වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ

පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන් මිදුණේ
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
ලොවෙහි ඈත අනන්තේ
පැලක් කුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා
මගේ දුකක් නොදැනී
අරන් එමී ඔබ කැන්දා
ඇසිල්ලකින් පැමිණි
සුරූපී දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
වඩාලා දෝත පුරාලා
පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම්
ලදල්ලකින් සුව සේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
අපේම පාළු විමානේ
නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා
ඔබේ දෙතොල් බඳුනේ
එබෙන්නෙමි රස මදිරා
පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ
පෙම්බර මධු මගේ
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී නද - පී.එල්.ඒ. සෝමපාල
ගී හඬ - වික්ටර් රත්නායක
චිත්‍රපටය - පෙම්බර මධූ
ආදරයකට පුළුවන් කෙනෙක්ව ජීවත් කරන්න වගේම විනාශ කරන්නත් ආදරය කියන්නෙම හරිම ප්‍රබල හැඟීමකට. තමන් ආදරය කරන කෙනාව නිරතුරුවම දෙනෙතින් දකින්න පුළුවන් හැබෑ ලෙසම හදවතේ ඉන්නවානම්. මේ ගීතයෙන් කියැවෙන්නේ එවැනි් සැබෑ ආදර බැඳීමක මනෝමය සිතිවිල්ලක්, පෙම්වතා විඳින ආකාරයයි.
එකිනෙකා හමු නොවුණත්, වෙන් වුණත් සැබෑ ආදරයක් හදවතින් ඉවත් කරන්නට පුළුවන්කමක් නැහැ. කොයි මොහොතෙත් තමන්ගේ ආදරය, පෙම්වතිය, පෙම්වතා හදවතේ ඉන්නවා. දෙනෙත් අබිමුව මැවී මැවී පෙනෙනවා.
මේ ආදර කතාවෙන් මේ වෙනකොට පෙම්වතිය ඔහුගෙන් ඈත් වෙලා. ඔහු තනිවෙලා. ඇය ඔහුගෙන් වෙන් වුණත්, ඔහු ඇයගෙන් වෙන්වෙලා නැහැ. හැම මොහොතකම ඒ සුරූපී රුව ඔහුට මැවී මැවී පෙනෙන බව ඔහු පවසයි.
මේ ලෝකේ කොහේ හෝ ඈත කෙළවරක ඇය ඔහු ගැන දුකක් හැඟීමක් නැති ලෙස සැඟවී සිටියත්, ඇය සොයා ඔහු එන බව පවසන අයුරු අපුරුය.
අරන් එමී ඔබ කැන්දා
ඇසිල්ලකින් පැමිණි...
ඇයව ඔහුගේ කරගන්න ඔහු තුළ පවතින සිතිවිල්ලට පණ පොවන අයුරු කදිමය. ඇයව කැන්දාගෙන එන්නයි ඔහු කැමැති. ඒ ඔහු ඇයට සැබැවින්ම පේ‍්‍රම කරන නිසයි. ගීතයෙන් ආදරය, පේ‍්‍රමය, ශෘංගාරය, සම්භෝගය, ඉතාම රසවත්ව හැඟුම්බර ලෙස උද්දීපනය කර ඇති අයුරු අපූරුය.
වඩාලා දෝත පුරාලා
පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසමි
ලදැල්ලකින් සුව සේ
සුරූපී දේහ විලාසේ
මැවේ මවේ නයනේ...
ගැහැනියකට පේ‍්‍රම කිරීම, කලාවක් නම්, ඒ කලාවට උපරීම රසයක් වින්දනයක් ලබාදෙන්න වගේම ඇයව සතුටට පත් කරන්න ඔහුට කළ හැකි හැමදේම කරන්න මේ පේ‍්‍රමවන්තයා කැපවී සිටියි. ඔහුගේ මනෝ ලෝකය තුළ ඔහු ඇයට පේ‍්‍රමකරන ආකාරයත්, ඇගේ ප්‍රේමය විඳින ආකාරයන් පේ‍්‍රමණීයයි.
කාත් කව්රුත් නැති, ඔවුනටම වෙන්වුණු ලෝකෙක ඔවුන් ජීවිතය විඳින අපූරුව ඔහු මනසින් දකියි. ඔහුගේ සිහිනය ඇයයි. ඒ සිහිනය හිමිකර ගන්නට, ඔහු දකින සිහිනය හා ඒ තුළ ජීවත්වන ඔහුගේ ආදරණීය හැඟුමන් හා සම්භෝගයේ හැඟුමන් ප්‍රහර්ශය ඔහු අත්විඳින අයුරු කදිමය. ඇයව හිමිකර ගන්නට ඔහු බොහෝ කලක් බලා සිටි බවත්, ඒ මොහොත උදා වී ඇති බවත් පවසන අයුරු මනරම්.
