FEEDBACK

මාර්තු 31, 2022

ගී සීනුව ඇන්ජලීන්

 

ඇන්ජලීන් ගුණතිලක අප අතරින් වෙන් වී මෙම මස 29 වැනිදාට වසර 3ක් ගත වේ. 1939.12.23 ඉපදී 1957 ගුවන් විදුලියේ වෙළෙඳ සේවයට පිවිස සොහොයුරෝ චිත්‍රපටයෙන් චිත්‍රපට ගී ගායනය ඇරඹීය ජෝතී, ඇන්ජලීන් චිත්‍රපට ලෝකයට නැතුව බැරි ගායක යුවළක් බවට පත්විය. ගීතයෙන් සිනමාව රැව් දුන් ගී සීනුව ඇන්ජලීන් අපට කොහොම අමතක කරන්නද?

නාලන්ද පෙරේරා

කැළණිය

 

 

 

රංග ප්‍රතිභාවෙන් ඔපවත් වී

සිංහල සිනමාවේ චරිතාංග රංග ප්‍රතිභාවේ අංක එක රවීන්ද්‍ර රණ්දෙණිය බව මගේ හැඟීමයි. ඔහුගේ රංගනයන් ඔපවත් වූ කෘතීන් වන “සත්වෙනි දවස, දඩයම, සිරිපාල සහ රන්මැණිකා, සිරිමැදුර, දුහුළු මලක්, කොටි වළිගය, බාඳුරා මල්, සෙයිලම වැනි චිත්‍රපට ඔස්සේ විවිධාකාර චරිත අපි දුටුවෙමු. රවී ඔබ අප සිනමාවේ යුග පුරුෂයෙකි.

කෙනත් පෙරේරා

ජා -ඇල

 

 

 

තබ්ලා පේෂලට

අනේ පේෂල මහත්තයෝ ඔබ තබ්ලා වාදනයේ යෙදෙනවා බලන්න අපි ආසයි. ඒ මොකද කියනවානම් අපි තබ්ලා වාදනයට කැමැති නිසා, ඔබ නිවේදන කටයුතු සහ වචන මාලාවන් අග පසඟ නළවන හැටි බලන්න අපට අප්‍රසන්නයි. කිසිම විනීත කමක් නොමැත. ඔබගේ අනෙක් නිවේදන මහත්මයත් ඒ වගෙයි. එයාට ටෙලි නාට්‍ය පමණක් රඟ දක්වන්න කියන්න.

සරත් රණසිංහ - මාළිද

 

 

 

මිල්ටන් සිහි කරමු

අදටත් ජනපි‍්‍රය පේ‍්‍රමයේ විරහව ඇතුළු කරගත් ගීත ගයා අප සැනසූ මිල්ටන් මල්ලව ආරච්චි නම් ගායකයා අපට සිටි විශිෂ්ට ගණයේ ගායකයෙකි. මොහු අපෙන් සමුගෙන ගොස් වසර විසිහතරක් ගතවන මේ මොහොතේ ඔහුව අපි සිහිපත් කරමු.

අලව්වේ, ඉඹුල්ගොඩ අබේසිංහ සහ ශි‍්‍රයානි ජයසිංහ

 

පුල්ලි ගැන දුකයි

 

සති අන්තයේ ස්වර්ණවාහිනියේ විකාශය වන පානාමංකඩ ටෙලි නාට්‍යයේ පුල්ලිගේ චරිතය පිළිබඳ ඇති වන්නේ දැඩි දුකකි. එම චරිතය නිරූපණය කරන මේනකා පීරිස්ගේ රංගනය ඉතා විශිෂ්ටය. පියාට කීකරුව, පවුලේ සහෝදරියන්ගේ වගකීම ද කරට ගෙන තම ආදරය හමුවේ අසරණව වේදනාවෙන් ජීවිතයට මුහුණ දෙන සහෝදරියක ලෙස පුල්ලිගේ චරිතය නිරූපණය වන අයුරු පේ‍්‍ර්ක්ෂක සිත ද සංවේදී කරවයි.

චාමර - වැලිගෙපොල කොට්ටිමුල්වල

 

 

 

කලාකරු නමින් නිවෙසක්

 

*එඩී ජයමාන්න, බිරිඳ රුක්මණී දේවිය (ජය +රුක් - නිවෙස ජයරුක්)

*කරුණාසේන ජයලත් - බිරිඳ රූපා අමරසිංහ (අමර + ජය - නිවෙස අමරජය

*චිත්‍රා බාලසූරිය - බිරිඳ මාලි බාලසුරිය (චිත්‍රා+ මාලී - නිවෙස චිත්‍ර මාලි)

ඩඩ්ලි ගෝමස්

මොරටුව