වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
‘ඩොක්ටර්’ කෙනෙකු නොවී ‘ඇක්ටර්’ කෙනෙකු වූ ගම්පෙරළියේ කරෝලිස්

මුහන්දිරම් කයිසාරුවත්තේ කෝපි කෝප්පයක් බී කරෝලිස් විසින් මේසය උඩ තබන ලද ගණන් පොත් දෙකින් එකක් පෙරල පෙරලා බලන්නට විය.
‘කරෝලිස්’ යි සැර කරමින් ආලින්දය දෙස බැලීය.
“උඹ කියන එක නෙවි කරන්නේ” ඔහු, තමා වෙතට ළඟා වූ කරෝලිස් දෙස බැලීය.
“ගමේ ගෑනුන්ට ණය දෙන්නට එපා යයි උඹට කීවානෙවේද? නමුත් මේ පාරක් රු.750ක ණය දීලා.
මේ පාර නම්, ණය දුන්නේ මම නෙවි. මම රුපියල් සියයකට වැඩිය ණය දුන්නේ නැහැ. ඒකත් දුන්නේ ණය ටිකක් නොදී වෙළඳාම් කරන්න බැරි හින්දා. අනිත් ඔක්කොම ණය දුන්නේ හාමිනේගේ ඕනෑ කමට.”
‘කදිම වෙළෙන්දෙක් තමයි අපට අහුවුණේ, ඉතුරු හාල් ගෝනියත්, සිල්ලර ටිකක් මෙන්න මෙහේ එවලා කඩේ වහලා දමාපන්. උඹලට වෙළඳාම කරන්න බැහැ.” මුහන්දරම් තෙපලේය.
‘කරෝළිස් ගියේ ගෙයි අනික් පැත්තේ මිදුල දෙසටය. අඳුර අතරින් මාතර හාමිනේ එනු දුටු කරෝලිස් මෙසේ කීවේය.
කඩේ වහළ දමන්න කිව්ව. මහත්තයා කියන එකත් ඇත්ත’. අපට ගමේ මේ ගෑනු එක්ක වෙළඳාම කරන්න බැහැ.”
කරෝලිස් තම ගම වූ සිංහලේට ගියේය. පසුකාලයක මහගෙදර පුංචි නෝනා වූ නන්දාගේ සැමියා ජිනදාස බිබිලේ වෙළඳමකට ගොස් අතුරුදන් වූ විට බිබිලේට ගොස් ඔහුගේ වගතුග සොයා ලියුම් කඩදාහි එව්වේද කරෝලිස්ය.
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ ‘ගම්පෙරළිය’ ඇසුරෙන් ලෙස්ටර් ජේමිස් පීරිස් නිර්මාණය කළ චිත්‍රපටයේ කරෝලිස් පේ්රක්ෂකයාගේ මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය. චිත්‍රපටයේ මුහන්දිරම් ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්ති හා මාතර හාමිනේ ලෙස රඟ පෑ ශාන්ති ලේඛා සමඟ කරෝලිස්ගේ චරිතය රඟපෑවේ හර්බට් අමරවික්රමය.
හර්බට් අමරවික්‍රම චරිතාංග නළුවකු ලෙස චිත්‍රපට රැසක රඟපෑවේය. වේදිකා, නළුවකු වූ ඔහු හඬ නළුවෙකු ද විය. රඟපෑ චිත්‍රපට වල ඔහු සුළු චරිත රඟපෑ නළුවන්ට කැව්වේය. ඔහුගේ හඬ එතරම්ම සුපැහැදිලිය. හැඟුම් දනවන සුලු ය. පසු කලෙක ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ද විය.
