වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
ප්‍රහසනයද සුඛෝත්පාදකයද?

ප්‍රහසනය පිළිබඳ ඉංග්‍රීසි විශ්වකෝෂයේ දක්වා ඇති අදහස් අනුව බලන විට නාට්‍ය සාහිත්‍ය අංගයක් ලෙස ප්‍රහසනයට ලබා දී ඇත්තේ ඉතා අඩු අවධානයකි. එහි දක්වන අර්ථ විවරණයට අනුව ප්‍රහසනය යනු සිදුවිය හැකි යමක එල්බගෙන ගුටි කෙළි සහිත රඟපෑමෙන් සිනහ උපදවන සීමාන්තික ස්වරූපයක් ගන්නා නාට්‍ය විශේෂයෙකි. මිනිසුන්ගේ මෝඩකම්, දඩබ්බරකම් ආදී දුර්වලකම් උලුප්පා දක්වන, මිනිස් ගති පැවතුම්වලින් ඈත් නොවූ විකෘති අනුකරණයක් හෝ දුබල සිනහ රංගනයක් සහිත නාට්‍ය විශේෂයකි. ප්‍රහසනයේ සාහිත්‍යමය ගුණය හා වටිනාකම් අඩු ය. විනෝදාත්මක වටිනාකම් වැඩි ය.
සැඟවුණු අරුතින් (යටි පෙළෙහි විදහලන අරුත්) හා ව්‍යංගාර්ථවලින් හීන බැවින් සුඛාන්තය පරිවර්තනය කරනවාට වඩා පහසුවෙන් එය වේදිකාවට ද වෙනත් භාෂාවකට ද පරිවර්තනය හෝ අනුවර්තනය කිරීම පහසුය. එසේම එය කුටුම්භගත ජීවිතයේ පරපුරුෂ සේවනය හෝ පර භාර්යා සේවනය උඩ සකස් වුණු සිද්ධි හා අවස්ථා වලින් ගහණය. පැරණි රෝම ප්‍රහසනයේ ද නූතන මොලියර්, දාරියෝ ෆෝ, නීල් සයිමන් ආදී රචකයන්ගේ ප්‍රහසනවල මේ තත්ත්වය කැපී පෙනෙයි. ප්‍රහසනය පිරිහුණු සුඛෝත්පාදකය ලෙසද, අති නාටකය පිරිහුණු ශෝකෝත්පාදකය ලෙසද විචාරකයින් විග්‍රහ කරති. ප්‍රහසනය ගැන පවසන තවත් සාවද්‍ය මතයක් නම් “එය ලෙහෙසියෙන් රචනා කළ හැකිය“ යන්නයි. නමුත් රෝම ප්‍රහසනය ද මොලියර්, චෙකොව් ගේ මෝඩවිලා නාට්‍ය, ගොගොල් ආදීන්ගේ නාට්‍ය විමසන කළ එම අදහස සත්‍යයක් යැයි සිතිය නොහැක. දයානන්ද ගුණවර්ධනයන්ගේ “බක්මහ අකුණු“ හා ඊට මූලාශ්‍ර වූ කැනේ ඩී බෝමාෂේ ගේ ෆිගාරෝගේ විවාහය (ර්චපපඪචඨඥ ධට ජ්ඪඨචපධ) ලංකාව තුළත් විදේශීය රංග කලාවේත් විශිෂ්ඨ ප්‍රහසනයක් ලෙස අදත් සම්භාවනාවට පාත්‍ර වේ. දාරියෝ ෆෝ ගේ රංග කලාව ද ඉතාලියේ “කොමෙයිඩියා ඩෙලාර්තේ“ ප්‍රහසනයේ අනුභාවය ලැබූ දේශපාලන ප්‍රහසන (ර්‍ථධතඪබඪජචත ජ්චපජඥ) ගණයට අයත් අගනා නාට්‍යයෝ වෙති. ප්‍රහසනයේ ප්‍රෙභ්දයන් අතීතයේ සිට වර්තමානය දක්වා ද, පෙරදිග නාට්‍ය කලාවේ මෙන්ම අපරදිග නාට්‍ය කලාව දක්වා ද ගැමි නාට්‍යයේ සිට විදග්ධ නාට්‍ය දක්වා ද විහිදී ඇති බව එය ගැඹුරින් විග්‍රහ කිරීමේදී හඳුනාගත හැක.
