වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ඔබ ආවාදෝ මා වාගේ බිරිඳක් සොයා මේ ජීවිතයේ

හර්දේ රස මාලිගේ
පී‍්‍රති වේ මා හදේ
ඔබේ දායාදේ
පැතුවේ මේ ජීවිතේ
මහදේ ආලෝකයේ
ඔබේ දායාදේ
සිය හදේහිම රස ගන්වා
පැතුවේ මෙමා
දරු සෙනෙහේහි හදවත් හි
පැතුමන් තබා
ඔබ ආවාදෝ මා වාගේ
බිරිඳක් සොයා
මේ ජීවිතයේ
ලොව රන්වන් වූ ආලෝකේ
දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ
ගීතේ ගයා
පි‍්‍රය රසදේහිනි
මා ආවා සොයා
මේ ජීවිතයේ
ගී පද - ධර්මසිරි ගමගේ
ගී නද - එම්.කේ. රොක්සාමි
ගී හඬ - ආචාර්ය සුජාතා අත්තනායක
චිත්‍රපටය - සකුන්තලා
පේ‍්‍රමය තරම් මිනිසුන්ව සන්තුෂ්ටියට පත්කරන හැඟීමක් ලොව නැති තරම්ය. එය ඒ තරමට පුද්ගල බද්ධ අතිශය සෞන්දර්යාත්මක වින්ඳනීය හැඟීමකි.
පේ‍්‍රමයෙන් බැඳුණු යුවළකගේ එහි කූට ප්‍රාප්තිය වන්නේ, විවාහයයි. එසේම ඔවුනගේ අපේක්ෂාව වනුයේ, ඒ විවාහ දිවිය තුළ එකිනෙකා හා ආදරයෙන් අවබෝධයෙන්, සතුටින් ජීවත් වීමයි. එසේ ඔවුනගේ විවාහ දිවියේ උපරීම සතුට, සුවය විඳිමින් දරු සුරතල් බැලීම ඔවුනගේ අනෙක් මූලිකම අපේක්ෂාවයි.
මේ ගීතයෙන් කියැවෙන්නෙත් එසේ විවාහ දිවියේ උපරීම සතුට විඳිමින් සිටින බිරිඳක්, මවක් විමේ සුබ සිහිනය හා ඒ සතුට සිය සැමියා වෙත පවසන ආකාරයයි. ඇය ඒ සුබ ආරංචිය හේතුවෙන් කෙතරම් සොම්නසට පත් වී සිටී දැයි ඇය ගයන ගීතයෙන් පැහැදිලි වේ.
හර්දේ රස මාලිගේ
ප්‍රී‍්‍රති වේ මා හදේ
ඔබේ දායාදේ...
ඇයගේ හදවත සතුට සැනසුම පිරුණු රසවත් මාලිගාවක් නම්, ඒ සියලු දේ හිමිකර දුන්නේ ඔහු බව ඈ ගයයි. මේ මොහොතේ ඇයගේ ජීවිතය ඉතාම සතුටින්, පී‍්‍රතියෙන් ඉපිලෙයි. ඒ ඔහු ඇයට තිළිණ කළ දායාදයක් නිසයි. කුමක් ද ඒ දායාදය? ඇයගේ හදවත හඬ මොහොතකම ප්‍රාර්ථනය කළ කිරි සිහිනය ඉටු වී තිබේ. ඔහු නිසා ඈ මවක් වී සිටියි. ඔහු ඇයට ලබාදුන් උතුම්ම, වටිනාම දායාදය දැන් ඈ සතුයි. එයට වඩා තවත් සතුටක් බිරිඳකට තිබේ ද? ඈ ඒ සතුටට සිත් සේ විඳියි.
ඈ පමණක් නොවේ. ඒ සිහිනය සැබෑවීමේ සතුට ඔහු ද විඳියි. එසේම ඇය වැනි උතුම් බිරිඳක් ලැබීමේ සොම්නස ද ඔහු විඳියි.
