වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
‘පවන් පොදක්’ප්‍රසංගය මගේ දෙමව්පියන්ට උපහාරයක්

- රන් කැටියෝ ගීතය මගෙ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි
- 70 දශකයේ ජනපි‍්‍රය නිළි ශි‍්‍රයාණි පෙරේරා මගේ අම්මායි
- මම නිර්මාණ කරන්නේ මුදල් ඉපැයීමේ අරමුණින් නොවේ
ඔබ ඔබේ සංගීත දිවියේ සුවිශේෂ අවස්ථාවක් පරිපූර්ණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එතෙක් ආ ගමන් මඟ සැකසුණේ කොහොමද ?
මම පුංචි කාලෙ ඉඳලම සංගීතයට නැඹුරු යි. කැමැතියි. ඒ පසුබිම ඇත්තටම හැදුණේ අම්මා නිසායි. මොකද ඇය නිතරම ගුවන්විදුලියට සවන් දුන් කෙනෙක්. අම්මා (ශ්‍රියාණි පෙරේරා) චිත්‍රපට ගණනාවක රංගන ශිල්පිනියක ලෙස කටයුතු කර තියෙනවා. ඒ අතර අක්කර පහ, වල්මත් වූවෝ, එයා දැන් ලොකු ළමයෙක්, ශ්‍රී මදාරා වැනි චිත්‍රපට විශේෂ යි. ඇත්තටම අම්මා නිළියක් වෙන්න පෙර කැමැත්තෙන් හිටියේ ගායිකවක වෙන්නයි. මේ පසුබිම නිසා මටත් නිරායාසයෙන් ම සංගීතයට ඇල්මක් ඇති වුණා.ඒ යටතේ මම පාසලේ සංගීතය හදාරන්න යොමු වුණා. එහිදී උසස් පෙළ දක්වා මම සංගීතය හැදෑරුවා. අනතුරුව පී.වී.නන්දසිරි ගුරුතුමා යටතේ තවදුරටත් සංගීතය හදාරන්න යොමු වුණා. එතුමා යටතේ මම සිතාර් වාදනය හා ගායනය යන අංශ දෙකම හැදෑරුවා.
කෙසේ හෝ මගෙ විවාහයෙන් අනතුරුව විදේශයකට යන්න සිදුවීමෙන් සංගීත කටයුතුවලින් මට ඈත් වෙන්න සිදු වුණා. නමුත් මා වෙසෙන එංගලන්තයේ පැවැත්වුණු දෙරණ ලන්ඩන් ස්ටාර් වැඩසටහන ඔස්සේ මට ආයෙමත් සංගීත ලෝකයට හා ප්‍රේක්ෂකයන් අතරට එන්න හැකි වුණා. සුමිත් කඩවත ගේ මහත්මයා තමයි ඒ වැඩසටහන සංවිධානය කළේ. ඒ වැඩසටහනෙන් පසු තමයි නැවත සංගීත ක්ෂේත්රය ට පිවිසෙන්න මම අදහස් කළේ. ඊළඟට දෙදහස් දහය වසරෙදි මම නැවත ලංකාව ට පැමිණි අවස්ථාවේ සිට අවුරුදු පහක් පමණ ලංකාවේ රැඳී සිටි කාලය ඇතුළත මම මගේ ගායන විශාරද විභාගය සම්පූර්ණ කළා. මම ලංකාවට පැමිණි පසු නැවත සංගීත කටයුතු හැදෑරීම ආරම්භ කළේ පී.වී නන්දසිරි ගුරුතුමාණන් ගේ දියණියන් වු පී.වී.මනෝමංජරී ගුරුතුමිය යටතේ යි. නැවත මම එංගලන්තයට යන්නේ දෙදහස් පහළොව වසරේදී යි. එතැන් සිට මේ දක්වා මම එහි පැවැත්වෙන විවිධ සංගීත වැඩසටහන්වලට ගායනයෙන් සම්බන්ධ වී කටයුතු කරනවා
ඔබේ මුල්ම නිර්මාණය මොකක්ද?
