වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
අපට හිතෙන හැටි

යොහානිට සුබපැතුම්
‘මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරමින් මුළු ලොවක් නැටවීමටත්, ඇගේ කටහඬින් මුළු ලොවම වශී කිරීමටත් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්ති නාමයක් සමඟ ගෞරවයක් ලබාදීමටත් සමත් වූ හොයානි ද සිල්වා ශ්‍රී ලාංකික ගායිකාවට අපගේ ඉමහත් සතුට සමඟ ගෞරව ප්‍රණාමය මින් පුද කර සිටිමු.
කෑගල්ලේ තටාකය පාරේ
තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල
************************
අපට සතුටක්
සිනමාව ආරම්භ වී සිය වසක් ගෙවී යන මෙම අවස්ථාවේදී සිනමාව කර්මාන්තයක් වශයෙන් ඉදිරියට ගෙන යාමට රජය ගත් මෙම තීරණය සිනමාවට ආදරය කරන අපටද මහත් සතුටක් ගෙන දෙන ආරංචියක් විය.
අපි සිනමාපටයක් නරඹා ලබන විනෝදය, සතුට මෙතෙකැයි කිව නොහැකිය. අපි එසේ සතුටු වන සිනමා පටය නිර්මාණය කිරීමට දායකවන පිරිස ඉතාම විශාලය. ඔවුන්ගේ එම කැපකිරීම, වෙහෙසවීම මිල කළ නොහැකිය.
එබැවින් ඉදිරි දියුණුව ඔවුන් වෙත ලබාදීමට සිනමාව කර්මාන්තයක් වශයෙන් ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම පිළිබදව සිනමාවට ආදරය කරන අපි සැම තුළ ඇත්තේ නිමකළ නොහැකි සතුටකි.
සෝමා එච්. පතිරණ
කවත්ත
************************
මාධ්‍ය සදාචාරය පිරිහිලාද?
වර්තමාන සිනමා කලාව, මාධ්‍ය සංගීතය, ගැන අපට හිතෙන හැටි ගැන කථා කිරීමට පවා දුකක්, වේදනාවක් මෙන්ම පිළිකුලක් ඇතිවී තිබේ. එදා සිනමාවට, ගීයට, මාධ්‍යයට තිබූ ආදරය, ගෞරවය පිළිගැනීම අද එහෙම්පිටින්ම වැලලිලා. මාධ්‍ය සදාචාරය අන්තිමයි. සිනමාව, සංගීතය පිරිහිලා. එදා භාෂාවට, සාහිත්‍යයට තිබූ ගරුත්වය සිනමාවට, ගීතවලට තිබූ ප්‍රමුඛතාවය නැතිවෙලා. අද මාධ්‍ය මඟින් කෑගහන, හූ කියන, හිනාවෙන කලාවක් මවාගෙන එදා අප මාධ්‍ය, සිනමාව, සංගීතය තුළින් බොහෝ දේ ඉගෙන ගත්තා. අද පරපුර වර්තමාන මාධ්‍ය කලාව, සංගීතය තුළින් ලබාගන්නේ කුමක්ද? අපට හිතෙන්නේ විනාශයක්!
ජයන්ත අමරතුංග - පොළොන්නරුව
************************
නයෝමිට සුබපැතුම්
මේ දිනවල සිරස රූපවාහිනියෙන් විකාශය වන නීල පබලු ටෙලි නාට්‍යයේ ඉතාම දක්ෂ රංගනයක යෙදෙන නයෝමි තක්ෂිලාට මගේ උණුසුම් සුබපැතුම්.
යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය
************************
චිත්‍රපට හැදූ තාත්තයි පුතයි
සිරිසේන විමලවීර - දයා විමලවීර
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා - ජයන්ත දාස් පෙරේරා
සුනිල් සෝම පීරිස් - සුදේශ් වසන්ත පීරිස්
ඩබලිව්. එම්. එස්. තම්පෝ - රොබින් තම්පෝ
අයි. ජී. සේන - ලාල් ප්‍රියදේව
මෙරිල් ඇල්බට් - නිශාන්ත ප්‍රදීප්
එල්. එම්. පෙරේරා - චතුර පෙරේරා
සමන් වීරමන් - චත්‍ර වීරමන්
ඩඩ්ලි ගෝමස් -කටුබැද්ද