හර්බට් ඉගෙනුම ලැබු මරදානේ සාන්ත ජොස්ප් විද්‍යාලයේදී වයස අවුරුදු එකොළහ දීම ගුවන් විදුලියේ ‘ළමා තීරයට’ (ළමා පිටිය’ වුයේ පසුවය.) සහාභාගී වීමට අවස්ථාව ලැබීය. සිරි අයියා (යු.ඒ.එස්. පෙරේරා) මෙහෙය වූ මේ ළමා වැඩසටහනේ හර්බට්ට රඟපෑමට ලැබුණේ නාට්‍යවලටය. ඔහුගේ සුපැහැදිලි, ගැඹුරු හඬ සිරි අයියා හැඳින ගත්තේ ය. පාසලේ වේදිකාවේ ද හර්බට් රංගනයෙන් ඉදිරියෙන් සිටියේය. පසුව කලා ක්ෂේත්රයට එක් වූ තිස්ස ලියනසුරිය, සිඩ්නි ආටිගල හා රෝයි ද සිල්වා සිටියේ පහළ පන්තිවලටය. හර්බට් ගේ කලා රසාස්වාදය පුබුදු කළේ සිංහල ගුරුවරයා වූ මර්සලීන් ජයකොඩි පියතුමා හා දොන් පීටර් පියතුමා නිසා බව අපට කියා තිබුණි.
දෙමටගොඩ මල්ලිකාරාමයේ දහම් පාසලට ගිය හර්බට්ට බුද්ධ ධර්මයත්, සිංහලත් ඉගෙන ගැනීමට හැකි විය. එදා සාන්ත ජෝසප් විද්‍යාලයේ ඔහු ඉගෙන ගත්තේ ඉංගී්රසි මාධ්‍යයෙනි. ‘ගොවියා හා ලිපිකරුවා’ හර්බට් දහම් පාසලේ රඟපෑ ඔහුගේ වේදිකා රඟපෑම විය.
“මම ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දුන්නේ ඇල්ප්‍රඩ් එදිරිමාන්න විසින්. ගුවන් විදුලියේ ‘ගුවන් විදුලි රඟමඩල”ට සභාපති වී හඳුනාගත් ඇල්ප්‍රඩ් මිය යන තෙක්ම මගේ හොඳම යහළුවෙක් වුණා. ටී.බී. ඉලංගරත්න ලිව්ව ‘හඳහන” නාට්‍ය 1959 නිෂ්පාදනය කරද්දී මාව ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දුන්නා. ඒ නාට්‍යයේ මම රඟපෑවේ ධර්මදාස කුරුප්පු, වොලී නානායක්කාර, නෙතලි වයලට් (පසුව නානායක්කාර) සමඟය. ඊට පස්සේ මම සම්පත්, ජන්ම භූමි, කාලගෝල, විජය ආදි වේදිකා නාට්‍යවල රඟපෑවා.
මම චිත්‍රපටයක රඟපාන්න යටි හිතේ ආසාවක් ඇති වුණේ සිංහල, ඉංගි්රසි චිත්‍රපට බැලුවා. ‘චින්තමානී” ද්‍රවිඩ චිත්‍රපටය බලන්න ගිහින් කීප වතාවක්ම හැරිලා ආවා. ඒ තරම් සෙනඟ චින්තාතමනීට රඟපෑ අශ්වවත්තම්මා නිළිය බලන්න ඒ කාලේ ඉන්දියාවට යන්නත් උත්සහ ගත්තා. මේ බව දැන සිටි ඇල්ප්‍රඩ් මාව “සුරයා” චිත්‍රපටයේ චරිතයට ඉන්දීය ජාතික ටී. ආර්. සුන්දරම්ට අඳුන්නලා දුන්නා. සුරයා ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේ ඇල්ප්‍රඩ්. හර්බට් තම පැටිකිරිය මීට කලකට ඉහත දිග හැරියේය.
1970 වසරේ මෙම ලියුම්කරු ‘සරසවිය’ පුවත්පතට සම්බන්ධ කටයුතු කිරීමේ දී එකල සිටි කාර්ය බහුලම චිත්‍රපට අධ්යක්ෂ කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා හමුවීමට ඔහුගේ නුගේගොඩ කන්දවත්ත පාරේ නිවසට ගියේය. එහිදී වූ හර්බට් අමරවික්‍රම හඳුනාගත් අතර කේ.ඒ. ඩබ්ලිව්. ගේ නිවස අසල ඔහු පදිංචිව සිටි කන්ද වත්තේ ‘සැනසුම’ නිවසට යාමට හැකි විය. එහිදී පරණ කතා කියමින් හර්බට් ගේ බිරිඳ සුසිලාගේ සංග්‍රහ විඳිමින් ගත කාලය සිහිපත් වෙයි.
