වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
කැලේ පිපුණ මල්වලට මං විශාල වේදිකාවක් ඉදිකළා

පුවත්පත් කලාවේදිනියක ලෙස ඇය මාධ්‍ය ක්ෂේත්‍රයේ ගමන ආරම්භ කරයි. ජාතික තරුණ සේවා සභාවේ තුරුණු ශ ක්ති නිෙව්දන තරගාවලියෙන් ජයගෙන ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් විය.එදා සිට අද වන විට පියවරෙන් පියවර ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකාවකගේ තනතුර දක්වා පැමිණි සිටියි. ගුවන් විදුලියේ මහගෙදරින් විද්‍යුත් මාධ්‍යයේ ආරම්භ කළ සුන්දර ගමන තුළ බාධක කම්කටුළු බිඳ දා ගනිමින් රටට වැඩදායි ළමයි පිරිසක් බිහි කරන පුරෝගාමි ශිල්පිනියක් විය. ඈත පිටිසර ගම්මානවල දක්ෂතාවයන් තියෙන දුවා දරුවන් වෙනුවෙන් ගුවන් විදුලි රුවනාර සහ සමනල ලන්ද ළමා සමාජය බිහි කරන්නට විය. එහෙයින් මේ වන විට කලා හැකියාවන්වලින් ද ඔබ්බට ගිය දස දහසකට වැඩිය ළමා පරපුරක් සමාජගත කර ඇත. ළමා වැඩසටහන්වලට අමතරව විවිධ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස ද ජනාධිපති සම්මාන, රාජ්‍ය සම්මාන, මෙන්ම විවිධ සම්මානනීය නිෂ්පාදිකාවක් බවට පත්විය.
ඇය ප්‍රියන්තනි ගමගේ යහම්පත්ය.
ඔබගේ ගමන ගැන සිහිපත් කළොත්?
මම හැදුණේ වැඩුණේ මාතර නාකුට්ටිය ගමෙයි. අපේ පුංචි පවුලේ හතර දෙනයි. අයියයි, මායි, අම්මයි තාත්තයි. මගේ ප්‍රාථමික අධ්‍යාපනය සිදු වුණේ තල්පාවිල මිහිඳු ආදර්ශ විදුහලෙන්. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ මට උසස් පෙළ අධ්‍යාපනය සඳහා මාතර සුජාතා විදුහලට ගියා. කලා විෂය ධාරාව මගේ ප්‍රියතම විෂය ධාරාව බවට පත්වුණා. මේ කාලසීමාව තුළදී මම පාසලේදී විවිධ කලා විෂය ධාරාවන් තුළින් හැකියාවක් පෙන්නුවා. ඒ ලබපු පන්නරය නිසාම තුරුණු ශක්ති වේදිකාවට ගොඩවෙන්නට අවස්ථාව ලැබුණා. ඒ ජයග්‍රහණයත් සමඟම මම ජාතික තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව හදාරන්නට පටන් ගත්තා. පාසලෙන් ලබපු පන්නරයයි ජාතික තරුණ සේවා සභාවෙන් ලබපු අත්දැකීම් නිසා පෙරදා සිහිනයක් වූ මාධ්‍යවේදිනියක් වීමේ අවස්ථාව උදා වුණා.
2000 වසරේ ඔබට සුවිශේෂී අවස්ථාවක් හිමි වෙනවානේද?
මම අර ඉස්සෙල්ලා කියපු සිහිනයට ළඟා වෙන්නට මාවතක් හෙළිවුණා. ජාතික ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක් ලෙස එකතු වෙන්නට අවස්ථාව ලැබුණා. මේ කාලසීමාවේදිම මට කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට හැකියාව ලැබෙන්නේ. ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නෙත් වැඩ කරන අතරදිමයි. ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනිමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත නිවේදිකාවක් ලෙස වැඩ කරනවා. පසුව මම කළ වැඩ දැකලා ටික කාලයක් ගියාට පස්සේ මාව ස්ථිර සේවකයෙක් බවට පත්කරනවා. මේ ආපු ගමන හරිම සුන්දරයි. අමිහිරි අත් දැකිම්ද විඳගෙන තමයි ඇවිල්ලා තියෙන්නෙ.
