OUTER BANKS

අගෝස්තු 26, 2021

වර්ජිනියා සහ උතුරු කරොලයිනා යනු අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර මුහුදු තීරයට මායිම්ව පිහිටි ප්‍රාන්ත දෙකකි. කි. මී. 300කට වඩා දිගු වන මායිම් මුහුදු තීරය, මව්රට සමඟ තුනී ගොඩබිම් තීරයන්ගෙන් සම්බන්ධ වූ තුඩු සහ දූපත් ගණනාවකින් සමන්විත වේ. ර්‍ණභබඥප ඕචදඬඵ(බාහිර-ඉවුර) ලෙස හැඳීන්වෙන මෙම ප්‍රදේශයේ කුඩා නගරයක සමාජ ස්ථර දෙකක පුද්ගලයෝ වෙසෙති. මින් සිය නිවාඩුව ගතකිරීමට එහි පැමිණෙන ධනවත් ඉහල පැලැන්තියේ පිරිස 'කූක්' සමූහයා ලෙස හැඳීන්වෙන අතර ඔවුන්ට සේවාවන් සපයමින් සිය ජීවිකාව ගෙනයන පිරිස 'පෝග්' සමූහයා වෙති.

ජෝන් බී, කියාරා, පෝප් සහ ජේ.ජේ. යනු නගරයේ වෙසෙන කෙළිදෙලෙන් දිවිගෙවන, පෝග් පිරිසට අයත්, නව යොවුන් මිතුරන් පිරිසකි. ජෝන් බී ගේ පියා මුහුදු ගමනකින් අතුරුදන් වී මාස 9 ක් ගතවී ඇති නිසා සිය මාමා ඔහුගේ නිල භාරකරු වේ. මාමා ද බොහෝවිට නිවසේ නොසිටින නිසා ළමා ආරක්ෂක කාර්යාලය විසින් ජෝන් භාර කිරීමට අලුත් පවුලක් සොයන අතර එය අප්‍රිය කරන ජෝන්, මිතුරන් සමඟ ඔවුන්ගෙන් කට්ටි පනිමින් සිටී. නගරය උඩු යටිකුරු කරමින් සුළි කුණාටුවක් පැමිණෙනේ මේ අවදියේ වන අතර කුණාටුවෙන් පසු මසුන් අල්ලා ගැනීම පහසු බව දන්නා ජෝන් සහ මිතුරන් ඒ සඳහා නගරය ආසන්නයේ කලපුවක් වෙත යති. කලපුවේ ගිලුණු විශාල බෝට්ටුවක් සොයා ගන්නා ඔවුහු එහි තිබුණු කුඩා යතුරක්ද රැගෙන පිට වෙති. බෝට්ටුව පිලිබඳ ප්‍රවෘත්තිය කිසිවෙකුට නොකීමට වගබලා ගන්නා මිතුරන්ට වෙරළට ගොඩගසා ඇති එහි හිමිකරුගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන ඇති බව පසුව දැනගැනීමට ලැබේ. සොයා ගත් යතුරෙන් නගරයේ හෝටලයක කාමරයක විවෘත කරගන්නා මිතුරෝ එහි සේප්පුවක තිබී ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ මුදල් මිටියක්ද සොයා ගනිති.

ගිලුණු බෝට්ටුව, මලසිරුර, තුවක්කුව සහ මුදල් යම් අබිරහස් අපරාධයක සලකුණු බව තේරුම් ගන්නා මිතුරෝ පොලිසියටද එය සඟවමින් ගිලුණු බෝට්ටුව නැවත ගවේෂණය කරති. එහි ඇති සුරක්ෂිත බහාලුමක්ද රැගෙන නැවත එන මිතුරන් පසුපස අපරාධකරුවන් දෙදෙනෙක් හඹා එන අතර කෙසේ හෝ ඔවුන්ගෙන් ගැලවෙන මිතුරන්ට බහාලුමේ තිබී හමු වන්නේ ඉපැරණි මාලිමාවකි. පරම්පරා ගණනාවක් තිස්සේ සුරක්ෂිතව තබාගත් මෙම මාලිමාව නව මසකට පෙර අතුරුදන් වූ සිය පියාගේ බව ජෝන් බී හඳුනාගනී.

ජෝෂ් පේට්, ජොනාස් පේට් සහ ෂැනන් බර්ක් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු ක්‍රියාදාම - වික්‍රමාන්විත - අබිරහස් - නව යොවුන් අන්තර්ජාල ප්‍රවාහ රූපවාහිනී කතා මාලාවක් වන ර්‍ණභබඥප ඕචදඬඵ මෙලෙස දිගහැරේ. එහි පළමු අදියර නෙට්ෆ්ලික්ස් හි පසුගිය වසරේ අප්‍රේල් 15 දින මුදා හැරිණි. එම වසරේ ජූලි මාසයේදී එය දෙවන අදියර සඳහා අලුත් කරන ලද අතර පසුගිය ජූලි 30 දින මුදා හැරුණි. චේස් ස්ටොක්ස්, මැඩිසන් බේලි, ජොනතන් ඩේවිස්, සහ රූඩි පන්කෝව් මෙහි සිව් මිතුරන්ගේ චරිත පණ ගන්වති.

ර්‍ණභබඥප ඕචදඬඵ විචාරකයන්ගෙන් ඉහල පැසසුම් ලත් කතා මාලාවක් වන අතර රොට්න් ටෝමාටෝස් හි මෙහි පළමු අදියර විචාරකයන් 21දෙනෙකුගෙන් 71%ක් අනුමත කර ඇත. දර්ශකයේ සාමාන්‍ය අගය 6.72/10 වන අතර එහි පොදු විචාරයේ මෙලෙස කියවේ. "මෙහි ඇතැම් අංග අනවශ්‍ය ප්‍රමාණයට පවතින නමුත් කතාවේ ඇති දැඩි වික්‍රමාන්විත බවින් ගිම්හාන කාලයේ බොහෝ දෙනා ආකර්ෂණය කරන්නා වූ හැගීම් මනාව එකතු කරගෙන ඇත."