වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
නිහඬව සමුගත් රන්මුතුදූවේ ‘රෙංගා’

සිංහල සිනමාවේ කළු-සුදු තිරයට සියලු වර්ණයන් තවරමින්, 1962 අගෝස්තු මස 10 වෙනිදා. සිංහල රිදීතිරය වර්ණවත් කළ රන්මුතුදූව නම් වර්ණ සිනමා සිහිවටනය, මෙරට සිනමාවේ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්විය.
එයට උරදුන් - බලවන්තයින් අතර, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්, මයික් විල්සන්, ගාමිණි ෆොන්සේකා, තිස්ස ලියනසූරිය සහ හෙක්ටර් ඒකනායක යන මහත්වරුන් ප්‍රධාන තැනක් ගනී.
මෙහි - අප කතානායකයා වන, හෙක්ටර් ඒකනායක - මෙලින්ඩා, ටමාරා සහ චෙරීන් යන රූමත් තරුණ දියණියන් තිදෙනෙකුගේ පියාණන් වන අතර, එතුමාගේ දයාබර බිරිඳ වැලරි ඒකනායකය.
1939, යේ ජනවාරි මස 14, වෙනිදා ශ්‍රී ලංකාවේ එළිය දුටු හෙක්ටර් පාසල් අවදියේ සිටම මුහුදු යෑමේදී, මහා සාගරය තමාගේ වියත රැකදෙන වෘත්තියේ ශක්තිමත් දැවැන්ත පසුබිම වන බව, සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ඔහු දක්ෂ පිහිනුම්කරුවකු ද - අති දක්ෂ කිමිදුම්කරුවකු ද විය.
තරුණ හෙක්ටර්ගේ සහජ දක්ෂකම් හොඳීන් වටහාගත් විද්‍යා ප්‍රබන්ධක ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාණන් තමාගේ මුහුදු පර්යේෂණ සඳහා ඔහු බඳවාගත් අතර, 2008, ටේ මාර්තු මස 19, වෙනි දින ක්ලාක් මහතා මෙලොවින් සමුගන්නා තුරුම, එතුමාගේ පර්යේෂණවලට දායකත්වය ලබාදීමට - හෙක්ටර් මහතා දැඩි ඕනෑකමකින් මෙන්ම, ඉතා කාර්‍ය-ශූර ලෙස ඇප-කැප වී සිටියේය.
ඉජභඡච ඉචටචපඪ සහ උදඤඥප එචබඥප ඉචටචපඪඵ නමින්, කිමිදුම් සේවය සපයන සහ කිමිදුම්කරුවන් පුරුදු-පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කළ මොහු, එමඟින් ලෝක ප්‍රකට විය.
එබැවින්, ලොව නන්දෙසින් වාර්තා චිත්‍රපට සඳහා ඇණවුම් ලද්දේ - දිය-යට රූ-ගැන්වීම් සඳහාය. වැඩිකලක් යාමට ප්‍රථම ඔහු ආතර් ක්ලාක්, ගාමිණි ෆොන්සේකා, තිස්ස ලියනසූරිය සහ මයික් විල්සන් යන මහතුන් ඔහුගේ කුලුපග මිතුරන් බවට පත්විය. ඔවුන් විසින් ආරම්භ කළ සෙරන්ඩිබ් ෆිල්ම්ස් නම් චිත්‍රපට ආයතනයේ හෙක්ටර් මහතා ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. එමඟින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන රන්මුතුදූව සිනමාපටයේද වැඩි බරක් ඉසිලීමට හෙක්ටර් හට සිදුවූයේ - එම තේමාව තුළින්, අගාධ සාගරයේ නිධන් පිළිබඳ පෙළගැන්වූ විශ්මය ජනක කතා පුවතක් වූ බැවිනි.
රන්මුතුදූවේ මාරාන්තික දිය-යට දර්ශන සියල්ල හෙක්ටර් ඒකනායකගේ විධානයෙන්ද - ඔහු විසින් ගොඩබිමදී කළ අපූරු පෙර-හුරුවේ විඩාව, චිත්‍රපට ජනප්‍රියත්වයට පත්වීමට හේතු කාරණා විය.
රන්මුතුදූව චිත්‍රපට කථාවේ මතුවන ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය තිරයමත කැටයම් කිරීමට හෙක්ටර්ට භාරගැනීමට සිදුවන්නේ කතා රචක තිස්ස ලියනසූරිය මහතාණන් ඇතුළු සමස්ත චිත්‍රපට කණ්ඩායමේ ඒකමතික පිළිගැනීම තුළින් ය.
කතා රචකයා ඔහුට නම තැබුවේ රෙංගා කියාය. එතැන් පටන් ඔහු භාරගත් සටන් ජවනිකාවන් මෙහෙයවීමට අමතරව, රෙංගා ගේ චරිතය නිරූපණය කිරීම ඔහු ලද තවත් භාරදූර වගකීමක් මෙන්ම, මහත්වූ අභියෝගයකි.
