වේගය වැඩියි වින්දනය ඉහළයි

F9
අගෝස්තු 5, 2021

ඒ 1989 වසරයි. ජැක් ටොරෙටෝ ඔහුගේ පුතුන් වන ඩොමිනික්, ජේකබ් ඇතුළු කණ්ඩායම සිය සහායකයන් සමඟින් මෝටර් රථ ධාවන තරගයකට සහභාගී වේ. ඩොමිනික් ප්‍රතිවාදී ලින්ඩර් කෙනී සමඟ ඔහුගේ සදාචාර විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකර ගනී. තරගය අතරතුර ලින්ඩර්ගේ මෝටර් රථය ජැක්ගේ රථයේ ගැටෙන අතර ජැක්ගේ රථය තාප්පයක් වෙත ඇදීගොස් පිපිරී යයි. සිය පියාගේ අවාසනාවන්ත ඉරණම ගැන තැවෙමින් ලින්ඩර් සමඟ කිපෙන ඩොමිනික් ඔහුට දරුණු ලෙස පහර දෙයි. මේ සිද්ධිය අවසන් වන්නේ ඔහු සිරගත වීමෙනි. සිරගතව සිටිද්දී සිය පියාගේ ඉරණමට ඔහුගේ මෝටර් රථය අලුත්වැඩියා කළ සිය සොහොයුරු ජේකබ් ද වගකිවයුතු බව ඩොම් තේරුම් ගනී. නිදහස් වන ඩොම් ජේකොබ්ට තරගයකට අභියෝග කරන අතර ඒ පරාජය හමුවේ ජේකබ්ට සිය මුල්බිම අත්හැරදා පිටවී යාමට සිදුවේ.

වසර ගණනාවකට පසු ඩොම් ටොරෙටෝ, සිය ආදර බිරිය ලෙටී සහ පුතු සමඟ නිහඬ ජීවිතයක් ගත කරයි. නමුත් තමා කළ කී දෑ වල විපාක කෙදිනක හෝ විඳීමට සිදුවන බවත් ඩොම් නොදන්නවා නොවේ. ඩොම් විසින් පිටමං කරනු ලැබූ සොහොයුරා ජේකබ් වඩාත් බලසම්පන්න දුෂ්ට අපරාධකරුවකු බවට පත්වී ඇති අතර මෙතෙක් නොවූ විරූ අභියෝගයක්ද සහිතව ඔහු ඩොම් ඉදිරියට පැමිණෙන්නේ මෙවන් වකවානුවකදීය. සිය සුපුරුදු මිතුරු හවුලද රැස් කරගන්නා ඩොම්හට සිය අදරැතියන් පමණක් නොව මුළු ලොවම පවා විනාශ කළ හැකි දුෂ්ට සොහොයුරාට මුහුණ දීමට ඇති සැලසුම කුමක්ද?

‘Illegal street Racing’  හෙවත් නීතිවිරෝධී මෝටර් රථ මාර්ග ධාවන තරග, නොයෙක් විධ සංවිධානාත්මක සොරකම් සහ පවුල යන සාධක මූලික තේමාව කරගත් Fast & Furious ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ නව වැනි ප්‍රධාන චිත්‍රපටය ‘F9’ යන නාමයෙන් මෙලෙස දිගහැරේ. වින් ඩීසල්, මිෂෙල් රොද්‍රගූස්, ටයිරීස් ගිබ්සන්, ක්‍රිස් බ්‍රිජස්, නතාලි එමානුවෙල්, ජෝර්ඩානා බ්රූස්ටර් ඇතුළු පිරිස සිය සුපුරුදු ක්‍රියාදාම රංගනයන්ගෙන් සංයුක්තව මෙහිදී ද දැකබලා ගත හැකිය. ජේකබ් ටොරෙටෝ චරිතයක් චිත්‍රපටයට එක වන අලුත් චරිතය රඟ දක්වන්නේ වෘත්තීය මල්ලවපොර තරුවක් වන ජෝන් සීනා ය. ඩ්වේන් ජොන්සන් මෙම චිත්‍රපටයට එක් නොවී ඇති අතර,ජේසන් ස්ටැතම් මෙහි කෙටි රූපරාමුවකට පමණක් එක වී ඇත. මෙම චිත්‍රපටය අධ්‍යෂණය කර ඇත්තේ චිත්‍රපට මාලාවේThe Fast and the Furious: Tokyo Drift (2006), Fast & Furious (2009), Fast Five (2011) ~ƒ Fast & Furious 6 (2013)  යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ තායිවාන අධ්‍යක්ෂවරයෙකු වන ජස්ටින් ලින් විසිනි.

ජූනි 25 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 200 ක පිරිවැයකින් තනා නිමකර ඇති අතර මේ වන විට ඇ. ඩොලර් මිලියන 623 ක ආදායමක් වාර්තා කර ඉහළ වාණිජමය සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. මෙම ආදායම සමඟින් ජ්චඵබ ) ජ්භපඪධභඵ චිත්‍රපට මාලාව ඇ. ඩොලර් බිලියන 6.29 ක මුළු ආදායමක් ලබමින් ලොව මෙතෙක් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතර පස් වන ස්ථානයට පැමිණ ඇත. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 281දෙනෙකුගෙන් 59% ක්ම චිත්‍රපටය අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 5.70 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයට අනුව: "එෆ් 9 වෙන කවරදාටත් වඩා පාලනය කරගත නොහැකි තරම් වේගයෙන් ධාවනය වන බව පෙනේ. නමුත් අධ්‍යක්ෂ ජස්ටින් ලින්ගේ දක්ෂතාවය මත චිත්‍රපටයේ ක්‍රියාදාම ඉහළ තත්ත්වයේ පවත්වා ගෙන ඇත.”