වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ඈත හිමාලේ සීතල සෙවණේ

සිනමා ගීතාවලිය පිළිබඳ සිහිපත් කිරීමකි
දේශිය චිත‍්‍රපට පසුබිම් ගායනයේ ගායකයක් අතර ජීවත්ව සිටිය දී සිය මුල්ම චිත‍්‍රපට ගායනයෙන් පනස් විය සැමරීමට සමත් වූ ගායකයන් පස්දෙනෙක් අපට හමුවේ. ඒ පණ්ඩිත් අමරදේව, සිසිර සේනාරත්න, හරූන් කුමාර් ලන්ත‍්‍රා, සංගීත් නිපුන් සනත් නන්දසිරි හා ආචාර්ය වික්ටර් රත්නායකයන් ය. මේ අතරින් ද අද ජීවත්ව සිටිනුයේ සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. මේ ලිපිය විකටර් රත්නායකයක් විසින් ගයන ලද චිත‍්‍රපට ගීතාවලිය පිලිබඳ ආවර්ජනයකි.මෙහිදී ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද චිත‍්‍රපට පිලිබඳ අවධානය යොමු කරන්නේ නැත .
ආචාර්ය වික්ටර් රත්නායකයන් චිත‍්‍රපට පසුබිම් ගායනයට අවතීර්ණය වී දැන් අවුරුදු පනස් දෙකකි. ඒ අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කරන ලද මුල්ම චිත‍්‍රපට ගීතය වූ ආදරවන්තයෝ චිත‍්‍රපටයට ඇතුළත් යුග ගීයකි. එය තිරගත වූයේ 1968 වසරේ නොවැම්බර් මස 11 වැනි දින දීය. මේ ගීතය අරබයා ඔහු සරසවිය සම්මානයට පාත‍්‍රවූයේ ගැයූ මුලම ගීතයෙන්ම සරසවිය සම්මානයක් දිනූ ගායකයා හැටියට වාර්තාවක් ද තබමින්ය.ගීතය
ඈත හිමාලේ
සීතල සෙවනේ
නාරිලතා උයනේ ගීතයයි.එය ගයන ලද්දේ සුජාතා අත්තනායක සමඟය. සංගීතය පේ‍්‍රමසිරි කේමදාස ගෙනි.
වික්ටර් ගේ මුල්ම පසුබිම් ගායනය සදහා රඟපෑවේ ටෝනි රණසිංහයන්ය. ටෝනි ගේ රංගනයට වික්ටර් ගේ හඬ ඉන් පසු කිහිප වරක්ම මුසුවිය. විකටර් රත්නායකයන් දෙවැනියට ගැයූ චිත‍්‍රපට ගීයේ රූප රාමුවල සිටිනුයේ ද ටෝනි රණසිංහය. ඒ තිස්ස ලියනසූරියගේ නාරිලතා චිත‍්‍රපටය වෙනුවෙනි. විකටර් සමග එම ගිතයට ශාන්ති ගීතදේව ද දායක විය. නාරිලතා චිත‍්‍රපටයේ එන මේ ගීතයේ සංගීතය පේ‍්‍රමසිරි කේමදාස ගෙන් වන අතර ගී පද සිරිල් ඒ.සීලවිමල ගෙනි.
ලස්සන තාලෙට
තිස්සෙම ගැස්සෙන
යන විට ගමන අගේ
ලිස්සන පීල්ලේ
කැරකෙන රෝදේ
දුටුවම පුදුම හිතේ
සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කථාව චිත‍්‍රපටයේ විකටර් රත්නායකයන් ගී ගයනුයේ ආචාර්ය නන්දා මාලිනිය සමඟය. ඒ ගීතයේ රූප රාමුවන්ගේ පෙනී සිටිනුයේ ද ටෝනි රණසිංහ සහ ස්වර්ණා මල්ලවාරච්චියි.
සරා සොඳුරු
මල් පැටලී
ගිලී නොයන ජීවිතයයි.
කේමදාසයන් සංගීතවත් කළ මේ ගීතය ගීත රචකයන් දෙදෙනෙක් විසින් ලියන ලද ගීයක් වීම විශේෂයකි. ඒ සුගතපාල සෙනරත් යාපා සහ මහගම සේකරයි.
වික්ටර් ටෝනි රණසිංහයන්ට නැවතත් සිය සුමියුරු හඬින් අමරණිය ගීතයක් තිළිණ කලේය. ඒ 1974 දී තිරයට ආ රංජිත් පෙරේරා අධ්‍යක්ෂණය කළ ”දිනුම් කණුව” චිත‍්‍රපටයට පහත ගීතය ගායනා කරමිනි.
මියුරු කල්පනා - නෙතක දැල්වුණා
අමයුරු රස හස කැන් මැද
සිතක් හිනැහුනා....
වරෙක හිනැහුණා-වරෙක ළතැවුණා
නුපුරුදු ගී දහසක් මැද
සිතක් මැලවුණා.....
