වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
දේශිය සිනමාවේ,රන් යුගයක් සනිටුහන් කළ Box office ජීවාන්

ආසියාකරයේ සුප්‍රසිද්ධ වූත් - ලාංකේය සිනමාවේ මෙන්ම, ඉන් බැහැරවද මහජනතාව අතර - අතිශය ජනප්‍රියත්වයට හිමිකම් කියූ විජය කුමාරණතුංග මැතිඳුන් රොස්මීඩ් පෙදෙස නිවසේදී ජීවන් කුමාරණතුංග මහතාව මාහට පෙන්වා... මේ තමයි, ජීවාන් යනුවෙන් පවසමින්, හඳුන්වා දුන්නේය...!
ඒ, 1982, වසරේ, පෙරළිකාරයෝ පෙර නිෂ්පාදන කාලයේ දිනකදීය. එදා පටන් මා ඔහු අමතන්නේත්, සටහන් තබන්නේත් ජීවාන් යනුවෙනි....!
ඒ වන විටත්, පෙරළිකාර සහෝදර සත්දෙන අතරට ජීවාන් ලැයිස්තු (casting) ගතකර හමාරය.
එහෙත්, විජය මහතා කිසියම් හෝ මොහොතක, රඟපෑමට චරිතයක් ජීවාන් හට ලබාදෙන ලෙස යෝජනා කර හෝ අඩුතරමින්, ඉඟියක් කර හෝ නොමැති බව, මාහට සැබැවින්ම විශ්මය දනවන කරුණකි. ජීවාන් ද කිසිදු දිනක තම ආදරණීය බාප්පාගෙන් සිනමා ප්‍රවේශයට ආධාර උපකාර ඉල්ලා නොමැති බැව්ද - මා දැඩි විශ්වාසයෙන් සඳහන් කරනුයේ, පසු කලෙක, මා ජීවාන් සමඟ දීර්ඝ කාලයක් සිනමා කටයුතුවල නිරතවීමෙන්, ඔහුගේ ගුණාගුන පිළිබඳ මා නිහඬව කළ ස්වයං අධ්‍යයනය ඔස්සේය.
මවිසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමා නිර්මාණ පහකට සිය රංගන දායකත්වය නොපැකිළිව ලබාදුන් ජීවාන්, විජය මෙන් අව්‍යාජ නිහතමානීත්වයෙන් අනූන වූ, එමෙන්ම, නිහඬ චරිතයක් ලෙසින්ද, ජනප්‍රියත්වයේ මුදුන් තලය ස්පර්ශ කළ රංගන ශිල්පියකු ලෙසද හඳුන්වන්නේ, එතුමා පිළිබඳ මසිතෙහි පවතින ආඩම්බරකාර හැඟීමද මුල්කොට ගෙනය...!
පෙරළිකාරයෝ හී විජයගේ එක් සහෝදරයෙකු ලෙස ‘ගොත චරිතයකින්’ රඟපෑමේ යෙදෙන ජීවාන්, එකී චිත්‍රපටය වෙනුවෙන් ද විශිෂ්ට ගණයේ සාර්ථක පර්යේෂණාත්මක මෙන්ම හාස්‍යෝත්පාදක රංගනයක් ඉදිරිපත් කළ බව, විශේෂයෙන් සඳහන් කළයුතුව ඇත.
ලෝකයේ කුමන ආකාරයේ චිත්‍රපටයක වුවද, දර්ශනය රූ-ගන්වන ලෙස අණ කරමින්, අධ්යක්ෂවරයා විසින් - කැමරාව රඟන නළුවාට දෙන න්‍යායක් මා නම් කොහෙත්ම අසා නොමැත.
එහෙත්, පෙරළිකාරයෝ හී රඟන ජීවාන් හට, රඟපාමින්ම shot එක crank කරන ලෙස දන්වා මිලිමීටර් 35, ARRI-FLEX කැමරාව උපදෙස් සමග - ඔහු අත පත්කිරීමට මාහට සිත්විය...!