එතෙක්, සිංහල සිනමාව තුළ පැවති සාම්ප්‍රදායික දුෂ්ටයාගේ චරිතය මුළුමනින්ම වෙනස් මගකට යොමුකරවමින්, රන්මුතුදූවේ රෙංගා නම් දුෂ්ටයා නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණි බැව් සඳහන් කළයුතුව ඇති අතර, ප්‍රේක්ෂක ජනතාවගෙන් වීරයා ලද හර-සරට රෙංගාවද සමකළ හැකි තරමට, මෙම දුෂ්ටයා කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.
තවද, දිය-යට කළයුතු සටන් ජවනිකාව සහ දිය-යට හැසිරීම ගොඩබිමදී පුහුණු කරන්නා අති දක්ෂයෙක් විය යුතුමය.
එය හෙක්ටර් විසින් උපකල්පනාත්මකව සෙසු ශිල්පීන් හසුරුවා තිබීම, චිත්‍රපටයේ අතිශය වැදගත් කාරණාවක් විය. දිය-යටදී කැමරාව ඉදිරියේ ශිල්පීන් හැසිරවීමේ දී, සියුම් සංඥා මඟින් කළයුතුව ඇති අතර, ඒවා නිවැරැදිව තේරුම්ගෙන, රංගන කාර්‍යයේ යෙදෙන්නට මනා දක්ෂතාවයක් ද පුහුණුවක්ද රංගන ශිල්පියාට තිබිය යුතුමය.
හෙක්ටර් විසින් නිර්මාණය කරන ලද රන්මුතුදූවේ දිය-යට දර්ශන පෙළ ලාංකේය අපට කෙතරම් ආශ්චර්‍යමත්වූයේද, එය, හොලිවුඩ් පුරවරයද මවිතයට පත්කරවනසුලු ආකර්ෂණීය දර්ශන පෙළක් විය.
ඒ මන්දයත්, ශ්‍රීමත් ස්ටීවන් ස්පීල්බර්ග් විසින් වරෙක - අප සිනමාවේදී චන්ද්‍රන් රත්නම් සිනමාකරුවා හට වටිනා උපදෙසක් ප්‍රදානය කරමින්... ඔබ චිත්‍රපටයක් තනන්නේ නම්, තවත් චිත්‍රපටයක් කොපි කිරීමෙන් වැළකී සිටින්න.... එහෙත්, එය හොඳීන් සොරකම් කරගන්න..! යනුවෙන් පුළුල් දාර්ශනික මතයක් හෙළිකරන ලදී - ඒ අයුරින්, 1962,දී හැදූ රන්මුතුදූවේ - හෙක්ටර් නිර්මාණය කළ, දිය-යට දර්ශන පෙළ නිවැරැදිව සොරකම් කොට ඇත්තේ, හොලිවුඩ් සිනමාව බව අතිශයෝක්තියකින් තොරව කිවහැකිය...!
හෙක්ටර් ඒකනායක, ටයිටස් තොටවත්ත සහ මයික් විල්සන්ගෙන් දිය-යට තොරතුරු රැස්කරගත් "ඩොක්ටර් නෝ" අධ්‍යක්ෂ ටෙරන්ස් යං - 1965,දී තිරයට ගෙන ආ 4,වෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන තන්ඩර්බෝල් සිනමාපටයට රන්මුතු දූවේ දිය-යට දර්ශන පෙළ ආදර්ශයට (සොරකමට) ගෙන, හතර අතට ඇද දමමින්, දිග-පළල වෙනස් කරමින්, තවත් විශාල කොට, දිය-යට තුවක්කු (ඵනඪඥප ඨභද) භාවිතයද අපෙන්ම සොරාගැනීමට සමත්වීම - හෙක්ටර්ට මෙන්ම, සිනමාලෝලී අපටද මහත් වූ ආඩම්බරයකි....! එහෙත්, එහි බුද්ධිමය දේපළ වටිනාකම මත හොලිවුඩය, හෙක්ටර්ට ගෙවීමක් කළාද...? කොහෙත්ම නැත..!
ඇරත්, නාමාවලියේ ස්තුති ප්‍රකාශයක් හෝ සඳහන් නොකර සිටීමට පවා ඔවුහු වග බලාගත්හ. ඒ කෙසේ වෙතත්, දිය-යට ක්‍රියාදාමයන් හෙබි ඊඩභදඤඥපඡචතත චිත්‍රපටයට හෙක්ටර් ඒකනායකගේ ශක්තියද, සේවයද කුළියට ගැනීමට තරම් හොලිවුඩයට සිදුවූයේ, දෛවයේ සරදමක් ලෙසින් බැව් හැඟවීම සුදුසුය...!