(පේ‍්‍රමකීර්ති ද අල්විස්/ සරත් දසනායක)
ටෝනි රණසිංහයන් වෙනුවෙන් විකටර් රත්නායකයන් තවත් ජනප‍්‍රිය ගීතයක් ඇතුළත් වූයේ මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කරන ලද නුවන් රේණු චිත‍්‍රපටය උදෙසායි.
මේ සීත නිල්ලේ-මියුරු සමීරේ
නිසංසලේ ඇවිද යං ප‍්‍රියේ
එන්න අර නීලාකාසේ දේදුනු යානේ
රාධා ක‍්‍රිෂ්ණා වාගේ දෙන්නා
ලතා වල්පොල මෙම ගීතයේ හඬ මුසු කරන ලද්දේ නිළි රුජන මාලිනි ෆොන්සේකා වෙනුවෙනි. හිත මිතුරා චිත‍්‍රපටයට ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් විකටර්ගේ ගීතය
ඔබයි මගේ කතන්දරේ
සුරංගනා කතන්දරේ
(යුග ගැයුම-ලතා වල්පොල/සංගීතය සරත් දසනායක/ගී පද කරුනාරත්න අබේසේකර)
1969 වසරේම එළි දකින කවුද හරි චිත‍්‍රපටයට ඔහුගේ දෙවැනි පසුබිම් ගීතය එක්වූ අතර එය එහි නාමාවලි ගීතයයි. එය ගයනුයේ අයිවෝ ඩෙනිස් සමගය. සංගීතය පේ‍්‍රමසිරි කේමදාසගෙනි. රචනය අරිසෙන් අහුබුදු සූරීන්ගෙනි.
නැගෙන වැටෙන
වැටී නැගෙන
පෙරළෙන ලෝකේ
වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ
1969 වසරේම තිරගත වන කේ.වෙන්ගඩසාලම් අධ්‍යක්ෂණය කළ උතුම් ස්ත‍්‍රිය චිත‍්‍රපටයට වික්ටර් ගී ගැයුවේ රෝයි ද සිල්වාටය.
එම ගීතය චිත‍්‍රපටයේ මුලින් එච්.ආර්.ජෝතිපාල විසින් ගයන ලද අතර චිත‍්‍රපටයේ දෙවැනි වර ඇසෙන්නේ වික්ටර් ගේ හඬින්වීම විශේෂයකි..
ආලය කාටත් පොදු දෙයකි.
එය ප‍්‍රීති විනෝදය දෙන දෙයකි
විකටර් රත්නායකයන් මගේ රන් පුතා චිත‍්‍රපටයේ යුග ගී ගැයුවේ ද රෝයි ද සිල්වා වෙනුවටය.ඒඉන ්ද්‍රාණි විජය බණ්ඩාර සමගය. එහි සංගීතය සිසිර සේනාරත්නගෙනි.
අනුරාගී අපාර අහසේ එම ගීතයයි.
1963 වසර දී ඔහු නවක සිසුවකු ලෙස රජයේ සංගීත විද්‍යාලයට (වර්තමානයේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට* බැඳී සිටියේය.ඒ වනවිටත් ඔහු සුප‍්‍රකට නුවර ලේක් සමාජ ශාලාවේ පැවැත්වෙන සංගීත ප‍්‍රසංග වලට වයලීන් වාදකයෙකු වශයෙන්ද සම්බන්ධ වී සිටියේය. එපමණක්ද නොව ආර්. ඒ. චන්ද්‍රසේනයන් සමඟ ගුවන් විදුලි හා චිත‍්‍රපට පසුබිම් සංගීත පටිගත කිරීම් වලට ද ඔහු සහභාගි වී සිටියේය.
හන්තානේ කථාව චිත‍්‍රපටය තිර ගත වූදාට පසුදා තිර ගත වූ දයානන්ද ගුණවර්ධනගේ බක්මහදීගේ චිත‍්‍රපටයට ද විකටර් රත්නායක ගී ගැයුවේය. ඒ එල්සන් දිවිතුරගම වෙනුවෙනි. ගීතය මුදලිතුමනි මම එකක් කියන්නම් ගීතයයි.
ඉන් පසු තිරයට එන නිම්වළල්ල චිත‍්‍රපටය වාර්තාවක් තබනුයේ එය පාසල් සිසුන් පිරිසක් විසින් තැනූ චිත‍්‍රපටයක් නිසාවෙන්ය. එවකට කොළඹ ආනන්දයේ සිසුන් පිරිසක ගේ දායකත්වයෙන් තැනූ නිම් වළල්ල අධ්‍යක්ෂණය කැරන ලද්දේ රංජිත් ලාල් විසින්ය. එහි විකටර් ගයන ගීතය
හඳට අඩන කිරි දරුවෝ
නොනිමි ගැටලූ සාගරයේ
සිතුම් පැතුම් රැුළි මාලා
ආශාවේ වෙරළ වැතිර
නිරන්තරෙන් හඩා වැටේ
(පබැඳුම මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය රංජිත් ලාල්)
එය පසුබිම් ගීයකි
1970 දී තිර ගත වූ වසන්ත ඔබේසේකර ගේ ”වෙස් ගත්තෝ” චිත‍්‍රපටයට ඔහු පහත ගීතය ගායනා කළේය.
