වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
මාධ්‍යයට තියෙන ආසාව නිසා නොකළ කැපකිරීමක් නැහැ

මාධ්‍ය තුළ ගමන ඇල්කෙමිස්ටිගේ සන්ධි අතර රතු කැට හොයනවා වගේ වැඩක්
වැඩසටහනට නෙවෙයි ජීවිතයට සූදානම් වෙන්න
අද ඉන්න පරම්පරාව මේ අපි කියන දේවල් ගොඩනඟා ගෙන නෑ.
ඔහු ලක්හඬ සහ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රතිභාපූර්ණ පූරක වරයෙකි. සංගීත වැඩසටහන්වලට ඔහු නව අරුතක් ගෙනාවේය. ගෘහස්ථ වේදිකාව සහ එළිමහන් වේදිකාවේ රස උල්පතකි.සිය දහස් ගායක ගායිකාවන්ගේ ගීත ඔහුගේ මතක පොතේ නොනැසී පවතී.ලක්හඬ හැඟුම් වරුසාවෙන් ශ්‍රාවකයාට නැවුම්ම වින්දනීය බවක් ගෙන එයි.ඒ වින්දනීය බව ගෙන එන හිතවතා ඉන්ද්‍රසිරි සුරවීරයි.
ඔබේ මාධ්‍යයට අවතීර්ණ වීම සිදුවෙන්නෙ කොහොමද?
මම ඉගෙන ගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. පෙර පරම්පරාවයි, පසු පරම්පරාවයි දෙකම ඇසුරු කරන්නට මට ලැබුණා. එතැනින් ජාතික තරුණ සේවා සභාව ටයි. තරුණ සේවා සභාව හරහා මම ඊළඟට සේන්දු වෙන්නේ ගුවන්විදුලියේ මහගෙදරටයි. මගේ ජීවිතයේ යම් වෙනසක් කළා ද ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. එතැනින් තමයි මේ පුරුක් සියල්ලම හමු වන්නටත් ගත්තේ. ඒ හමුවුණු සියලුම පුරුක් මුල් සේදිලා ගිය ඒවා නෙවේ. හොඳට මුල් ශක්තිමත් එවයි හමුවුණේ. මම ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක් විදියට ඉන්නවිට ලක්හඬ සහ ස්වාධීන රූපවාහිනියට ගෙනාවේ නිව්ටන් ගුණරත්න මහත්තයයි. එතුමාව අද මම සිහිපත් කරන්නේ හරිම ආදරෙන්. ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ යන මාවත් දිගේ ගමන් කරන්න හරි පාර කියා දුන්නේ ඔහුයි. මේ දෙක ශානරයන් දෙකක ගමන් කරන්නේ. ජීවිතයේ නොයෙක් කැපකිරීම් කරලා මේ ගමන හරි හෙමිහිට එන්න ලැබුණා.
ඔබගේ ජීවිතය හරියට ගලා යන ගඟක් වගේ නේද ?
අපි කොහේ හරි සංචාරයක් ගිහිල්ලා මහාවනයක් මැදින් ගලාඑන ජල ධාරාවක ගිලිල නානකොට දැනෙන සනීපය පුදුමාකාරයි. ඒක පුදුම වෙනසක්ය. මම ඒ වෙනස මාධ්‍ය තුළ හොඳට අත්වින්ඳා.
මේ මාධ්‍යයේ මහා වනස්පතීන් හරහා ගෙන එන ජල ධාරාවක් මට සිප ගන්න පුළුවන්කම ලැබුණා. “පුතෙකු සිරස නමන්නේ එතනයි අත්වැලවන්නයි” කියල රත්න ශ්‍රී ලියනවා. අපිට පෙර පරම්පරා දෙකක් හිටියා. එක පරම්පරාවක් අපි මාධ්‍යයට ඇතුළු වෙනකොට ඒ කට්ටියගේ ජීවිත පශ්චිම යාමයේය. ඔවුන් කළ කී දෑ ඊට දශක හයක් හතක් ද ඉඳලා කට්ටියගේ අවසන පුරුක්ය. ඒ සියලු දෙනාමත් මට ඇසුරු කරන්නට ලැබුණා. ඉන් පස්සේ සිදු වෙන්නේ මැදි මාවතේ ගමන් කරන පිරිසක් හිටියා. වයස අවුරුදු 35,50 ඒ වගේ ඔවුන්ගේ ආභාසය ද අඩු නැතුව මට හිමි වුණා. ඒ ලබපු පන්නරය ගහට පොත්ත මෙන් බද්ධ වෙනවා සේ ඉරිතලලා දෙදුරුම් කාල වැටෙන ගසක් නොවුණා. ඒ මාවතේ ඇවිද ගෙන එන විට ඇනුණු ගල් බොරළු කටු සීරුවෙන් ගලවාගෙන තමයි මේ මාවතේ ඇවිදගෙන යන්නේ.
