් පිනෝකියෝ' (1940), 'ෆැන්ටසියා' (1940), 'ඩම්බෝ' (1941) සහ 'බම්බි' (1942) යන චිත්‍රපට නිකුත් කළ විට ඩිස්නි ආයතනයේ ස්වර්ණමය යුගයක් විය. 'ස්නෝ වයිට්' සමඟම 1940 වන විට ඩිස්නි චිත්‍රාගාරය සේවකයන් 200 සිට 1,100 දක්වා පුළුල් කර කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි පිහිටි අති නවීන චිත්‍රාගාරයක් වෙත මාරු විය. එහෙත් නිෂ්පාදන පරිමාණවල මේ දැවැන්ත පෙරළිය සමාගම තුළ සැබෑ ආතතීන් හා පරස්පරතා මතුපිටට ගෙන ආවේය. සේවකයන් අඩු වැටුප් අනුපාතයන්, දිගු පැය ගණන් සහ අතිකාල දීමනා නොමැතිව පීඩාවට පත් විය.

තවද වෝල්ට් ඩිස්නිට හැඟුණේ පිරිමින් සහ ගැහැනුන් එකට වැඩ නොකළ යුතු බවත්, තීන්ත නිපදවන්නන් ලෙස පහළම ශ්‍රේණියේ සේවය කළ කාන්තාවන් වෙනම ගොඩනැගිල්ලක වැඩ කළ යුතු බවත් ය. ශ්‍රම බලකාය අතර නොසන්සුන්තාවයට හේතු වූ තවත් කරුණක් නම් කාටූන් ශිල්පීන්ට ඔවුන්ගේ වැඩ සඳහා නිසි ගෞරවය නොලැබීමයි. 1940 දී වෝල්ට් ඩිස්නි කම්කරුවන්ට වැටුප් කප්පාදුවක් කිරීමටද උත්සාහ කළේය. මේ අනුව තිර කාටූන් ශිල්පී සංසදය බර්බෑන්ක් චිත්‍රාගාරයේදී වෘත්තීය සමිති ව්‍යාපා

රයක් ආරම්භ කළේය.

වෝල්ට් ඩිස්නි විසින් වෘත්තීය සමිතිය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් කාටුන් ශිල්පීන් 24 දෙනෙකුම සේවයෙන් ඉවත් කළේය. එයට එරෙහිව 1941 මැයි 29 දින වර්ජනය සමඟ පා ගමනක් ආරම්භ විය. වර්ජනය කටුක එකක් වූ අතර සති නවයක් පුරා පැවතුණි. සති නවයකට පසු සාකච්ඡා සමථයකට පත් වී වර්ජකයෝ 1941 සැප්තැම්බර් 21 දින නැවත සේවයට වාර්තා කළහ. බොහෝ කම්කරුවන් හට පෙර වැටුප මෙන් දෙගුණයක් හිමි විය. වැඩ වර්ජනයට පෙර සේවයෙන් පහ කළ සේවකයන් 24 දෙනාම නැවත සේවයේ පිහිටුවමින් වෘත්තීය සමිතිය ජයග්‍රහණය කළ අතර තිර කාටූන් ශිල්පීන්ගේ සංසදය සඳහා වෘත්තීය සමිති පිළිගැනීමක් දිනා ගත්තේය.

2007 නොවැම්බර් 5 සිට 2008 පෙබරවාරි 12 දක්වා නැගෙනහිර, ඇමරිකාවේ ලේඛකයන්ගේ සංසදය සහ බටහිර ලේඛකයන්ගේ සංසදයෙහි සියලුම චිත්‍රපට හා රූපවාහිනී තිර රචකයන් 12,000 දෙනෙක් වැඩ වර්ජනය කළහ. එම සංගම් සති 14 දින 2 (දින 100)ක් පුරා වර්ජනයේ යෙදී සිටියහ. 2008 පෙබරවාරි 12 දින ගොනු කරන ලද ජාතික මහජන ගුවන් විදුලි (එන්පීආර්) වාර්තාවට අනුව වර්ජනය හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි ආර්ථිකයේ ඩොලර් බිලියන 1.5 ක පාඩුවක් ඇස්තමේන්තු කෙරුණි.

මීට පෙර 1988 දී, ලේඛක සංසද ඉතිහාසයේ දීර්ඝතම වර්ජනය සති 21 දින 6 (දින 153) ක් පැවති අතර එමඟින් ඇමරිකානු විනෝදාස්වාද කර්මාන්තයට ඩොලර් මිලියන 500 ක වටිනාකමක් වැය වූ බව වාර්තා වේ. 1988 ඇමරිකාවේ ලේඛක සංසදය වර්ජනය යනු සන්ධානය නියෝජනය කරන ප්‍රධාන එක්සත් ජනපද රූපවාහිනි සහ චිත්‍රපට චිත්‍රාගාරවලට එරෙහිව ඇමරිකාවේ, නැගෙනහිර ලේඛකයන්ගේ සංසදය සහ බටහිර ඇමරිකාවේ ලේඛක සංසදය යන දෙඅංශයේම සාමාජිකයන් ක්‍රියාත්මක කළ වර්ජනයකි. 1988 මාර්තු 07 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවති මේ වර්ජනය චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල නිෂ්පාදනයට හානිකර ලෙස බලපෑම් කළේය.