අවසන් සටන් ජවනිකාවේ පසු-පසට ඇදවැටෙන ජීවාන් හට නැවත පහරදීමට වේගයෙන් දිව එන ටිරෝන් මයිකල් නම් මැරයාගේ පපු පෙදෙසට - ජීවාන් වේගවත් දෙපා-පහරක් එල්ල කරන්නේ, බිම වැතිරී හිඳීන ලීලාවෙන්ම ජීවාන්ගේම කෝණයෙන්, ඔහු විසින්ම දර්ශන කොටස රූගන්වමින් ය.
එහෙත් එම කර්තව්‍යය දැඩි අවදානමකට යටත් ය. මන්ද - එදා අද මෙන් නොව, 83, වසර වනවිට, ඩිජිටල් සිනමාවක ඡායා-මාත්‍රයක්වත් නොතිබූ කලෙක, නොදරුවන්ට චිත්‍රපටයක් තනාගැනීමට නොදන්නා කාලයක - කැමරා කාචය හරහා සේයාපටලය මත කාවද්දන රූපය, ඒ මොහොතේම දැකබලා ගැනීමට නොහැකි, නොදියුණු යැයි කියන යුගයක...රූ-ගැන්වූ සේයාපටලය පිරියෙදුම් කොට, ලැබෙන මුද්‍රණ පිටපත නරඹා සැකහැර ගන්නා තුරු, අධ්යක්ෂවරයා සිටින්නේ මහත් බියකින් හා දෙගිඩියාවෙන් බව ද - නොපැකිළිව කිවයුතුය.
ඒ මන්ද යත්,මක-මක ගැහිලි සහබල-බල ගැහිලි, වැනි කූට උපක්රමයන් එදා තිබූ පිරිසිඳු භාරදූර සිනමාවේ නොතිබූ හෙයින්, එදා සිනමාවේ තාක්ෂණික ක්‍රියාවලිය නිවැරදිවම කළ යුතුව තිබුණි.
රූ-ගන්වද්දී, පෙරළිකාරයෝ හී සියලු රූප-රාමු මගේ දකුණු ඇසින් දුටුවත්, මා නොදුටු එකම දර්ශනය ජීවාන් රූ-ගැන්වූ දර්ශනයයි.
එහෙත්, රසායනාගාරයේ දළ පිටපත නරඹද්දී - ජීවාන්ගේ සිනමා ඥානය කෙබඳු දැයි මා හට සිතාගත නොහැකි විය...! මන්ද, ඒ තරමටම එකී දර්ශනයේ නිරවද්‍යතාවය නිරවුල්ය...!
a perfect shot & perfect composing with the action sequences ) පෙරළිකාරයන්ට ප්‍රථම හෝ පසුවද, නළුවා විසින්ම රූ-ගැන්විය යුතු - එවන්වූ දර්ශන අවස්ථාවක්... ලෝකයේ කිසිම චිත්‍රපටයක මා දැක නැත. එය ජීවාන් කුමාරණතුංග නම් කැමරාකරු සහ නළුවා විසින් සිනමාව අභියස තැබූ ලෝක වාර්තාවකි..!
ඔහුගේ සිනමා ක්‍රියාදාම දසුන් නිවැරදිව නිරීක්ෂණය කරන සෑම මොහොතකම මාහට පෙනීයන්නේ, බටහිර සිනමාවේ ජෝන් වේන් යන ප්රතාපවත් චරිතයේ හැසිරීමයි...! තවද, මගේ පෞද්ගලික හැඟීමෙන්ද, ආකල්පනාත්මකවද, ක්‍රියාදාමයන් සහ ශාරීරික අංගලක්ෂනයන් ගෙන්ද හෙතෙම ජෝන් වේන් ට බෙහෙවින්ම සමාන බවයි...!
යටකී චරිත ලක්ෂණ අනුව, තවදුරටත් එය සාක්ෂාත් කරමින් කලට වේලාවට චිත්‍රපට වැඩකටයුතුවලට සහභාගි වී, නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම සහයෝගයක්ද ලබාදෙන ජීවාන්, සිනමාව වෙනුවෙන් තම යුතුකම් සියල්ල පැහැර නොහැර ඉටුකර ඇති බැව් මගේ ඇසුරු අත්දැකීමෙන්ම කිවහැකිය.