කොහොමද මේ එකිනෙකට වෙනස් ශානරයන් දෙකක ඔබ කටයුතු කරන්නේ?
ප්‍රායෝගික හා න්‍යායාත්මක ලෙස මේ ගමන ආපු නිසා තමයි මට රහ වුණේ. ඒ ආරම්භය හරිම සුන්දරයි කටුකයි ලස්සනයි. ගුවන් විදුලි මාධ්‍යය හැමවෙලේම කටයුතු කරන්නේ තනි චරිතයකට හා තනි කනකටයි. ඔබ මගේ හඬ අහගෙන ඉන්නවා නම් ඒකයි විඳීන්නේ. හැබැයි රූපවාහිනි මාධ්‍යය ඊට හාත්පසින්ම වෙනස් වෙනවා. ඉඳගෙන ඉන්න පිරිසක් පවුල් පිටින් සාමාජිකයන් විශාල පිරිසක් සිටින්න පුළුවන්. පොදු මාධ්‍යයක් ඇතුළේ අපිව බලාගෙන ඉන්න පිරිසටයි අපි කතා කරන්නේ. එතැනදී අපි තනි පුද්ගලයකු සිතා පොකුරක් දක්වා සන්නිවේදනය කිරීමේ දී මේ දෙක අතර තියෙනවා යම් මාධ්‍ය සන්නිවේදනය කිරීමේ එක්තරා නි්‍යායයක සියලු දෙනා කියන නි්‍යාය මට ප්‍රායෝගිකත්වය හා න්‍යායාත්මකව අතින් ඉන්න ලැබිලා තියෙනවා. ඒ ගමන තුළින් තමයි මම මේ ගමන ගෙනියන්නේ. මාධ්‍ය තුළ ගමන ඇලකෝස්ටිගේ සන්ධි අතර රතු කැට හොයනවා වගේ වැඩක්. රතු කැට දැකලා පයින් ගහපු වෙලාවත් තියෙනවා. නිධානෙ තියෙන්නෙ කොතනද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඔහු කියන විදියට හෙව්වොත් තමයි හම්බුවෙන්නේ. එහෙම වුනානම් නිධානේ හොයාගත්ත මිනිහෙක් වෙන්නත් තිබුණා. ගුවන්විදුලියේ 90 දසකයේ සිටත් ඒ හා සමානව රූපවාහිනිය මාධ්‍යයෙන් එකිනෙකට වසස් සීමාවෙන් තොරව මේ මාධ්‍ය දෙකේ වැඩ කරල. වසර 25ක් දැලිපිහියෙන් කිරි කනවා වගේ ඇදගෙන ආවා. ඒ ආපු ගමන හරිම සුන්දර අතීතයක්.
වසර 25 ක මාධ්‍ය ජීවිතයේ ඔබ කල මෙහෙවර ගැන මොනවද කියන්න තියෙන්නේ?