දෙදහස් දහහතේ දී තමයි මගේම නිර්මාණයක් මුලින්ම කළේ. ඒ පවන් පොදක් කියන ගීතය. ඒ ගීතය රචනා කළේ ඉසුරු සමරසිංහ. සංගීතය කළේ අරුණ ගුණවර්ධන මගේ ගීත අතර මම ලංකාවට පැමිණි අවස්ථාවල කළ ගීත මෙන්ම මෑත කාලයේ එංගලන්තයේ කළ ගීත කීපයකුත් තියෙනවා. විශේෂයෙන් එංගලන්තයේ වෙසෙන දක්ෂ ගීත රචකයකු වගේම සංගීතඥයකු වන විමර්ශ ජයසිංහ මේ සඳහා විශාල දායකත්වයක් දුන්නා.
පවන් පොදක් සංගීත ප්‍රසංගය පිළිබඳ කතා කරමු
ඔව්.මූලික ව මම මේ ප්‍රසංගය කරන්නෙ මගෙ අම්මායි තාත්තා යි වෙනුවෙන්. මොකද මගෙ සංගීත දිවිය යථාර්ථයක් බවට පත් කරගත්ත මගෙ සෙවණැල්ල මෙන් සිටියේ මගෙ අම්මා යි තාත්තායි. මගෙ තාත්තා සුනිල් රත්නායක. මගෙ මව ශ්‍රියානි පෙරේරා. ඔවුන් දෙදෙනාම දැනට ජීවත් වෙන්නේ ලංකාවේ යි. ඔවුන් හැමවිටම මට මේ වෙනුවෙන් ලොකු සහයක් දුන්නා සේම ඒ පිළිබඳ ගොඩක් සතුටට පත් වුණා. ඔවුන් දෙදෙනාටම ලොකු කැමැත්තක් තිබුණා මම වේදිකාවක ගයනවා දකින්න. ඒත් මෙතෙක් ඒ අවස්ථාව ඔවුන්ට උදා වූයේ නැති නිසා මම මේ අවස්ථාවේ මේ ප්‍රසංගය කරන්නේ ඇත්තටම ඒ දෙදෙනා වෙනුවෙනුයි. ඉතින් මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ ලබන ජූලි පළමු වැනිදා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ. සවස තුනහමාරටයි. මෙහි සංගීතය මෙහෙයවනු ලබන්නේ රෝහණ ධර්මකීර්ති ප්රමුඛ ගුවන් විදුලි වාදක මණ්ඩලයයි. යුග ගායනයෙන් අරුණ ගුණවර්ධන සමන් ප්‍රියංකර නම්මුනිගේ, විමර්ශ ජයසිංහ සහ තරිඳු ජයසිංහ එක්වෙනවා. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ඉන්ද්‍රසිරි සුරවීර සොහොයුරා යි. ඇත්තටම මේ ප්‍රසංගය පවන් පොදක් ලෙස නම් කරනු ලැබුවේ එය මගේ ප්‍රථම ගීතය මෙන්ම මා වඩාත් කැමැති ගීය වූ නිසායි.
ඒ අතර මෙහ ිවිශේෂ ගීයක් තියෙනවා නිම්තෙර නමින්. එය මම ගැයුවේ මගේ මව්පියන් නමින්. ඇත්තටම එය මගේ අදහසක් අනුව ලියැවුණු ගීයක්. අපි ලෝකයේ කොහේ සිටියත් අපේ සිත් තිබෙන්නේ මෙහියි. ඒක අපට දැනෙන්නේ වෙනස්ම විදිහකට යි. එනිසා දරුවන් හා මව්පියන් ගේ වෙන්වීමේ හැඟීම් තමයි මේ ගීතයේ ගැබ් වෙන්නේ.ඒ ගීතය රචනා කර දුන්නේ පියුම් ජයකලනි.ඇයත් එංගලන්තයේ වෙසෙන්නේ. ඇය ලේඛිකාවක්. ඊළඟට තවත් සුවිශේෂ ගීතයක් තමයි වසා ඔබෙ ඇසිපිය කියන ගීතය. ඒක රටවල් තුනක වෙසෙන නිර්මාණකරුවන් එක්ව හැදූ එකක් වීම විශේෂ යි. එහි පද රචනා කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ධනුෂ්ක ප්‍රනාන්දු. සංගීතය සචිත් රුවිඳු බෝගොඩ. ඔහු ලංකාවේ සිටින නව හැකියා සහිත සංගීතඥයකු විදිහ ට හඳුන්වා දෙන්නපුළුවන්. එහිදී මම ඊට සම්බන්ධ වුණේ එංගලන්තයේ සිට යි. එහි පටිගත කිරීම් වගේම මුලවරට මම මේ ගීතය ඔස්සේ තමයි එංගලන්තයේ සිට රූප රචනයත් කළේත්.