ඒ කාලසීමාව තුළදී කළ නිර්මාණ ගැන මතක් කරන්න කැමතිද?
නිෂ්පාදනය කළ වැඩසටන් සහ නිවේදන කටයුතුවලට ශ්‍රාවකයා හරියට කැමැත්තක් දැක්වුවා. ඒ දවස්වල ගුවන් විදුලියේ දුරකතනයට නිවාඩුවක් තිබුන් නෑ කියලා කියන්න පුළුවන්. එක දුරකථන ඇමතුමක් අරගෙන ඉවර වෙනකොට තප්පර ගාණකින් නැවතත් දුරකථන ඇමතුමක් එනවා. එදා ඉදිරිපත් කර කළ වැඩසටහන් හරිම සාරවත්. හොඳ ප්‍රබුද්ධ පිරිසක් ශ්‍රවණය කරා. සුභාරතී, නවයයි පහළොව, පුවත් කවුළුව, අරුණුවලා යට, ශනිදා හමුව, මැදමිදුල, කතාවෙන් කතාව, යට ගිය දවස, ලිය පැහැ සරණිය, නිපුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, සාක් පුවත්, කුරුබිලිය යන වැඩසටහන් කාගෙත් අතර ජනප්‍රියත්වයට පත් වුණා.
ඔබ නිෂ්පාදනය කළ සමනල ලන්ද සහ රුවනාරා ළමා සමාජය වැඩසටහන් දෙක ජනප්‍රියත්වයට පත්වුණා නේද?
මේ වැඩසටහන් දෙක පටන් ගත්තෙ දිවයිනේ නන්දෙසින් ඉන්න දක්ෂතා තියන ළමයින් හැකියාවන් වැඩි දියුණු කිරීම වෙනුවෙන්. ගොඩක් දෙනකුගේ බලාපොරොත්තුව තියෙන්නේ ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා කියන්නේ ගායකයෙක් වෙන්න හෝ නිවේදකයෙක් වෙන්නයි. මෙතන තියෙන්නේ ඊට වඩා එහා ගිය අරමුණු ඔස්සේ දරුවන්ව රැගෙන යාමයි. ඕනම ක්ෂේත්‍රයක රැකියාවක් කළත් සන්නිවේදනය හා අදහස් හුවමාරු කිරීමේ හැකියාව ඉතාම වැදගත් වෙනවා. අද ලෝකයේ දිහා බලන විට බොහෝ ගැටලුවලට හේතු සාධක වෙලා තියෙන්නෙ මේ සන්නිවේදන ප්‍රශ්න සහ අඩුපාඩු හා දුර්වලතායි.ඒ නිසා මෙතැනට එන ඈත පිටිසර පළාත්වල දරුවන් සහ නාගරීකරණය ජීවත්වන දරුවන් වෙනුවෙන් චිත්‍ර මාධ්‍යයෙන්, සංගීතයෙන්.නර්තනයෙන්, මෙන්ම ඕනම මාධ්‍යයකින් අවස්ථාව ලබා දීලා ඒ ඔස්සේ ඒ දරුවන්ගේ කුසලතාවන් වැඩිදියුණු කරගන්නට අවස්ථාව දීලා තියෙනවා.
සම්බන්ධවෙන දරුවන් මොන වගේ පළාත් වල ද, වැඩසටහන තුළින් ලබා දෙන්නේ මොනවාද ?
පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, වව්නියාව, මන්නාරම, පුත්තලම කල්පිටිය, අම්පාර, හම්බන්තොට, මොණරාගල වැල්ලවාය, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, දඹුල්ල-මාතලේ, නුවර ගම්පොල, නාවලපිටිය, හැටන්, ගිනිගත්හේන වැනි ඈත පිටිසර පළාත්වල දරුවන් තමයි ගුවන් විදුලි සංස්ථාව අරින්නත් ඉස්සෙල්ලා ප්‍රධාන ගේට්ටුව ගාවට ඇවිල්ලා ඉන්නේ උදේ හය හයහමාර විතර වෙද්දි. මේ වැඩසටහන සැලසුම් කරල තියෙන්නෙ දරුවන්ට විතරක්ම නෙවෙයි. දෙමව්පියන්ටත් එක්කයි. දෙමාපියන්ට අත්‍යවශ්‍ය වෙන ජීවිතයට කරුණු සහ මානසික සුවය වෙනුවෙන් මේ වැඩසටහන දරුවන් එක් ගතකරන්නෙ කොහොමද කියන එක. සමාජගත කරන්නේ ඔවුන්ව කොහොමද ? තම දුව පුතාට අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද? ඔවුන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා කරන සියල්ල මේ වැඩසටහන් තුළින් ක්‍රියාත්මක කරනවා. ජීවිතයට අවශ්‍ය වෙන කරුණු කාරණා කිසිම මාධ්‍යයකින් එහෙම හම්බ වෙන් නෑ කියලා මම හිතනවා. දෙමාපියන් සහ දරුවන් සිය කැමැත්තෙන් මේ වැඩසටහන්වලට සහභාගි වෙන්නේ. ඒ සියලු දෙනාගේම හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට හොඳ අවස්ථාවක් ලැබෙන නිසා. ඔවුන්ගේ කුසලතාවන් වැඩිදියුණු කර ගැනීම තුළින් දැනට දරුවන් දහ දාහකට වැඩි පිරිසක් සමාජගත කරලා තියෙනවා. 2007 වර්ෂයේ ආරම්භ කරපු වැඩසටහන මේ 2022 වසර දක්වා නොකඩවාම කරගෙන ඇවිත් තියෙනවා. ඉස්සෙල්ලා තිබූ ළමා සමාජ, තරුණ සමාජ, පාසල්වල තියෙන සමිති සමාගම්වලට එහා ගිය යමක් මේ තුළින් දරුවාට ලැබෙනවා. අද ගොඩක් සමිති සමාගම් පිහිට වුව ද, දුවා දරුවන් ඒ දේවල්වලට යොමු කරන්නට දෙමව්පියන් මැළිකමක් දක්වනවා විශ්වසනීයත්වයක් නැති නිසා. කැලේ පිපුණු මල් වලට කිසිම භේදයකින් තොරව එකම වේදිකාවක් තුළින් ඉදිරියට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විශ්වසනියත්වය නිසා 2019 වසරේ හොඳම ළමා වැඩසටහන ලෙස රුව නාරා ළමා වැඩසටහන ජනාධිපති සම්මානය සඳහා නිර්දේශ වුණා. මේ සමගම කරන සමනල ලන්ද වැඩසටහන ඒ අවුරුද්දෙම හොඳම ළමා වැඩසටහන ලෙස ජනාධිපති සම්මානය ලැබුණා. මේ වැඩසටහන් දෙකම මගේ නිර්මාණයන් වන නිසා මට ලොකු සතුටක් දැනුණා.
ජනාධිපති සම්මානයට නිර්දේශ වු හා සම්මානය ලබපු වැඩසටහනත් මොන ආකාරයෙන්ද විසුරුවා හරින්නේ. ඔවුන්ට මොනවගගේ මාවතක් ද හෙළි පෙහෙළි කරල තියෙන්නේ?
