අදින් නැවත ආරම්භ වන ලෝකයේ ලොකුම කලා පවුලේ කතාව..

මාර්තු 18, 2021

ශෙල්ටන් ශෂී පවුලේ බාලයා අනුරාධා පෙරේරා ජනප්‍රිය ගායිකාවකි. මට නුඹ හිමි නැති බැව්, කලාමැදිරි එළි, කාලේ ළඟයි මධු වසන්තේ වැනි ගීත ඇය විසින් ගායනා කොට තිබේ. අපි දැන් විමලාකාන්තා කියන්නේ කවුද කියා විස්තර සොයා බලමු. ඔබ දන්නවාද... විමලාකාන්තා යනු විශිෂ්ට ගායිකාවක වන සුජාතා අත්තනායකගේ මෑණියන්ය. ඇගේ සැමියා එනම් සුජාතාගේ පියා ධර්මදාස පෙරේරායි. සුජාතාගේ නැගණියේ රංජනී පෙරේරාද ජනප්‍රිය ගායිකාවකි. බාල සොයුරුවූ සුසිල් පෙරේරා දක්ෂ ඩ්‍රම්ස් වාදකයකි. සුජාතාගේ පියාණන් ධර්මදාස පෙරේරා ජනප්‍රිය ගායකයෙකුවූ වසන්තා සන්දනායකගේ වැඩිමල් සොයුරෙකි. වසන්තා විවාහවූයේ ධර්මපාල සන්දනායක සමගිනි. 

තුන් සිංහලයම නෑදෑයෝ කියලා කිව්වේ ආචාර්ය වික්ටර් රත්නායකය. එතුමාණන්ට ඒ ගීතය ලියලා දුන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නය. අපි හැමෝම නෑදෑයෝ කියලා පැරැන්නන් නිතර කියැවේ. මහාචාර්යතුමන් ගීතයට පාදක කරගන්නට ඇත්තේ ඒ අතීත කථාව වෙන්නට පුළුවනි. ඇත්තටම අපේ කලා ලෝකය ගත්තොත් අර කිව්ව වගේ බහුතරයක් දෙනා ඥාතියෝ. ඒ නෑයෝ පිරිස ඉන්න පවුල් ගහ කොච්චර දැවැන්තද කියලා කිව්වොත් ලෝකයේ ලොකුම කලා පවුල් ගහ ඒක වෙන්නට ඉඩ තිබේ. අදින් දශකයකට පමණ පෙරාතුව ඒ පවුල් ගහ ගැන සරසවිය පුවත්පතේ ලිපි මාලාවක් පළවිය. සරසවියේ හිටපු දක්ෂ මාධ්‍යවේදියෙකු වන අසංක දේවමිත්‍ර පෙරේරා තොරතුරු හොයලා ඒ අය රචනා කරනු ලැබුවේ. මේ නෑ පිරිවර එක් තැනකින් පටන් ගෙන අති විශාල ශාඛාවන් දක්වා විහිදී යන රූස්ස වෘක්ෂයක් බඳුය. තවත් අන්දමින් කිවහොත් පුරුක් එකින්එකට සම්බන්ධවූ ඉතා දිගු යදම් වෑලකට සමානය මේ වනවිට එම පවුල් ගස සඳහා තව කිහිපදෙනෙකුද එකතුවී සිටියි. එමෙන්ම මේ පිළිබඳ දන්නා අයට දැනුම්වත් කිරීමේ අරමුණින් නැවතත් එම ලිපි මාලාව යාවත්කාලීන වෙමින් මෙසේ සටහන් වෙයි. මීට පෙර පළවූ පවුල් ගසේ ලිපිය සඳහා මූලාශ්‍ර සැපයූවේ සංගීතවේදී රංජිත් යාපා ද අල්විස්ය. ශාඛාව වැඩුණු තැනේ සිට කරුණු බොහොමයක් සොයාගත් රංජිත් එකී පවුල් ගසේ ලිපිය රචනා කිරීමට මහඟු සහායක් දැක්වීය. මෙවරද ඔහු අපට එම සහයෝගය දැක්වීය. මේ පවුල් දාමයේ මුල් පරපුරේ ආරම්භය සිදුවන්නේ අදින් සියවසකටත් පමණ පෙරාතුවය. එකල නාඩගම් සම්ප්‍රදාය මෙරට ජනප්‍රිය තලයේ තිබිණ. එංගලන්තයේ විසූ ජෝන් විලියම් වොල්බියොෆ් මෙරට සංචාරයක් සඳහා පැමිණෙයි. පසුකාලීනව මෙහිම පදිංචි වන ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරයි. ජෝන් එක්තරා තරුණියකට වසඟ වෙයි. ඇය හෙට්ටිආරච්චිගෙ ජේන් නෝනාය. තොටලග ජේන් නෝනා කිව්වොත් වඩා වැඩි පිරිසක් ඇයව හැඳීනිය. මේ ජේන් නෝනා ටවර් හෝල් යුගයේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. බැලසන්ත