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා.....
(රචනය- මහගම සේකර/ තනුව-සෝමදාස ඇල්විටිගල)
වෙස්ගත්තෝහි මෙම ගීතයේ රූපරාමු සඳහා චන්ද්‍රසිරි දෙහිපිටිය රංගනයෙන් එක්විය. ඔහු ප‍්‍රවීණ නළුවකුව සිට අභාවප‍්‍රාප්ත වූ සෝමසිරි දෙහිපිටියගේ සොහොයුරාය.
ඔබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද දියමන්ති චිත‍්‍රපටයට විකටර් ගායනා කරන ලද ගීතය අඩංගුවූයේ සමාජ ශාලාවක ගැයුමටය.
ගිගිරි ගීත රාවේ
මලවි හී සැරේ
ඔබේසේකරයන්ගේම පළඟැටියෝ චිත‍්‍රපටයට හෙන්රි ජයසේන රචනා කළ මේ ගීතය යුග ගැයුම සුජාතා අත්තනායක ගෙනි.
මල් පිපුනට ලොව මල් කුමටදෝ
ඔබ ඇති තැන වෙන මල් කුමටදෝ
මේ දර්ශනයේ රඟපානුයේ රන්ජන් මෙන්ඩිස් සහ දම්මි ෆොන්සේකාය.
ඩබ්ලිව්.ඒ.බී ද සිල්වා අධ්‍යක්ෂණය කළ පූජිතයෝ චිත‍්‍රපටයේ වික්ටර් ගී ගැයුවේ ස්ටැන්ලි පෙරේරාටය. ජීවන ආශා සදයි වේදනා එම ගීතයයි..
අනතුරුව තිරයට එන කිංස්ලි රාජපක්ෂගේ කළණ මිතුරෝ චිත‍්‍රපටයේ ඔහු ගි ගයන්නේ තිස්ස විජේසුරේන්ද්‍රටය. උපන් කාට වුනත් මේ චංචල ලෝකේ, කළණ මිතුරු දහමයි. මේ එහි වික්ටර් ගැයූ ගී කිහිපයකි. කළණ මිතුරෝ චිත‍්‍රපටයට පසු වික්ටර් තිස්ස වෙනුවෙන් තවත් චිත‍්‍රපට කිහිපයකටම ගී ගැයුවේය. ඒ අතර අමරනාත් ජයතිලකගේ නිවෙන ගින්න චිත‍්‍රපටයට ගැයූ
හදක් සොයන්
යමින් ගමන්
අරුමැක්කේ
ඔබ දැක්කේ හා චංචල දෑසක වාසනා ගීත අතිශය ජනප‍්‍රිය විය. මේ ගී සංගීතවත් කළේ ෂෙල්ටන් පේ‍්‍රමරත්නය. යුග ගායනා සුජාතා අත්තනායකගෙනි.
ලූවී වැන්ඩස්ට‍්‍රාටන්ගේ කුලූඳුල් චිත‍්‍රපටය වූ බිඳුනු හදවත් චිත‍්‍රපටයේ විකටර් ගැයුවේ තේමා ගීතයයි. ගීතය ආත්මයෙන් ආත්මයට ගීතයයි. එහි සංගීතය ටෝනි වීරතුංග ගෙන්ය. ගී පද ආනන්ද සෙනෙවිරත්න ගෙනි. මියුරු ගී තනුවක් වුව ද මේ ගීය තැටියට නැගුණේ නැත. මේ චිත‍්‍රපටයේ තිබුණු අනිත් ගීතය වූයේ සී.ටී ප‍්‍රනාන්දු ගයන මී අඹ වනයේ ගීතයයි.
කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා අධ්‍යක්ෂණය කළ සීයේ නෝට්ටුව චිත‍්‍රපටයට ද ආචාර්ය වික්ටර් ගී ගායනා කළේය. ඒ සුදු කළු සිහින ලොවේ ගීතයයි. ඒ ඔස්වල්ඞ් ජයසිංහගේ රූපයට පණ පොවමිනි. එහෙත් වික්ටර් හා ඔස්වල්ඞ් පෑහුණු වඩාත්ම ජනප‍්‍රිය ගීතය ඇතුළත් වුයේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ම අපරාධය සහ දඬුවම චිත‍්‍රපටයටය. ඒ මිහිරෙන් මා දිනූ බාල ළඳුන්
කෝමල ඔබ මා වෙතට අදුන්
අමල් බිසෝ මගේ අමල් බිසෝ
(පද රචනය - ධර්මසිරි ගමගේ). මේ චිත‍්‍රපට යුගළම සංගීතවත් කරන ලද්දේ පේ‍්‍රමසිරි කේමදාසයන් විසිනි.
සිරිල් වික‍්‍රමගේ අධ්‍යක්ෂණය කළ සිහින ලොවක් චිත‍්‍රපටයේ මහගම සේකර ගේ පද රචනයට ආචාර්ය වික්ටර් ගී ගැයුවේය. අවදිවෙයන් අවදිවෙයන් ගීතයයි.සංගීතය සෝමදාස ඇල්විටිගල ගෙනි.