එකදහස් නවසිය පනස් අට වසරේ නොවැම්බර් මස සත්වෙනි දින සීදුවේදී මෙලොව එළිය දුටු කෝවිලගේ ජීවාන් කුමාරණතුංගගේ දයාබර මව තිරීස් කුමාරණතුංග මහත්මිය වන අතර, විජය ශ්‍රීමතාණන්ගේ වැඩිමහල් සොයුරා වන (රංඔන්චිල්ලා චිත්‍රපටයේ පමණක් රඟපෑ) සිඩ්නි කුමාරණතුංග මහතාණන්, ජීවාන්ගේ ආදරණීය පියාණන් වූහ. ජීවාන් පවුලේ බඩ පිස්සාවන තුන්වෙනියාය.
ඔහුගේ වැඩිමහල් සොයුරිය ලලානි කුමාරණතුංග වන අතර, වැඩිමහල් සොයුරා දිවියෙන් සමුගත් නරේන්ද්‍ර කුමාරණතුංග ය.
අප කථානායක ජීවාන්, වයස අවුරුදු හයේ සිට එනම්, 1964 සිට 1976 දක්වා කොළඹ කේරි විද්‍යලයේ සිප්සතර හදාරමින් මල්ලව පොර, රගර්, බොක්සිං ඇතුළු පිහිනීම වැනි කායවර්ධනාත්මක ක්‍රීඩාවලට කැපවී, වැඩිකාලයක් වැයකරමින්, තම ක්‍රීඩා කෞශල්‍යය ප්‍රගුණ කරගැනීමට සමත්විය...!
කේරි විදුහලේ ගුරුභවතකු වූ ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය අධ්යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව, බාලදක්ෂ ජම්බෝරි ‘තුන් ගිනිමැල’ සංදර්ශන හා විශේෂයෙන් නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන්, ඔහුට උපතින්ම උරුමවූ දක්ෂකම් රැසක් ඔපමට්ටම් කරගැනීමට තම ගුරුවරයා සහ පාසල මහෝපකාරී විය.
ජීවාන්, ළාබාල තරුණ අවදියේදිම ප්‍රසිද්ධ වේදිකාවට පය තබමින්, තමා තුළ සැඟවී තිබූ දක්ෂකම් රැසක් එළිදක්වන්නේ, නාට්‍යකරු අසෝක සෙනරත් මුදලිගේ මහතාගේ ‘නායකයා’ නාට්‍යයේ රසල් චරිතය තුළින් ය.
පාසල් අවධියෙන් පසුව, 1978, වසර ගත්කල - අප කථානායක ජීවාන්, ජීවනෝපාය මුල්කොට ගෙන වුවද, කටුනායක අන්තර්ජාතික සමාගමක දියමන්ති කැටයම් කර ඔප දැමීමේ පුහුණුව ලබමින්, වැඩමුරය අවසන්කොට - කඩිනමින් එළියට පැනගන්නේ සවස් කාලයේ ‘නායකයා’ හී රසල් ගේ චරිතය කැටයම්කර ඔපදැමීම. සඳහා පුහුණු වන්නටය.
එහිදී අසෝක සෙනරත් මුදලිගේ නම් නාට්‍ය කරුවාණන්ගෙන් - මෙම තරුණ ආධුනික නළුවා ලැබූ පරිචය - පුහුණුව සහ ගුරුහරුකම් එමටය..!
‘නායකයා’ නාට්‍යයයේ පෙර පුහුණුවීම් දැකබලා ගැනීමට සුදර්ශියට පැමිණි රත්නවීර ද සිල්වා නම් සිනමාකරුවාට, තමා හාපුරා කියා තැනීමට සූදානම් වන චිත්‍රපටයට හොඳීන් ගැළපෙන වර්ගයේ මෙවලමක් නාට්‍ය වේදිකාව මතින් ඇස ගැටිණ.. ඒ මෙවලම, ජීවමාන මෙවලමකි... ඒ අන් කවරෙකු හෝ නොව, ඒ, තාරුණ්‍යයයේ හැඩකාර නවක නළු ජීවාන් මය...!