නාඩගම ඇය රැඟූ ප්‍රකට නාඩගමකි. ජෝන් මේ ජේන් විවාහ කර ගනී. ජෝන් සහ ජේන් යුවළ පවුල් ගසේ සමාරම්භකයෝය. 1911, දෙසැම්බර් 24 දින ඒ පවුලට දරුවෙක් ලැබිණි. ගැහැනු දරුවෙකු වූ ඇයට ගර්ට්රූට් මාග්‍රට් වොල්බියොෆ් යනුවෙන් නම තබනු ලැබේ. ඇයට වසර හතක් පමණ ගත වූ තැන ජේන් නෝනා මෙලොව හැර යයි. කාලයාගේ ඇවෑමෙන් සුරූපීව වැඩෙන ගර්ට්රූට් තිහේ දශකයේ දී පමණ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වේ. ඇයට මවගේ හැකියාව මනාව පිහිටා තිබිණ. ගර්ට්රූට් රංගනයට පිවිසීමෙන් අනතුරුව සිය නම වෙනස් කොට ගත්තේ විමලාකාන්තා යනුවෙනි. සිවම්මා ධනපාල ඇතුළු නාට්‍ය රැසක චරිත මැවීය. මේ විමලාකාන්තා පිළිබඳ තව තොරතුරු මෙම ලිපිය කියවාගෙන යද්දි ඔබට හමුවනු ඇත. විමලාකාන්තාගේ මව ජේන් නෝනාගේ සහෝදරියකගේ දියණියක් ටවර් හෝල් යුගය නියෝජනය කරමින් රංගනයට පිවිසෙයි. ඇය සෝමාකාන්තාය. එම යුගයේම දක්ෂ රංගන ශිල්පියෙකු වූ ටී. විල්බට් පෙරේරා සෝමාකාන්තා විවාහ කරගන්නේය. විල්බට් ආකර්ෂණීය රූප සම්පත්තියෙන් හෙබි කඩවසම් තරුණයෙක් වූවේය. මෙකල පවත්වන අවුරුදු කුමරුන් තෝරන තරඟ මෙන් එකල රූපරජා යනුවෙන් තරඟයක් පැවැත්විණ. එහිදී ප්‍රථම ස්ථානය ගන්නට විල්බට්ට හැකියාව ලැබුණේ ඒ කඩවසම්කම නිසාය. විල්බට් සෝමා යුවලට දාව දරුවන් අට දෙනෙකි. ආතර් පෙරේරා වැඩිමලාය. ඊළඟට ටී. ෂෙල්ටන් පෙරේරාය. පසුව පිළිවලින් සූරියරාණි පෙරේරා, ග්‍රේෂන් පෙරේරා, ඩෙවිශන් පෙරේරා. ටී. ඩන්ස්ටන් පෙරේරා. රෙක්ශන් පෙරේරා සහ කුමාරි පෙරේරා සිටිති. අපට මෙම පවුල් ගසේ වැඩි තොරතුරු ගෙන එන රංජිත් යාපා ද අල්විස් කුමාරිගේ දයාබර සැමියාය. මේ අතරින් සූරියරාණිගේ දියණියක වන කුසුම් පෙරේරා ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඩන්න්ස්ටන් තබ්ලා මාස්ටර් කෙනෙකි. ටී. ෂෙල්ටන් පෙරේරා අතිදක්ෂ, සම්මානනීය ගායකයෙක්, වාදකයකු මෙන්ම සංගීතඥයෙක් වූවේය. ඔහුගේ බිරිය ශෂී පෙරේරාය. එගොඩ හා යන්නෝ මෙගොඩහ එන්නෝ, මහමුහුදු විමානේ, අවසන් ලියුමයි බුදුනේ වැනි ගීත ගැයූ ෂෙල්ටන් නාමය ඉදිරියට රැගෙන ගියේ සතිෂ් පෙරේරායි. අවාසනාවන්ත අන්දමින් ඔහු අකල්හී වියෝවිය. සතිශ් ෂෙල්ටන් ශෂී පවුලේ තෙවැනි දරුවාය. සංජය පෙරේර, සුභාෂ් පෙරේරා, අනුපමා පෙරේරා සහ අනුරාධා පෙරේරා ෂෙල්ටන් ශෂී පවුලේ අනෙක් දරුවන්‍ ය. මේ ෂෙල්ටන් පවුලට ජේ. ඒ. මිල්ටන් පෙරේරටද නෑකම් කියයි. ඒ පවුල් ගසේ එක් ශාකාවකි. අනුපමා පෙරේරා විවාහ වූයේ මිල්ටන්ගේ පුතකු වන අරෝෂ් පෙරේරා සමගිනි. ඒ අනුව මිල්ටන්ගේ පුතනුවන්ලා වන චලක චමුපති, ප්‍රියංකර පෙරේරා සහ ඔහුගේ බිරිය ජනප්‍රිය නිළි දිල්හානි අශෝකමාලාද ශෙල්ටන් පවුලට නෑකම් කියති. ශෙල්ටන් ශෂී පවුලේ බාලයා අනුරාධා පෙරේරා ජනප්‍රිය ගායිකාවකි. මට නුඹ හිමි නැති බැව්, කලාමැදිරි එළි, කාලේ ළඟයි මධු