1973 තිරගත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්අධ්‍යක්ෂණය කළ කුළුදුල් සිනමා කෘතිය ලෙස මාතර ආච්චි‘ දොරට වඩිද්දී එහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස වික්ටර් රත්නායකයන් දොරට වැඩියේය. මේ අවස්ථාව ඔහුට හිමි වූ ආකාරය පිළිබඳ අතීත මතකයන් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මෙසේ සිහිපත් කළේය.
මේ කාලේ මගේ ලොකු මල්ලි නිමල් රංජිත් එදිරිසිංහ රජයේ සංගිත විද්‍යාලයේ (හේවුඞ්* ශිෂ්‍යෙයක්. මතක හැටියට මේ 1963-64 දි වගේ. ඔහු මට දවසක් කිව්වා ලොකු අයියේ කඩුගන්නාවේ ඉඳන් ආපු කොල්ලෙක් ඉන්නවා. හරිම දක්ෂයි. නියමේට වයලින්ගහනවා. අමරදේව සර්ත් එයාව වැඩ වලට සම්බන්ධ කර ගන්නවා කියලා. ඒ කීමට අනුව මම 1964 දි කරපු ”අත්තික්කා මල් පිපිලා” කියන මගේ වේදිකා නාට්‍යෙය් සංගීත අධ්‍යක්ෂණය ඔහුට දුන්නා. ඔහු ඒ වැඬේ ඉතාම හොඳට කළා. ඊට පස්සේ තමයි 69 දි විතර කරපු මාතර ආච්චි චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයත් ඔහුට බාර දුන්නේ . චිත‍්‍රපටයට ගීත 4 ක් අඩංගු වුණා. එක ගීතයක් වික්ටර්ම ගායනා කළා. තව ගීතයක් වික්ටර් සමඟ සුජාතා අත්තනායක ගායනා කළා. අනෙක් ගීත දෙක මිල්ටන් මල්ලවාරච්චිත්, මගේ මල්ලි සුනිල් එදිරිසිංහත් ගායනා කළා.‘‘
අඳුර බිඳින්නට රැුයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිරයේ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
පේ‍්‍රමකිර්තිද අල්විස් රචනා කළ මේ ගිතය වික්ටර් ගායනා කරනුයේ චිත‍්‍රපටයේ එන උත්සව අවස්ථාවක් වෙනුවෙනි. ඔහු සුජාතා අත්තනායක සමඟ ගැයු ගීතයේ එනම්
සඳුන් සිහින සිහිල් අඳුණ
පාලූ පේ‍්‍රම නගරයේ
සිය පසුබිම් හඬ එක් කරනුයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහටය.මේ චිත‍්‍රපටයේ අතිශයින්ම ජනප‍්‍රිය මෙන්ම අදටත් කාගේත් සම්භාවනාවට පාත‍්‍ර වන ගීතය වූයේ වික්ටර් විසින් ගි තනු නිර්මාණය කළ සුනිල් එදිරිසිංහ ගායනා කළ ”සඳකඩ පහණක කැටයම් ඔපලා” ගීතයයි.
1973 දීම තිරගතවුණු ”සදහටම ඔබ මගේ” චිත‍්‍රපටයට ඔහු ගැයු මේ ගීතයද අදටත් ගීත ලෝලි ශ‍්‍රාවකයන් අතර ජනප‍්‍රියත්වයේ ඉහළම තලයක පසුවෙයි.
පි- පෙම්රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා......ආදර නැකත ලඟා වේ
ගැ- නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැරේ...... මී වද සුවඳ සදා දේ
මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මේ චිත‍්‍රපටයේ චරිතය රඟපෑවේ ද මිල්ටන් ජයවර්ධනමය. සහාය ගායිකාව වූයේ ඉන්ද්‍රානි පෙරේරාය. ගී පද රචනය සෝමපාල ලීලානන්ද ගේය. මිල්ටන් වෙනුවෙන් වික්ටර් යළිත් ගී ගැයුවේ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කරන ලද කස්තුරි සුවඳ චිත‍්‍රපටයටය.
ඒ මල්වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ ගීතයටය.
මේ ගීතයේ දී විකටර් රත්නායකයන් හා එක්වන්නේ එච්.ආර්.ජෝතිපාලයන් හා එම්.එස් ප‍්‍රනාන්දුය.
එමෙන්ම වික්ටර් හා සනත් නන්දසිරි එකට ගැයූ ගීතයක් ජේ.කේ.චාල්ස් පෙරේරා තැනූ විශ්මය චිත‍්‍රපටයේ එයි. එහි විකටර් රත්නායකයන් ගයනුයේ විජය කුමාරතුංගයන් වෙනුවෙනි.
ඒරුණු කිරෙන් බර ළමැදේ සෝමපාල ලීලානන්ද ලියූ මේ ගීය සංගීතවත් කරන ලද්දේ සරත් දසනායකයි.