රත්නවීරගේ ආරාධනයෙන් - ඉන් ටික දිනකට පසුව, ජීවිතයේ ප්‍රථම වතාවට සිනමා කැමරාවක් අභියස රඟන්නට ජීවාන් හට වාසනාව උදාවිය...! ඒ 1982, වසරේ මාර්තු 26, වෙනිදා තිරයට පැමිණි, රත්නවීර ද සිල්වා ගේ තනි තරුව චිත්රපටයෙන්ය..
තනි තරුවේ රූ-ගැන්වීම් දුටු එහි කලා අධ්යක්ෂ කටයුත්තේ යෙදීසිටි, නවක සිනමාකරු උපාලි ඩයස් මහතාට ජීවාන්ගේ රංගනය තමාගේ නව කෙටි චිත්‍රපටයට අත්‍යාවශ්‍ය වූ බැවින්, මිනිත්තු 10, ක් දිවෙන, අලුත් පාර නම් කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට ජීවාන් හට ආරාධනය කළේය. ඉන් - ජීවාන් කුමාරණතුංග නම් නවක නළුවා කෙටි චිත්‍රපට මාධ්‍යයටද සම්බන්ධ විය. පසුව, 78 වසරේ සිනමාහල් කිහිපයක අලුත් පාර ප්‍රදර්ශනය කළ අතර, එකී චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
තනි තරුව ජීවාන් ගේ මුල්ම සිනමා ප්‍රවේශය වුවද, ඊට කලින්, 1980 වේ අගෝස්තු 01 වෙනිදා... ගඟ අද්දර ද, 1981, මැයි 29 වෙනිදා.. එක් දවසක් රෑ ද, 1981, ඔක්තෝබර් 30 වෙනිදා... හොඳම නළුවා ද සහ 1981, දෙසැම්බර් 18, වෙනිදා... සාරංගා යන සුළු චරිත දායකත්වයකින් සම්මාදම්වූ ජීවාන්ගේ චිත්‍රපට හතරක් එක පෙළට තිරගත විය.
ඉන් ලද වේතනයේ පරිමාව සුළු වුවද, ඒ අනුහසින්ම සිනමා කර්මාන්තය තුළ ශක්තිමත් අත්තිවාරමක් දාගැන්මට ජීවාන් සමත් විය. එබැවින්, ජීවාන් කුමාරණතුංග යන සිනමා හැඳුනුම්පත ප්‍රේක්ෂකයා අතපත් වීම කිසිසේත්, වැළැක්විය නොහැකි විය...!
ඉන් ලද සිනමා ප්රවිෂ්ටය තුළින්, අනාගත වෘත්තීය කාරණාව ශක්තිමත් බැව් පෙනී ගියද, එහෙත්, ඔහු කිසිදින වේදිකාව අමතක නොකිරීමට වගබලා ගත්හ. නාට්‍යකරු ආනන්ද එස්. විජයසිරිගේ දෙව්ලොව යනකන්, ඔතෙලෝ සහ තිලක් වේහැල්ල නිර්මාණය කළ, කතරගම රූමතිය යන විචාරක පැසසුම් ලද සැලකිය යුතු මට්ටමේ වේදිකා නාට්‍ය රැසකට තම රංගන දායකත්වය ලබාදුන් ජීවාන් - බහුතර රසික ජනතාවගේ නිබඳ පැසසුමට ලක්විය...!
තීක්ෂණ බුද්ධියෙන් ජීවාන් දෙස බැල්ම හෙළූ යසපාලිත නානායක්කාර අධ්යක්ෂවරයා ගේ අණසකට යටත්වීමට ජීවාන්ට සිදුවිය. 1982,කේ නොවැම්බර් මස 12 වෙනිදා සිට තිර-ගත කළ, නැවත හමුවෙමු චිත්‍රපටයේ තම බාප්පා වන විජය කුමාරණතුංග මහතා ප්‍රධාන ද්විත්ව චරිත රඟද්දී, කිසිඳු බියකින් - සැකයකින් තොරව, යසපාලිත අධ්යක්ෂ තුමාගේ ආරාධනාව දෙවරක් නොසිතා පිළිගත්තේය.
