වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
හදවතේ හතළිහ ජාතික රූපවාහිනියෙන්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හතළිස් වන සංවත්සරය වෙනුවෙන් ප්‍රාසංගික අත්දැකීමක් ලෙස ඉදිරිපත් කෙරුණු හදවතේ හතළිහ ප්‍රසංගය අප්‍රේල් 15 සෙනසුරාදා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. 1982 සිට 2022 දක්වා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම සිටින ශිල්පීන් විසින් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය ඩිජිටල් නව්‍යකරණයේ ප්‍රාසංගික අත්දැකීමක් ලෙස හඳුන්වා තිබේ.
කීර්ති පැස්කුවෙල්, එඩ්වඩ් ජයකොඩි, නිහාල් නෙල්සන්, මරියසෙල් ගුණතිලක, රෝහණ බෝගොඩ, නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි, ඇන්තනි සුරේන්ද්‍ර, සුරියකුමාර් මුත්තලගේ, කලාවතී, ලූක් හෙන්ඩ්‍රිකස්, නිරෝෂා විරාජනී, උරේෂා රවිහාරි, සුභානි හර්ෂනී, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, රුවන් හෙට්ටිආරච්චි, භාචි සුසාන්, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, ක්‍රිෂාන්ත එරන්දක, රොහාන් බුලේගොඩ ඇතුළු ශිල්පීන්ගේ ගායන වාදන දායකත්වය සහිත මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම මහේෂ් දෙනිපිටියගෙනි. චන්න විජේවර්ධන, නේමාලි බුදවත්ත සහ චන්දන වික්‍රමසිංහගේ නර්තන විචිත්‍රත්වයෙන් පෙළ ගැසුණු හදවතේ හතළිහ ප්‍රසංගයේ පිටපත් රචනය නිලාර් එන්. කාසිම්. චින්තක අනුරුද්ධගේ නිර්මාණ අධ්‍යක්‍ෂණයෙන් සහ රංග ප්‍රේමරත්න, නලින් මාපිටිය ඇතුළු ශිල්පීන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් ඔපවත් වුණු මෙම ප්‍රසංගය මෑත අවධියේ රූපවාහිනී මාධ්‍යයකින් ඉදිරිපත් කෙරුණු දැවැන්තම සහ ප්‍රාසංගික අත්දැකීමක් ලෙස හඳුන්වා දිය හැකිය.