මේ වෙනවිට වැඩසටහන් හැටකට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් ද නිෂ්පාදනය කරලා තියනවා. ළමා සමාජය ආකෘතියට වැඩසටහන නිර්මාණය කරාට ළමයින් වෙන් කරලා නැහැ. ඕනෑම දරුවකුට විවෘතයි මේ වැඩසටහන. මාසෙට එක වතාවක් පමණයි වැඩසටහන ප්‍රචාරය වෙන්නේ. මෙතන එකතුවෙච්ච පිරිසකුත් ඉන්නවා එක්තරා විදිහකට. මේ වැඩසටහන් දෙකටම සහභාගි වන දරුවන් මම රුවනාර මම සමනල ලන්ද කියලා වෙන් වෙලා ඉන්න පිරිසක් නෙවෙයි. හැමෝමත් එක්ක එකට ගනුදෙනු කරන දරුවන් පිරිසක් ඉන්නේ. දෙමාපියන්ට හා දරුවන්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම පවත්වන හැම වැඩසටහනකදිම සිදු කරනවා. මේ නිසා වෙනත් මාධ්‍යවලටත් මේ කට්ටියට අවස්ථාව ලැබෙනවා. ඔවුන් ඒ අවස්ථාවන්ද ලබාගෙන හොඳ ගමනක් යනවා. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවලට සහ රූපවාහිනි නාලිකාවලට යනවා. කිසිම විටක තහංචි දැමීමක් මේ වැඩසටහනට සහභාගි වන දරුවන්ට දාල නෑ. දක්ෂතා තියන දරුවන්ට නාට්‍ය වලට චිත්‍රපටිවලට වේදිකාවලට යන්න ඉඩ හසර හොඳටම මේ තුළින් සලසලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගුවන්විදුලි නාට්‍යවලට, හඬකැවීම් ශිල්පීන් ලෙස සහභාගි වෙන්නට තම තමන්ගේ දක්ෂතාවය අනුව විසිරී පැතිරී යන්නට ලැබිලා තියනවා. ඒත් හැම දරුවෙකුටම මූලිකම අඩිතාලමක් අවශ්‍ය නම් මේ අඩිතාලම අපි නියමාකාරයෙන්ම සකසලා තියෙනවා. ළමයින් තුළ විශ්වාසය ගොඩනැගීමට හොඳම අවස්ථාවක් ලබාදීලා ජාතික තලය දක්වා මේ දරුවන් මේ වන විට රැගෙන ගොස් තිබෙනවා. ඒ කරුණු පදනම් කරගෙන තමයි මේ වැඩසටහන නිෂ්පාදනය කරන්නේ.
මේ වැඩසටහනට සහභාගි වෙනවා නම් දරුවකු කොහොමද සහභාගි විය යුත්තේ?
මීට ප්‍රථම මේ වැඩසටහන් දෙකටම සහභාගි වුණේ ලිපි එවීමෙන් තෝරාගන්නා ලබන දරුවන්. තෝරාගන්නා ලබන දරුවන් කියලා සඳහන් කළේ වයස සීමාව නිසයි. මෙම වැඩසටහනට සහභාගි වන දරුවන්ගේ වයස අවුරුදු අටත් 19ත් අතර දරුවන්ට තමයි අවස්ථාව දීලා තියෙන්නේ.කුඩාම දරුවන් මෙයට සහභාගි වෙන්නට කැමති. නමුත් මෙතන වයස් පරතරයක් එක්ක වැඩසටහන කරගෙන යන්න බැරි නිසා තමයි වයස් සීමාවක් දාල තියෙන්නෙ. මෙම වැඩසටහන උදේ 8ට පටන් ගත්තාම හවස 4:00 දක්වා ක්‍රියාත්මක වෙනවා.ඒ නිසා කුඩා දරුවන්ට එච්චර කාලසීමාවක් රැඳෙන්න අමාරුයි. මේ වැඩසටහනට තරාතිරමක් නෑ. දක්ෂතාවය තියෙන ඕනෑම දරුවකුට ඕනෑම ප්‍රදේශයකින් එන්නට පුළුවන්.තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න උනන්දුවන ඕනම කෙනෙකුට ගුවන් විදුලි සංස්ථාවේ ඒ දොර ඇරිලා තියෙනව.ඒ දොර ඇරුණ නිසා පසුගිය කාලේ මගේ මග පෙන්වීම හා පුහුණුවීම් ලැබූ නිසා ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ දි මේ වැඩසටහනට සහභාගි වූ දරුවන් දෙදෙනකු වන චමත් පියුමාල්, සමිනි විදර්ශා මාතර ආරච්චි හොඳම ළමා ශිල්පීන් ලෙස සම්මානයට පාත්‍ර වුණා. දක්ෂතා තියෙන දරුවන් පිරිසක් එකතු වී නිර්මාණය කරපු වාද්‍ය වෘන්දයක්ද මෙහි තිබෙනවා. ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සංවිධායක වශයෙන් මම සඳහන් කරනවා. ඕනෑම දරුවකුට මෙයට සම්බන්ධ වෙනවා නම් මගේ වට්ස් ඇප් නොම්බරය 0772961565 හරහා සම්බන්ධ වෙලා මාව දැනුවත් කරන්නට පුළුවන්.
