වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
“අපේ මහත්තයා භෞතික සම්පත්වලට ආදරය කළේ නැහැ”

මගේ මහත්තයා කවරදාකවත් භෞතික සම්පත් වලට කොහෙත්ම ආසාවක් තිබුණේ නැහැ. ආදරයක් තිබුණේ නැහැ. ”මහත්තයාගේ හදවතින්ම ආදරය තිබුණේ පොත්පත් වලටමයි.
ඔහු අපූර්වතම සොඳුරු මිනිසකු යැයි හැඟේ. එතරම් හේ හැමෝටම පි‍්‍රයමනාපය. ඒ ඇසුර ලද කල්හි ඒ ඇසුරින් අතර මඟ දී මිදී ගිය අයෙකු ද නැති, අද අපේ මේ අතිශය සොඳුරු කතා නායකයාගේ ළමා විය මා හඳුනන්නේ ‘කළු මහත්තයා’ යනුවෙනි. ඒ නම ඔහුට යෙදීමට ද හේතුවක් තිබුණි. එය පසුවට තබමි.
ගාලු දිස්ත්‍රික්කයේ ගඟ බඩ පත්තුවේ මිරිස්වත්ත, තණ බද්දේගම සශි‍්‍රක නොවූ ග්‍රාමයේ එල්ල මුල්ල කපුගේ ප්‍රැන්සිස් සහ දෝන සිරිබද්දන ඇලිස් නෝනා මව්පිය දෙපළට දූ පුතුන් අට දෙනෙකි. ඉන් දෙදෙනකු දියණියෝ සය දෙනක් පුත්තුය. 1945 ක් වූ අගොස්තු මස හත්වනදා එම පවුලේ දෙවන පිරිමි දරුවා ලෙසින් උපන්නේ පෙර සඳහන් කළ කළු මහත්තයාය. ඒ පවුලේ හැමෝම පාහේ උපතින්ම සුදුය. නොඑසේනම් පැහැපත් වර්ණයෙන් යුතුය. අපේ කතා නායකයා එසේ නොවේ. හෙතෙම තලෙළුය. නැතහොත් අන් අයට වඩා සම පැහැයෙන් අඳුරුය. ඒ නිසාම පවුලේ ගමේ හැමෝම ඇමතුවේ ‘කළු මහත්තයා’ කියාය. කළු මහත්තයගේ උප්පැන්නයේ නම ඒරමුල්ල එල්ලමුල්ල කපුගේ ගුණදාසය.
සිය මුලික අධ්‍යපනය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, එරමුල්ල කනිටු විද්‍යාලය ගාල්ල නාගොඩ විද්‍යාලවලින් පාසල අධ්‍යාපනය අවසන් කළ හෙතෙම පහ වසර ශිෂ්‍යත්වය ද ඉහළින්ම සමත්ව සිටියේය.
කපුගේ පවුලේ දෙවන පිරිමි දරුවා වූ කළු මහත්තයා සෙසු දරුවනට වඩා වෙනස් මඟක් ගත් අයකුම බව වඩාත් තේරුම් ගත්තේ ඇලිස් මෝනා මාතාවගේ වැඩිමහල් සහෝදරයකු වූ නොඑසේ නම් අපේ කළු මහත්තයාගේ ලොකු මාමා වූ විදුහල්පතිවරයකු සේම සංගීතයට, චිත්‍ර ශිල්පයට ද, විශිෂ්ට සමතකු වූ එඩ්මන්ඩ් මහතාය. ඒ මහතා මේ කොලුවා කෙරෙහි දැක්වුයේ අපරිමිත සෙනෙහසකි.
අපේ කළු මහත්තයා ඉකි බිඳ බිඳ ගෙතුළ මුල්ලකට වී හැඩුවේය. ළමා වියෙහි පසුවන තමන් ද හැරදා සිය පියාණන් වියෝ වූ දවසේය. ඉකි ගසා හඬන දරුවා අස්වැසුවා පමණක්ම නොව සියතින්ම දරුවා තම තුරුළට ගෙන ඔහුගේ පියාමෙන් ඔහුට දැවැන්ත සෙවන වුයේ ලොකු මාමාය. විදුහල්පති රාජකාරියෙන් බැහැර වන හැම විවේකී මොහොතකම ලොකු මාමා තම සර්පිනාව වයන්නේය. අපේ කතා නායක කළු මහත්තයා ද නොවැරදිම ලොකු මාමා ළඟට ම වී බලා සිටින්නේය. සංගීත ඥානයෙහි පරිණත ලොකු මාමා වරක් කියාදෙන අභ්‍යාසයක් දෙවරක් කියාදෙන්නට ඉඩක් නොතබා ‘ශාස්ත්‍රය අල්ලා ගන්නා අපූරුව දුටු ලොකු මාමා වරෙක මවිත වුයේය. කියාදෙන අභ්‍යාස මධ්‍යයේ මුවන් පැලැස්සේ තේමා වාදනය ද ලොකු මාමා වයයි. තව විටෙක පැරණි නූර්ති ගීතයක් වයමින් ගයයි. එදෙස ඇසපිය නොහෙළා බලා සිටින කළු මහත්තයා ද ලොකු මාමාගේ සිත පහදවමින් ගයන්නේය. සර්පිනාව වයන්නේය.