එහි ඔහුට රඟපෑමට වෙන්කොට තිබුණේ දුෂ්ටයා හෙවත්, ප්‍රතිවීරයාගේ චරිතයයි. කුඩාකල සිටම දැඩි ආත්මාභිමානයෙන් කටයුතු කළ ජීවාන් කුමාරණතුංග නම් රංගන ශිල්පියා එකී දුෂ්ට චරිතය ලගන්නාසුළු අන්දමින් නිවැරැදිව තිරයමත කැටයම් කොට, ලක්ෂ සංඛ්‍යාත ජනතා ප්‍රසාදය එක රැයින් දිනාගත්තේය. නැවත හමුවෙමු දර්ශන තලයේ සිටින ජීවාන් දුටු විජය, ජීවාන් අමතමින්... ආ.. ඔයත් මේකෙ රඟපානවද..? යනුවෙන් ඇසූ බව, බොහෝ කලකට පෙර මා විජයගේ හඬින්ම අසා තිබුණි...!
සැබැවින්ම, අවුරුද්දක කාලයක් ගතවීමට මත්තෙන් - ඔහු රිදීතිරයේ වීරයා වන්නේ, 1984 මැයි මස 04 වෙනිදා මුදාහළ ‘හිතහොඳ කොල්ලෙක්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින්, රෝයි ද සිල්වාගේ ගිවිසුමට අත්සන් තබමිනි.
ජාතික ඇඳුමටද - යුරෝපීය ඇඳුමටද එකලෙස කැපීපෙනෙන ප්‍රාණවත් චරිතයක් ලෙස ජීවාන් හඳුන්වන්නේ, ඔහුගේ රංගන පෞරුෂය දස-අතට විහිදී යමින්, අපරාජිත මෙන්ම, පරාජිත පෙම්වතාගේ චරිතයද, වීරයා මෙන්ම දුෂ්ටයාටයාද, විශේෂයෙන් හාස්‍යෝත්පාදක චරිත මනාලෙස පණගන්වන ජීවාන්, වික්‍රමාන්විත ක්‍රියාදාම චරිතයන් වෙනුවෙන් ද සැණෙකින් ආරූඪ වීමට තරම් අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන බැවිනි..!
සිංහල චිත්‍රපට හැදූ හැඳල විජයා චිත්‍රාගාරය සහ කිරුළ පාරේ ලංකා චිත්‍රාගාරය ඇතුළු සිංහල චිත්‍රපට පෙන්වූ රටපුරා සිනමාහල් රාශියක් සිංහල ජාති ආලකයන් විසින් ගිනිතබා විනාශ කරන ලද්දේ 1983, වසරේ කළු-ජූලිය රටපුරා පැතිරයාමත් සමඟය. එදා අප සිනමාව යන-එන මං නැති තැනට පත්විය.
ඒ මොහොතේ සිනමාව නැවත නඟා සිටුවීම එකම අරමුණ කරගත්, අප කථානායක ජීවාන් කුමාරණතුංග සිනමා කර්මාන්තය පිළිබඳ ව්‍යාපාරික මට්ටමින් අධ්‍යයනය කොට, චිත්‍රපට නිෂ්පාදනයටත්, සිනමාශාලා පරිපාලනයටත් අවතීර්ණ වූයේ, හුදෙක් හිත තුළ කැකෑරෙන යහපත්, ශක්තිමත් සිනමාවක් බිහිකිරීමේ පරම පවිත්‍ර චේතනාව ඉලක්කකොට ගෙනය.
