නිවාඩුවට ඇවිත් නිවාඩු නොලද Nine Perfect Strangers

සැප්තැම්බර් 9, 2021

 

 

පුද්ගලයන් පිරිසක් සුවතා මධ්‍යස්ථානයක් වූ 'ට්‍රැන්කුලියම් හවුස්' හෙවත් "සන්සුන් නිවහන" නම් නිවාඩු නිකේතනයට පැමිණෙන්නේ දින 10ක විවේකයක් සඳහා ය. මේ පිරිසට ෆ්‍රැන්සිස් නම් ප්‍රේමණීය නවකතාකාරියක්, ලාර්ස් නම් මතට ඇබ්බැහිවූවෙක්, බෙන් සහ ජෙසිකා නම් වූ ධනවත් තරුණ යුවළක්, කර්මෙල් නම් දික්කසාද වූ මවක්, ටෝනි නම් දික්කසාද සැමියෙක්, නැපෝලියන් මාර්කෝනි නම් පාසල් ගුරුවරයෙක්, ඔහුගේ බිරිය හෙදර් සහ දියණිය සෝයි ඇතුළත් වේ. සුවිශේෂ, දැඩි නීති රීති ඇති සුවතා මධ්‍යස්ථානය මෙහෙයවන්නේ එහි අධ්‍යක්ෂිකා මාෂා වන අතර යාඕ සහ ඩේලියා සුවතා උපදේශකවරියෝ වෙති.

අමුත්තන් සියලු දෙනාම ජීවිතයේ යම් ගැටලුවක් සහිතව මෙහි පැමිණ ඇත. මාර්කෝනි යුවළට දරුවෙකු අහිමි වී ඇත. ලොතරැයියක් ජයගත් බෙන් හා ජෙසිකා යුවළ ඒ හේතුවෙන්ම ඔවුන්ගේ සම්බන්ධතාවයද කඩාකප්පල් කරගෙන ඇත. ෆ්‍රැන්සිස් සිය පෙම්වතාගේ දරුණු වංචාවකට ලක්ව ඇත. කර්මෙල්ගේ පෙර සැමියා සිය පෙම්වතිය සහ දියණිය සමඟ සංචාරයක නිරත වන අතර හැඩිදැඩි සිරුරකින් යුතු කර්මෙල් බර අඩු කර ගැනීම පිණිස මෙහි පැමිණ සිටී.

ඔස්ට්‍රේලියානු නවකතාකාරියක වන ලියාන් මොරියර්ටි විසින් රචිත, එනමින් යුත් නවකතාව පදනම් කරගෙන, ජෝන් හෙන්රි බටර්වර්ත් සහ ඩේවිඩ් ඊ. කෙලී විසින් නිර්මාණය කරන ලද, ව්ඪදඥ ර්‍ථඥපටඥජබ ඉබපචදඨඥපඵ, ඇමෙරිකානු නාට්‍යමය කෙටි රූපවාහිනී කතා මාලාව මෙලෙස දිගහැරේ. එය පසුගිය අගෝතු 18 වන දින හුලූ නාළිකාවෙහි තිරගත වීම ඇරඹිණි.

සිය ජීවිතවල යම් යම් වේදනාවන්ගෙන් පීඩා විඳීන පුද්ගලයන් නව දෙනෙක් ට්‍රැන්කුලියම් සුවතා මධ්‍යස්ථානයට පැමිණෙන්නේ ඉන් මිදීම සඳහා ය. වැඩි දිනක් නොගොස්ම අමුත්තන් නව දෙනාට අවබෝධ වන්නේ තමන් සුවතා මධ්‍යස්ථානය ගැනත්, එකිනෙකා ගැනත් පමණක් නොව තම තමන් ගැන පවා බොහෝ දේ නොදන්නා බවයි.

සම්මානලාභී ප්‍රවීණ නිළියක වන නිකොල් කිඩ්මන් මෙහි මාෂාගේ චරිතයට පණ පොවන අතර, මෙලිසා මැකාති, මයිකල් ෂැනන්, ලූක් එවන්ස්, අෂර් කෙඩි, සමර් වීවින්, මෙල්වින් ග්‍රෙග්, ටිෆනි බූන්, මැනී ජැසින්ටෝ, ග්‍රේස් වැන් පැන්, සෝ ටෙරෙක්ස්, රෙජිනා හෝල් සහ බොබී කැනවල් මෙහි සෙසු චරිත රඟ දක්වති.

ව්ඪදඥ ර්‍ථඥපටඥජබ ඉබපචදඨඥපඵ හි මංගල දර්ශනය හුලු නාළිකාවේ එදා මෙදා තුර වැඩිම පිරිසක් නරඹන ලද කොටස බවට පත් වී ඇති අතර මෙය විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලත් රූපවාහිනී කතා මාලාවකි. රොට්න් ටොමැටෝස් හි විචාරකයන් 84 දෙනෙකුගෙන් 60%ක් මෙය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍යය 6.2/10 කි. එහි පොදු විචාරයේ මේ කතා මාලාව ගැන මෙලෙස පැවසේ. " අභිරහසක් බොහෝ ව්‍යාකූල වන විටත් එහි බලපෑම (ප්‍රේක්ෂකයෙන් මත ඇති කළ හැකි) අවම විය හැකි මුත් මෙම කතා මාලාවේ ශක්තිමත් රංගනයන් මෙය නැරඹිය හැකි උසස් තත්ත්වයේ නාට්‍යයක් බවට පත් කොට ඇත."