වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
හමන පවනේ සඟවා මගේ පාළුව රහසේ ඇත එවා ඔබ සොයා පිය ළඳේ

ජීවිතේ අම ධාරා
උල්පතේ රස උතුරා
සෝ සුසුම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා...
ආදරේ මල් උයනේ
නෑ ඔබේ හඬ ඇසුණේ
පිපි කුසුම් මල් යහන් තුළට වී
කොවුලනේ නාඬන්නේ
ඈත නිල්වන් ගුවනේ
පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුණේදෝ
හමන පවනේ සඟවා
මගේ පාළුව රහසේ
ඇත එවා ඔබ සොයා පිය ළඳේ
මී විතේ රස උතුරා...!
ගී පද - ගාමිණි විජේතුංග
ගී නද - ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
ගී හඬ - ටී.එම්. ජයරත්න
චිත්‍රපටය - නෑදෑයෝ
1976 වසරේ නොවැම්බර් මස 26 දින තිරගත වූ ‘නෑදෑයෝ’ සිංහල සිනමා වංශකතාවේ තවත් නොමැකෙන මං සලකුණු තැබු පේ්රක්ෂක ආකර්ෂණය නොමඳව හිිමිකරගත් චිත්‍රපටයකි.
පේ‍්‍රමය සේම, පවුලේ කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටය ටී.බී. ඉලංගරත්න ශූරීන්ගේ ‘නෑදෑයෝ’ නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ කේ.ඒ. ඩබ්. පෙරේරා විසිනි.
විජය නන්දසිරි, උපාලි අත්තනායක, තිස්ස විජේසුරේන්ද්‍ර, අනුලා කරුණාතිලක, සෝනියා දිසානායක මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, පියදාස ගුණසේකර, ඩී.ආර්. නායක්කාර, රුක්මණී දේවි ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණයට දායක වූහ.
හදිසියේ සිදුවන රිය අනතුරකින් මහින්දට ඇසක් අහිමි වේ. රිය අනතුර රෝහණ අතින් සිදුවුවත් එහි වගකීමම මහින්ද භාරගෙන රෝහණව ඉන් මුදාගන්නේ ඔහුගේ අනාගත සිවිල් සේවය ගැන සහ සිය නැගණියගේ අනාගතය ගැන සිතාය. ඉන් ඔහුට ගුරු වෘත්තිය අහිමි වේ.
මේ අතර ලොතරැයියක් ඇදීමෙන් කුමුදුනීට විශාල මුදලක් හිමිවන අතර, ඇයගේ ගතිපැවතුම් ක්‍රමයෙන් වෙනස් වී ඇය හා රෝහණ අතර රහස් සබඳතාවක් ඇතිවේ. මේ ගැන දැනගන්න මහින්ද බොහෝ සේ වේදනාවට පත්වේ.
මේ ගීතය ඔහු එලෙස පේ‍්‍රමය අහිමවීම, දැනෙමින් සිටින මොහාතක ගයන ගීතයකි.
ආදරය කරපු, ආදරය වින්ඳපු තරුණයකු වූ ඔහුට හදිසියේ සිදු වු අනතුර හේතුවෙන්, ඇයගේ ආදරය ඔහුට අහිමිවේදෝ යන බිය සැක සංකා මතුව තිබේ. ඔහුගේ පාළුව හා හුදකලාව තුළ එය තව තවත් ඔහුට තදින් දැනේ.
බොහෝ දේ ආදරයෙන් ළෙන්ගතුව සිටිය දෙදෙනෙකු ඒ ආදරයේ මිහිර, සුවය හොඳින් හඳුනයි. ඒ වගේම ඒ ආදරයේ පුංචිම හෝ වෙනසක් සිදු වුවොත් එයත් ඔහුට හෝ ඇයට හොඳින්ම දැනෙයි. මෙහි පේ්රමවන්තයාටත් එය පොදුයි. ඇයගේ ආදරය ඔහුට අඩුවෙමින් යන බවක් ඔහුට දැනේ. එදා ඔහු අසළ නිරතුරුවම රැඳුණු ඇයගේ සෙනෙහස ඈ ඔහුට දුරස්ථ හැඟුමක් ගෙනදෙයි.
ආදරේ මල් උයනේ
නෑ ඔබේ හඬ ඇසුණේ
පිපි කුසුම් මල් යහන් තුළට වී
කොවුලනේ නාඩන්නේ...
ඔහු ඇගේ ආදරය වින්ඳ අපුරුව සොබා දහම හා මුසු තිබේ. ඔවුන්ගේ ආදරය මල් උයනක් සේ සුන්දරයි. පිවිතුරුයි. සුවඳයි. අද ඒ සුන්දර උයනේ ලස්සන මල් පිපෙන්නේ නැහැ. කොවුලන්ගේ මිහිරි ගැයුම් ඇසෙන්නේ නෑ. මේ හැමදේම වෙනස් වෙලා. ඒ ඇගේ හඬ නෑසෙන නිසා.
තනි ඇහැකින් ලොව දකින ඔහු ඈත නිදහසේ ඉගිළෙන ලිහිණියන්ගෙන් ‘මට කියන් තෙපි සොයා යන ලොවේ සෝ තැවුල් රැඳුණෙදෝ..’ ලෙසින් අසන්නේ, ඔහුට මේ වෙනස, මේ තනිකම, පාළු හුදකලාව තදින්ම දැනෙන නිසයි.
හමන පවනේ සඟවා
මගේ පාළුව රහසේ
ඈත එවා ඔබ සොයා පිය ළඳේ
මී විතේ රස උතුරා...
ඔහු පෙළෙන වේදනාව පවසන්නට කෙනෙක් නොමැතිව ඔහු හුදකලා වී සිටියි. ඔහුගේ ළතෙන් බව හා මෘදු කරුණා ගුණය නිසා ඔහු අනුන්ට උදව් කළත් ඔහු තනි වූ විට කිසිවකුත් ඔහු හා නැති බවක් ඔහුට දැනෙයි. හමන පවනක ඔහුගේ පාළුව රහසේම සඟවා ඇය වෙත එවන බව ඔහු කියයි. ඇය වෙනස් වුවත් ඔහු ඇයට තදින්ම පේ‍්‍රම කරයි. ඒ නිසයි පිය ළඳේ ලෙස ඇයව තවදුරටත් ඔහු අමතන්නේ.
ඉතාම හැඟුම්බර රංගනයක් සමඟින් කේමදාස ශූරීන්ගේ මධුර සංගීතය හා මුසු වූ ටී.එම්. ජයරත්නයන්ගේ භාවමය හඬ ගීතයට මනා සාධාරණයක් ඉටුකොට තිබේ.
මෙම ගීතය ගයා දැනට දශක පහකට ආසන්නය. නමුත් අදටත් නොමියෙන රසයක් වින්දනයක් ලබාදෙන සුභාවිත විරහ ගීතයක් ලෙස රසික සිත් ඇඳ බැඳ ගැනීමට සමත් ගීතයකි.