මේ අතර - දිවි කතර තරණය කරන ජීවාන් හට, බොහෝ කලකට පෙරාතුව දැන හැඳීනගත්, තම ජීවිතයේ පංගුකාරිය මුණගැසිණ. ඇය රූපශ්‍රීයෙන් අගතැන්පත් ශෙරීන් ප්‍රියංකා සේනාරත්න නම් තරුණියයි...! ඇය සමඟ අතිනත ගැනීමේ විවාහ මංගල උත්සවය 1986 යේ ජූනි මස 18 වෙනි දින කොළඹ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් සංකීර්ණයේ දී, නෑදෑ හිතවතුන්, ප්‍රභූවරුන් සහ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. එදින විවාහය වෙනුවෙන් සාක්ෂියට අත්සන් තැබුවේ, විජය කුමාරණතුංග ශ්‍රීමතාණන් සහ එවකට රටේ ප්‍රධානියා වන ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ය.
ජීවාන් සහ ශෙරීන්ගේ කැදැල්ලට පැමිණි රූමත් දියණියන් දෙදෙන, මල්ෂා කුමාරණතුංග සහ මලීශා කුමාරණතුංගය.
උපතින්ම ගෙන ආ නිරහංකාරකමින් සිනමා ක්ෂේත්රයේ කා අතරත් හොඳ නමක් දිනා සිටින ජීවාන් හට, තම පවුල් කුටුම්බයෙන් ලද ශක්තිය සහ නිදහස තම ව්‍යාපාර හා කලා කෞශල්‍යය ප්‍රගුණ කර ගැනීමට මහත් පිටිවහලක් වී ඇත.
ශෙරීන් කුමාරණතුංග මහත්මිය ගේ අප්‍රතිහත ප්රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන්, ජීවාන් චිත්‍රපට නිෂ්පාදකයකු වෙමින්, නිපදවීමට එළැඹි - ප්‍රථම චිත්‍රපටය වන, ‘හිතහොඳ චණ්ඩියා’ 1987 තේ ජනවාරි 30 වෙනි දින ශ්‍රී ලංකාව පුරා ප්‍රදර්ශනය කොට, රන්ජිත් සිරිවර්ධන නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයාවද - එමඟින්, සිනමාවට දායාද කරන ලදී.
‘හිතහොඳ චණ්ඩියා’ සියලු ආදායම් වාර්තා බිඳ-හෙළමින් තිරගතවන සමයේ, ශබ්ද පරිපාලක ජෝර්ජ් මනතුංග මහතා ඉදිරියේ, සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාණන් මගෙන් විමසූ පැනයක් ද, ඊට ඔහුම දුන් පිළිතුරක්ද විය... විජේගේ බෑණනුවන් ගේ ෆිල්ම් එක හොඳ බොක්ස්-ඔෆීස් හිට් එකක් කියල ආරංචියි...? යනුවෙන් මගෙන් විමසා... මගේ පිළිතුරට පෙර, ගාමිණිගේ පිළිතුරම කඩිනම් විය.... මේ කාලෙ චිත්‍රපටයක් සාර්ථකව දුවනව කියන එක... අපි එදාට වඩා අද අගය කළ යුතුයි...!
මං ඹඪඵඩ කරා කියල කියන්න..! යනුවෙන්, ගම්භීර ලෙස ප්‍රකාශ කරමින්, සරසවි චිත්රාගාරයෙන් බැහැරව ගියේය.
මා කලින් කිව් ලෙස, බටහිර සිනමාවේ ජෝන් වේන් නම් චරිතය ආදර්ශයට ගෙන වීරත්වය මුසු-ක්‍රියාදාමයන් ඩඥපධඪඵථ-චජබඪධද නචජඬඥඤ සිංහල රිදීතිරය මත මවන්නේනම්, දේශිය සිනමාවට හොඳ කලදසාවක් එළෑඹෙනු ඇත.
ආර්නෝල්ඩ් ස්වෝසර්නේගර්, වින් ඩීසල් සහ චාර්ල්ස් බ්‍රොන්සන් වැන්නවුන් තම සිනමා කෘති සඳහා පාදක කරගන්නා ලද්දේද ජෝන් වේන් ගේ චිත්‍රපට නොවේද යන්න සොයා බලන්නේ නම් මැනවි..!
