වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
නවතම රියැලිටි වැඩසටහන superhero

රියැලිටි වැඩසටහන් හඳුන්වාදීමේ පුරෝගාමියා වූ සිරස නාලිකාවේ නවතම රියැලිටි වැඩසටහන ලෙස ගෙන එන්නේ Elephant House Superhero ය. වයස අවුරුදු 12 සහ 21අතර දරුවන්ගේ ඇති විවිධ හැකියාවන් වලින් ඔප්නැංවූ දක්ෂතාවයන් කුසලතාවයන්ගෙන් පිරිපුන් දරුවන් පිරිසක් ලොවට හඳුන්වා දීමේ මූලික පියවරක් ලෙස Super hero ලෙස මෙම වැඩසටහන හඳුන්වා දෙන ලදී.
සාම්ප්‍රදායික රියලිටි වැඩසටහන් අවධානය යොමු නොවූ අංශ ඔස්සේ මෙම වැඩසටහන ඉදිරියට ගෙන යයි. දරුවන්ගේ සැඟවුණු දක්ෂතාවයන්වලට වේදිකාවක් තනා ඔවුන්ට යා යුතු මාවත සහ අත්වැලක් සැපයීම මූලික පියවරකි.
කොටස් තුනකට මෙම රියැලිටි වැඩසටහන වෙන්කර වැඩසටහන නිෂ්පාදනය කරන බවත් එහි විවිධ නිර්ණායකයන්ට උචිත ලෙස තෝරා ගැනීමද සිදුකර ඇති බවත් Stein Studio ඵහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන සූරිය බණ්ඩාර පැවසුවේය. වැඩිදුරටත් අදහස් දක්වමින් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ මෙම වැඩසටහන කොටස් තුනකට වෙන් කර ඇති බවයි.
1 සුපර් innovator නව නිර්මාණ සිදු කර ඇති හෝ දැනට පවතින භාණ්ඩයකට යන්ත්‍රයකට හෝ යෙදුමක් වැනි දෙයක වැඩිදියුණු කිරීමක් සිදුකළ දක්ෂ දරුවන් ඇගැයීම,
2 සුපර් Talent ඕනෑම සුවිශේෂී හැකියාවන් ගෙන් සමන්විත සෞන්දර්යාත්මක (නැටුමට ගැයුමට, වැයුමට සහ විවිධ කලා කුසලතා හැකියාවන් ඇති දරුවන් ඇගැයිම. ඔවුන්ගේ ලෝකය කරා පිය මනින්නට නිදහසේ සැරිසරමින් දක්ෂතාවයන් ගෙන පිරිපුන් කලාකාමී දරු පිරිසක් බිහිකිරිම
3 සුපර් Responible සමාජයට වටිනා මෙහෙවරක් කිරීමට කැපවෙන දරු පිරිසක් නම් පාරිසරික හෝ සමාජයට වගකීමක් කර ඇති හෝ දැනට දායක වෙමින් සිටින දරුවන් ඇගැයීම. ලෙස මෙම වැඩසටහන කොටස් තුනකට අපි වෙන් කර තිබෙනවා. ,
MTV චැනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ සුසාර දිනාල් අදහස් දක්වමින් පැවසුවේ මෙහිදී සැමවිටම දරුවාගේ මනස සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ දක්ෂතාවයන් ඇගැයීමට ලක් කිරීම මුලිකම පියවරක් ලෙස අපි දකිනවා. ලංකාවේ සතර දිග් භාගයම සැඟවිච්ච දක්ෂතාවයන් සිටින දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරමින් සමාජයට සහ ලෝකේ ඉදිරියේ සෘජු පුද්ගලයෙක් බවට නැගී සිටීමට අවස්ථාව දෙන්න පුළුවන් නම් නාලිකාවක් හැටියට අපි කරන ලොකුම දෙයක් කියලා සලකපු නිසයි අපි මේ වැඩේට අතගහලා පටන් ගත්තෙ. මේ වැඩසටහන නිෂ්පාදනය කරන්නෙත් තරුණ වයසේ සිටින නිෂ්පාදකවරුන් දෙදෙනෙක්, ඒ නිසා දරුවන් සමග සමීපව මෙම වැඩසටහන නිෂ්පාදනය කර විකාශය කරන්නට ඔවුන්ට පුදුම හැකියාවක් තියෙනවා කියලත් මම දන්නවා. රියැලිටිකරණය හඳුන්වාදුන් සිරස නාලිකාව තැබූ යෝධ පිම්මක් ලෙසයි මේ වැඩසටහන දකින්නේ.