ද්විත්ව
හාස්‍ය යනු කුමක්ද?
හාස්‍ය යනු රසයකි. එය හුදු වින්දනය ඉක්මවා ගොස් විඳින්නා ගැඹුරු අත්දැකීමක සාරවත් ඥාන ගවේෂණයකට පොළඹවාලන්නකි. කලාවේ විවිධත්වය පවතින්නේ හාස්‍ය රසයත්, එහි අනෙක් අන්තයේ වූ කරුණ රසයත් අතර සැරිසැරීමෙනි. කලා කෘතීන්හී අන්ත දෙක පවතින්නේ හාස්‍ය රසයෙන් මවන්නා වූ සුඛජනකයේත් කරුණ රසයෙන් මවන්නා වූ ශෝකජනකයත් අතරය. එහි සරල අන්ත දෙක වූ ප්‍රහසනය ද අතිනාටකය ද පවතින්නේත් හාස්‍ය රසයේත්, කරුණ රසයේත් සැහැල්ලු ප්‍රතික්‍රියාවන් අතෙර්ය. සරල වූ හා ගැඹුරු වූ යන අන්ත දෙක අතරේ පවතින හාස්‍ය රසය නම් කුමක්ද? එය ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධය ප්‍රහසනය ද සුඛෝත්පාදකය ද හඳුනා ගැනීමට වැදගත් වන්නේය.
හාස්‍යයේ බාහිර ප්‍රතික්‍රියාව සිනහාවයි. නමුත් පිටතට එන සිනහවෙන්ම හාස්‍ය රසය හදුනාගත නොහැක. සමහරවිට හාස්‍ය රසය යම් ප්‍රීතිජනකවූත් සතුටුදායකවූත් සොම්නස් සහගතවූත් ප්‍රතික්‍රියාවක් විය හැක. භරත මුනිවරයාට අනුව නළුවා විසින් රඟ මඬල තුළ ගොඩනගන්නා වූ “හාස“ නම් භාව ප්‍රකාශනය මුල් කොටගෙන රසිකයා තුළ ඇතිවන්නා වූ ප්‍රතික්‍රියාව හාස්‍ය රසය ලෙස පැන නගී.
නාට්‍ය වූ කලී ගද්‍යයෙන් ද පද්‍යයෙන් ද වූ මිශ්‍රණයකින් යුත් රචනාවකි. පැරණි නාටක වල දී නාට්‍ය රචනයේ හෝ පද්‍ය කොටස් ස්ථාවර වේ. කෝලම් සහ නාඩගම් වල එන කොට කවි සහ දිග කවි මෙයට නිදසුන්ය. එය හිටිවන කවි මෙන් කළ නොහැක. ගද්‍ය කොටස් සුදුසු ආකාරයට අඩු වැඩි කොට නළුවන්ට කියාපෑමට හැකිවන පරිදි සකස් වේ. ඒවා ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කරගත හැකි වන සේ නළුවන්ට උචිත ලෙස සකසා ගත හැක. ගැමි නාටක වල හාස්‍ය රසය මතු වන්නේ හිටිවන දෙබස්වල ප්‍රාණවත් බවිනි. හාස්‍ය ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගත හැකි ප්‍රබල අවියකි. හාස්‍ය නාට්‍ය නාට්‍ය කලාව ආරම්භක ප්‍රාථමික මොහොතේ සිට පවතින්නා වූ ප්‍රවේශයකි. පෙරදිග අපරදිග නාට්‍ය මූලයන් හී හාස්‍ය දනවන ජවනිකා රංගයක අනිවාර්ය අංගයකි. හාස්‍ය ඇතිකරන චරිත වලට සාමාන්‍ය ජනයා ප්‍රිය කළේය. විකටයා, කවටයා, විදුෂක, කෝලම් පැරණි නාටකවල බාල, තරුණ සහ මහලු ආදී සෑම ප්‍රේක්ෂාගාරයකටම ප්‍රිය වූවකි. විදුෂක වැනි චරිත ලෝකයේ සෑම රටකම ජාතික විකට චරිත ලෙස සකස් වූ බව ආර්. පිෂල් නම් විචාරකයා (අ. ර්‍ථඪජඩඥත, ඊඩඥ ඩ්ධථඥ ධට ඊඩඥ ර්‍ථභනනඥබ ර්‍ථතචර)දක්වයි. ඉතාලියේ නේපල්ස් හි “ පුල්චිනෙල්ලා“ (කොමෙයිදියා දෙලාර්තේ) ප්‍රංශයේ “පොලිෂිනෙල්“ නම් විකට නළු රංගය, ඉංග්‍රීසි ජාතීන් අතර “පුන්චිනෙල්ලො හෙවත් පන්චි නමින්ද, ජර්මනියේ දී කැස්පර් හෙවත් කැස්පර්ල් ඊට සමාන වේ. එසේම ජාවා දූපත් හී සෙවනැලි රූකඩ වල “සෙමර්“ තුර්කියේ “කර්ගොස් “, පර්සියාවේ කශල් පහ්ලවාන් නමින් ද ඉතාලියේ ආලේ නමින් ද හාස්‍ය නළුවා නම් කෙරේ. ඔවුන් සමහරුන් ගේ උපත සිදුවී ඇත්තේ විකට රූකඩ නළු චරිතවලිනි. අදටත් මේ සමහර චරිත වල අංගචලනයෝ රූකඩ රංගනයට සමාන වේ. ඔවුන් සියලුදෙනා හාසය රසය නැතහොත් විකට රසය උත්පාදනය උත්සුක විය.