කේ.ජයතිලක මහත්තයා කියනවා. රතුපාට මදටිය ඇටයක් හිටවනවා. ඒ ඇටෙන් කොළපාට කොළ දෙකක් එනවා. මේ විදිහට චුට්ට චුට්ට හැදිලා ගහ ලොකු වෙනවා. මේ විදියට මේ ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුවෙමින් පවතිනවා.ගහක් වැලක් හැදෙන්න යන කාලසීමාව තුළ ඵල දරන තෙක්ම, මගේ ගමන මම හිමීට ආවා.රුපියල් 75, 60ත් මාසෙට වැඩ කළා. රුපියල් 40,50 ටත් වැඩ කරපු කාලෙක මාසෙටම ලැබෙන්නේ රුපියල් දෙසිය තිහයි. මම වැඩ කළේ මුදලට නෙමෙයි මාධ්‍යයට තියෙන ආසාව, ආදරය නිසයි. කෝටියෙන් එක්කෙනෙකුට ලැබෙන අවස්ථාව අහිමි නොකරගෙන ප්‍රයෝජනය ගත්තා. මහා දැවැන්තයෙන් මේ තුළ හඳුනා ගන්නට ලැබුණා. කකුල් දෙකට දාපු සෙරෙප්පු, සපත්තු ගෙවෙනකන් ඇඟට ඇඳගත්ත බැනියම සෙට් එක දහඩියෙන් තෙත් වෙනකන් ඇවිද්දා. ඒ ගමන අවුරුදු 25ක් ආපස්සට හැරිලා බලනකොට ඒක හරිම ස්වර්ණමය යුගයක් කියලා කියන්න පුළුවන්. මේ ගමන තුළ කම්කටුලු බාධක ඉවසා ගෙන විවිධ වැඩසටහන් නිර්මාණය කරලා තියෙනවා. සංගීත කණ්ඩායම් සමඟ ප්‍රාසංගික වේදිකාවේ ගෙනාපු වැඩසටහන්, නිසා නිත්‍ය නිවේදකයෙක් ලෙස ප්‍රතිෂ්ඨාපනය වෙන්නට අවස්ථාව හිමි වුණා. සුභාවිත ගීත වැඩසටහන් ලක්හඬ සහ අයි.ටී.එන් රූපවාහිනිය තුළින් ඉදිරිපත් කරන විට වෙනුවෙන්ම ඛ්පධඹඤ එකක් ඇතිවුණා. මේ හරහා කලාව පෝෂණය කරපු විද්වතුන් විශාල පිරිසක් හඳුනා ගත්තා. ප්‍රාසංගික වේදිකාව හරහා සරල වින්දනයක්ම හොයන පිරිසක් හොයා ගෙන යන්න අවස්ථාව හිමි වුණා. මේ වටා සිටින සියලුම පිරිස මිත්‍රයින් විම විශේෂත්වයකි. ඒ, හරහා රට වටේම ගිහිල්ල එන්න පුළුවන් අවුරුදු පහක් දහයක්. හැම ගෙදරකින්ම කෑම වේලක් ලැබෙනවා නියතයි.
ජීවිතේ ලබපු හොඳම සම්මානය මොකක්ද?
මම ජීවිතයේ ලබපු හොඳම සම්මානය තමයි කලාකරුවන් ලබාදුන් සම්මානය. පණ්ඩිත් අමරදේව සූරින් සිට වික්ටර් රත්නායකයන් දක්වා අද කතා කරන්නේත් සුරේ කියලා. සූරේ කියන නම මේ මාධ්‍යය ජීවිතය තුළ ස්ථාපිත කරන්නේ ඔවුන්. පරම්පරා ගණනාවක එකමුතුවෙන්ය. මම මේ ක්ෂේත්‍රයෙන් කවදහරි ගියත් ඒ සම්මානය හැමදාම තියෙයි. ඒ සම්මානය මට දුන්නේ කලාකරුවන්ට යම් දෙයක් ප්‍රතිෂ්ඨාපනය කරපු නිසයි. ඒ කූටප්‍රාප්තිය හැටියට තමයි සංහිඳ වැඩසටහන පටන් ගන්නේ. ඒ හරහා සංගීත වැඩසටහන් සීයක්ම කරනවා. නොමියන සිහින, සියපත් පොකුර, වැනි වැඩසටහන් සීයක් දක්වා නිෂ්පාදනය කරනවා. මේ අතර විවිධ වැඩසටහන් නිර්මාණය කිරීමට පෙලඹෙනවා. පසුගිය වසර 12 ක් ඇතුළත රූපවාහිනී සම්මාන උලෙළක දී මගේ නම නිර්දේශ වෙනවා. ඒ නිර්දේශය තුළම පළමුවෙනි සම්මානය ලබාගත්තා. එතැන් සිට නොකඩවා සම්මාන උලෙළදී අවසාන වටයට නිර්දේශ වෙනවා. නැත්තං සම්මානය හිමිවුණා. ඒක නිවේදකයකු හැටියට ලබන ඉහළම සම්මානය ලෙසයි මම දකින්නේ. නොකඩවා සම්මාන උලෙළකදී පිරිසක් අතර ඉන්නවා කියන එක මට දැනෙන්නේ හරිම සතුටක්ය. ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍ය ඔස්සේ කතා කරන විට ප්‍රශස්තම සම්මාන දෙකම එකවර හිමිවෙනවා. ඉතිහාසයේ ඒ පිටුව පෙරළපු කෙනෙක් තාම ඉන්නවා කියලා හිතන්නේ නැහැ. වසර 12ක කටුක පරිච්ඡේදයක් තුළ තමයි මේ ගමන මේවිදිහට සිදුවෙන්නේ. ඉතාමත් දුෂ්කර පරිසරයක රන් සලකුණු තමයි මේ හිමිවුණේ.
