අපට හිතෙන හැටි

පෙබරවාරි 17, 2022

සුනිල් මියගොස් මාස තුනයි

බාල, තරුණ, මහලු අපගේ ඉතා ජනපි‍්‍රය නිර්භයව අදහස් පළ කළ ජීප්සීස් නායක සුනිල් පෙරේරා මහතා මියගොස් මාස 03කි. ගායනා කළ ගීත සමුහය ද ඉතා සරල අර්ථවත් මියුරු රසයෙන් යුක්ත විය. ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා වශයෙන් කණ්ඩායම් සගයන්ට ද ගීත රචනා කර දුන් අයට ද සාධාරණ ගෙවීම් කළේය. සමාජයේ අඩුපාඩු තැන්වලට ද ගීත ගායනා කළේය.

දිනේෂ් ගුණසේකර

මාතර

*******************

 

ගීතයෙන් සිත් සුවපත් කළ නීලා

අපට සිටි දක්ෂ ගායිකාවක වන විශාරද නිලා වික්‍රමසිංහ’ මහත්මිය වසර 71ක් ආයු ලැබ පසුගිය දා අපහැර ගියාය. ජනපි‍්‍රය ගීත රැසක් ගායනා කරමින් දශක හයකට ආසන්න කාලයක් සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට ඔබ කළ මෙහෙවර ඉතාමත් වටිනවා. රසික හදවත ගීතයෙන් රසවත් කළ සුවපත් කළ පිනම ඇති ඔබතුමියට නිවන් සුව ලබන්නට

ජයන්ත අමරතුංග

පොලොන්නරුව

*******************

ගීතයෙන් සිත් සුවපත් කළ නීලා

අපට සිටි දක්ෂ ගායිකාවක වන විශාරද නිලා වික්‍රමසිංහ’ මහත්මිය වසර 71ක් ආයු ලැබ පසුගිය දා අපහැර ගියාය. ජනපි‍්‍රය ගීත රැසක් ගායනා කරමින් දශක හයකට ආසන්න කාලයක් සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට ඔබ කළ මෙහෙවර ඉතාමත් වටිනවා. රසික හදවත ගීතයෙන් රසවත් කළ සුවපත් කළ පිනම ඇති ඔබතුමියට නිවන් සුව ලබන්නට

ජයන්ත අමරතුංග

පොලොන්නරුව

 

*******************

 

හදට සංවේදී චම්පා ශි‍්‍රයාණි

පේ‍්‍රක්ෂක හද සංවේදී වන අයුරින් හා ඇගේ ප්‍රතිභා ශක්තිය මනාව ඉස්මතුවන අයුරින් සකර්ම ටෙලි සිතුවමේ මවගේ චරිතය නිරූපණය කළ චම්පා ශි‍්‍රයාණිගේ රඟපෑම් ඉතා විශිෂ්ටය. ඇගේ ඉදිරි කලාකටයුතු වලට සුබ පැතුම්

චාමර නිර්වාන්

කොටිමුල්වල

 

*******************

කිසිදා අමතක නොවන ආනන්ද

60,70 දශකවල චිත්‍රපටයන් හී අපූරු රංගනයක නිරත වූ ආනන්ද ජයරත්න, අපට කිසිදා අමතක නොවන රංගන ශිල්පියෙකි. ‘සුරතලී, සංදේශය, අදට වැඩිය හෙට හොඳයි, යටගිය දවස, දෙහදක දුක, මීමැස්සෝ, දැන් මතකද?, උඩරට මැණිකේ ඇතුළු සිනමාපට ගණනාවක ඔහුගේ රංගනයන් අපට කිසිදා අමතක නොවේ. ආනන්ද ඔබ සදා අමරණීයයි.

කෙනත් පෙරේරා

ජා -ඇල

 

*******************

චමිලා පීරිස්ට

රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයයේ රෝද පුටුවේ සිට ඔබ කරන රඟපෑම් ඉතා අගෙයි. තව ද ඔබ මුහුණෙන් ප්‍රකාශ කරන හැඟීම් දැනීම් ප්‍රේක්ෂකයන් පුදුම කරවන සුලුයි. මගෙන් ඔබට සුභ පැතුම්

පියුම් වික්‍රමසිංහ

කඳාන