දිය-යට ක්‍රියාදාමයන් පිළිබඳ දැනීමෙන් ආඬ්‍ය වූ හෙක්ටර් ඒකනායකයන් සතුව තිබූ ජනප්‍රිය මෙන්ම, වෘත්තීයමය කිමිදුම් සමාගමේ (උදඤඥප එචබඥප ඉචටචපඪඵ) කිමිදුම් කරුවන්, හෙක්ටර් ඇතුළු දහ-පහළොස් දෙනෙකු - ජපඥඤඪබ බඪබතඥඵ වලින් තොරව, මුදලට පමණක් - ශෝන් කොනරි සමග මුහුද යටදී වෙඩිතබා ගැනීමේ දර්ශන පෙළක් සඳහා නොමදව සේවය ලබාදුන් බව, ඇත්තෙන්ම රහසක් නොවන,
රස-රහසකි..!
හොලිවුඩය අපෙන් උපුටාගත් බුද්ධිමය දේපළ වෙනුවෙන් - හෙක්ටර්ට හෝ මයික්ට කිසිදු ගෙවීමක්, ගෙවා නොමැති බැව්, රන්මුතුදූවේ සංස්කාරක - තාක්ෂණික උපදේශක ටයිටස් තොටවත්ත මහතා මා සමඟ පැවසුවේ දැඩි කනස්සලු ස්වභාවයක් සිත් හී දරාගෙනය...
ඉන් අනතුරුව, ජෝ අබේවික්‍රමයන් ලවා දෙබස් ලියවා, ජේම්ස් බොන්ඩ් - ජේමිස් බණ්ඩා කරමින්, බුද්ධිමය දේපළ හොරුන්ට, සොරුන්ගෙත් සොරු යනුවෙන් නම්තබා, 1967,දී සොරුන්ගෙත් සොරු එළිදැක්වූයේ සෙරන්ඩිබ් සමාගමේ සිත්තැවුල තුනීකර ගැනීමේ අහිංසක උපක්‍රමයක් ලෙසින් යැයි, ටයි මහතා වැඩිදුරටත් පැවසීය...!
1964,වසරේ දී සෙරන්ඩිබ් සමාගම ඉදිරිපත්කළ "ගැටවරයෝ" නම් ගැටවර චිත්‍රපටයේ තවත් ප්‍රබල චරිතයක්, හෙක්ටර් ඉලක්කකොට කතා රචක තිස්ස ලියනසූරිය විසින් ලියන ලද්දේය...!
හොඳම අධ්‍යක්ෂ ලෙසත්, හොඳම චිත්‍රපටය ලෙසත් සරසවිය සම්මානයක් පිදුම් ලද ගැටවරයෝ කලාත්මක මෙන්ම, වාණිජ අතින්ද අතිසාර්ථකත්වයට පත්විය. එම කතා පුවතට ප්‍රබල සටන් ජවනිකාවක් ඇතුළත් කිරීමට තිස්ස ලියනසූරිය අමතක නොකළේය...!
ගැටවරයෝ අවසානයේ (ජතඪථචජබඪජ ඵඥඳභඥදජඥ) හෙක්ටර් ඒකනායක ගාමිණි ෆොන්සේකා සමග සුපිරි හෝටලයක් තුළ, පුටු-මේස පෙරළාගෙන කරට-කර සටන් වදිමින්, එම ක්‍රියාදාම ජවනිකාවට - තම රංගනයේ සියුම් ප්‍රකාශයන්, කැමරාවට උකහා ගැනීමට ඉඩහැර සටන් ජවනිකාවද මෙහෙයවමින්,
හෙක්ටර් කළ හපන්කම සුළු-පටු නොවන බැව් ප්‍රකාශ කළයුතුව ඇති අතර, එදා සරසවිය උලෙළේ සටන් අධ්‍යක්ෂවරයා වෙනුවෙන් සම්මානයක් විවෘත වී තිබුණා නම්, හෙක්ටර් ඒකනායක 1964රේ ගැටවරයෝ තුළින් හොඳම සටන් අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හිමිකර ගන්නවා සිකුරුය...!
එම ගැටවරයන්ගේ සටන - ලාංකේය සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම සටන් ජවනිකාව ලෙස මාධ්‍යවේදී අරුණ ගුණරත්න මහතාද සාක්ෂි දරන බව මගේ හැඟීමයි...!
ලාංකේය සිනමාවේ චිත්‍රපට දෙකකට පමණක් රංගනයෙන් සහ ක්‍රියාදාම තාක්ෂණයෙන් දායකත්වය ලබාදෙමින්, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රීලංකාවේ පදිංචිව, අතිශය සුපිරි ජීවිතයක් ගතකළ හෙක්ටර් ඒකනායක නම් අප කතානායකයා පසුගිය 2023 නේ මාර්තු මස 20 වෙනි දින තම ජීවිත සිනමාවෙන්ද සමුගෙන සදහටම දෙනෙත් පියාගත්තේය...!
කෙදිනකවත්, එතුමා චිත්‍රපට පසු-පස හඹාගියේ නැතිබැව් මා දැඩි ආඩම්බරයකින් මෙන්ම, අභිමානයෙන් මම සඳහන් කිරීමට කැමැත්තෙමි...!