ABBA VOYAGE

ඇබායළි උපදී
සැප්තැම්බර් 23, 2021

ABBA  යනු 1974 සිට 1983 දක්වා ලොව පුරා ගීත දර්ශකයන්හි ඉහළින්ම වැජඹුණු වාණිජමය වශයෙන් ඉතාමත් සාර්ථක වූ ජනප්‍රිය සංගීත ඉතිහාසයේ පරතෙරට ගිය සංගීත කණ්ඩායමක් ලෙස නම් කිරීම අතිශයෝක්තියක් නොවේ. 1972 වසරේදී එය, ඇග්නෙතා ෆෝල්ට්ස්කොග්, බ්යෝන් උල්වයස්, බෙනී ඇන්ඩර්සන් සහ ඇනි-ෆ්‍රිඩ් ලිංස්ටැඩ් විසින්, සිය මුල් නම්වල මුලකුරු එකතු කරමින් නම් තබා, ස්ටොක්හෝම්හි දී ආරම්භ කරන ලද ස්වීඩ්න් ජාතික පොප් සංගීත කණ්ඩායමකි.

ඒඕඕඒ, 1974 දී "වෝටර්ලූ" නම් වූ ගීතයෙන් 'යුරෝවිෂන් නම් ප්‍රමුඛ පෙළේ යුරෝපියානු ගීත තරගයේදී ඉතිහාසයේ පළමු වරට ස්වීඩනයට ප්‍රථම ස්ථානය දිනා දුන් අතර 2005 වසරේ පැවැති යුරෝවිෂන් තරගාවලියේ 50 වැනි සංවත්සරයේදී මේ ගීතය එහි තරග ඉතිහාසයේම 'හොඳම ගීතය' ලෙස ද තෝරා ගන්නා ලදී. මේ කණ්ඩායමේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය (එහි ඉතිහාසගත ජනප්‍රියම අවධියේදී) විවාහක යුවළ දෙකකින් සමන්විත වීමයි. ඉන් ෆෝල්ට්ස්කොග් සහ උල්වයස් එක් විවාහක යුවළක් වූ අතර ලිංස්ටැඩ් සහ ඇන්ඩර්සන් අනෙක් යුවල විය. 'ඩාන්සින් ක්වීන්', 'ටේක් අ චාන්ස් ඔන් මී', 'මමා මියා', 'ද නේම් ඔෆ් ද ගේම්', ඔවුන්ගේ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි. කෙසේ වෙතත්, ඒඕඕඒ කණ්ඩායමේ ජනප්‍රියතාවය වැඩිවීමත් සමඟම ඔවුනොවුන්ගේ පෞද්ගලික ජීවිතයන් දෙදරා ගොස් අවසානයේදී විවාහ දෙකම බිඳ වැටුණි. මේ තත්ත්වය කණ්ඩායමේ සංගීතයට පවා බලපෑම් කළේය. පසුකාලීනව විනෝදජනක සංගීතයෙන් තරමක් දුරට ඉවත් වෙමින්, අඳුරු ස්වභාවයක් ගත් ගීත ඒඕඕඒ වෙතින් නිර්මාණය වීමටත් මෙය බලපෑම් කළ බව කියැවේ. 1982 වසරේ ඒඕඕඒ කණ්ඩායම නොනිල ලෙස බෙදී ගිය අතර ඉන් පසුවද ඇන්ඩර්සන් සහ උල්වයස් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට සඳහා සංගීතය නිර්මාණය කිරීමේ කාර්යයේ දිගටම නියැළුණහ.

පසුකාලීනව බොහෝ ගීත, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ඒඕඕඒ සංගීතය ආදර්ශ කොට සංගීතය මෙහෙයවන බව දක්නට ලැබෙන අතර දශක ගණනාවකට පසුව 2016 වසරේ සිටම ඒඕඕඒ කණ්ඩායම නැවත එක් වෙමින් සිය රසික රසිකාවන් හට නවතම අන්දමේ සංගීතමය ඇත්දැකීමක් ලබා දෙන බවට ප්‍රවෘත්ති පළවෙමින් පවතී. වසර ගණනාවක් තිස්සේ ගොඩනගමින් තිබුණු මෙම ව්‍යාපෘතියේ එක් වැදගත් සන්ධිස්ථානයක් ලෙස, 2021 අගෝස්තු 26 දින ඒඕඕඒ විසින් ඒඕඕඒ ඍධරචඨඥ නමින් නව වෙබ් අඩවියක් ආරම්භ කරන ලදී. ලන්ඩනය වටා දැන්වීම් පුවරුවල 02.09.21 දින සිදුවන කණ්ඩායමේ පුනරාගමනය ගැන සටහන් දැක්විණ. උක්ත පුනරාගමනය සංකීර්ණ ඩිජිටල් තාක්ෂණයක් ඔස්සේ සිදුවන බව කියැවුණු අතර කණ්ඩායම මේ වන විට ප්‍රකාශ කර සිටින්නේ මෙය 2022 වසරේ මැයි මාසයේ අනිවාර්යයෙන්ම සිදුවන බවයි.

 

ඒඕඕඒ සාමාජිකයන් පවසන ආකාරයටම මෙය නවතම ඩිජිටල් අත්දැකීමක් වනු ඇත. දැනට හැත්තෑ විය සපිරූ, මුත් හදවතින් තරුණ වූ ඒඕඕඒ සාමාජිකයෝ සිය තරුණ වියේ රූප ඇසුරින් නිමැවූ ද, ඔවුන්ගේ චලනයන් සත්‍ය කාලයේදී (අඥචත ඊඪථඥ) කරගන්නා වූද ‘ච්ඪඨඪබචත ඒමචබචපඵ’ හෙවත් 'ඩිජිටල් අවතාර' සතරක් මඟින් දස දෙනෙකුගෙන් යුත් සත්‍ය සංගීත කණ්ඩායමක් සමඟ සිය සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමට සූදානම් වී සිටී.

ලන්ඩනයේ ක්වීන් එලිසබෙත් ඔලිම්පික් උද්‍යානයේ ගොඩනඟන ලද ඒඕඕඒ ඒපඥදච නම් සුවිශේෂ වේදිකාව මත පැවැත්වීමට නියමිත මේ ප්‍රසංගයේ දී රසිකයන්ට දිස් වන ඒඕඕඒ ඩිජිටල් අනුරූ, ‘ඒඡඡචබචපඵ’ ලෙස නිවේදනයන්හි හැඳීන්වේ. ජනප්‍රිය චිත්‍රපටයක් වූ "ලෝඩ් ඔෆ් ද රින්ග්ස්" චිත්‍රපට මාලාවේ 'ගොලුම්' නම් චරිතය නිර්මාණය වූ 'චලන ග්‍රහණ තාක්ෂණයක්' ඔස්සේ 1979 දී රසිකයන් දුටු ඒඕඕඒ සාමාජිකයන් එම තරුණ ස්වරූපයෙන්ම සිය රසික රසිකාවන් පිනවනු ඇත. මේ ප්‍රවෘත්තියෙන් එදා මෙදා තුර ඒඕඕඒ සංගීත ලෝලීන් අමන්දානන්දයට පත් වී ඇති අතර ඒඕඕඒ සාමාජිකයන්ගේ සමාජ වෙබ් පිටු ඔවුන්ගේ ප්‍රශංසාවන්ගෙන් පිරී ගොස් ඇත.