හර්බට්ගේ සමීපතම හිතවතා වූ කේ.ඒ. ඩබ්ලිව්ගේ නළුවා” වන තරමට හර්බට් ඔහුගේ චිත්‍රපට සියල්ලේම රඟපෑවේය. වරක් හර්බට් තමා මුලින්ම රඟ පෑ ‘සුරයා” චිත්‍රපටයේ ඉන්දියාවේ දි සිදු වු අත්දැකීමක් අපට විස්තර කළේය. හර්බට්ට රඟපෑමට තිබුණේ හර්බි සෙනෙවිරත්නගේ අයියා ලෙසය. එවකට හර්බට් අමරවික්‍රම (1956) වයස අවුරුදු 25 පමණ තරුණයෙකි. වේශ නිරූපණ ශිල්පියා ඔහුව හර්බට් සෙනෙවිරත්නට වඩා වැඩිමහල් පෙනුමක් මැව්වේය. එහෙත් ඔහුගේ තරුණකම යටපත් වී නොතිබුණේය. මේ දුටු අධ්යක්ෂ සුන්දම් එකවරම කේන්ති ගිහින් ‘මෙයා හර්බිගේ අයියා නෙවෙයි මල්ලී වගේ” කියා කීවා ලු. ඒ පාර හර්බට්ව ඇදගෙන වේශ නිරූපණ ශිල්පියා බියෙන් හර්බට්ට වයසක පෙනුමක් ආරෝපනය කර අධ්යක්ෂ වෙත ගෙන ගොස් ඇත්තේ ගැහෙන හදවතිනි.
“ඒ පාර තමුසේ මෙයාව හර්බිගේ තාත්තා කරලා.” අධ්යක්ෂ අර මහලු වේශ නිරූපණ ශිල්පියා එළවා තව කෙනෙකු ගෙන්වා ගෙන වැඩේ කරගත්තේය.
සොලමන් හර්බට් අමරවික්‍රම 1931 පෙබරවාරි 12 වෙනිදා උපන්නේ කොළඹ කොටහේනේය. එහෙත් ඔහු පියාගේ ගම බෙන්තරය. විලයම් අමරවික්‍රම නම් ඔහු පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙකු ලෙස මරදානේ හා කොටහේනේ පොලිසිය.
රාජකාරී කොට ඇත. හර්බට්ගේ මව වුයේ කොටහේනේ උපන් එව්ලින් අමරසේකර යං හර්බට් සිටියේ එක සොහොයුරකි. ඩේවිඩ් අමරසේකර නම් ඔහු අධිනීතිඥවරයෙකි. හර්බට් මරදානේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලැබීමෙන් පසු විශේෂ පොලිස් බලකායට බැදුණේය. ඉන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස ද කටයුතු කර ඇත. 1979 දෙසැම්බර් 31 වෙනිදා සුසිලා අතපත්තු මෙනෙවිය සමඟ විවාහ විය. කලක් අවිවාහක සිටි හර්බට් සුසිලාගේ පේ‍්‍රමවන්තයා විය. සුසිලා මුලින්ම දුටු හර්බට් රඟ පෑ චිත්‍රපටය වුයේ ‘ගම් පෙරළියයි.
