මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ

අප්‍රේල් 6, 2023

 

සීත රෑ යාමේ අඳුරේ

වාසනා නිල් දෑස පායා....

ආදරේ උණුසුම් සුසුම් රැල්

මා හදේ රහසේ රැඳුණා....

දුලීකා දුලීකා දුලීකා....

මා බලා සිටියා දිවා රෑ

කල්පනා යහනේ...

නෑ එවන් රුව තාම දුටුවේ

නාඳුනන සිහිනේ....

මා ඔබේ හසරැල් ජලාසේ

කිමිදෙනා මොහොතේ

ඔබ සොයා එන්නම් ඉගිල්ලී

තාරුකා එළියේ....

 

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගී නද - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ගී හඬ - මහාචාර්ය සනත් නන්දසිරි

චිත්‍රපටය - දුලීකා

 

 

ප්‍රේමය ජීවිතයට හැමදාමත් අලුත් බලාපොරොත්තු එක් කරයි.ප්‍රේමය තරම් හදවතට සැනසුමක් ගෙනදෙන හැඟුමක් නැති තරම්ය. එවන් ප්‍රේමණීය සිතුවිලි ඕනෑම මෙහොතක හදවතක මතුවිය හැකි ය.

මෙම ගීතයෙන් කියැවෙන්නේ එවන් සුන්දර ප්‍රේමයක් හිමිකරගත් ප්‍රේමවන්තයකුගේ ප්‍රේමණීය හැගුම් සමුදායකි.

ප්‍රේමය හිමි වුවත් එය හදවතේ දැනි දැනී තිබියදී පවා නොදැනි යන අවස්ථා ඇති වේ. මේ ප්‍රේමවන්තයටත් එවන් අවස්ථාවක් උදා වී තිබේ.

සීත රෑ යාමේ ඇඳුරේ

වාසනා නිල් දෑස පායා

ආදරේ උණුසුම් සුසුම් රැල්

මා හදේ රහසේ රැඳුණා....

ඇයගේ සෙනෙහස හිමිකරගන්ට ඔහුගේ හදවත කෙතරම් නොඉවසිලිවත්ව තිබේ ද? ඔහුගේ හදවත පුරා ඇයගේ මතකයන් පිරී තිබේ. දිවා,රැයේ හැම මොහොතකටම ඇයගේ සොඳුරු මතකය මැද ඔහු ජීවත් වේ. ඇය තරම් සොඳුරු රුවක් තවම ඔහු ඇස ගැටී නැති බව දැනේ. ප්‍රේමයේ ස්වභාවය එයයි. ඇය තරම් සුන්දර වස්තුවක් ඔහුට තවත් නොමැත. ඇයගේ සිනහව ළඟ ඔහු ජීවය ලබයි. ඒ සිනහව විඳින්නට ඔහු කෙතරම් මඟ බලා සිටී ද?

පේ‍්‍රමයේ සුන්දත්වය,පිවිතුරු බව, අතිශයින්ම හැඟුම්බර බව, ඉතාම සුන්දරව, සරලව පදවැලක අමුණා ඇති අයුරු අපූරුය. පේ‍්‍රමයේ ගැඹුර හා සුන්දරත්වය විග්‍රහ කරන්නට බර වදන් වුවමනා නොවන බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගී පද හරහා ඉතාම ලස්සනට මතුකර තිබේ.

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ මධුර තනුව හා සංගීතය ගීතයේ රසය වඩාත් රසගන්වා ඇත. එසේම මහාචාර්ය සනත් නන්දසිරිගේ භාවමය මනෝමය හඬ මුසුව තුළින් ‘පේ‍්‍රමය’ වඩාත් හොඳින් රසිකයා වින්දනය කර තිබේ.

සිංහල සිනමාවට අනූපමේය සේවයක් කළ පුරෝගාමී සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස කේ.ඒ.ඩබ්ලලිව්. පෙරේරා නාමය සැමදා සිහිකළ හැකිය. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘දුලීකා’ චිත්‍රපටය 1974 දී තිරගත විය. ඕතධඹ ඩධබ, ඕතධඹ ඛ්තධඤ යන බටහිර චිත්‍රපටයේ ආභාසය ලබමින් අපේ සිනමාවට හා පේ‍්‍රක්ෂකයාට ගැළපෙන ලෙස සියලු අඩුවැඩි එකතු කර, ඉතාම මියුරු හා ජනපි‍්‍රය ගීත ද එක්කරමින් ඔහු විසින් මෙම චිත්‍රපටය නිර්මාණය කරන ලදී.

බටහිර පන්නයට ගැලපෙන චරිතයක් හරහා ‘දූලීකා’ ලෙස සුරූපී බියුලා ඩයස් කරුණාරත්න මෙම චිත්‍රපටය හරහා සිනමාවට හඳුන්වා දී තිබේ.

එවක සිංහල සිනමාවේ සිහින කුමරා වූ විජය කුමාරතුංග මෙහි දුලීකා ගේ පේ‍්‍රමවන්තයා සුමිත් ලෙස අතිශය පේ‍්‍රමණීය රංගනයක් ඉදිරිපත් කරයි.

එඩී ජයමාන්න, ජයවර්ධන ලෙසත්, සුමනා අමරසිංහ ඔහුගේ බිරිඳ ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙති. මේ සිව්දෙනා ප්‍රමුඛව කතාව දිව යයි.

පේ‍්‍රමය, ශෘංගාරය, ත්‍රාසය, සිනහව මේ ආදී එකී මෙකී සියල්ල මෙහි අනතර්ගතව තිබේ. එදා සිනමා පේ‍්‍රක්ෂකයින් ආදරයෙන්, වැලඳගත්, ආදායම් වාර්තා තබමින් තිරගත වූ ‘දුලීකා’ චිත්‍රපටයේ ඉහත ගීතය මෙන්ම එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ ‘ආදර මල් පවනේ’ ඈ යන මේ ගමනේ...’ ගීතය ද අදටත් එක සේ ජනපි‍්‍රයයි.

 

[email protected]