වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
Feedback

අඩුව තදින් දැනේ
ප්‍රවීණ රංගවේදී සරත් චන්ද්‍රසිරි සම්පත් තෙන්නකෝන් නොසිතූª ලෙස ජීවන රඟමඬලින් බැස ගොසිනි.
වේදිකාව තුළින් අවතීර්ණ වී පුංචි තිරය සිනමාව ක්ෂේත්‍රයේ විශිෂ්ට රංගනයක් කළ කලාකරුවන්ගේ අඩුව ප්‍රේක්ෂකයන්ට තදින්ම දැනේ.
සරත් චන්ද්‍රසිරි, සම්පත් තෙන්නකෝන් කලාකරුවන් හට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
පාලක සමන් පෙරේරා
හැඳල
ශලනි අපේම වෙලා
මේ වන විට හොඳම හා ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍රව සිටින ශලනි තාරකා ජනතාවගේ ද හද අරගත් ටෙලි නාට්‍ය නිළිය වී හමාරය. එකිනෙකට වෙනස් චරිතවලින් දිනපතාම වාගේ නාළිකා කිහිපයකින්ම අප කරා එන ශලනි දැන් අපේම කෙනෙක් වී හමාරය. එහෙත් පසුගිය දිනෙක ශලනි ගැන කනගාටුදායක ප්‍රවෘත්තියක් ද අය විසින් එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබිණ. එය නම් ඇය විවාහයෙන් පසු රඟපෑමෙන් ඉවත් වෙන බවය. විවාහයෙන් පසු යහපත් පසු යහපත් පවුල් ජීවිතයක් ගත කළ යුතුය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඔබට ආදරය කර ප්‍රේක්ෂක අපවද අමතක නොකරන්න.
ජගත් චන්ද්‍රසිරි / පූජා ජගත්සිරි - පස්යාල
නදීෂා අලහප්පෙරුමට....
සිඳු නාට්‍යයේ දරුවන් නැති අම්මා කෙනෙකුගේ චරිතය ඔයා ලස්සනට රඟ පෑවා. තවත් ටෙලි නාට්‍යවල රඟපෑමට නදීෂා ඔයාට තව තවත් ශක්තිය, ධෛර්ය ලැබේවා.
රෝහිනි දයාරත්න - දිවුලපිටිය
මෞලි කලා ලොව සැරිසරන්න
එදා ළමා නළුවකු වශයෙන් අරුංගල් ටෙලි නාට්‍යයේ චන්ද්‍රරත්න තාත්තා ටෙලි නාට්‍යයේ සුනිමල් උඩුගංයාමේ චිත්‍රපටයේ සිරිමල්, අද නවයොවුන් තරුණයකු ලෙස මහපොළොව ටෙලි නාට්‍යයේ ජයසේන විය. මේ කර්කශ මහ පොළොව උඩ ජීවත් වන චරිතවලට ජීවය දුන් මෞලි ප්‍රනාන්දුට අප පවසන්නේ මෙවන් චරිත සමඟ කලාලොව සැරිසරන්නටය.
අලව්වේ, ඉඹුල්ගොඩ අබේසිංහ
සහ ශි‍්‍රයානි ජයසිංහ
සිනමාවෙන් බිඳක්
මේ රටට සිනමාවට මහත් සේවයක් කළ පැරැණි කලාකරුවන් සිහිපත් කර රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් සැම දිනකම පැයක වැඩසටහනක් ප්‍රචාරය කරන්න. එය අපගේ පැරණි මතකයන් අලුත් කිරීමක් වන්නේය. පේ‍්‍රම් ජයන්ත්, ඩොමි ජයවර්ධන, විජිත මල්ලිකා, ෆ්ලොරිඩා ජයලත්, කාන්ති ගුණතුංග, ආනන්ද ජයරත්න, ශේෂා පලිහක්කාර වැනි නළු - නිළියන් මේ රටේ සම්පත්ය.
ආතර් ජයකොඩි
බටුවත්ත