ගුවන්විදුලි මාධ්‍යයේ ශ්‍රාවකයාට ඔබව ඇද බැඳගෙන ඉන්නව නේද?
ඒ කතාවට මම සීයට දෙසීයක් එකඟ වෙනවා. මොකක්ද කරන වැඩසටහන ඒ වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක පිරිසක් මා වටා රොක් වෙලා ඉන්නව දැනටම. ඒ අර ඉස්සෙල්ලා හම්බවුණ හොඳම සම්මානය නිසයි. සුරේ කියන සම්මානයට විශාල ශ්‍රාවක පිරිසක් ඇද බැඳගෙන ඉන්නවා. ජනතා ප්‍රසාදය නැත්තං කිසිදු වැඩසටහනකින් ඵලයක් ලබන්න බැරි වෙනවා ඔවුනුයි අපේ දායාදය. ප්‍රාසාංගික හා ගෘහස්ථ කියන දෙක තුළම අපේ රසය බලාගෙන ඉන්න පිරිසක්. ඒ සියලු දෙනාට කතා කළ යුතුයි. මම බෙදන රසය භාරගන්න පිරිසක් ද ඉන්නවා එක හරිම සතුටුදායකයි. කලාකරුවෙක් වටා, ගී පද රචකයෙක් වටා ගොඩනැඟෙන ඒ රසිකත්වය, නිවේදකයෙක් වටා ගොඩනැඟිලා තියෙනවා ද එය මට සාක්ෂාත් වෙනවා.
ලක්හඬ ගුවන්විදුලියේ ඔබ වැඩසටහනක් 2016 වෙනත්ම මාවතකට ගෙන යනවා නේද? ඔව් ඒක හරි, 16 වර්ෂයේ තමයි හැඟුම් වර්ෂාව ආරම්භ කරනවා 2016 ආරම්භ කරපු ගමන 2022 දක්වා නොකඩවා ම කරගෙන එන්නට හැකි වෙලා තිබෙනවා. එදා ඉඳන් අද වෙනකන් ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයක් හිමි වීම හෝ නිර්දේශ වීම අනිවාර්යයි. මේ තුළින් මට ප්‍රශස්තම සන්නිවේදකයාගේ සම්මානයට නිර්දේශ වීම හෝ හිමි වීම සිදුවෙනවා. දිගින් දිගටම එහි රැඳීි පවතින්නට ලැබුණේ මෙහි තියන ගුණාත්මක භාවය නිසයි. මේ වැඩසටහන තුළ තියෙන්නෙ ඇවිද්ද පය දහස් වටී කියන සංකල්පයයි. මිනිසුන් ඇසුරු කිරීම, පොත පත පරිශීලනය කිරීම, සමාජයේ තියෙන එක එක දේවල් උකහා ගැනීම. සියලුම දත්ත කරුණු ඇතුළත් කරල සාර සම්පිණ්ඩනයක් ලෙසයි මේ වැඩසටහන ගෙන එන්නේ. සුළං කෝඩය කපාගෙන යන පිරිසක් අවශ්‍ය මේ රටේ අනාගතය වෙනුවෙන්. ඒකට හොඳ පියාපත් තියෙන්න ඕනේ. 2016 සිට 2022 දක්වා මේ වැඩසටහන සම්මානයට පාත්‍ර විමේ ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ ආදරණීය ශ්‍රාවකයාටයි.
