අපට හිතෙන හැටි

ජනවාරි 13, 2022

විවිධ චරිතවලින් එන්න කමල්

 

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ සිනමා පටයෙන් රංගනයට පිවිසි, කමල් අද්දරආරච්චි, හරවත් සිනමා කෘතිවල රඟපා ඉහළ දස්කම් පෑ නළුවෙකි. ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ රෝහණ වීජේවීරගේ චරිතය කදිමට රඟපෑ ඔබ, තව තවත් එවැනිම චරිත සහ විවිධ චරිතයන් රඟපෑමට ඔබට ඇරයුම් කරමි.

කෙනත් පෙරේරා

ජා - ඇල

 

 

 

ගිනිමල් පොකුරු සාර්ථකයි

මානසික හැඟුම් තුළින් පෙළෙන පොලිස් නිලධාරීන්ට පාඩමක් කියාදුන් ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් වේ.

චරිත් අබේසිංහ, චූලක්ෂි රණතුංග, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, කුමාර වදුරැස්ස නළු නිළි කැළ කාර්මීක ශිල්පීන් සහ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසුරිය හට අපගේ උණුසුම් සුබ පැතුම්

පාලක සමන් පෙරේරා

හැඳල

 

 

ප්‍රතිරූපයට හානියක්

දුලීකා මාරපන පේ‍්‍රක්ෂක සිත් සතන් පිනවන අති දක්ෂ නිළියක් වූවද මේ දිනවල ධ්ඊව් නාලිකාව ඔස්සේ විකාශය වන ඉන්ටර් නැෂනල් 2 තුළින් ඇයගේ දක්ෂතා සියල්ල යටපත් වී පේ‍්‍රක්ෂකයින්ට එපා කරවන තත්ත්වයට පත් වී ඇත. එවැනි නාට්‍ය නිෂ්පාදනය කිරීමෙන් වලකින ලෙසට දුලිකාගෙන් ඉල්ලා සිටිමි.

කල්‍යාණ ජයනෙත්ති

උණවටුන