සංඝටන වැඩ අවසන්

මැයි 12, 2022

කාලපත්කඩ සහ දහඩිය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ තරිඳු බණ්ඩාරගේ “සංඝටන”නවතම කෙටි චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගිය දින අවසන් විය. මෙම කෙටි චිත්‍රපටය “The White Salwar”  ලෙස නම් කර ඇත. දමිළ සිනමා ආභාසයෙන් නිෂ්පාදනය වු මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් මංජුල කුමාරතුංග,හා නාමල් සම්පත් කලා අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ජයශාන්ත සහ හෙවින් මිකී, වේශ නිරූපණයෙන් අනුර ශාන්ත සහ තරූෂ වර්ණකුලසූරිය ගෙනි. රංගනයෙන් ශාරද මාරසිංහ, දසුනි අල්විස් සහ චමෝද් කරුණාරත්න එක්වෙති.

ශාරද මාරසිංහගේ නිෂ්පාදනයක් වන මෙය D & T Phoenix Entertainment  ඉදිරිපත් කිරීමකි. සහය නිෂ්පාදනය තරිඳු බණ්ඩාර සහ සඳරු රත්නාය, සහය අධ්‍යක්ෂණය - දිනූෂ නාඔටුන්න, ශබ්ද පරිපාලනය - අසංග සත්සර, ආලෝකකරණය - මංජුල පද්මකුමාර, නිශ්චල ඡායාරූප- භූමි වික්‍රමසිංහ, නිෂ්පාදන සහය නිපුන සූරියාඅරච්චිගෙනි. ඉදිරියේ තිරගත වීමට නියමිThe White Salwar” ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ නියෝජනය කිරීම සදහා නිර්මාණය කළ බව තරිඳු බණ්ඩාර සරසවියට ප්‍රකාශ කළේය.