හැඟුම් වර්ෂාවට ඔබ ගීත ඇතුළත් කරන්නේ ශ්‍රාවකයාගේ ප්‍රතිචාරය මතද?
ලක්හඬ ට ඇවිල්ලා මට නිශ්චිත අරමුණක් තිබුණා.මහා ලොකු වැටුපකට නෙමෙයි එතෙන්ට ආවේ. ඇත්තටම මාධ්‍යයට ඇති වුණ ආසාව නිසයි. රුපියල් 7200 වැනි වැටුපකට සේවය කළේ. “මේක මගේ ජීවිතේ හරි රසවත් කතාවක්. මට හමුවෙච්ච මුල්ම පඩියෙන් ගෙදරට යන පාරේ හන්දියන් බැහැලා තියෙන රෙකෝඩ් බාර් එකට ගියා මම සින්දු ටිකක් රෙකෝඩ් කරගන්න. ඒ අඥජධපඤ බාර්එකේ අයිති අයියා කිව්වා මල්ලි මම මේ රෙකෝඩ් බාර් එක වහලා දාලා තියෙන්නේ මේක විකුණනවා කියලා. මට ඒක ප්‍රශ්නයක් වුණා. මෙච්චර කැසට් තොගයක් තියන රෙකෝඩ් බාර් එකක් කොහොමද විකුණන්න කියලා. එයා ඉඳන් කියපු ප්‍රශ්නය තමයි මං මේ කැසට් එකක් රුපියල් 20 ගානේ දෙනවා කියලා. මම කිව්වා එහෙනම් ගණන් හදලා බලන්න කොච්චර මුදලක් යනවද කියල ඒ තොගේටම කැසට්වල වටිනාකම වුණේ රුපියල් හත්දාස් දෙසීයකටත් අඩු ප්‍රමාණයක්ය. මම මුල්ම පඩියෙන් කළේ ඒ රෙකෝඩ් බාර් එක මිලදී ගැනීමයි. “ඔය විදිහට ගත්ත ගීත තමයි අද හැඟුම් වරුසාවේ රසිකයන් වෙනුවෙන් ගෙන එන්නේ. හැම ගීතයක් ම ගෙන එනකොට ඒ අර්ථාන්විත බවට නව අරුතක් දෙනවා. එදා එකතු කරපු කැසට් පට ප්‍රමාණය අද වැඩි වෙලා තියෙනවා. ඒ මගේ පුංචි පුස්තකාලයයි. ඒත් පසුගිය කාලයේ මට හරි අකරතැබ්බයක් වුණා. මගේ දහස් ගණනක් පොත්පත්, සංයුක්ත තැටි, කැසට්, අතර පුස්තකාලයේ තිබ්බ දත්ත ගබඩා කරන මෘදුකාංග දෙකක් සිය දහස් ගණනක් ගීත එහි සංරක්ෂණය වුණා. ගෙදරට පැනපු හොරෙක් සියල්ල අරගෙන ගිහිල්ලා තිබ්බා. මම කරන සියලු දේ මතු යම් දිනක පරිහරණයට පාවිච්චි කරනවා. මම පොඩි ගුවන් විදුලියක් ලක්සර නමින් පවත්වාගෙන යනවා. ඒකෙ මේ සියල්ල සංරක්ෂණය වෙනුවෙන් පවත්වාගෙන යනවා. මගේ ක්‍රියාන්විතයේ දිගටම පවත්වාගෙන යනවා. ඒ තුළ හැම මොහොතකම හැම දිනකම ගීත ඇසීම පොත පත කියවීම තුළින් අප්ඩේට් වෙනවා. ගීතය කියන සංකල්පය තුළ හැමවෙලේම පර්යේෂණාත්මක ක්‍රියාවලියක ජිවත් වෙලා ඉන්නේ. කැඳ කෝප්පයක් හදන තැන ඉඳන් බොන්න එන ක්‍රියාවලිය තෙක් මගේ කාර්ය හැමදාම කරනවා. ඒ ගුණය පවත්වාගෙන යනවා.