ගාල්ල පාසල් අතර පැවතියේ ඒකල ගායනා තරඟයකි. එනම් 1959 වසෙර්ය. එවකට සාමාන්‍ය පෙළ හදාරමින් සිටි අපේ ආදරණීය කතා නායකයා එම ගායනා තරඟයෙන් සෙසු පාසල් සිසු සිසුවියන් අබිබවමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. හැම විටම අත හිත දෙන විදුහල්පති ලොකු මාමාගේ ඉහේ මල් පිපුණි.
සංගීතයට පමණක්ම නොව ඉංගී‍්‍රසි සාහිත්‍යය පොතපතට ද දරුවා හුරු කරන්නට අගනා වටිනා ඉංගීි‍්‍රසි සිංහල සාහිත්‍ය පොත පත ගෙනැවිත් දුන්නේය. කොටින් කිවහොත් ඔහුගේ අත්පොත ලොකු මාමාය. අපේ කළු මහත්තයා පමණක් නොව එම පවුලේ සෙසු දූ පුතුන් ද ශිෂ්‍යත්වයේ හපන්නුය. අපේ කතා නායකයා අත පොතක් නැති දවසක් නැති පොත් කියවීම ද ඔහුගේ ජීවිතයේ අංක එක වුවාසේම සංගීතය ද සිය දිවියේ තේමාව විය.
මේ අන් කවරකු හෝ නොව විශිෂ්ට ගණයේ ගායන ශිල්පියකු සේම සම්මානිත සංගීතඥයකු ලෙසින් ද සුවහසක් රසික දනන්නගේ ගෞරවාදරයට බුහුමනට පාත්‍ර වූ සිය කටහඬින් රටක් මෝහනය කළ විශාරද ගුණදාස කපුගේ ශූරීන්ය.
සරසවිය වෙනුවෙන් ඔහු සොයනු රිසියෙන් ඔහුගේ සොඳුරු නිවහනට ගිය මට හමුවුයේ එතුමාගේ ආදරණීය බිරිඳ රාජ්‍ය ගෞරව බුහුමානයට ද පාත්‍ර වූ විශිෂ්ට නර්තන ශිල්පිනියක වන ප්‍රේමා කපුගේ මහත්මියය. ඕ තොමෝ අතිශයින් පි‍්‍රයමානපය. මටසිළුටු කතාබහේ දී හැඟී ගියේ සිය පිය හිමි පරිස්සමට සේ ඈ සන්තකයේ තබා ගිය මනුස්සකමය. සරල නිහතමානී ඇවතුම් පැවැතුම් එසේමය. ‘අපි ඔක්කෝටම ඉස්සෙල්ලා මල්ලී මගේ අතින්ම හදාපු කුරක්කන් කැඳ එකක් බීලා ඉම්මු.’
ඕ තොමෝ අප පිළිසඳරට සැදී පැහැදී සිටින්නීය. මම සිනාමුසුව බලා සිටිමි.
‘ගුණදාස කපුගේ ඒ මගේ මහත්තයා. එයාගෙයි මගෙයි කතාවට මං හරිම ආදරෙයි. මට මහත්තයාව හමුවන විට එයා ගායන ලොවට මුල් අවධියේ ප්‍රවීණයන් අතරේමයි මගේ මහත්තයා අමරදේව, සනත් නන්දසිරි ආදී එදා විශිෂ්ට ප්‍රවීණයන් අතරේ අපේ මහත්තයටත් හොඳ පිළිගැනීමක් තිබුණු බව මම එදා දුටුවා. මං ඇත්තම කියන්නම් මල්ලී. අපේ මහත්තයා ඔය භෞතික සම්පත් කිසිම දේකට ආදරේ කළ කෙනෙක් නොවෙයි. එයාගේ ආදරය පොත්වලටමයි. මාව මුලින්ම හම්බ වෙන්න ආව දවසෙත් අතේ පොතක් තිබුණා මට තවමත් මතකයි.
ඕ තොමෝ ඒ වන විට සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නර්තන ශිල්පිණියක ලෙසින් ඉගෙනුම ලබන්නීය. අපේ කතා නායකයා ඇයට මුණ ගැසෙන විට ඈ එස්. පණීභාරත ඇදුරිඳු යටතේ සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැති රාජ්‍ය නැටුම් කණ්ඩායමේ කීර්තිමත් නර්තන ශිල්පිනියකි. එම කණ්ඩායමට තරුණියන් හය දෙනෙකි. එහි වර්තමාන සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ බිරිඳ බ්‍රියටිස් වීරසිංහ, රැජිනි චෙල්වනායගම්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ දියණිය මංජුලා මානවසිංහ අය ද සමඟින් තරුණ කණ්ඩායමට අයත් වුවත් අතර, ශිල්පාධිපති, කුලසිරි බුදවත්ත, අනුර අල්ගම, ගුණසේන රාජපක්ෂ සේන එනමල් දෙණිය ආදී තවත් අය ද වූහ. මේ කාලයේ දී තිස්ස අබේසේකරයන් ගීත නාටකයකට අත ගැසුවේය. එය මාතෘ භූමි නම් විය. එහි ආරම්භය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
‘ඉතින් මල්ලී, බැසිල් මිහිරිපැන්න මහතා සමඟ මානවසිංහ මහතාගේ දුව මංජුලා එක්ක මමත් බැලේ කළා. කොහොම හරි ඉතින් මානවසිංහ මහතාගේ ගෙදර උපන් දින සාදයක්. ඔය කාලේ අපේ ගුණදාස කපුගේ මහත්තය ගුවන් විදුලියේ. නැවතිලා උන්නෙ මානවසිංහගෙ ගෙදර. මානවසිංහයන් විතරක් නෙවි එතුමාගේ ප්‍රභාත් හා උදය කියන දරුවන් පවා මගේ මහත්තයට හරිම ආදරෙයි.
