වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා

සරා සඳේ සිනා සේලේ
ගිලිහි වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවේ අඳුරේ.. සුසුමේ වෙළිලා
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා...//
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා
සැඟවී ඇත මේ හිම යායේ
ඔහේ පාවේලා...’
මිලාන වී ගියා ද ඒ
සිනා වාසනා...
ගී පද - කුලරත්න ආරියවංශ
ගී නද - සරත් දසනායක
ගී හඬ - එච්.ආර්. ජෝතිපාල
චිත්‍රපටය - මිහිඳුම් සිහින
හෙළ සිනමා වංශකතාව නව පරිච්ඡේදයක් එක් කරමින් 1982 සැප්තැම්බර් මස 03 දින 521 වන චිත්‍රපටය ලෙස තිරගත කරමින්, රිදී තිරය හැඩ ගැන්වුයේ ‘මිහිඳුම් සිහින’ චිත්‍රපටයයි.
නොමඳ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් මෙය, සංගීතමය චිත්‍රපටයකි. පේ‍්‍රමය, විරහව, වෛරය, හාස්‍ය හා මුහුවුණු, සංසාරික පේ‍්‍රමයක අහඹු හමුවකින් එක්වන පෙම් යුවළකගේ ශෝකාන්තයකින් නිමාවන ආදර කතාවක් චිත්‍රපටයට පාදක වී තිබේ.
මෙය විජය, මාලිනි පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වූ සදා මතකයේ රැඳි තවත් පේ‍්‍රමණීය චිත්‍රපටයකි. විජය කුමාරතුංග, මාලිනි ෆොන්සේකා, සුමනා අමරසිංහ, රෝයි ද සිල්වා, දෙනවක හාමිනේ, බන්දු සමරසිංහ, ජයසේකර අපොන්සු, සමන්ති ලැනරෝල්, මර්වින් ජයතුංග, දොන් සිරිසේන ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වූහ.
දයා විමලවීරගේ සිනමා අධ්‍යක්ෂණයෙන්, සරත් දසනායක නිෂ්පාදනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.
කඩවසම් වතු අධිකාරිවරයකු වූ විජිත්ගේ තේ වතු යායට හදිසියේ ටික දිනකට නවාතැන් ගැනීමට අහිකුණ්ඨකයින් පිරිසක් පැමිණේ. ඔවුන්ගේ රැහේ සිටින රූමත් තරුණියකු වූ විණාට ඉතා මියුරු ලෙස ගීත ගැයීමේ හැකියාව තිබේ. ඇයගේ ගායනයට හා රූපයට හිත බැඳුණු විජිත හා විණා අතර ඇතිවන පේ‍්‍රමයක්, ඒ සඳහා මතුවන බාධකත්, විරහවේ වේදනාවත් කතාව තුළ ඉතා අපූරුවට රඟ දක්වා තිබේ.
මිනිස්සු හිතේ දුකටත් සින්දු කියනවා.. සතුටටත් සින්දු කියනවා..’
සරා සඳේ සිනා සේලේ
ගිලිහි වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවේ අඳුරේ
සුසුමේ වෙළිලා...
තම වතු යායට පැමිණි ආගන්තුක අභිකුණ්ඨකයින්ව විජිතට මුලින් කිසිසේත් පි‍්‍රය නොවිය. නමුත් ටික දිනක් යන විට එම රැහේ සිටී සුරූපී වීණාගේ ගී හඬින් කැලඹුණු ඔහුගේ සිතට ඈ කෙරෙහි පේ‍්‍රමයක් හටගෙන ඇති බවක් හැඟේ. දිනක් රාත්‍රියේ පාළුවෙන්, හුදකලාවෙන් පසුවන ඔහු ගයන මේ ගීතයෙන්, ඈ කෙරෙහි ඔහුගේ සිත තුළ උපන් පේ‍්‍රමය පිළිබඳ ඉඟි කෙරේ.
අභිකුණ්ඨක කෙල්ලක් වුවත් ඇගේ සුරූපී බව ඔහුගේ නෙතු පැහැරගෙන තිබේ. ඇගේ මියුරු ගායනය ඔහුගේ සිත සොරාගෙන තිබේ. ඔහුගේ සිතුම් පැතුම් චංචලව කැළඹිලි කරයි. ඔහුගේ හදවත ඔහුට කොඳුරා කියන්නේ, ඔහු ඇයට පේ‍්‍රම කරන බවයි.
ඇයව හිමි වේදෝ... නොවේදෝ යන චකිතය ඔහු හද කලඹයි. ඇය ඉක්මනින් වෙන්ව යාදෝ...? ඔහුගේ සිත සැලෙයි. ඒ සිතිවිලිවල කැලඹුම ගීතයේ පද අතර අපූරුවට සඟවා තිබේ. ගීතයේ ශෝකී වැලපුම් ගායනය ඒ කම්පනය හදවත තීව්‍ර කරයි. එසේම ඔහුගේ රංගනය පේ‍්‍රක්ෂක හදවත් මෝහනය කරයි.
හෙළ රිදී තිරයේ කඩවසම් ප්‍රේමවන්තයා හා සුරූපී පෙම්වතිය ගේ පේ‍්‍රමණීය රංගනයෙන් හැඩ වූ මෙම චිත්‍රපටය, සංගීතමය චිත්‍රපටයකි. මෙහි ඇතුළත් වූ සියලුම ගීත එකසේ ජනප්‍රිය විය.
සරත් දසනායකගේ මියුරු සංගීතයෙන් හැඩ වූ මෙම චිත්‍රපටය සඳහා එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක සුජාතා අත්තනායක, මිල්ටන් මල්ලවාරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන ගායනයෙන් දායක වී තිබේ.
1983 වසරේ පැවති 11 වන සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායකයාට හිමි සම්මානය, සරා සඳේ ගීතය සඳහා එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියාට හිමිවිය. මෙහි රංගනයෙන් දායක වූ දෙනක හාමිනේ කලා ශිල්පිනියට හොඳම සහය නිළියට හිමි සම්මානය හිමි විය. එසේම සරත් දසනායකගේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි විය.