විකටර් විජය කුමාරතුංගයන්ට සිය හඬ මුලින්ම මුසු කරන්නේ හත්දින්නත් තරු චිත‍්‍රපටයෙනි. පතිරාජ එල්.එස්.දයානන්ද අධ්‍යක්ෂණය කළ මේ චිත‍්‍රපටයේ සංගිතය සුමේධ හේවාවිතරණගෙනි. ගීතය ගයනුයේ සුජාතා අත්තනායක සමගය. සූකිරි කන්දක් මුදුනේ ප‍්‍රාර්ථනාවන් පිපිලා ය. පසුකලෙක ලෙනින් මොරායස් අධ්‍යක්ෂනය කළ හිතුවොත් හිතුවාමයි චිත‍්‍රපටයේ මෙන්ම පෙම්බර මධු චිත‍්‍රපට යේ ද විකටර් විජයට හඩ මුසු කළේය.
චුක්කි චුක්කි කියලා මාව රවටලා
මංජු මංජු මංජුගේ හිත ඔයා රවටලා
හිතුවොත් හිතුවාමයි චිත‍්‍රපටයේ විකටර් මේ ගී ගැයුවේ ලතා වල්පොල සමගය. සංගීතය සරත් දසනායකය. ලතා හඩ මුසුකළේ ශ‍්‍රියානි අමරසේනටය.
සුගතපාල සෙනරත් යාපාගේ පෙම්බර මධූ චිත‍්‍රපටයට වික්ටර් රත්නායකයන් ගැයූ මේ ගීතය එදා සිට අද දක්වාම ඉහළම ජනප‍්‍රියත්වයකට හිමිකම් කීවේය.
පෙම්බර මධූ මගේ - මා නැතේ ඔබෙන් මිදුණේ
සුරූපි දේහ විලාසේ- මැවේ මැවේ නයනේ
ලොවේහි ඈත අනන්තේ- පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගිලා- මගේ දුකත් නොදැනී
අරන් එමි ඔබ කැන්දා - ඇසිල්ලකින් පැමිණි......
මේ ගීතයේ පද රචනාව පිළිබඳ විවිධ මතවාද තිබුණද සුගතපාල සෙනරත් යාපා කියා සිටියේ එය කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනාවක් බවයි. එමෙන්ම ඔහු කියා සිටියේ මේ ගී තනුව පී. එල් .ඒ. සෝමපාලයන් විසින් පකිස්තානයෙන් රැුගෙන ආ එකක් බවයි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කුළුඳුල් චිත‍්‍රපටය වූ අනුපමා චිත‍්‍රපටයට විජය වෙනුවෙන් වික්ටර් රත්නායකයන් ගැයූ ගීතය වේදනා නදී තීරයෙන් ගීතයයි.
බර්මින් ලයිලි ප‍්‍රනාන්දුගේ වාලම්පූරී චිත‍්‍රපටයට වික්ටර් රත්නායකයන් සහ නන්දා මාලිනි ගැයූ මියුරු ගීතයසංගීතවත් කළේ පණ්ඩිත් අමරදේවයන්ය.
සුදු මුතු මාල පැලැන්¥
මුතු පවුරේ
පෙණ මල් බුමුතුරුණේ
සිහින විමන් අතරේ (පබැඳම-ආචාර්ය අජන්තා රණසිංහ*එම ගීතයයි. විජය ධර්ම ගේ සූරියකාන්ත චිත‍්‍රපටයේ ද විජය වෙනුවෙන් වික්ටර් ගී ගයද්දී යුග ගී ගැයුවෙ ලතා වල්පොලය. ඒ නෙළුම් නූපන් විලේ ගීතයයි.සරත් දසනායක ගේ කුළුඳුල් නිෂ්පාදනය වූ දයා විමලවීර අධ්‍යක්ෂණය කරන ලද මිහිදුම් සිහින චිත‍්‍රපටය උදෙසා වික්ටර් ගේ හඬ මුසුවූයේ ද විජය වෙනුවෙනි. ඒ
සමුදුර සතකින්
ඈත ලෝකයෙන් ගීතයයි.
ඒ සමග තිර ගත වූ රෝයි ද සිල්වාගේ කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටයට ද විජය වෙනුවෙන් හඬමුසු කළේය.
රැුස් අතරේ මළ හිරු සේ ගීතයයි. මේ චිත‍්‍රපට දෙකම සංගිතවත් කරන ලද්දේ සරත් දසනායකයි.
විජය මියගිය පසු තිරයට ආ චිත‍්‍රපට දෙකකම විජය වෙනුවෙන් විකටර් රත්නායකයන් ගී ගයා තිබිණ. ඒ චිත‍්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන ලද්දේ කඳපොල කුමාරතුංගය.ඒ බදුලූ කෝචිචිය හා විජය ගීතා යන චිත‍්‍රපට යුගලයි.බදුලූ කෝච්චියේ දී නිරංජලා සරොජනී ද විජය ගීතා චිත‍්‍රපටයේ ලතා වල්පොල ද යුග ගායනයෙන් විකටර් හා හවුල්වූහ.