කරුණු එසේවූ සඳ - ඉමහත් වෑයමක් දරමින්, 1989 රන්දෙණිගල සිංහයා, 1991 ඇසළ සඳ, මා ඔබේ හිතවතා, 1992 කදිරා, සහ 1993 වැළි සුළඟ යන චිත්‍රපට සඳහා තනි නිෂ්පාදනයෙන් දායක වූ ජීවාන්, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සමග, 1999 දී, කොටි සනා නිපදවීමට සම නිෂ්පාදක ලෙස සහභාගි වෙමින්, සිංහල සිනමා කර්මාන්තයට ප්‍රබල ශක්තියක් ගෙන දුන් බැව් හෙළිදරව් කළ යුතුය.
එමෙන්ම, ජීවාන් වෙනුවෙන්ම බොක්ස්-ඔෆීස් වාර්තාගත චිත්‍රපට රැසක් නිපදවූ, සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගෙන් ඔහු ලද අනුග්‍රහය ද, දේශිය සිනමාව ලද ශක්තිය ද මිල කළ නොහැකිය...!
මේ අතර, 1984 දී අප මහා සිනමාකරු ටයිටස් තොටවත්ත ගේ රන් කහවනු, බර්ට්‍රම් නිහාල් ගේ අමරපුරය, හිඟන කොල්ලා මෙන්ම, සුදු පරෙවියෝ, චන්දන සමරසේකරගේ ඉකිබිඳීන සමනළී, තිශුලදීප තඹවිට ගේ කප නස්නා සමය, ශ්රියාණී අමරසේනගේ මයුර අසපුව සහ 2000, වසරේදී පද්මසිරි කොඩිකාර නිර්මාණය කළ වැලිකතරට අලුත් ඉරක් වැනි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් විචාරක පැසසුම් ලත් ටෙලි නාට්‍ය තුළින්, ජීවාන් කුමාරණතුංග යන සන්නාමය මහජනතාව අතර වඩා ප්‍රචලිත වීමෙන්, රූපවාහිනී මාධ්‍යයද පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට - ජීවාන් හට වැඩි කලක් ගතවූයේ නැත.
එහෙත්, මෙරට සම්භාව්‍ය සිනමාවට ජීවාන් කුමාරණතුංග ගේ රංගන කෞශල්යයයේ (චජබඪදඨ ජචනචජඪබර) ධාරිතාව හඳුනාගැනීමට, තවත් බොහෝ කලක් ගතවනු නියතය.
1990, සරසවිය චිත්‍රපට සම්මාන උලෙළේ වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ජීවාන් කුමාරණතුංග නළුවා විසින් හිමිකරගත් අතර, 1993-94, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ධූරය ද, 1994-2015, දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද, 1994, යෞවන කටයුතු ක්‍රීඩා හා නියෝජ්‍ය අමාත්‍ය, 1997, සමෘද්ධි යෞවන කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ද, 2000, වසරේ, යෞවන කටයුතු අමාත්‍ය යන ධූරයන් හෙබවූ අතර, 2001, නිවාස හා ක්‍රීඩා අමාත්‍ය, 2004, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය, 2005, යෞවන කටයුතු හා ක්‍රීඩා කැබිනට් නොවන අමාත්‍ය, 2007, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, 2010, තැපැල් - තැපැල් සේවා හා විදුලි සංදේශ යන අමාත්‍ය ධූරයන් ද හොබවමින්, අප කථානායක ජීවාන් කුමාරණතුංග මැතිතුමා දේශපාලන කරළියේද සැලකිය යුතු පිළිගත් චරිතයක් බවට පත්විය.
රටක ඉතිහාසයටද, හෝ වර්තමානයටද හෝ නැත්නම්, අනාගතයට හෝ එබිකම් කර බැලුවොතින් වීර චරිත සම්ප්රදාය ඒ ඒ රටවල සංස්කෘතිය සහ කලාව වර්ධනය කරවීමට මහත් රුකුලක් වී ඇති බැව් - කිසිදා වසන් කළ නොහැකි කරුණක් ලෙස පෙනීයත්දී, බොහෝ රංගන ශිල්පීන්ට (මෙරට සහ පිටරට) නොකළහැකි දේ නම් වීර චරිතයට ප්‍රවිෂ්ඨ වීමයි. එයට, සුවිශේෂී දක්ෂතමක් උපතින්ම ගෙන ආ යුතුය. ජීවාන් රඟපෑ රෝයි ගේ හිතහොඳ කොල්ලෙක් තිරගතවීමත් සමඟම, රිදීතිරය මත වීරත්වයෙන් ආඩ්‍යය වූ, ඔහු වෙත දිගින්-දිගටම වීර චරිත ගලා ආවේ නිරායාසයෙනි.