ඔබෙන් පසුව එන නව පරම්පරාව මේ ක්‍රියාවලිය දිගටම ගෙන යයි කියල හිතනවද?
මම බොහෝ දුරට විශ්වාස කරනවා. ඒ පරම්පරාව අපිට වැඩිය ඉදිරියෙන් ඉන්නවා කියලා. මාස තුන හතර මහන්සි වෙලා කරපු වැඩසටහනක් ජනප්‍රිය වුණු සැණින්. නව පරම්පරාව එම වැඩසටහන මුදා හැරපුවාම සමාජ මාධ්‍ය ජාලා වෙත ජාතික වස්තුවක් බවට පත් වෙනවා. එය ක්ෂණිකවම නරඹා එහි තියෙන හැම දෙයක්ම උකහා ගන්නවා.එනිසා සුබවාදීව හිතන්න අරමුණ තියෙනවා කියලා මම දකිනවා. සමහරක් පිරිසක් ඉන්නවා ආවා ගියෝ වෙන පිරිසකුත්. ඒ සියලු දෙනා එන්නේ අරමුණක් වෙනුවෙන් නෙමෙයි ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන්. ඒ ආපු ගමනේ ජනප්‍රියත්වයක් නැති වෙනවා. කරගත් දේකුත් නැති වෙනවා. ඒ ඇවිදගෙන ආපු මාවතේ ඉතිරි වෙච්ච පිරිස හොඳ ශක්තිමත් මුල් බවට පත්වෙනවා. ඉතිරි වෙච්ච පිරිස පමණයි මතු යම් දිනක රූස්ස ගස් බවට පරිවර්තනය වෙන්නේ. මුල් යුගවල සිට මේ දක්වාම සිදු වුණේ ඒ ආකාරයටයි.විශ්වවිද්‍යාලවල දේශනා පවත්වන කොට, මාධ්‍ය වැඩමුළුව පවත්වන විට, සාමූහිකව එකතු වෙලාවෙලා කතා කරනකොට මේ පරම්පරාව හරිම ඉස්සරයින් ඉන්නේ. වැලඳගන්න දෙය හරි ආකාරවම ඉගෙන ගනියි කියලා මතු යම් දිනක අපිට බලාපොරොත්තුවක් තැබිය හැකියි.
රටකට කලාවක් අවශ්‍ය වන්නේ කුමක් නිසා කියල ද ඔබ හිතන්නෙ?
ඕනෑම රටකට පොදු කාරණා ටිකක් තියෙනවා. ඒ අතර එක් කාරණයක් තමයි කලාව කියන්නේ. රසය සහ නීරස ය දෙක වෙන් කළ හඳුනාගන්න පුළුවන් වෙන්නේ කලාව තුළ පමණයි. ගෙදර අම්මා, තාත්තා ගේ සිට කුඩා දරුවා හා විශ්වවිද්‍යාලය දක්වා යනකම් හා සමාජගත වෙන තැන දක්වා මැරෙනකම්ම ඔහු තුළ ජීවත් වෙන්නේ කලාකාමී හදවතයි. කලාවක් නැති තැන කිසිවෙකුට ජීවිතයකුත් නැත. උපතේ සිට විපත දක්වා අතරමැදි කාලය තුළ කරන කියන හැම දේකටම මුල්වන්නේ කලාවයි. සරල උදාහරණයකට කිව්වොත් විලි වහා ගැනීමත් කලාවක්. හැඟීම් දැනීම් කියන ඒවා සමාජයෙන් නැති වෙලා යනවා නම් එදාට මිනිසුන්ගෙන් කලාව නැති වුණදාටයි. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ කලාව කියන්නේ පතපොත ලියවීම, සිතුවම් ඇදීම, කවිය, ගීතය, සිනමාව, නාට්‍යය, නිරුපණය කියන දේ පමණයි කියලා. මේ සරල කාරණා ටික විතරක් තේරුම් අරගෙන කුමන පුද්ගලයෙක් වුණත් වග කියන කලාව මේකයි කියලා හඳුනා ගැනීම ටිකක් අපහසුයි. සාර සම්පිණ්ඩනාත්මක ව අධ්‍යයනය කරලා ගැඹුරින් වටහා ගත් පුද්ගලයකුට පමණයි. කලාව කියන්නේ කුමක්ද රටකට අවශ්‍ය වන්නේ ඇයි ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ කලාව කියන්නේ හරිම ගැඹුරු මාධ්‍යයක්.