වැඩසටහන් 25 ක් පුරාවට වැඩසටහන දිගහැරෙන අතර වැඩසටහන් අදියර හතරක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. වැඩසටහන ඉදිරිපත් කරන පසුතලය සිට වැඩසටහනට ප්‍රේක්ෂකයා වෙත ගෙන එන ස්වරූපය දක්වාම මෙම වැඩසටහන පුරාවටම ප්‍රෙක්ෂකයා නැවුම් අත්දැකීමක් විඳීන්නට ලැබෙනවා. අභ්‍යවකාශ යානයක ටෙලිවිෂන් අත්දැකීමක් වැඩසටහන පුරාවට ප්‍රේක්ෂකයාට අත්විඳීමට හැකිවණු අයුරින් වැඩසටහන නිෂ්පාදනය කර ඇත. ඒ තුළ දක්ෂයා පිළිබිඹු කිරීමට super heroes අභ්‍යවකාශ යානයට ගොඩ වන දරුවන්ටත් අභ්‍යවකාශ යානයක ඇති සැබෑම අත්දැකීම් ලබාගැනීමට නරඹන සියලු දෙනාටම ආශ්වාදජනක අයුරින් වැඩසටහන විකාශනය කරනු ලැබේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සාම්ප්‍රදායික රියැලිටි වැඩසටහන් වල දක්නට ලැබෙන ආකාරයේ විනිශ්චය මණ්ඩලයක් මෙහි දක්නට නොලැබෙයි. ඒ වෙනුවට දරුවන්ගේ දක්ෂතාවයන් වෙනුවෙන් මඟ පෙන්වන උපදේශකයන් mentor තිදෙනෙකු දරුවන්ගේ දක්ෂතාවයන් අගයනු ඇත. ව්‍යවසායක අලෙවි සහ විකුණුම් උපදේශක යසස් හේවගේ, සම්මානනීය ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පී උමාලි තිලකරත්න, චර්යා විද්‍යාව පාරිභෝගික විසඳුම් සැලසුම් කිරීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලිලංග සෙනවිරත්න වැඩසටහනේ මගපෙන්වන උපදේශකයන් ලෙස වැඩසටහන ඉදිරියට ගෙන යනු ඇත. සමාජ ක්‍රියාකාරී මෙන්ම Earth Day Natural ලෝක සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන රංගන ශිල්පිනි මිෂෙල් දිල්හාරා මෙම වැඩසටහන දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරමින් නැවුම් රසවින්දනයක් ද ගෙන එයි. වැඩසටහන වේදිකා දෙකක් මත දිගහැරෙන අතර ඒ ද දරුවන්ට නැවුම් අත්දැකීම් සම්භාරයක්ද එකතු කරයි. මෙම වැඩසටහනේ අනුග්‍රහක බවතුන් ලෙස එකතු වන එලිෆන්ට් හවුස් ආයතනයේ කසුන් ගුණරත්න සඳහන් කළේ දරුවන්ගේ අභිවෘද්ධිය හා සමාජයට මෙහෙවරක් කරන දරු පිරිසක් බිහි කරන වැඩසටහනක් වෙනුවෙන් ආයතනයක් හැටියට ඉදිරිපත් වීම අපේ ඒකායන අරමුණ වූ බවයි. වැඩසටහනට ඌණ පූර්ණයක් එකතු කරමින් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂක ශෙවාන් ඩැනියෙල් සඳහන් කළේ සමාජයට මෙහෙවරක් කරන දරු පිරිසක් බිහි කිරීමත් ඔවුන්ගේ දක්ෂතාවයන් ඇගැයීමට නාලිකාවක් හැටියට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට හැකිවීම ගැන හරිම සන්තෝෂ දායක බවයි. දක්ෂයන්ට ඉඩ සලසන නාලිකාවක් හැටියට මූලික වටේට සම්බන්ධ වූ දරුවන් හැටියට ඔවුන් ද සතුටු විය යුතු බවයි.වැඩසටහන් නිෂ්පාදකවරුන් සඳහන් කළේ ඉදිරියේ පවත්වනු ලබන වැඩසටහන්වලට දක්ෂතා ඇති දරුවන් වැඩසටහනට සම්බන්ධ වන ලෙසත් නාලිකාවේ දුරකථන අංක හා නිෂ්පාදකවරුන් හා සම්බන්ධ වෙන ලෙසයි.