1975 දී තිරයට ආ ”රජගෙදර පරෙවියෝ” චිත‍්‍රපටයෙන් වික්ටර් ගාමිණි ෆොන්සේකාට පසුබිම් ගීත ගැයුවේය. දිගු කාලින මිතුරුදමක්වූ ගාමිණී-වික්ටර් මිත‍්‍රත්වය අතරතුර ගාමිනි වෙනුවෙන් වික්ටර් චිත‍්‍රපටයකට පසුබිම් ගී ගැයූ මුල්ම අවස්ථාව එය විය. එහි යුග ගායනය ලතා වල්පොල ගෙනි. ලතා හඩ මුසු කරන ලද්දේ නීටා ප‍්‍රනාන්දුටය.
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාමරාජයා ඔබයි
සුසුමේ ගිලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි.
වික්ටර් ගාමිණී වෙනුවෙන් ගැයූ තවත් ගීතයක් වනුයේ රිදී තැල්ල චිත‍්‍රපටයේ ආ උවන විදා සිඟිති සිනා ගීතයයි. එය සෝමපාල රත්නායක සංගීතවත් කළ අතර ගී පද රචනය චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ සිරි කුලරත්නගෙනි. තවලම චිත‍්‍රපටයේ වික්ටර් සක්විති ගාමිණී වෙනුවෙන් ගයන ලද ගීතයක් විය.
ඉර ඇවිලී අඹරේ සැතපුනාවේ
නම් මේ ගිතය රචනා කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයි.
සංගීතය ද වික්ටර් රත්නායකගෙනි.
ගාමිණී ෆෝන්සේකා අධ්‍යක්ෂණය කරන ලද ? මනමාලි චිත‍්‍රපටෙය් ඒන
මනමාලි
මල් ලලනාවි
වික්ටර් රත්නායකයන් ගැයූ තවත් අමරණීය සිනමා ගීතයකි.
මඩොල්¥ව චිත‍්‍රපටයට වික්ටර් රත්නායක ගැයූ කොහේද කොහේද අපේ ලොවක් ගිතය පසුබිමේ සිටියේ අජිත් ජිනදාස හා පද්මසේන අතුකෝරාළය. ඒ උපාලි හා ජින්නාය. එහි ගී තනු පණ්ඩිත් අමරදේවගෙනි. පබැඳුම මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි.
කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
අජිත් ජිනදාස ගේ රුවට වික්ටර් රත්නායකයන්ගේ හඬ මුසුවුණේ නීල්රූපසිංහගේ අමල් බිසෝ චිත‍්‍රපටයටය.එහි ගීතය
අපි කොයි කවුරුත්
උගුරු කඩාගෙන කෑගැහුවෝ
සටන් පාට වැකි බිත්ති පුරා
ලොකුවට ලිව්වෝ
ගීතයයි.මේ ගීතය වික්ටර් සමග එච්.ආර්.ජෝතිපාල සහ අබේවර්ධන බාලසූරිය එක්ව ගයන්නකි.
රූපණවේදි රවින්ද්‍ර රණ්දෙනියට වික්ටර් රත්නායකයන් මුල් වරට පසුබිම් ගී ගැයුවේ සුජාතා අත්තනායක සමඟය. එමෙන්ම එහි සංගීත අධ්‍යක්ෂණය ද සුජාතා ගෙන්මය. ඒ මෙරට මුල්ම චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය ලෙස වාර්තාවක් තබමිනි. චිත‍්‍රපටය හරියට හරි නම්විය.ගීතය නීල නුවන් යුග දෑල වරින්වර ගීතයයි. එය විලියම් ඔලම්ස් ගේ අධ්‍යක්ෂණයකි.
රන් මිනි මුතු චිත‍්‍රපටයට වික්ටර් රත්නායකයන් චන්ද්‍රිකා සිරිවර්ධනසමඟ ගැයූ යුග ගීයේ ද චරිත නිරූපණය කළේ රවින්ද්‍ර රන්දෙණිය වීම විශේෂයකි. එම ගීතය ඇරඹෙනුයේ මාලා මාලා අශෝක මාලා යනුවෙනි.
කොහේ සිට ඔබ පැමිණියේදෝ..
සිහිනයේ රුඳුන ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා....
ඔබට ගැයෙන නැවුම් කුළුඳුල්
පේ‍්‍රම ගීයයි මේ....
(කේ.ඞී.කේ ධර්මවර්ධන/වික්ටර් රත්නායක)
ඇන්ටන් ග්‍රෙගරි අධ්‍යක්ෂණය කරන ලද යළි පිපුණු මලක් චිත‍්‍රපටයට වික්ටර් රත්නායකයන් ගැයූ මේ ගීය රචනා කරන ලද්දේ ඔගස්ටස් විනයාගරත්නම් විසිනි. සංගීතය සරත් දසනායක ගෙනි.