නාලිකාවල ගුණාත්මක බවින් තොර සාරවත් භාෂාවක් නොමැතිව වැඩසටහන් ඉදිරිපත් කරනවා නේද ?
මම කවදාක්වත් කරන වැඩසටහනක් අත්හදා බැලීමකට කරන්නේ නෑ. ලුණු ඇඹුල් දාලා හොඳට හදන සම්බෝලයක් වගේ තමයි එක ඉදිරිපත් කරන්නේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වැඩසටහනෙන් වැඩසටහනට පොත පත, පුස්තකාල දත්ත පරිශීලනය කරනවා. ඒ සියලු දෙනා ගේ ඉතිහාසය හා අනාගතය කැටි කරගන්නවා. ඒවා ඉදිරි ප්‍රයෝජනය සඳහා අනාගත පරම්පරාව එකතු කරලා තියාගන්නවා. ඒ හින්දා අපි කරන්න ඕනේ වැදගත් විදිහට සංරක්ෂණ ලේඛනයක් ලෙසටයි. භාෂාව පරිහරණය කරන කොට වුණත් සාරවත් භාෂාවක් පමණයි මගේ හැම වැඩසටහනක ම තියෙන්නේ. ගුණාත්මක බව නැති වීමටත් භාෂාවක් නැතිවීමත් ද මූලික වෙන්නේ පොත පත, පරිශීලනය කිරීම සහ ගවේෂණයට නැඹුරු නොවීම නිසයි. පොල් වගාවයි කෙසෙල් වගාවයි දෙක අතර තියෙන වෙනස තමයි මේ දේ තුළ තියෙන්නේ. හතු පිපෙනවා වගේ නාලිකා බිහිවීම තුළ තමයි මේ සියලු දේම සිදු වුණේ. භාෂාවක් නොදන්න ගිරව් වගේ කෑගහන පිරිසක් බිහිවුණා. සාර සම්පිණ්ඩන සමාජයක් මේ තුළින් නැති වෙනවා. මේ දේවල් ස්ථාපිත කරන්න මූලිකත්වය ගෙන කටයුතු කරපු උදවිය මේවට වගකියන්න ඕන. ඕනෑම දේකට මාධ්‍ය රාමුවෙන් එළියට ඇවිල්ල තොරතුරු හෙව්වොත් සාරවත් බව සාරවත් ලෙස දකින්න පුළුවන්. අද ඉන්න පරම්පරාව මේ අපි කියන දේවල් ගොඩනඟාගෙන නෑ. ඔවුන් කියන දේවල් පිළිගන්නෙත් නැති පිරිසක් බවට පත්වෙලා ඉන්නේ. මේ නෙට්වර්ක් එක ඇතුළේ ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියන එක තේරුම් අරගෙන නැ තව වෙනකම්. අද පරම්පරා වැඩිහරියක් කරන්නේ දුරකථනයේන් ඔවුන්ව සම්බන්ධ කරන වැඩසටහන්, රෙකෝඩින් කරගැනීමය. ලියන කෙනෙක් නම් ෆෝන් එකෙන් කන තියාගෙන ඇහුණා හෝ නැහුණා ලියන එකයි. ඒක කවදාවත් උචිත දෙයක් නොවෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඔවුන්ගේ සමීපතම ඇසුර තමයි මේ සියලු වැඩසටහන් වලට හේතු පාදක වෙන්නේ. මම කවදාක්වත් කියන්නැ මාධ්‍ය චාරිකා යන්න කියලා.ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා තමයි කියන්නේ. වැස්සට යන්න බැරි අව්වට යන්න බැරි පිරිසක් ඇවිත් ඉන්නේ.