වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අපට හිතෙන හැටි

දැල්වූ පහන් නිවී ගියාදෝ...
මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඉමහත් මෙහෙවරයක් ඉටු කළ සංගීතවේදී ගායන ශිල්පි මෙන්ම රංගන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර මහතාගේ අභාවය සංගීත කලාවට දරා ගත නොහැකි පාඩුවකි. ළයාන්විත ගී හඬින් ගායනා කළ මල් කිනිති, සිනා පිපෙන මේ, දැල්වූ පහන්, ඔබ මට තරුවකි, ගීත එදත් අදත් රසිකයන් අතර ජනපි‍්‍රයතාව රැඳෙමින් ඇත. රේඛා, ගංගා සහ නිශ්ශංක දත් කැකුළු පාලා, ඉර පායා ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් දායක විය. ලක්ෂ්මන් විජේසේකර ළයාන්විත ගී හඬ මුසුකළ ගීත පමණක් ඉතිරි කර අප අතරෙන් නික්ම ගියේය.
පාලක සමන් පෙරේරා - හැඳල
සම්පත්
පේ‍්‍රක්ෂක ඇගයුම් මැද
සඳා, නෙතු අද්දර, රාජ යෝගය, ලංසු පතිනියෝ, මහවිරු පන්ඩු රැහේ කොළඹ ඉතාලිය යන පුංචි තිරයේ ටෙලිනාට්‍ය තුළින් සිය රංගන ඉස්මතු කළ සම්පත් ජයවිර රසික ආදරයෙන් පුද ලද රංගන ශිල්පියෙකි. ඔබගේ රංගනය පේ‍්‍රක්ෂකයෝ බොහෝ සෙයින් අගයති.
එච්. ඉන්ද්‍රපාල -මුංහේන
කෝකිල පවන්ට
නාඩගම්කාරයෝ ටෙලියේ ඔබේ රඟපෑම් අනිත් චරිතවලට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නේ. ඇත්තෙන්ම ඔබ මේ තරම් කාලයක් කොහේ සැඟවී සිටියාද? එලෙස සැඟවී සිටියා ඇති. එන්න එන්න චිත්‍රපටවලටත් දායක වෙන්න. සුබ අනාගතයකට මගේ නොමසුරු සුභ පැතුම්.
පියුම් වික්‍රමසිංහ - කඳාන
පැරණි චිත්‍රපට ඩී.වී.ඩී මඟින්
චිත්‍රපට සංරක්ෂණය යනු සුළු කාරියක් නොවේ. කාලය, ශ්‍රමය මෙන්ම අධික පිරිවැයක් යෙදවිය යුතු භාරධූරකාර්යකි. තිස්ස නාගොඩවිතාන, හේමපි‍්‍රය කණ්ඩම්බි මහතුන් මේ මහඟුකාරියේ යෙදී සිටින කිහිප දෙනෙකි. චිත්‍රපට සංස්ථාව සමඟ තම අගනා කාලය වැය කරන දමිත් ෆොන්සේකා මහතා ද මෙහිලා සඳහන් කළ යුතුය. කඩවුණු පොරොන්දුව, පෙරළෙන ඉරණම, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, සැනසුම කොතැනද, සැඩ සුළං, සුජාතා ආදී පැරැණි චිත්‍රපට නැරඹීමේ දැඩි ආශාවෙන් පසුවන නරඹන්නෝ බොහෝ වෙති. මෙතෙක් සොයාගත නොහැකිව තිබූ “ කඩවුණු පොරොන්දුව“ චිත්‍රපටයේ මුල් පිටපත, ප්‍රදර්ශනය කළ හැකි තත්ත්වයෙන් තමා සතුව ඇති බව ජේ.ආර්.රංජිත් (පයාගල සරත්) නම් මහතකු “ සරසවිය” ට සඳහන් කර තිබිණ. මේ තත්ත්වය මෙසේ පැවතුණහොත් අනාගතයේදී මේ මිලකළ නොහැකි වටිනා චිත්‍රපට සදහටම තුරන් වී යනු ඇත. දුප්පතාගේ දුක, වනමෝහිණි, ඩී.වී.ඩී මඟින් නිකුත් කළ තිස්ස නාගොඩවිතාන මහතාට ද මාතලන් චිත්‍රපටය ඩී.වී.ඩී. මඟින් නිකුත් කළ රන්දිව හෝම් වීඩියෝ සමාගමට ද රන්මුතු දූව නිකුත් කළ තරංගා මියුසික් ඉන්ටර් නැෂනල් සමාගමට ද සිනමා රසික හැමගේ නොමඳ පැසසුම් හිමිවිය යුතුය.
තවද ප්‍රවීණ සිනමාවේදී ඩිල්මන් ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් එම්.පී.අයි. චිත්‍රපට සමාගම මඟින් කොළඹ “ රිකී” සිනමාහලේදී “ සැඟවුණු පිළිතුර” නවීකරණය කරන ලද සම්පූර්ණ පිටපත ප්‍රදර්ශනය කරන ලද බව පැසසුම් පෙරදැරිව සඳහන් කරමි.
එස්.අලහකෝන් - මුල්ලේරියාව