‘ආ ඔයා නේද මාතෘභූමි ගීත නාටකයේ නැටුම් කළේ. කියල ගුණදාස කපුගේ මහත්තයා මා දිහා අමුතු විදිහකට බලල මගෙන් ඇහුවා. ඒ විතරක් නෙවි මට සින්දුවක් ගායනා කරන්න කියලත් එයා කිව්වාම මට මහ මොකද්ද වගේත් වුණා. ඉතිං මට ලැජ්ජත් එක්ක. ඉතිං මං ගායනා කළා. ඒ වෙද්දි අපේ මහත්තයා ඉන්දියාවේ ගිහින් සංගීත විශාරද කරල ඇවිත් උන්නෙ. ඔය එයා ගයපු සීතල සඳ එළියේ, දෑස නිලුපුල් තෙමා ගීත ඒ කාලෙ ජනපි‍්‍රයයි. එතකොට මට වයස 21ක් විතර ඇති. මං ගායනා කළාට මං ගායිකාවක් නෙමේනෙ හැබැයි මට එදා හිතුණ එයා මා ගැන බොහොම උනන්දුයි කියලත්. ඒ එක්කම එයා හරිම හොඳ කෙනෙක් වගේ කියලත් මට හිතිල තිබුනෙ.’
පේ‍්‍රමා මහත්මිය ඇය හා ඔහුගේ යටගියාවේ මිහිරිම සිද්ධීන් ගළපා කියන්නී මුව පුරා ඉහිරෙන සිනාවෙනි. ‘මං පවුලේ 12 වැන්නිය’. අපේ සොඳුරු කතානායක විශාරද ගුණදාස කපුගේ ගාන්ධර්වයාණන්ගේ පි‍්‍රය බිරිඳ පේ‍්‍රමාගේ හඬ මලානික විය.
‘අපේ අම්මා පුදුම දිරියවන්ත කාන්තාවක් වී අලෙවි මණ්ඩලයේ වී පොලාපු ඒ රත්තරන් අත් දෙක දුහුවිල්ලෙන් වැහිලා මගේ තාත්තා ඉහළම අධ්‍යාපනයක් තිබ්ච්ච මනුස්සයෙක්. ඒත් රා වලටම ජිවිතය දන් දීපු කෙනෙක් වූ නිසා අම්මත් දුක් වින්දා. අපිත් දුක් වින්දා. පස්සේ ලොකු අයියා දෙවැනි අයියා මේ ගරා වැටෙන තත්ත්වයෙන් අපව බේරාගත්ත අම්මවයි අපිවයි එක්කන් ඇවිත් පොළොන්නරුවේ පදිංචි කෙරෙව්වා. ඔයා දන්නවද මල්ලි මට හොඳට දුක හුරු පුරුදුයි. මඩ දිය කඩිති නියර හොඳට හුරුයි. කොහොම හරි ඉගෙන ගත්තා.’
ඕ ජයග්‍රාහී සිනාවකින් මුව සරසා ගත්තාය.
තෝපාව මහ විද්‍යාලයේ ආදී සිසුවියක වන ඈ උතුරු මැද පළාතේ නැටුම් ශිෂ්‍යත්වය දිනා අනුරාධපුර මධ්‍ය විදුහලින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවාය.
මාවයි අක්කවයි අපේ අම්මා හරියට පරිස්සම් කළා’ ඈ කීවාය. එම අවධියේ තෝපාව විදුහලේ විදේශයේ පවා නම රැන්දු කේ.බී. ජිනදාස ගුරුතුමා ඇගේ නර්තන කුසලතාව ගැන පැහැදී නාගා වන්නම හදාරන්නට මග පෙන්වීමෙන් ශිෂ්‍යත්වයක් ලබන්නට සමත් වුවාය. ආරියරත්න කළුආරච්චි ජයන්ත කෝට්ටේගොඩ, කාන්ති ශිල්පාධිපති මුදියන්සේ දිසානායක ආදී ප්‍රවීණයන් අතර සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නර්තන අංශයේ මුල් පෙළේ උපාධිධාරිණියක වන්නට තමන් වාසනාවන්තියක වූ බව ද ඕ පවසන්නීය.
මෙලෙසින් පේ‍්‍රමා මහත්මිය නර්තනයෙන් දෙස් විදෙස් කෙහෙලි නංවද්දී අපේ කතානායක තෙමේ ද සංගීතඥානය ලබමින් ඉහළටම නැගී ආයේය. ‘එයා සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ ගේට්ටුව ළඟ මාව මුණ ගැහෙන්න බලා ඉන්නවා. මංජුලා අතේ එයාගෙ හිතේ මං ගැන අදහස කියල ලියුමකුත් එවල තිබුණා. මගේ ජිවිත කතාවම මං එයාට කියල අන්තිමට කීවේ මට මුකුත් උත්තරයක් දෙන්න බැහැ. මට යුතුකම් වගකීම් තියෙනව කියලයි. මගෙ යටි හිතෙත් එයා ගැන හොඳ හැඟීමකුත් තිබුණා. නැත්තේ නෑ. යාළුවන්ට එයා කියල තියෙනවා පේ‍්‍රමා මගේ අනාගත බිිරිඳ කියලා සමහරු කිව්වනෙ කපුගේ ලස්සන නෑ. මට ගැළපෙන්නේ නෑ කියලත් හොඳ මනුස්සයෙක් බව මං තේරුම් අරන් හිටියේ.’
