සුපිරි මිනිසාගේ අලුත් වංහුං

අගෝස්තු 12, 2021

 

DC Comics විසින් ප්‍රකාශයට පත් පළමුවැනි සුපිරි වීර චරිතය කුමක්ද? පිළිතුර, ජෙරී සීගල් සහ ජෝ ෂස්ටර් විසින් 1938 තරම් ඈත අතීතයේ නිර්මාණය කරන ලද Superman  හෙවත් ‘සුපිරි-මිනිසා’ ගේ චරිතයයි. මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ එදා මෙදා තුර ජනප්‍රියතම සුපිරි වීර චරිතයද ඉභනඥපථචද බවයි. මේ ආකර්ෂණීය මිනිසාගේ චරිතයේ පසුබිම මෙසේ සාරාංශ ගත කළ හැකිය.

සුපිරි මිනිසා ක්‍රිප්ටන් නම් ග්‍රහලෝකයේ උපත ලැබූ අතර ඔහුට උපතේදී කල්-එල් යන නම ලැබුණි. කල්-එල්ගේ මව්පියන් ක්‍රිප්ටන් ග්‍රහලොව විනාශ වීමට මොහොතකට පෙර කුඩා අභ්‍යවකාශ යානාවකින් කල්-එල් ළදරුවා පෘථිවියට යවන ලදී. යානාව ඇමරිකානු ගම්බද (ප්‍රබන්ධ) නගරයක් වන ‘ස්මෝල්විල්’ අසලට කඩා වැටුණු අතර ගොවි යුවළක් වන ජොනතන් සහ මාර්තා කෙන්ට් ඔහුව දරුකමට හදා ගනිමින් ක්ලාක් කෙන්ට් යන නම තැබූහ. කුඩා ‘ක්ලාක්’ගේ ඇදහිය නොහැකි ශක්තිය දුටු කෙන්ට් යුවළ එම ශක්තිය මානව වර්ගයාගේ යහපත සඳහා යොදා ගන්නා ලෙස ඔහුට උපදෙස් දුන් අතර තරුණ ක්ලාක් අපරාධවලට එරෙහිව සටන් කිරීම සිය අභිමතාර්ථය කර ගත්තේ ය. අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී "සුපර්මෑන්" යන අන්වර්ථ නාමය භාවිත කරන ක්ලාක් සිය අනන්‍යතාව කිසිවෙකුටත් හෙළි නොකිරීමට වගබලා ගනී. ඇමරිකානු (ප්‍රබන්ධ) නගරයක් වන මෙට්‍රොපොලිස්හි “ඩේලි ප්ලැනට්” පුවත්පතෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවයට බැඳෙන ක්ලාක් තවත් මාධ්‍යවේදිනියක වන ලොයිස් ලේන් හා ආදරයෙන් බැඳේ. ක්ලාක් හෙවත් සුපිරි මිනිසාව දුර්වල කළ හැකි එකම බලය ඇත්තේ ක්‍රිප්ටන් ග්‍රහලෝකයට නෑකම් කියන “ක්‍රිප්ටනයිට්” යන අමුද්‍රව්‍යයට පමණි.

1938 දී පළමුවරට චිත්‍රකතාවකට නැඟුණු මෙම චරිතය ගුවන්විදුලි නාට්‍ය , වේදිකා නාට්‍ය, චිත්‍රපට, රූපවාහිනී කතා මාලා, සහ පරිගණක ක්‍රීඩා ගණනාවකට පාදක වී ඇත. මේ අතර Adventures of Superman (1952 – 1958), The New Adventures of Superman (1966 – 1970), Superboy (1988 – 1992), Lois & Clark: The New Adventures of Superman (1993 - 1997), Smallville (2001 – 2011), Superman: The Animated Series (1996 – 2000)  සුපිරිමිනිසාගේ චරිතය පාදක කරගෙන ගොඩනැගුණු රූපවාහිනී කතා මාලා වන අතර මේ අතරට එක් වන නවතම කතා මාලාව මේ වසරේ පෙබරවාරි මස සිට තිරගත වීම ඇරැඹි Superman & Lois  වේ.

Superman & Lois  හි කතා මාලාව සුපර්මෑන් චරිතයේ මෙතෙක් රසිකයන් නොදුටු කාල වකවානුවක් ගෙනහැර පායි. එනම් මේ කතාවේදී සුපිරි වීරයා සිය ආදරවන්තිය ලොයිස් ලේන් හා විවාහ වී ඇතුවා පමණක් නොව නවයොවුන් පිරිමි දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ද වේ. සිය මව (මාර්තා) ගේ අභාවය සමඟ නගරයෙන් නැවත ස්මෝල්විල් ගමට පැමිණෙන ක්ලාක් එක පසෙකින් සිය සුපිරි ශක්තිය යොදා ගනිමින් අපරාධකරුවන් මැඬලිය යුතු වන අතර තවත් පසෙකින් තරුණ දරුවන් සහිත පවුලක දිනෙන් දින ඇතිවන ප්‍රශ්නවලට පියකු ලෙස මුහුණ දිය යුතු වේ. මෙලෙස ‘සුපිරි සහ පවුල්’ ජීවිතය සමබරව පවත්වාගෙන යාමට සුපිරිමිනිසා හෙවත් ක්ලාක් දරන ප්‍රයත්නය මේ කතා මාලාවේ ප්‍රමුඛ තේමාවක් වේ.

ටයිලර් හොචින් මෙහි ක්ලාක් හෙවත් සුපිරි මිනිසාගේ චරිතයට පණ පොවන අතර එලිසබත් ටුලොච් ලොයිස් ලේන්ගේ චරිතයට පණ පොවයි. ක්ලාක් සහ ලොයිස් දෙපළගේ දරුවන් වන ජොනතන් සහ ජෝඩ්න් ලෙස පිළිවෙලින් ජෝඩ්න් එල්සස් සහ ඇලෙක්ස් ගාෆින් චරිත නිරූපණය කරති. ටොඩ් හෙල්බින් සහ ග්‍රෙග් බර්ලන්ට් විසින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාව බඩඥඛ්එ නාලිකාව ඔස්සේ බෙදාහැරේ. මේ මස මෙහි පළමු අදියර නිම වීමට නියමිත අතර දෙවැනි අදියර මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

Superman & Lois  බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්වූ නාට්‍ය මාලාවකි. රොට්න් ටොමැටෝස්හි විචාරකයන් 40 දෙනෙකුගේ 88% ක් මෙම කතා මාලාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.77 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙසේ සඳහන් වේ. "මෙය ඇතැම් නරඹන්නන් හට තරමක් දුරට යථාර්ථවාදී ලෙස පෙනෙනු ඇත. තවදුරටත් මෙය බලාපොරොත්තු නොවූ පැතිකඩ ඔස්සේ ශක්තිමත් වී ඇති අතර සුපිරි වීරයන්ගෙන් ‘ජනාකීර්ණ’ වූ මාධ්‍ය ලෝකයක තමන්ගේම වූ මාවතක් නිර්මාණය කරගැනීමට සමත් වී ඇත.”