ඔබේ නවතම වැඩසටහන ගැන සඳහන් කරන්න කැමතිද?
ප්‍රභාතය, ජන රාවය, ගුවන්විදුලි පුරාණය, සරසවි රැස් වළල්ල, හිරු නිවෙනා හැන්දෑවක, රුවනාර ළමා සමාජය සහ සමනල ලන්ද, ලෝකව ලෝකනය, පෙරවදන සත්ව රාවය, විශ්ව ශ්‍රවනි, ඉරිදා සංග්‍රහය, ඉරිදා ගීත උදානය, උදා ඉර නවතම වැඩසටහන් ලෙස මම ගෙන එනවා. හොඳ ශ්‍රාවක ප්‍රතිචාර මේ වැඩසටහන් සියල්ලටම ලැබෙනවා. ජීවිතයට අපි එකතු කරගත් අත්දැකීම් හා ප්‍රායෝගික දේවල් මේ වැඩසටහන් තුළින් අපි ලබා දෙන්නේ. දැනුම සොයන දුවා දරුවන්ට සහ මිනිසුන්ට තම විශ්ව කෝෂයට අවශ්‍ය බුද්ධිය ලබා දෙන්නට හැම වැඩසටහනකින් ම බලාපොරොත්තු වෙනවා. විද්වතුන්, බුද්ධිමතුන්, ප්‍රාඥයන්, විවිධ ආගමික නායකයන්, සමාජ ක්‍රියාකාරිකයන්, කලාකරුවන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් මේ වැඩසටහන්වලින් සම්බන්ධ කරගෙන දැනුම ලබා දෙන්නේ. ශ්‍රාවකයන් බලාපොරොත්තු වෙන දේ දෙන්න පුළුවන් නම් තමයි වැඩසටහනක් සාර්ථක වෙන්නේ. මේ සියලු වැඩසටහන් විසුරුවා හරිනු ලබන්නේ ස්වදේශීය සේවයේජ්ර්. 91.7සහ 91.9යෙන්ය.
නිෂ්පාදිකාවක, නිවේදිකාවක ඔබ්බට ගොස් ඔබ නිළි කාරියත් නියෙළෙනවා නේද?
ඔව් මම නිවේදිකාවක් මෙන්ම නිෂ්පාදිකාවක් වන අතර ගීත රචිකාවක්, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්. මුවන් පැලැස්ස. සම්බන්ධ වුණා. එමෙන්ම රූපවාහිනීයේ හඬ කැවීමේ ශිල්පිනියක් ද වුණා.හිරු සඳු ආදරේ, නෝරිකෝසං, මෑතක හඬකැවූ නාට්‍යයි. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකට දායකත්වය දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ සියලු දේවල් ම කරන්නේ මගේ රාජකාරි කටයුතුවලට අමතර කාලය යොදා ගෙනයි. මම හැමවෙලේම උත්සාහ ගන්නේ මගෙන් යමක් සමාජයට දෙන්න පුළුවන් නම් නම් ඒ දෙය කරන්න පමණයි.
වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙස නව පරම්පරාව කොහොමද දකින්නේ?
අපේ පරම්පරාව, පෙර පරම්පරාව තුළින් අපි ලබපු අත්දැකීම් හා ඉගෙන ගත්ත දේවල් නව පරම්පරාවේ බහුතරයක් ඉගෙන ගන්න කොහෙත්ම කැමැති නැහැ. විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය දෙකේම මේදේ තියෙනවා. ඔවුන්ගේ ලෝකයේ ඔවුන් ජීවත් වෙන්නේ. මොබයිල් ෆෝන් එකත් සමඟයි. පොත පත සහ මූලාශ්‍රවලින් දැනුම ලබා ගන්නේ නැහැ. ප්‍රවීණයන්ට ගරු කිරීමක් සිදු වෙන්නෙත් නැහැ. වෙනත් ලෝකවල ජීවත් වන පිරිසක් බවට පත්වෙලා ඉවරයි. විද්වතෙක් බුද්ධිමතෙක් සමඟ වැඩසටහනක් කරන විට ගවේෂණය කරලා තොරතුරු හොයාගෙන කතා කරන්නට කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නැහැ.බුද්ධිමත් ප්‍රවීණයන් අඳුරන් නැති පිරිසක් අලුත් පරම්පරාව. මේ එන සියලු දෙනාම ඒ ගණයට වැටෙන්නෙත් නැහැ. කිහිපදෙනෙක් හොඳ අවබෝධයෙන් වැඩ කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඔවුන් හරි උනන්දුයි. තමන් යන ගමන ගැන. ඒ කීපදෙනා හින්දා අපිට සතුටු වෙන්න දිනයකුත් තියෙයි කියලා හිතනවා. හැමවෙලේම උත්සාහ කරන්නේ ෆෝන් එකෙන් සම්බන්ධ කරගෙන වැඩසටහනක් මෙහෙය වන්නයි. එහි සාර්ථකත්වය අසාර්ථකත්වය ගැන අවබෝධයක් නැති හින්ද තමයි ඔවුන් මේ විදිහට වැඩ කටයුතු කරන්නේ.
මේ ආපු ගමනේ ශක්තිය වුණේ කවුද?
මම මේ ආපු ගමනේ මට ශක්තිය උණේ මගේ දෙමව්පියන් සමඟ සහෝදරයාත්, මට උගන්වපු ගුරුවරු සියලු දෙනාමත්, මගේ ආදරණීය ස්වාමියා සහ දරුවන් තමයි මට හැම වෙලේම පිටුපස්සෙන් ඉදන් උදව් කරන්නේ. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ මගේ හිත මිතුරන් සියලු දෙනාම මගේ මේ කටයුතු වලට උදව් කරනවා. ජීවිතය නොයෙක් බාධක හැල හැප්පීම් වෙලා වැටිලා, ගොඩ වෙලා ආපු ගමන හැරිලා බලනකොට ඇත්තටම සතුටක් දැනෙනවා දැන්. ඒ සතුට මම හරි නිදහසේ විඳීනවා දැන්. අපෙන් සමාජයට යමක් කළා නේ කියලා. ඉදිරියටත් පුළුවන් හැකි අයුරකින්ම ඒ දේ ඉෂ්ට සිද්ධ කරනවා.
මොනවද අලුත් වැඩකටයුතු ඉදිරියේදී?
දැනට ස්වදේශීය සේවය කරන වැඩ කටයුතු සියල්ලම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා අලුත් මුහුණුවරක් ඇතුව, ඒ වගේම මගේම ග්‍රන්ථයක් ඉදිරියේදි එළිදැක්වීමටත් බලාපොරොත්තු වෙනවා.