රට පුරා විවිධ සංදර්ශන වලට ගුවන් විදුලියෙ අය යන බස් එකේ රාජ්‍ය නැටුම් කණ්ඩායමේ අපත් ඒ බස් එකේම යනවා. කොහොම කොහොම හරි අපි දෙන්නා ආදරයෙන් බැඳුණා. අපේ මහත්තයාට ඩෝල්ටන් අල්විස් මහත්මයා අපි ගැන ගීතයක් ලියා දුන්නා කියමුකො. ඒක හරියට එයා මා ගැන කියන ගීතයක්මයි. ඒ සින්දුවට අනේ වෙච්ච දේ’
මම ඇය දෙස බලා සිටිමි. ඈ එය ද කියන්නී.
ගායන ශිල්පී බණ්ඩාර අතාවුද කඩිමුඩියේ දිව ආයේ ගුවන් විදුලියේ එවකට ශබ්ද පරිපාලකවරයකු වූ අපේ කතා නායකයා හමුවටය. ‘අනේ මට උදව්වක් කරපන් ගුණේ, ගුවන් විදුලියෙ සරල ගී වැඩ සටහනකට මට සින්දුවක් හදලා දීපන්,’ තමන් සතු දෙයක් අනූනට දෙන්නට පමා නොවන අපේ ආදරණීය කපුගේ වහා ඔහු අත තැබුවේ පේ‍්‍රමා නමින් ලියැවුණු ගයන්නට සංගීතවත් කර සුදානම් කර තිබු එම ගීතයයි.
ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු ඔබ මගේ කළු...// එම ගීතයයි.
එය ගුවන් විදුලියෙන් අසා හුන් පේ‍්‍රමා අපේ කපුගේ දොස් නඟන්නට වුවාය.
‘මටම හදාපු ඔය සින්දුව ඔයා ගායනා කරාවි කියලනෙ මං හිතුවේ.’
‘අනේ පේ‍්‍රමා දුක්වෙන්න එපා. ඒ සින්දුවේ සංගීතය දැම්මෙත් මමයි. හරි මං ඔයා වෙනුවෙන් ම සින්දු ඕන තරමක් හදල කියන්නම් කො. දුක්වෙන්න එපා පේ‍්‍රමා.’
එය අසා නෝක්කාඩු බැල්මෙන් ඉවත බලාහුන් පි‍්‍රයාදරිය පේ‍්‍රමාගේ මුහුණ තමන් දෙසට හරවා ඈ නෙතට එබී බලා ඔහු ඇසුවේ මේ ටිකය.
‘මගෙ කෙල්ල මං එක්ක තරහ වේවිද දන්නේ නැ.”
ඉන්පසුව ලූෂන් බුලත්සිංහලයන් ලියූ මේ ගීතය ඔහු ගයන්නට වුයේය.
‘සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ
කල්පනා ජිවිතේ - පිරුණා ආදරේ.
එදා ඒ හිස්තැන වහන්න අපේ මහත්තයා මේ ගීතය ගායනා කළා’ පේ‍්‍රමා සිනාබර මුවින් කියන්නීය.
කපුගේ පේ‍්‍රමා ආදර අන්දරයට මල්ඵල ගැන්වෙමින් දෙපාර්ශ්වයේ ආශිර්වාදය ද සමඟින් එම දෙපළ අතිතන ගැනිණි. ඒ 1978 ක් වූ ජුලි මස 6 වනදාය. ‘අපේ ආදරයට අවුරුදු හතරක් මම 21 දි ඇසුරු කළා. 23 දි ගුරු වෘත්තියේ 24 දි මං එයාව බැන්දා.’
අපේ ආදරණීය කතා නායකයා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ වූ ප්‍රවීණයන්ගේ සමීප ඇසුරට ම බඳුන් වුයේ ඔහු තුළ තිබු අව්‍යාජ ගති පැවතුම් නිසාම යැයි කීම අතිශයෝක්තියක් නම් නොවේ. එතරම් ඔහු තම ඇසුරට එළැඹෙන්නා රැකගන්නේය. කලණ මිතුරෙකුම වන්නේය. දුකෙහි දී පිහිටට එන්නේය.
‘මං එයාට කියල තිබුණෙ මගේ තාත්තාගේ බීමත්කම අපේ පවුලටම නරකට බලපෑව හැටි ගැන මට බොන මිනිස්සුන්ව පේන්න බැහැ. ඒ තරම් අපි‍්‍රයයි. මං එයාට නිතර කිව්වා. බොන්න එහෙම එපා. මං ඒකට කැමැතිම නැහැ කියලා. ඒ මං කියන වෙලාවට එයා ආදරෙන් අහනවා. ඔය මුල් දවස්වලදී ඔය ප්‍රවීණතම ගායකයෝ එකතුවන තැනක් තිබුණා. සේන වීරසේකරගේ ගෙදර. ඒ අය ප්‍රවීණයන් වුණාට මගේ මහත්තයාට පුදුම ළෙන්ගතුකමක් තිබුණා. හැබැයි මුලදී මුලදී නම් එයාලා මත්පැන් බොද්දි අපේ මහත්තයා තේ එකක් බොමින් තමයි හිටියේ. පස්සේ පස්සේ ටික ටික බොන්න ගත්තා’
ඔහු හා අතිතන ගත් මිහිරිතම දවස් ගැන ඈ නැවතත් සතුටින් කියන්නීය.