ඇත්තටම මගෙ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය රන් කැටියෝ කියන ගීතයයි. මේ වන විට යූ ටියුබ් නැරඹුම් වාර මිලියන එකහමාරක් පමණ සම්පූර්ණ කර ඇති ඒ ගීතය නිදහස් කර මේ වනවිට වසර පහක් පමණ වුණත් ඊට ලැබෙන ප්‍රතිචාර අදටත් හරි ම ඉහළයි.
ඔබේ නිර්මාණ වෑයම කුමන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසාදැයි පැහැදිලි කළ හැකි ද?
ඔව්. මූලික ව සුභාවිත ගීතය ඔස්සේ සමාජයේ පෝෂණය උදෙසා මගේ දායකත්වය දීම යි අපේක්ෂා කරන්නේ.
අපි මේ වනවිටත් වෙනමම රැල්ලක් දකිනවානෙ සංගීත ක්ෂේත්රයේ පවා. එතැනදි අපේ වගකීම තමයි මේ අපි ඉටුකරන්නේ. ඒ කියන්නේ හරවත් නිර්මාණ සමාජයේ වැපිරවීම තමයි අපේ වගකීම වෙන්න ඕනේ. ඉතින් ඒ දෙයයි මා කරන්න උත්සාහ ගන්නේ. මම සංගීතයට ආදරෙයි. මුදල් ඉපැයීමේ අරමුණින් නොවේ මම නිර්මාණ කරන්නේ. මේ වෑයමේදී සමාජයේ එක් අයකු හෝ මින් හොඳ ප්‍රතිථලයක් ලබා ගනියි නම් එය තමයි මගේ සතුට වෙන්නේ. මොකද මට දැනෙනවා සමහර විට නිර්මාණකරණය පැත්තෙන් සමාජය යන ගමන ගැන අපි බොහෝ විමසිලිමත් විය යුතුයි කියා. ඒ නිසායි මා මගේ නිර්මාණ හැමවිටම හරවත් හා ගුණාත්මක බවින් පෝෂිත ව ඉදිරිපත් කරන්න සැලකිලිමත් වෙන්නේ. එතනදි සුභාවිත ගීතය වියැකී යන්න නොදී එය පවත්වා ගන්න ඒ වගේම අනාගත පරපුර එයින් යම් ආලෝකයක් ලබනවා දැකීම මගේ ගමනේ අරමුණයි.
පවන් පොදක් වී (2017)
Lyrics - Isuru Samarasinghe
Music - Aruna Gunawardene
ලක් මව්නි (2017)
Lyrics - Nandika Ranaweera
Music - Jananath Warakagoda
රන් කැටියෝ (2017)
Lyrics - Tharindu Amila
Music - Darshana Wickramatunga
සිනිඳු මීදුම් (2018)
යුග ගායනය - අරුණ ගුණවර්ධන
Lyrics - Warna Rasika Gunawardene
Music - Nawaratne Gamage
ජීවිත ගැඹරේ (2018)
Lyrics - Tharindu Amila
Music - Bibiladeniye Mahanama Thero
පුංචි පැංචියේ (2019)
Lyrics - Nandika Ranaweera
Music - Harsha Nishshanka
සඳ පියලි (2019)
Lyrics - Narada Wijesuriya
Music - Aruna Gunawardene
සරා සඳ (2020)
Lyrics - Panchali Herath (England)
Music - Vimarsha Jayasinghe (England)
නිම්තෙර (2020)
Lyrics - Piyumi Jayakalani Wickramaarachchi (England)
Music - Vimarsha Jayasinghe (England)
වසා ඔබෙ ඇසිපිය (2021)
Lyrics - Dhanushka Fernando
(Melbourne)
Music - Sachith Bogoda
පිනි බිංදුවක් (2023)
යුග ගායනය - රවීන් කනිෂ්ක
Lyrics - Tharindu Amila
Music - Deepathy Jayasuriya