තරුණ කාලයේ සිට ඔහුගේ හිසෙහි කෙස් අඩුවීම නිසා හර්බට්ට වැඩියෙන් රඟ පෑමට ලැබුණේ වැඩිහිටි චරිතය. ජීවාරාණි කුරුකුලසුරිය, සන්ධ්‍යා කුමාරි, ජෙනී විනිෆිඩ් ශි්රයානි අමරසේන වැනි ජනපි‍්‍රය නිළියන්ගේ ද, මිල්ටන් ජයවර්ධන ජයවර්ධන ජයන්ත දාස් පෙරේරාගේ පියා ලෙස රඟපෑවේය. ධීවරයෝ” කොන්සතන්තිනූ සීයා ලෙස ද, ‘සැනසුම කොතනද” හි ගාමිණිගේ සොහොයුරියගේ සැමියා වූ ජිනදාස ලෙස ද, “සූර චෞරයා” හි දුෂ්ට චරිතයක් ද ආත්ම පූජා” හි වෛද්‍යවරයා ද, ‘ජනක සහ මංජු’ ජයන්ත දාස්ගේ පියා ලෙස ද, හිඟන කොල්ලා’ හි ජස්ටින් රණසිංහ ලෙස ද, ‘රස රහසේ’ විකට චරිතයක් ද යන ආකාරයේ එවකට එකක් විවිධ චරිත රඟපෑවේය. ඔහු Chand Thae Leopard Of Ceylon, Elephant Bay යන ජාත්‍යන්තර චිත්‍රපටවල රඟ පෑ ඔහු රඟ පෑ චිත්‍රපට ගණන අතරින් ධීවරයෝ, යටගිය දවස, සොඳුරු යුවළ, ඔබ දුටු දා, ඔක්කොම හරි, බයිසිකල් හොරා, පේනව නේද? ළසඳා කතුරු මුවත්, සීයේ නෝට්ටුව, ලොකුම හිනාව, ඉහත ආත්මය, අපරාධය හා දඬුවම, දුලීකා, වාසනා, සසර, දුර්ගා, ආදර රත්නේ, බංගලි වළලු, වතුර කරත්තය, රේල් පාර යන වඩාත් කැපී පෙනෙන චරිතය. ඊට අමතරව ‘පාසල් ගුරුවරී, සිරියලතා ඔහු රඟපෑ ටෙලි නාට්‍යයයි.
හර්බට්ට තම චිත්‍රපට ජිවිතයේ අමතක නොවන අවස්ථා තිබේ. තම ප්‍රථම චිත්‍රපටයේ රඟපෑමේ දී අලි අමාරුවක වැටී ඇත.
‘මාව වේදිකාවටත්, සිනමාවත් හඳුන්වා දුන්න මගේ හොඳම මිතුරෙකු වූ ‘සුරයා’ චිත්‍රපටයේ සුරයා ලෙස රඟ පෑ ඇල්ප්‍රඩ් එදිරිමාන්න, සමඟ මගේ මුල්ම චිත්‍රපටයේ රඟපෑම තිබුණේ. ඔහුට කම්මුල් පහරක් දෙන්න අධ්‍යක්ෂක “උපදෙස් දුන්නා. ඔහුට මම කෙසේ එසේ කරම් ද? අපි දෙදෙනා ඉඳිකටුවයි නුලයි වගේ යාළුවෝ. මම අදිමදි කළා. අධ්යක්ෂවරයා මට බල කළා. ඇල්ප්‍රඩ් මා ළඟට ඇවිත් කිව්වා.
“හර්බට්, මේක චිත්‍රපටයක් හොඳට අත දිග හැරලා ගහන්න.”
මම හිතට ධෛර්ය අරං අත දිග ඇරලා ඇල්ප්රඩ්ගේ කම්මුලට ගැහැව්වා. ඇල්ප්‍රඩ් ඒ පහරින් කැරකිලි ගියා. ඔහු ඇස් දෙකේ කඳුළු පිරිලා. මගේ ඇස්වලින් කඳුළු ගැලුවා. මට හිතට හරි අමාරුයි. අධ්‍යක්ෂක මේ දර්ශනය ගැන ප්රසාංශා කළත්. මම හිතේ අමාරුවෙන් මුළු දවසේම හිටියේ. ඇල්ප්‍රඩ් මාව වරින් වර ඇවිත් මාව සැනසුවා.