‘අපේ මංගල පෝරුව කොතරම් ලස්සන ද කියනවා නම් ඒක තරුණි පත්තරයෙන් මුල් පිටුවෙ පළවුණා. මගෙ මංගල සාරිය ලූෂන් බුලත්සිංහල අයියා එංගලන්තයෙන් ගෙනැත් දුන්නේ. ඒ අපේ මංගල පෝරුව පස්සේ අරිසෙන් අහුබුදු ශූරීන්ගේ දුවගෙ මංගල්ලෙටත් ගත්තා. හරිම ලස්සනයි. මල්බොකේ එකත් පුදුම ලස්සනක්. අපේ විවාහ මංගල්ලේ ගත්තේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙ ගෙදර. මගේ අම්මා මගේ මංගල්‍යයදා පුදුම සතුටක් වින්දා. මගේ නැටුම් දැකල මගේ අම්මා සතුටු කඳුළු හැළුව දවස් අනන්තයි.’
ඕ මා සමඟ පසුවන සිය නිවසේ බරාඳය සිසාරා නෙත් හෙළුවාය. සුවිසල් නිවසේ මැද සාලයේ එක් තැනෙක අපේ ආදරණීය ගාන්ධර්වයා මුල් යුගයේ පරිහරණය කළ සර්පිනාව දැකුම්කලු රාක්කයේ ඉහළින්ම තබා තියේ. එහි පුරවා ඇත්තේ අපේ විශිෂ්ට සංගීතවේදියා තම සුමියුරු ගායනයෙන් සංගීතය පිළිබඳව ලත් විසල් ප්‍රතිභාවෙන් සම්මානිත වූ විවිධ හැඩතලයේ සමරු සම්මාන රැසකිනි. අනෙක් පස බිත්ති පුරා එතුමාගේ රුව සිත්තම් කළ චිත්‍රයන්ය. ඒ අතරම විශාල කරන ලද එතුමාගේ ඡායාරූපයන්ය.
‘මේ ගේ හදන්නත් මං උනන්දු වෙද්දි අපේ මහත්තයා ගෙවල් හදන්න අපට සල්ලි කෝ ප්‍රේමා කියලා එයා නිදාගත්තා. මං මහත්තයගෙන් සල්ලි ඉල්ලන් මං උපයපු සල්ලිත් දාල තමයි මේ ගේ හැදුවේ.’
‘මගෙ ගුරු පත්වීම ගන්නත් ගියේ අපි දෙන්නාම එකටයි. ඒත් අපේ මහත්තයා කිව්ව පේ‍්‍රමා ඔයා රස්සා කරන්න ඕනෙ නැහැ. මට පුළුවන් හම්බ කරල ඔයාට සලකන්න කියලා. ඒ වෙලාවෙදි මං එයාට කිව්වේ මගේ අම්මාට සලකන්න. මට අවශ්‍ය දේවල් ගන්න ඔයාට සල්ලි ඉල්ලා කරදර කරන්න බැහැනෙ කියලා.
කපුගේ පේ‍්‍රමා විවාහයේ පුතුගේ උපත ඔවුනට මහත් සතුටක්ම විය. ඒ ගායන ශිල්පී සංගීතවේදී මිත්‍ර කපුගේය. එපුතු එංගලන්තයේ පි‍්‍රමෙට් විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය දිනා ගත්තේය.
තම පියාණන්ගේ ගීත රැගෙන තම සොහොයුරු මිත්‍ර සමඟින් යුග ගායනයෙන් බණ්ඩාරනායක සමරු රඟහලේ ගී ප්‍රසංග ද පවත්වන්නේ දියණිය සජිනි කපුගේය. දියණිය සජිනි සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක වන අතර ඇය දමිළ හා හින්දි බස පිළිබඳ උපාධිධාරිනියකි.
තෙවැන්නිය රිද්මා කපුගේය. ඈ පිළිබඳ ප්‍රේමා මහත්මිය කීවේ මෙලෙසිනි.
‘අපේ දුව රිද්මා සංගීතයෙන් පරිණතයි. තාත්තාගෙ කුසලතා අඩු නැතිව පිහිටලා තියෙනව කීවොත් හරි. රිද්මා දක්ෂයි රිද්මා මේක්අප් ආර්ටිස්ට් කෙනෙක්. තාත්තාට උපහාර හැටියට ඒ දුව ඉතාලියේ ඒකල ගායනය කරනවා. මහත්තයා ඉගෙනුමටත් දක්ෂයිනෙ. ඒ වගේමනෙ සංගීත ඥානයටත් ඒවා එහෙමම රිද්මා දුවට තියෙනවා. මැයි මස 17 වැනිදා ඉතාලියේ උපහාර උලෙළක් පවත්වන්න සුදානම් වෙනවා.’
අපේ මිත්‍ර පුතා ඉටුකරන මෙහෙවර ගැනත් මං හරිම සතුටින් ඉන්නේ.’
ඇය සැනසුම් සුසුම් හෙළන්නී යැයි මට සිතේ. ඕ සැබැවින්ම පින්බර මාතාවක් යැයි ද හැඟෙයි.