මේ සියල්ල ඔහුගේ මනෝ මුලික සිතිවිල්ලකි. ඒ සිතිවිල්ල තුළ ඔහු පේ‍්‍රමය විඳින අයුරු ඉතාම හොඳින් දැනෙන ලෙස ලියන්නට ගේය පද රචක, කරුණාරත්න අබේසේකරයන්ට හැකි වී තිබීම ඔහුගේ සාහිත්‍යමය පරිකල්පනයේ විශිෂ්ටත්වය මොනවට කියාපායි.
එසේම මෙම ගීතයට සංගීත නිර්මාණය කළ ජී.එල්.ඒ. සෝමපාල මෙරට සිටි තවත් ප්‍රවීණ සංගීතඥයකි. ඔහුගේ මධුර තනුව හා මුසු වුණු සංගීතයට විශිෂ්ට සාධාරණයක් ඉටු කිරීමට ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ගේ මධුර මනෝහාර භාවමය, හැඟුම්බර හඬ මුසුව දක්වන සමත්කම හේතුවෙන් දශක හතරකට ආසන්න කාලයක් පුරා අදටත් එකසේ රසවිඳින ‘අමරණීය’ ගීතයක් බවට ගීතය පත් වී තිබේ.
හන්තානේ කතාව සිනමාවට නඟමින් සිංහල සිනමාවේ මැද මාවතේ සිනමාකරුවෙකු ලෙස විශිෂ්ට සිනමා නිර්මාණ හෙළ සිනමා වංශකතාවට එකතු කළ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ දෙවන චිත්‍රපටය පෙම්බර මධුය.
1977 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය එවක ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපටයකි. අවසානයන් දෙකක් සහිතව, එනම් දුඛාන්තයකින් හා සුඛාන්තයකින් යුක්තව තිරගත කළ මෙරට ප්‍රථම චිත්‍රපටය මෙයයි.
මෙම චිත්‍රපටය එවකට රැඟුම් පාලක මණ්ඩලයේ දැඩි අවධානයට ලක් වූ හා නැවත සංස්කරණයට ලක් වූ ආන්දෝලානාත්මක චිත්‍රපටයකි.
විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිත රඟපෑ මෙහි සෙසු චරිත ලෙස ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, හයසින්ත් විජේරත්න, රාජා සුමනපාල, ශාන්ති ලේඛා ඇතුළු නළු නිළියෝ රැසක් රංගයෙන් දායක වූහ.
සුන්දර ආදර කතාවකට තුන්ැවන්නෙකුගේ පැමිණිමත්, සිදුවීමෙන් ඒ ආදර කතාව අතර මග නතර කර දැමීමට මධුට සිදුවේ. සේනක කෙරෙහි මධු තැබූ විශ්වාසය ඩල්සි නිසා බිඳී ගියත්, සේනක මධුට අසීමිතව ආදරය කරයි. කවදා කෙසේ හෝ ඇය හිමිකර ගැනීමට ඔහු බලා සිටියි.
සේනක අතහැර යන මධුට අවසානයේ නැවත සේනක හිමිවීම මෙම චිත්‍රපටයේ සුඛාන්තයයි.
මධු සොයා පැමිණෙන සේනක කන්දකින් වැටී මිය යෑම මෙහි දුඛාන්තයයි.
අත්හදා බැලීමක් ලෙස මෙම දෙවිධියටම චිත්‍රපටයේ අවසානය රඟ දැක් වූවද, වැඩි පේ‍්‍රක්ෂක මනාපයක් මෙහි සුඛාන්තය සහිත අවසානයක් ඇති චිත්‍රපටයට හිමි විය.
සුමිත්ත අමරසිංහයන්ගේ විශිෂ්ට කැමරාකරණයන් ජයතිස්ස දිල්ලිමුණිගේ සංස්කරණයත්, ඇන්තනී පීටර් හෙට්ටිආරච්චිගේ කතා පිටපතකට අනුව, පියසේන වික්‍රමගේ හා වසන්තා පතිරගේ විසින් මෙහි තිර රචනයත් සිදුකර තිබේ.
සිනමා වංශකතාවේ ස්වර්ණමය යුගයක බිහි වූ ආකර්ෂණීය, ජනපි‍්‍රය සිනමාපටයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්විය හැකිය.