මල් හී සැර
මිහිර මවනවා
1979 දී තිරගත වුණූ සුනිල් ආරියරත්නයන් ගේ ”පොඩි මල්ලි” චිත‍්‍රපටයට විකටර් රත්නායකයන් මේ ගීතය ගායනා කළේ ඔහුගේම ”ස” ප‍්‍රසංගයක ඔහු ගීත ගායනයට එක් වෙමින් ඔහුම පෙනීසිටින දර්ශනයකට එක් වෙමින්. ප‍්‍රසංගය නැරඹීමට පැමිණි රවින්ද්‍ර රන්දෙනිය හා ගීතා කුමාරසිංහ ස ප‍්‍රසංගය නරඹන අයුරු නිරූපණය කළහ.
වික්ටර්ගේ ගී හඬින් ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දුට ද පණ ලැබිණ. ඒ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ශ‍්‍රී මදාරා චිත‍්‍රපටයෙනි. එහි සංගීතය ද වික්ටර් රත්නායකගෙනි.වික්ටර් ගී ගැයුවේ ලතා වල්පොල සමඟය.
ගහ කොල මල් වැටි
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිලිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා අපගේ අසා සිටිනවා
රහසේ-දෑස් වලින් කථා කරමු
එම ජනප‍්‍රිය ගීතයයි.
ආදර පූජාසනේ.
ආදර පූජාසනේ
ඔබයි මගේ කුසුම් කුමාරි
මේ මියුරු ගීතය වික්ටර් රත්නායකයන් ගායනා කළේ ද ලතා වල්පොල සමඟය. ඒ අරුණ ශාන්ති අධ්‍යක්ෂණය කළ දෙවියනි ඔබ කොහිද චිත‍්‍රපටයටය. මේ චිත‍්‍රපටයේ ලතා ගේ හඩ මුසුවූයේ රැුජන මාලිනි ෆොන්සේකාටය. වික්ටර් ගැයුවේ එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ නවක නළු මයිකල් වනිගරත්නටය.
ආනන්ද වික‍්‍රමගේ වෙනුවෙන් වික්ටර් රත්නායක පසුබිම් ගායනයේ යෙදුණේ චූඩා මාණික්‍යය චිත‍්‍රපටයප සදහායි.විජය ධර්මශ‍්‍රී අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත‍්‍රපටයේ යුග ගායනයෙන් දායක වූයේ නිරංජලා සරෝජණී.
මල්ලිය කම් රැුදි පෙම් සිතුවම් බැඳි
ආදර විජිණි පතින් සලනා
ජෝ අබේවික‍්‍රමයන් වෙනුවෙන් වික්ටර් රත්නායක ගී ගැයුවේ විසි හතර පැය චිත‍්‍රපටයටය. ඩෙන්සිල් පී.අබේවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත‍්‍රපටයේ විකටර් සමග ගී ගැයුවේ ෆ්‍රෙඞී සිල්වා සහ සි.ඞී.ෆොන්සේකාය. ගීතය වූයේ අතුරු මිතුරු දඹදිව තුරු යනුවෙන් ඇරඹෙන්නකි.
මෙරට නිපද වූ එකම කාටුන් චිත‍්‍රපටය මෙන්ම තනනම් කරන ලද චිත‍්‍රපටයක් වූ ගිවන්ත අර්ථසාද් ගේ දුටු ගැමුනු චිත‍්‍රපටය උදෙසා ද විකටර් රත්නායකයන් ගී ගැයුවේය. මුතු වරුසාවක් වසින් ඉසව්වේ එම ගීතයයි. (පදරචනය -ක‍්‍රිශාන්ත මේදිස් -සංගීතය-සෝමපාල රත්නායකගෙනි. මේ සෝමපාල රත්නායක ගේ මුල්ම චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි.*
ධර්මසිරි බණ්ඩාරනායක,සුගත්වීරසේකර ලෙස චරිත මැවුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න නිර්මාණය කළ බඹා කෙටූ හැටි චිත‍්‍රපටය උදෙසාය. එය විශාරද නන්දා මාලිනියගේ සංගිත අධ්‍යක්ෂණයෙන් දොරට වැඩි චිත‍්‍රපටයකි. මේ චිත‍්‍රපටයේ එන ගීතය-රන්දේදුන්නක් දිග හැරේ
අමරසිරි කළංසූරියටද විකටර් රත්නායකයන්ගේ හඬ මුසුවු අවස්ථා කිහිපයකි. අශෝක පොන්නම්පෙරුම අධ්‍යක්ෂණය කළ ප‍්‍රදීපා චිත‍්‍රපටයේ මේ ගීතය එයට උදාහරණයකි. සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ එහි මුල් පද මෙලෙසය
ජීවන වූ පහසේ
මහදේ පැතුම්.
2004 වසරේ තිර ගත කරන ලද නිශාන්ත ද අල්විස් තැනූ පේ‍්‍රමවන්තයෝ චිත‍්‍රපටය එක් සිනමාහලක පමණක් තිර ගත වූවකි. එහි ද වික්ටර් රත්නායකයන් ගී ගැයුවේ අමරසිරි කළංසූරිය වෙනුවෙනි.