‘ඉතින් මල්ලී මං කීවනෙ මේ ගේ මම හැදුවා කියලා. අනේ මේ ගෙට ගෙවදින දා පිරිතක් කියලා ආගමික කටයුතු කළ දවසේ මගේ මහත්තයා හිටියෙ හරිම පුදුම සතුටකින්. මගේ ගුරු මණ්ඩලය ගෙදරට ආවාම අපේ මහත්තයා කියනවා මේ ගේ ලස්සනයි නේද, මගේ පේ‍්‍රමා තමා මට මේ ගේ හදල දුන්නෙ කියලා. මං ඒ වෙලාවට මහත්තයට කීවෙ අනේ ඔයා එහෙම කියන්න එපා. මං පොඩි දෙයක්නෙ කළේ කියලා.
සංගීතවේදී කරුණාරත්න දිවුල්ගනේ ද නිතර නිවසට ආ ගියේය. එවිට ඔහුගේ සර්පිනාව ඔහු වයන්නේය. පුස්තකාලයේ පොත් අඩුවක් නැති රුසියානු දර්ශනයට වඩාත් ඇලුම් පෑ අපේ කතා නායකයා ඒ පොත පත ද වඩාත් රුචියකින් කියැවීය. තම හිතමිතුරනට හෙතෙම නිතර කීවේ පුළුවන් තරම් පොත් කියවන්න. එය අපතේ යන්නේ නැහැ.’ යනුවෙනි. තමන් සතු පොත් ඔවුන් අතට පත්කොට කියවල ආපහු මටම දෙන්න’ යැයි කියන්නේය.
අපේ කතා නායකයා මීවිතට තදින්ම ලොල් වුයේය. ඉන් වඩාත් දුකට පත්වුයේ බිරිඳ පේ‍්‍රමාය. කෙලෙස ඇවිටිලි කර යාදිනි කළ ද ඉන් ඔහු මුදවා ගන්නවා. වෙනුවට සිදුවුයේ හේ තව තවත් ඊටම නතුවීමය.
‘මම මහත්තයාගේ බීම නවත්වන්න එයාට හොරෙන් මං නොගිය තැනක් නැහැ. මල්ලී. එක එක ගුරුකම් මාර්ගයෙන් හරි. එයින් බේරාගන්න බැලුවා. ඔය සුමිතුරෝ කියන සංවිධානයකටත් මං ගිිහින් උපදෙස් පැතුවා. එතැනින් කීවෙ මහත්තයව එක්ක එන්න කියලයි. මහත්තයව මං කොහොම එක්ක යන්නද?’
පේ‍්‍රමා මහත්මිය නිහඬවමය. දෑතේ ඇඟිලි පටලවමින් ඕ බිම බලාගත්වනමය. ඒ මුහුණ මැල වී ගොසිනි. ඕ නැවතත් පුටුවේ හරි බරි ගැහෙමින් කතාවට පැමිණියාය.
‘මං කවරදාකවත් මගේ මහත්තයාට වධක භාර්යාවක් වුණේ නැහැ. කවදාකවත් මහත්තයාගේ වරදක් අඩුපාඩුවක් දැක්ක කියල මං එයාව පහත් කරල නැහැ. පහත් කරල කතා කරල නැහැ. වැරදි අඩුපාඩු කා ළඟ ද නැත්තෙ මල්ලී. ඒවා හදාගෙන අප දෙන්නා එකමුතුව අපේ ගමන ගියා.’ ප්‍රශ්න ඇතිවුණත් ඒ වෙලාවට විතරයි. මං මගේ මහත්තයට හරිම ආදරෙයි.’
පියාගේ කීර්තිමත් විසල් නාමය තව දුරටත් ඉදිරියටම රැගෙන යන්නට පුතු මිත්‍ර කපුගේ ගේ වෑයම ඕ සතුටට පත්කොට ඇත. සංගීත විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියකින් පිදුම් ලද පුතු මිත්‍ර 2011 වසරේ දී විමලරත්න අධිකාරිගේ ඉසිවර රණකෙළි ටෙලි නාට්‍යයේ හොඳම සංගීතය වෙනුවෙන් සම්මානිත වුයේ ද මිත්‍ර පුතුය.
අනුරාධපුර රජරට ගුවන් විදුලියේ අධ්‍යක්ෂවරයා වූ අපේ කතා නායකයා එහි සේවය කරමින් සිටියේය. අනුරාධපුරයේ පැවැති සංගීත සංදර්ශනයක දී ගී ගයන විට පැමිණියේ එහි උසස් පොලිස් නිලධාරියෙකි. ඔහු ලියාගත් ඔහුගේම ගීත කිහිපයක් අපේ කතානායකයාට දිගුකොට මෙය ගයන්නැයි බල කරද්දී එය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමෙන් පොලිස් නිලධාරියා කුපිත වුයේය. එදින සවස් භාගයේදී පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අපේ කතා නායකයා හැඳ සිටි සරම ද මාරු කරන්නට ඉඩක් නොදෙමින්. ‘මෙයා අපේ ලොකු මහත්තයාට බැනල තියෙනවායි කියමින් පොලිසියට රැගෙන යන්නට වෙද්දී බිරිඳ ප්‍රේමා එය වළකාලීමට මහත් වෙහෙසක් ගත්ත ද එය නිශ්ඵල විය.
ඇයට අවසන සිදුවුයේ වරදක් නැති හිමි සමඟම රැය පහන් වනතුරා පොලිසියේ ලගින්නටය.