මම ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දුන්නේ ‘සොඳුරු යුවළ’ චිත්‍රපටයේ රඟපාන්න ගිහින්. මේ දර්ශන ගත්තේ ලංකාවේය. මම මේ චිත්‍රපටයේ අශ්වයකු පිට යන්න. නිෂ්පාදක එස්.ඩී.එස්. සෝමරත්නත්, අධ්යක්ෂ රාමචන්ද්‍රන් මට පොලිස් අශ්වරෝහක හමුදාවේ අශ්වයකුගේ පුහුණු ලැබුවා. ඒ අශ්වයා තම හීලෑ වුණා. එහෙත් රූපගත කිරීම් කළේ නුවරඑළියේ දී. කොළඹ මා පුහුණු වූ අශ්වයා නුවරඑළියට ගෙනි යන්න ලොකු වියදමක් යන නිසා නුවරඑළියෙන් ගන්න අශ්වයෙක් පිට තමයි යන්න වුණේ. මම ලොකු බයකින් හිටියේ. මම අශ්වයා පිට නැග්ගා විතරයි. ඌ දුවන්ට පටන් ගත්තා. මට දොලෝ සිහිවුණා. අශ්වයා පවනට වේගයෙන් යනවා. මම ඌව බදා ගත්තා. ගස් කොළං කැරකෙමින්, ඒවා පසුකර ගෙන මම ගියා. යන්තම් අශ්වයාව පුහුණුකරු මෙල්ලකර ගත්තා. මම හිස ඔසවා බැලුවා. කැමරා ශිල්පියා මෝටර් රථයකින් මා පසුපස රූප ගත කරමින් ඇවිත්. අධ්යක්ෂවරයා මගේ නිර්භීතකම ගැන ප්‍රශංසා කළා. අශ්වයාගේ පිටින් බැහැල මම ඌගේ හිස අත ගෑවේ මගේ ජිවිතය බේරා දුන්නාට. අශ්වය හිස සලා මගේ ප්‍රතිචාර පිළි ගත්තා.
හර්බට්ගේ දෙමාපියන් සිහින මැව්වේ තම වැඩිමල් පුතු දොස්තර කෙනෙකු කිරීමටත්, බාලපුතු නඩුකාරයකු හෝ අධිනිතීඥයකු කිරීමටය. එහෙත් තමාට සිදුවුයේ ‘ඩොක්ටර් කෙනෙකු නොව ඇක්ටර් කෙනෙකු වීමට බව හර්බට් සිනාසෙමින් ඇට කිවේය. ‘මල්ලී නම් නඩුකාරයකු නොව අධිනීතිඥයෙක් වුණා. එදා කිවේ මල්ලී ගැන ආඩම්බරයෙනි.
‘මගේ සැමියා, තිරයේ දුෂ්ඨ චරිත රඟපෑවත්, හදවත මෘදු කාටත් සෙනෙහස දක්වන කෙනෙක්. මට දුරු හතර දෙනෙක් ඉන්නවා. හර්බට් නැති අඩුව මට දැනෙන්නේ දරු මුනුබුරත්, මිනි පිරිසයි දකින කොට” හර්බට්ගේ බිරිඳ සුසිලා අපට කීවාය.
හර්බට්ගේ බිරිය සුසිලා අපට සම්බන්ධ බාර දුන්නේ චිත්‍රපට නළු ජයන්ත දාස් පෙරේරා බව ස්තුති පුර්වකව මතක් කරමි. ‘හර්බට් අන්කල්’ යයි ආදරයෙන් අදත් මතක් කරන ඔහු තමාගේ පියා ලෙස රඟ පෑ අයුරු අපට විස්තර කළේ හැඟීම් බරවය. හර්බට්ට ජෙස්මින්, ඕෂදී, හිමාෂා, ශෂිකා නම් දියණියන් හතර දෙනෙක් සිටි. සුසිලා මේ දූවරුගේ ද ඔවුන්ගේ දරුවන්ගේ ද සෙනෙහස ලබමින් කාලය ගත කරන්නීය. කොට්ටාව පන්නිපිටියේ මාලපල්ලේ අංක 218 නිවෙස් දියණියකගේ නිවසේ ඇය පදිංචිව සිටින්නීය.
හර්බට් අමරවික්‍රම 2001 දෙසැම්බර් 24 වෙනිදා මිය ගියේය.
ඡායාරූප පිටපත් - ලාල් සෙනරත්