ආදිතම මනුෂ්‍යාට අවශ්‍ය වූ ප්‍රීතිය හා විනෝද සුවය ගෙන දීම සඳහා මුල් අවධියේ දී හාස්‍ය ජනක රචනයන් වල හාස්‍ය රසය මුඛ්‍ය විය. නාට්‍ය කලාවේ ප්‍රභවයට බලපෑ වේයැයි සැලකෙන්නේ අශ්වමේධ මහාව්‍රත ආදී යාග විධින්හි භාවිත වූ විනෝදාත්මක හා උපහාසාත්මක සංවාද කතා ආදිය බව විචාරක විශ්වාසය වේ. කංකාරියේ එන යක්කම්, සන්නිවල එන අන්තර් රංග කොටස් ද මීට නිදසුන් සපයයි. සංස්කෘත ආදි නාට්‍ය ප්‍රභවයන්ට අනුකරණාත්මක නාට්‍ය ශෛලින්ට ඇතුළත් වූ හාස්‍යමය දෙබස්, උපහාස වාක්‍ය, බැණීම් සහිත රචනා, ගුටි බැට මුල් වූ බව කොනොව් නම් පඩිවරයා දක්වයි. ප්‍රහසන හා සුඛෝත්පාදකයේ හාස්‍ය හා උපහාසය අවශ්‍යම අංග දෙකකි. හාස්‍ය මුල්කරගත් සංස්කෘත නාට්‍යයේ එන රීතින් දෙකකි ප්‍රහසනය හා භාණ සාමාන්‍ය ජනයාගේ සිතුම් පැතුම් ද ජීවිතයේ හාස්‍ය උපදවන අවස්ථාද ප්‍රේමය, ආලය, ආදී විෂයයන් ද වස්තු කොටගත් රචනා ද්වයකි ප්‍රහසන හා හාණ. අපරදිග රංග කලාවේ එන සැටයර් (ඉචබඪපඥඵ) ද එවන් නාට්‍ය විශේෂයකි. මේවා ඉතා ජනප්‍රිය වේ. අපරදිග නාට්‍ය සාහිත්‍යයේ එන චතුර්භාණි, මත්තවිලාස මීට නිදසුන් කෘති දෙකකි. හාස්‍ය ජනක ග්‍රාම්‍ය පරිසරය මෙම නාටක වල විනෝදය සඳහා භාවිත කරයි. නමුත් උගත් උසස් සමාජය (පෙරදිග) මෙම නාට්‍ය රීතින්ට අනුකූලතාවක් නොදැක්වීය. හාස්‍ය හා උපහාසය මුල කොටගෙන සීමිත චරිත කිහිපයක් (ඉබධජඬ ඛ්ඩචපචජබධපඵ) හා අවස්ථා කිහිපයක් මුල්කොට ගෙන සංස්කෘත නාට්‍ය ප්‍රහසන හා භාණ වසන නාට්‍ය විශේෂය රචනා කෙරේ. ප්‍රහසන යන නාමය මුලින්ම හමුවන්නේ ද සංස්කෘත නාට්‍ය වර්ගීකරණයේ දී ය.