ආචාර්ය වික්ටර් රත්නායකන් රිචඞ් ද සොයිසා වෙනුවෙේ චිත‍්‍රපට පසුබිම් ගියක් ගැයුවේය. ගීතය ඇතුලත් වූයේ ඞී.බී.වර්ණසිරි අධ්‍යක්ෂණය කරන ලද සත්‍යග‍්‍රහණය චිත‍්‍රපටයටය. එහි ගී පද රචනය ගාමිණී විජේතුංග ගෙනි. රිචඞ්, ගාමිණී මෙන්ම වර්ණසිරි ද මධ්‍යවේදින්වීම විශේෂයකි
අනන්ත රිද්මයේ සරා මේ ගිතයේ මුල් පද පෙළයි.
1987 දී තිරගතවූ ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු ගේ රන්දම්වැල් චිත‍්‍රපටයට පහත ගීතය ගායනා කරමින් වික්ටර් සනත් ගුණතිලක වෙනුවෙන්ද පසුබිම් ගීත ගැයුවේය.
ළංවෙන්නවදෝ... වෙන්වූයේ...
වෙන්වෙන්නවදෝ ....ළංවූයේ...
වික්ටර් සමඟ යුග ගී ගායනයට එක් වූයේ ලතා වල්පොලය. ගී තනු නිර්මාණය ප‍්‍රවින සංගීතඥ සරත් දසනායකගේය.
යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන ලද මුවන්පැලැස්ස -2 චිත‍්‍රපටය උදෙසා වික්ටර් රත්නායකයන් නන්දා මාලිනිය සමඟ ගයන ලද යුග ගිය ඇරඹෙන්නේ මෙලෙසය.
නිල් වන ලන්දේ-මල් මකරන්දේ
අසිරි හිමව් පෙත -හොබවමිනා
කිදුරු සමින්දේ -මෙසඳ නිබන්දේ
නුරා මුකුලූ ලොබ උපදවනා
මේ ගිතයට රංගනයෙන් දායක වූයේ රොබින් ප‍්‍රනාන්දු හා ශ‍්‍රියාණි අමරස්නයි.
ශෂී විජේන්ද්‍ර ට වික්ටර් රත්නායකයන් පසුබිම් ගී ගැයුවේ දිනේෂ් ප‍්‍රියසාද් අධ්‍යක්ෂණය කරන ලද හිතේ දුකක් නැති මිනිසා වෙනුවෙනි. එහි මායා දමයන්ති යුග ගී ගායනයෙන් දායක වූවාය.
තුන් තිස් පැය තුළ
යනුවෙන් එම ගීතය ඇරඹෙයි.
එමෙන්ම රංග විජෙන්ද්‍ර අධ්‍යක්ෂණය කළ නොහඬන් කුමරියේ චිත‍්‍රපටයට වික්ටර් රත්නායකයන් විසින් ගැයු ගියකි මේ. ඒ ශෂි විජේන්ද්‍ර වෙනුවෙනි
වාලූකා තලාවෝ දැරූ
ක්ෂේම භූමි කදුළයි
එහි (පද රචනය-ආචාර්ය අජන්තා රණසිංහ. සංගීතය- ප‍්‍රියනාත් රත්නායක*
සේන සමරසිංහගේ බඹර කලාපේ චිත‍්‍රපටයට විකටර් රත්නායකයන්ගේ හඩ මුසුවිය. ඒ කුරුල්ලන් හඩනා නම්න් ඇරඹෙන ගීතයයි.
එහි චරිත නිරූපණය කළේ ජිවන් කුමාරතුංගයන්ටය.
එදා මෙදා තුර අඩසිය වසක් පුරා වික්ටර් මෙරට බොහෝ නළුවන් වෙනුවෙන් සිය භාව පූර්ණ මියුරු ස්වරය රිදී තිරයට තිළිණ කළේය. ඉතාම මෑත භාගයකදී ඔහු ”ආදරෙයි මං” චිත‍්‍රපටය වෙනුවෙන් ප‍්‍රගීත් රත්නායක සඳහා පසුබිම් ගී ගැයුවේය. ප‍්‍රගීත් ආදරෙයි මං චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ප‍්‍රධාන චරිතය ද නිරූපණය කළේය.චිත‍්‍රපටයට ගීත 6ක් ඇතුලත වු අතර එම ගීත සංගීතවත් කරන ලද්දේ ආචාර්ය විකටර් විසිනි. මේ ගී හයම ගායනයෙන් ආචාර්ය විකටර් දායක වු අතර යුග ගායනා කරන ලද්දේ උරේෂා රවිහාරිය.
මේ එයින් එක් ගීතයක මුල් පදමාලාවය
සිතන්න තහනම් නෑ-සිත හෙලන්න සුසුමක් නෑ
නෙත හරින්නේ නෑ- මේ සිහිනේ ඉන්නේ කවුදෝ
(පද රචනය-කුමාරදාස සපුතන්ත‍්‍රි)
අඩ සිය වසක් මෙරට රිදී තිරය නැලවූ ඒ ආදරණීය හඬ පෞරුෂය මතු මතුත් රිදී තිරයට ආශිර්වාදයකි.