ඔබ ආවාදෝ මා වාගේ
බිරිඳක් සොයා
මේ ජීවිතයේ..
ඔවුන් සංසාරේ පුරාවටම පතාගෙන ආ පෙම් යුවළක් යැයි හැඟේ.
ලොව රන්වන් වූ අලෝකේ
දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ
ගීතේ ගයා
පි‍්‍රය රසදේහිනි මා
ආවා සොයා
මේ ජීවිතයේ...
මෙය ආදරණීය බිිරිඳක්, මවක් වීමේ ප්‍රහර්ශය සිය සැමියා අභිමුව විඳගනිමින් ගයන ඉතාම මිහිරි ගැයුමකි. හින්දි ගීතයක් හා තනුවකට අදාළව මෙම ගීතය ලියැවුණත් මෙම ගීතය ඒ මුල් හින්දි ගීතය හා තනුව අබිබවා ගිය, ඉතාම රසපූර්ණ, භාවපුර්ණ ගීතයකි.
1977 වසරේ ජනවාරි මස 28 දින තිරගත වූ ‘සකුන්තලා සිංහල සිනමා වංශකතාවේ 351 වන චිත්‍රපටයයි. මෙය, හින්දි චිත්‍රපටයක් වූ ‘අනුපමා’ චිත්‍රපටයේ අනුකරණයක් ලෙස නිපද වූ චිත්‍රපටයකි.
විජය කුමාරතුංග, මාලිනි ෆොන්සේකා, ටෝනී රණසිංහ, සන්ධ්‍යා කුමාරි, සේනාධීර රූපසිංහ, සුවිනීතා වීරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, බී.එස්. පෙරේරා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ.
ඉතාම පී‍්‍රතියෙන්, සෙනෙහසින් ජීවත් වුණු යුවළකගේ සෙනෙහසත්, කුලුඳුල් දරු ප්‍රසූතියෙන් පසුව බිරිඳගේ හදිසි වියෝවත් හේතුවෙන් තනිවන සැමියෙක්, ඔහුගේම දියණියට වෛර කරයි. ඔහුට ආදරණීය බිරිඳ අහිමි වුණේ ඇය මෙලොවට බිහි කළ දියණිය නිසා යැයි ඔහු විශ්වාස කරයි. ඒ නිසාම ඔහු දියණියට වෛර කරයි. ඇයව ප්‍රතික්ෂේප කරයි.
කාලය ගත වී, කෙසේ හෝ අවසානයේ යොවුන් වියට පත්වන ඒ දියණියගේ පෙම්වතාගේ බොහෝ මැදිහත් වීම මත ඔහුගේ හිතේ ඈ කෙරෙහි තිබූ වෛරය හා වැරදි මතය බැහැර කරයි. එසේම අහිම කළ පිය සෙනෙහස ඇයට ලබා දෙයි.
මෙම චිත්‍රපටයේ තවත් මියුරු ගීත කිහිපයක්ම ඇතුළත් වුවත් ‘හර්දේ රස මාලිගේ’ ගීතය ඉන් වඩාත්ම ජනපි‍්‍රය විය. මෙහි හින්දි ගීතයට වඩා මෙම සිංහල ගීතය මාධුර්යෙන් අනූනයි. ඒ සඳහා ධර්මසිරි ගමගේ ශූරීන්ගේ සරල සුගම පද මාලාවක්, සංගීත අධ්‍යක්ෂ, එම්.කේ. රොක්සාමීගේ මියුරු සංගීතයත්, හෙළ සිනමාවේ රිදී සිනුව, සුජාතා අත්තනායකගේ මධුර මනෝහර ළයාන්විත ගායනයත් හේතු විය.
අද වන විට ගීතය ගායනා කර දශක පහකට ආසන්නව තිබේ. එදා පරපුර සේම, යුග කිහිපයකම රසිකයන් අදටත් නොමඳව රසවිඳින නොමියෙන සිනමා ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.