වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
“අප දඟකාරියෝ” 22 දා

වේදිකා, බල රංග, පූදින්න පෙර කාපි යකා, කවුරුත් යන්නෑ, මුතු ඇටයේ කෙළිමඬල යන නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුමිත් ගල්හේනගේ නවතම වේදිකා නාට්‍යය “අප දඟකාරියෝ” අද (22) දා ටවර් හෝල්හිදී වේදිකාගත කෙරේ. ළඟදීම තිරගත වීමට නියමිත “හොර අංකල්” චිත්‍රපටය නිෂ්පාදනය කළ ධර්මවංශ හේවා අලංකාර මේ නාට්‍යයේ නිෂ්පාදකවරයාය. “අප දඟකාරියෝ” උදේනි නදීකා පිරිස්ගේ සහ සුමිත් ගල්හේනගේ පිටපතකි. කුලසිරි මල්ලිකාරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, උදේනි නදීකා, රජිත රොද්‍රිගෝ, සුමිත් ගල්හේන, අනුෂා දිසානායක, ධනංජි තාරුකා, ධර්මවංශ හේවා අගලංකාර, ශානක සූර්යවංශ, සම්පත් මධුෂංක යන අය මෙහි රංගනයේ යෙදෙති.