බොහෝ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට ජීවාන් ගෙන් දින ලබාගැනීමට පෝලිමේ සිටිය යුතු කාලයක්ද නිර්මාණය විය. දිනකට අඩු තරමින්, දිවා-රෑ නොබලා චිත්‍රපට දෙකක හෝ වැඩ කිරීමට ජීවාන් ට සිදුවිය. එය මා දකින්නේ අප සිනමාවේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක රන් සළකුණක් ලෙසිනි...! බොලිවුඩයේ එක්තරා කලෙක අමීතාබ් බච්චාන් ද එබන්දකි...!
මෙකල, ජීවාන්ට එරෙහිව, කරට-කර සටන් වැදුනේ සනත් ගුණතිලකයන් සහ ශෂී විජේන්ද්රයන් පමණි. ඒ අතර, චිත්‍රපට දෙක-තුනක රඟපා තිරයෙන් ඉවතට විසිවී ගිය නළුවන්ද නම් වශයෙන්ම ලකුණු කළ හැකිය.
පොදුවේ ගත්කල වීරයා යන සංකල්පයට රාමු ගතවුවද, ඊටම ගැළපෙන ජීවාන්ට ආවේණික සටන් ක්‍රමවේදයන්ගෙන් සහ ප්‍රාණවත් දෙබස් උච්චාරණයේ බලමහිමයෙන් - රිදීතිරය මත ඔහුගේ ගමන් මග එළි-පෙහෙළි වූ බැව් සැකහැර කිව යුතු අතර, ඔහු පිළිබඳ ‘වෙළඳ නාමයක්’ ලෙසින්, නුදුරු දිනක සිනමා ඉතිහාසයේ ලියැවෙන්නේ, බොක්ස්-ඔෆීස් ජීවාන් ග ඕධයධටටඪජඥ ණඥඥමචචදඝ යනුවෙන් බැව් පැහැදිලිවම කිවහැකිය.
තවද, මෙම ලිපිය - ලියන ලියුම්කරු, ජීවාන්ගෙන් කරන ඉල්ලීමයි.. මේ...!
වීරත්වය තුළින්, සිනමා දිවිගමනේ, දිගු ගමනක් ඔබ යායුතුව ඇත...!!!
එමෙන්ම - දේශිය සිනමාවට ජීවය පිඹින ජීවා හැදූ - ජීවාන්, හෙට දවසේ රිදීතිරය බබළවන අධ්‍යක්ෂවරයෙකු බවට පත්වන බව, සක්-සුදක්සේ පැහැදිලිය...!
එලෙසම, අප සිනමාවේ එක්-එක් යුග ඔපවත් කරමින් දේශිය සිනමා කර්මාන්තය ඉදිරියට රැගෙන ආ, යුගල පද සැලකිල්ලට ගත්කල....
එඩී-රුක්මණි,
ගාමිණි-සන්ධ්‍යා,
විජය-මාලිනි,
රෝයි-සුමනා,
රන්ජන්-දිල්හානි,
ඇලෙක්ස්-සෝනියා,
සනත්-සබීතා මෙන්ම, ජීවාන්-අනෝජා යුගයක් ද බිහිකොට වාර්තාගත, බොක්ස්-ඔෆීස් චිත්‍රපට ගණනාවකින් සුවහසක් රසික ජනයාගේ ඇස් ඉදිරිපිට පෙළහර පෑමට අප කථානායක
ජීවාන් කුමාරණතුංග සමත්විය...!
බොක්ස්-ඔෆීස් ජීවාන්, ඔබට ජය..!!!
සේයාරූ - නිශ්ශංක විජේරත්න