වසන්තේ වැනි ගීත ඇය විසින් ගායනා කොට තිබේ. අපි දැන් විමලාකාන්තා කියන්නේ කවුද කියා විස්තර සොයා බලමු. ඔබ දන්නවාද... විමලාකාන්තා යනු විශිෂ්ට ගායිකාවක වන සුජාතා අත්තනායකගේ මෑණියන්ය. ඇගේ සැමියා එනම් සුජාතාගේ පියා ධර්මදාස පෙරේරායි. සුජාතාගේ නැගණියේ රංජනී පෙරේරාද ජනප්‍රිය ගායිකාවකි. බාල සොයුරුවූ සුසිල් පෙරේරා දක්ෂ ඩ්‍රම්ස් වාදකයකි. සුජාතාගේ පියාණන් ධර්මදාස පෙරේරා ජනප්‍රිය ගායකයෙකුවූ වසන්තා සන්දනායකගේ වැඩිමල් සොයුරෙකි. වසන්තා විවාහවූයේ ධර්මපාල සන්දනායක සමගිනි. ධර්මපාල වසන්තා පවුලේ දරුවන් හතරදෙනෙකි. ඒ සරත් සන්දනායක දයා හේමන්තා සන්දනායක(පසුව අබේසේකර) සිසිර සන්දනායක සහ ගාමිණී සන්දනායකයි. ගායකයෙකු ලෙසින් ජනප්‍රියත්වයට වූ සරත් රස මිහිරි කතා, මද සීත නලරැල්ල ආදී ජනප්‍රිය ගීත ගායනා කර තිබේ.. වසන්තා සන්දනායක පවුල තවත් නෑ පරපුරකට උරුමකම් කියයි. ජනප්‍රිය නිළියක් ලෙස ජනාදරයට පාත්‍ර වූ දීපිකා සන්දනායක වසන්තා සන්දනායක ගායිකාවගේ දුරින් මිනිපිරියක වේ. වසන්තා සන්දනායකගේ පවුල තමන් මෙරට ප්‍රමුඛ පෙළේ කලා පවුලක් හා සම්බන්ධවන්නේ නෑ පරපුරේ කතාව තවත් දිග්ගස්සවමිනි. වසන්තාගේ දියණියක වූ දයා හේමන්තා අබේසේකර විවාහ වූයේ ශාන්ති අබේසේකර සමගිනි. ශාන්ති අබේසේකර පිළිබඳ සිනමාලෝලීන් ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැත. ඔහු සුප්‍රකට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර කතා රචකයෙකි. දයා සහ ශාන්ති යුවළගේ දියණියන් වන සුප්‍රියා අබේසේකර සහ සධානා අබේසේකර(පසුව රණතුංග) ජනප්‍රිය ගායිකාවෝය. විශේෂයෙන් ඒ අතරින් සුප්‍රියා තම මිත්තණියවූ වසන්තා සන්දනායකගේ ගීත තවත් පරපුරකට රැගෙන යමින් සිටින්නීය. මා පෙරෙ සඳහන් කළා මෙන් සන්දනායක පවුල ඊළඟට එකතු වන්නේ මෙරට අති ජනප්‍රිය තවත් කලා පවුලක් වන සංගීතවේදී ගායක ආචාර්ය දයාරත්න රණතුංග සහ මහචාර්ය අමරා රණතුංග පවුලටය. ඒ සධානා, දයාරත්න අමරාගේ පුතණුවකු වන නන්දිත රණතුංග හා විවාහවීමෙන් අනතුරුවය. එතැනින් තවත් පරපුරකට මේ පවුල් ගස විහිදීයයි. එය මෙසේ අපි හෙළිදරව් කරමු. නන්දිතගේ ලොකු නැන්දා වන ශ්‍රීමතී රණතුංග විවාහ වී සිටියේ ප්‍රවීණතම ගීත රචකයෙකු වන කරුණාරත්න අබේසේකරගේ සොයුරු ගුණරත්න අබේසේකර සමඟිනි. ඔහු සිය සොයුරා මෙන් ගීත රචනයේ නියැළී අතර ඔහු ද ජනප්‍රිය ගී රැසක් රචනා කළ ගීත රචකයෙකුවේ. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම සිංහල නිවේදකයා ලෙස ඉතිහාස ගත වූ ඩී. එම්. කොළඹගේ දයාරත්න රණතුංගයන්ගේ මාමණ්ඩියකවේ. මේ කලාපවුල් ගස ඉදිරියේදී ලතා ධර්මදාස යුවල, අනෝජා වීරසිංහ, නිළිරැජන මාලිනී ෆොන්සේකා ඇතුළු තවත් බොහෝ පිරිස සම්බන්ධ වෙයි. ඒ පිළිබඳ ඉදිරි ලිපි වලදී අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.