ඒ සියලු දෙනා නිසා තමයි අද මෙවැනි තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය ගත්තේ නැති උණොත් එතන තියෙන්නේ පුස්සක් විතරයි. දීර්ඝ කාලීනව මේ විදිහට කරගෙන ගියා නං ඔවුන්ව දැනුමෙන් සන්නද්ධ වෙනවා. එහෙම උණාම කුමන වැඩසටහනක් කරන්න ගියත් ඔවුන්ගේ වර්තමානය සහ අතීතය හොඳට ගවේෂණය කරපු මාධ්‍යවේදීයකු, නිවේදකයෙක් හැටියට ඔවුන්ව මෙහෙයවන්න පුළුවන්. අපිව ශ්‍රවණය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට එයින් පසුව සිදු වෙන්නේ මේක රස උල්පතක් බවට පත්වෙනවා. අපිව හොඳට අධ්‍යයනය කරනවා. හැමදේම සන්නද්ධ වෙච්ච පුද්ගලයෙක් බවට පරිවර්තනය වුණ හැටියට දකිනවා. ජීවිතේ ගලාගෙන එනව අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරුණු ටික ගලාගෙන එනවා. මේ අවුරුදු විසිපහ තුළ සිදු වුණේ අන්න ඒ විදියටයි. මේ හැම දේකටම මූලික වුණේ අපේ පෙර පරම්පරාවයි.
අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබ කුමක්ද මේ කරන්න දඟලන්නේ?
මේ වෙන විටත් මම ඒ කර්තව්‍යයේ තමයි යෙදෙන්නේ. මගේ ජීවිතේ මම මුල්ම ඉගෙනගත් පාඩම තමයි ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනියන්ගෙන්. ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් කියනවා. වෙලාවක වැඩසටහනට නෙවෙයි ජීවිතයට සූදානම් වෙන්නේ කියලා. මමත් ජැක්සන් අයියාත් එකම පාසලේ ශිෂ්‍යයන්. මමත් ඔහුත් විදේශගත වෙනවා වැඩසටහනකට එතැනදී ඔහු ශිල්පියා වෙනවා. මම නිවේදකයා වෙනවා. එතැනදී ඔහු ශිල්පියා වීමයි මම නිවේදකයා වීමයි තියෙන පරතරය මම කියවිය යුතුයි. එදා මට වැරදුණා නම් මම ඉවරයි. ඔහු නියම නිවේදකයෙක් නිසයි මම මෙහෙම කියන්නේ. ඒ වැඩේ පැය දෙකහමාරක් එදා මම කළා. වැඩසටහන ඉවරවෙලා මට ජැක්සන් අයියා කියනවා සුරේ මේ පරම්පරාවේ අවසානයේ සංරක්ෂණය කළ යුතු පුද්ගලයා උඹයි කියලා. මට කියපු කතාව තේරුනේ නැහැ මම තාමත් උත්සාහ ගන්නවා ඒක තේරුම් ගන්න. ඒ නිසා මම කරන සියලු දේවල් ම ජනගත කරනව. ගුවන්විදුලිය සහ රූපවාහිනිය දේවල් වෙන වෙනම. මා සතු දැනුම සියලුම දේවල් සමාජගත කිරීමට පෙලඹිලා ඉන්නේ. බැහැරට සහ විමර්ශනයට කියලා කොටස් දෙකක් තියෙනවා. බැහැරට යන දේවල් රැගෙන යන්නට පුළුවන්. විමර්ශනය කරනවා නම් ළඟට ආ යුතුයි. අනාගත පරම්පරා වෙනුවෙන් මේ පුස්තකාලයෙන් බැහැරට යන පොත් සහ විමර්ශනයට තියෙන පොත් ලබා ගන්නට ඉඩකඩ තියෙනවා. චේ ගිය පාරේ අපි සියලු දෙනාම හරි පරිස්සමෙන් යා යුතුයි.