‘ඒ කාලෙ භීෂණය රජයන කාලෙ. මං බය වුණා මගෙ මහත්තයට අනතුරක් කරාවිද කියලත්’ ඈ දෑස් ලොකුකර කීවාය.
‘මමත් ඒ වෙලාවේ ඩාන්සින් පුහුණුවේ උන්නෙ. තබ්ලාව වැයුවෙ මගේ මහත්තයා මාත් ඇරියෙ නැහැ. මේ ඉන්නෙ. ජාතික වස්තුවක්. එහෙම ගෙනියන්න දෙන්න බැහැ කියලා මම ඩාන්සින් ඇඳුම පිටින්ම දුවල ගිහින් රජරට සේවයට මේ සිද්ධිය කීවා. මගේ මහත්තයා කළ වරද මොකද්ද දන්නවද එයාල දුන්න සින්දු කිවෙ නැති එකයි. ඕ උස් හඬින් සිනාවුවාය.
මේ ගෙවී යන්නේ 2003 වසරයි. ඩුබායි දේශයේ ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද ප්‍රසංග කිහිපයකට සහභාගි වන්නට අපේ කතා නායක කපුගේ ශුරීන් එම වසරේ එහි යන්නට වුයේ මාර්තු මාසයේ 26 දාය. එතුමා ගේ පුත් ලංකාවට පැමිණියේ මාර්තු මස 25 දාය. තමන් ආ සැණින්ම විදේශ ගතවන තම පියාණන්ගේ ගමන නවතාලන්නට පුතු මිත්‍ර බොහෝ දේ කියමින් මැසිවිලි නැගුවේය. ‘අනේ තාත්තෙ... මං ලංකාවට ආවා විතරයි. ඔයා පිටරට යන්න තියාගත්තා. එංගලන්තයෙ අවුරුදු දෙකක්ම ඉඳල මේ මං ආවෙ තාත්තා එක්ක විවේකයෙන් ඉන්නයි.’
තාත්තා වෙවුලන දෑතින් පුතු බදාගෙනම හඬන්නට වුයේය. පුතු වැලඳගත් ඔහු දැත මිදුණේ බොහෝ වේලාවකට පසුවය. තාත්තා ඉකි ගසමින් හඬමින් මෙසේ කියන්නේය.
‘පුතා, අපට ගේ හදාගන්න සල්ලිත් ඕනනෙ.මං දැන් 50,000ක අත්තිකාරමකුත් අරන්නෙ. මේ ගමන ගිහින් ආවට පස්සේ අපට හොඳට ගේ හදාගන්න පුළුවන්නෙ. මේ ගමන මං ගිහින් එන්නම් පුතේ.’ තවමත් ඔහු දෑත වෙවුලන්නේය.
මම පේ‍්‍රමා මහත්මියගේ මුහුණ බලමි. ඕ එඩිතර, දිරිය ගැහැනියකයැයි ද අපේ සොඳුරු කතා නායකයාටත් වඩා ප්‍රබල තීන්දු තීරණ ගැනීමේ සිත සවිමත් කාන්තාවක් යැයි ද ඉඳුරාම මට සිතිණි. ඇයගේ ආමන්ත්‍රණය මුදුව ඇසේ.
‘මල්ලියේ කාලයක් මගේ මහත්තයා වැඩ තහනමට ලක්වුණා. මගේ මහත්තයා සසල වුණා. අපට බොහොම සමීප රඹුකන සිද්ධාර්ථ හිමියන් අප ළඟම හිටියා. වැඩ තහනම් වුණාට කමක් නැහැ. ඒ ගැන හිතන්න එපා. මං වියදම් කරන්නම් කියලා උන් වහන්සේගේ ආශිර්වාදය ද ඇතිව මගේ මහත්තයා ‘කම්පන’ ගී ප්‍රසංගය කළා. ඒ ප්‍රසංගයට මිත්‍ර පුතාත් තාත්තා සමඟ ගීත ගැයුවා. රඹුකන සිද්ධාර්ථ හිමි අපට අමතක කරන්නම බැහැ. දුකේ දි ළඟම උන්නා.’
ඩුබායි දේශයේ සංගීත ප්‍රසංග සඳහා නික්ම ගිය අපේ සහෘදයාණෝ සිය බිරිඳට දුරකතනයෙන් කතා කළේය.
‘පේ‍්‍රමා මගේ කකුලක අමාරුවක් හැදිලා. මේ මං කකුල වෙලාගෙන ඉන්නෙ පේ‍්‍රමා’
පේ‍්‍රමා ඔහු සනසන බස් කියා පරිස්සමින් ඉන්නැයි ද කිවාය.
ඇයගේ මුහුණින් මා දුටුවේ මෙතුවක් යන්තමින්වත් නුදුටු මහත් සෝකාකූල මුහුණුවරකි. ඇය සිතින් හඬන්නීදැයි මට සිතිණි. ඔව්. ඇය සිත හඬා වැලපෙන්නීය.
‘එදා මගෙ මහත්තයා ගුවන් තොටුපළට ආවා. එයා දවස් ගාණකට පස්සේ එන්නෙ. මාත් ආසාවෙන් බලා උන්නා. එයාර් බස් එකට එයාර් හොස්ටස් කෙනෙක් ඉන්න ඕනනෙ. එදා එයාර් හොස්ටස් නැහැ. මගෙ මහත්තයා එයාර් බස් එකට නැගලා තියෙනවා. කකුලත් අමාරුවෙන් අනේ දෙයියනේ එයාර්බස් එකේ ස්වයංක්‍රීය දොර එකපාරටම ඇවිත් මගේ මහත්තයාගෙ හිසේ පිටුපස වැදුණා. අනේ මගෙ මහත්තයාගේ ඔළු කට්ට හතරට පුපුරලා දෙවියනේ.’
වහා හෙතෙම රෝහල් ගත කෙරිණි. පේ‍්‍රමා හඬාගෙනම ඔහු සමීපයේමය.
‘ඇයි රත්තරන්. මොකද මේ වුණේ?”
අපේ සොඳුරුතම කතා නායකයා නිහඬම ය.
හද්දා පිටිසර ග්‍රාමයක ඉපිද පාසල් අධ්‍යපනය නිමවා සිය ළයාන්විත හඬ පෞරුෂයෙන් සිසුවකුව සිටියදී ද ජාතික මට්ටමේ සම්මාන රැසකට බඳුන් වූ ඔහු 1963 දී ලලිත කලා ආයතනයට (හේවුඩ්) බැඳී වැඩිදුර සංගීතය හදාරන්නට ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීතායනයෙන් 1965 දී සංගීත විශාරද උපාධිය ලද ඔහු, තාවකාලික පත්වීමකින් 1969 දී ගුවන් විදුලියට සම්බන්ධ වී 1970 දී එම තනතුරටම ස්ථිර පත්වීම ලද ඔහු දඬුවම් මාරු නෙරපීම්, පළිගැනීමේ ආදියට ද ගොදුරු වූ ඔහු.
පීඩනයට පාත්‍ර ජනතාවගේ හඬ ඔහුගේ හඬ බවට පත්විමෙන්, ජන පීඩනයට එරෙහිව තම ගීතය ඔස්සේ ජන දුක හඬ ගා කියු ඔහු තැලුණු රිදුණු මිනිසුන්ගේ ජිවිතවල යථාර්ථය හඬ ගා ගැයු ඔහු. ඔහු හඬ යටපත් කරවන්නට වාරණයට ද ලක් වු ඔහු, කියුබාවේ හවානා නුවර ජාත්‍යන්තර තරුණ සමුළුවට ලද ඇරයුමට ගුවන් විදුලියේ නිවාඩු අවසරය නොලැබීමෙන් එය නොතකා සමුළුවට යාමෙන් රැකියාවෙන් නෙරපන ලද ඔහු. රජරට සේවය ස්වර්ණමය යුගයකට බඳුන් කර වූ ඔහු, මානව පේ‍්‍රමයෙන් ජනතා සුසුම් නිවාලන්නට ගීතයෙන් ඇප කැප වූ ඔහු.
සබඳ අපි කඳු නොවෙමු. උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු - එකම ගඟකට වැටෙන
මනුෂ්‍ය ජිවිතවල බරපතළ සමාජ කාරණා පිළිබඳව ගීතයෙන් කතා කළ ඔහු 88 - 89 භීෂණ සමයේ පවා තම මතය වෙනුවෙන්ම පෙනී සිටි ඔහු සමාජයේ දරිද්‍රතාවයේ පීඩනයේ කුසගින්නේ කම්පනය වෙනුවෙන් ගීතය අවියක් කර කම්පන ප්‍රසංගයෙන් ආමන්ත්‍රණය කළ ඔහු, අවස්ථා රැසකදීම හොඳම කටහඬ හා හොඳම ගායනයට ජනාධිපති සම්මාන, රන් සංගීත සම්මාන, විශ්ව ප්‍රසාදිනි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන ර්‍ණඛ්ධ්ඛ් සම්මාන, සරසවි සම්මානයට පාත්‍ර වූ ඔහු, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය,චිත්‍රපට වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණය කළ ඔහු.
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය - අපට මියෙනතුරු හැදිනිය හැකිවෙද
එල්ෆින්ස්ටන් රඟහල උතුරා ගිය එක් දවසක කපුගේ පේ‍්‍රමීන් අමතා එදා රත්න ශ්‍රී විජේසිංහයන් කළ ප්‍රකාශය නැවතත් සිහිපත් වෙයි.
සැබැවින්ම කලාවට මනුෂ්‍යත්වයට ආදරය කළ මිනිසුන් අතර ගුණදාස කපුගේ මානව හිතවාදියාට ලැබෙන්නේ සුවිශේෂි ස්ථානයකි.
අපේ ආදරණීය කතා නායකයා කතා නැති ඒ වෙනුවට තම සමීපයේම පසුවන බිරිඳ පේ‍්‍රමාගේ අතක දැවටුණු ඔහු අතක් ඇයගේ ඇඟිලි තෙක් පැමිණ ඔහු අතින්ම පෙරදාක පැලැන්දු මංගල මුදුව ළඟ නතර විණි මංගල මුදුව හේ දෙතුන් වරක් පිරිමැද්දේය. ඈ නෙත පිරි කඳුළක් ඔහු අත මඟට වැටිිණි. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.
පසුදා උදයේ නිහඬවම පසුවූ අපේ ආදරණීය කතා නායකයාණෝ කිසිවකුට හෝ නොකියාම යළි නොඑන්නටම කොහේදෝ නික්ම ගොස් තිබිණි. ඒ 2003 ක් වු අපේ‍්‍රල් මස 03 වනදාය.