CALLS

ඇඟ හිරිවැටෙන දුරකතන ඇමතුමක්
ජූලි 15, 2021

 

දිනය - දෙසැම්බර් 30 වැනිදා

ටිම් ලොස් ඇන්ජලීස්හි වෙසෙන අතර, ටිම්ගේ පෙම්වතිය සාරා නිව්යෝර්ක්හි වාසය කරයි. ටිම් සාරා වෙත දුරකථනයෙන් අමතයි. සාරා, ටිම් නැතිව ගෙවන ජීවිතය නිසා ඉතා පාළුවෙන් සිටින බව පවසන අතර ටිම් පවසන්නේ අලුත් අවුරුද්ද ලැබීමට පෙර ඇය ටිම් වෙත එන බවට පොරොන්දු වුවද එසේ නොපැමිණීම ගැන තමා අප්‍රසාදයෙන් සිටින බවයි. ටිම්ගේ කතාබහ තුළ ඔහු යම් වැදගත් දෙයක් කීමට උත්සාහ කරන බවක් වටහාගත හැකිය. හෙදියක වන තමා වියපත් කාන්තාවක බලාගන්නා බවත් ටිම් ලොස් ඇන්ජලීස් වෙත ගියේ ස්වකැමැත්ත පිට බවත් සාරා සිහිපත් කරයි. කෙසේ වුවත් ටිම් පවසන්නේ ඒ කිසි දෙයක් කතා කිරීම දැන් පලක් නොවන බවයි. තමාට වැදගත් දෙයක් සාරා වෙත කීමට ඇති බව යළිත් ටිම් පවසයි. මේ අවස්ථාවේදී සාරාගේ දුරකථන සම්බන්ධය දුර්වල වීගෙන එන අතර සිය නිවෙසින් පිටත යමෙක් ගැවසෙන බවත් තමාට ඒ ගැන බිය දැනෙන බවත් සාරා පවසයි. දුරකථන සම්බන්ධතාවයට බාධා වන කාර්මික ශබ්ද තීව්‍ර වී ඇමතුම යම් අවස්ථාවක විසන්ධි වුවද ටිම් එය නැවත සම්බන්ධ කර ගනී. ඉතාමත් විකෘති ශබ්දයක් සිය නිවෙස පසුපසින් ඇසෙන බවත් ඒ කුමක්දැයි විපරම් කිරීමට තමා යා යුතු බවත් සාරා පවසයි. නැවත ඇමතුමක් ලබා දීමට පොරොන්දු වෙමින් සාරා ඇමතුම විසන්ධි කරයි.

මින් පසුව 911 හදිසි ඇමතුම් අංශයට ලැබෙන ඇමතුමකි. හඩ්සන් වීදියේ සිය නිවෙසට යමෙක් කඩා වැදීමට තැත් කරන බව සාරා පවසයි. අඳුරේ වුවද මේ පුද්ගලයා තමාට දෘශ්‍යමාන වන බවත් ඔහු ඉතා විශාල බවත් බිය ගෙනෙන සුලු අතක් සහිත කෙනෙක් බවත් ත්‍රාසයෙන් මුසපත් වූ සාරා පවසයි. තවද ඔහු මනුෂ්‍යයෙකු නොවන වග තමා දුටු බව ඇය පවසන අතර දුරකථනය විසන්ධි වේ.

තිමෝති හොචෙට් විසින් නිර්මාණය කරන ලද එනමින් යුත් ප්‍රංශ කතා මාලාව පදනම් කරගත් ඇමරිකානු-ප්‍රංශ සංත්‍රාසමය සහ නාට්‍යමය කෙටි රූපවාහිනී කතා මාලාවක් වන ‘ඛ්චතතඵ’ මෙලෙස ඇරඹෙන අතර ෆෙඩේ ඇල්වාරෙස්ගේ නිර්මාණයක් වූ මෙම ඉංග්‍රීසි අනුවාදය 2021 මාර්තු මස තිරගත කෙරුණි. මෙම කතා මාලාවේ එක් විශේෂයක් නම්, එය පුද්ගලයන් හෝ සිද්ධීන් සහිත එකදු රූපරාමුවකින් හෝ තොර වීමයි. කෙටි කොටස් නවයකින් යුත් කතා මාලාව මුළුමනින්ම සාරා සහ ටිම් වැනි වූ පුද්ගලයන් සමූහයක් විසින් ඇතිකර ගත් තැති ගන්වනසුලු දුරකථන සංවාද ඔස්සේ දියත් වේ. ඒනනතඥඊඍ+ සහ ඛ්චදචත+ හි සම නිෂ්පාදනයක් වන මෙය ප්‍රේක්ෂකයන් හට අලුත් අත්දැකීමක් ලබා දෙයි.

රෝට්න් ටෝමැටෝස් අඩවියේ ඛ්චතතඵ මෙලෙස හඳුන්වා දී ඇත. "සිත් ඇදගන්නාසුලු, නවමු රූපවාහිනී අත්දැකීමක් වන ඛ්චතතඵ ඇඟ හිරිවට්ටනසුලු කෙටි කතන්දර නවයක් පැවසීමට දක්ෂ ලෙස ශ්‍රව්‍ය හා අවම වියුක්ත දෘශ්‍ය (ර්ඪදඪථචත ඒඡඵබපචජබ ඍඪඵභචතඵ) භාවිතා කර ඇත. බැලූ බැල්මට එකිනෙක අසම්බන්ධිත මෙහි සෑම කොටසක්ම අඳුරු නාට්‍යමය අභිරහසක් මත පදනම් වේ. නික් ජෝනාස්, ලිලී කොලින්ස්, රොසරියෝ ඩෝසන්, පේද්‍රො පැස්කල්, ඕබ්‍රි ප්ලාසා, ආරොන් ටේලර් ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් විසින් හඬ දායකත්වය ලබා දෙන මෙම කතාව අපට තේරුම් කර දෙන එක දෙයක් ඇත. එනම් සැබෑ භීෂණය පවතින්නේ තිරය මත නොපෙනෙන, කෙනෙකුගේ පරිකල්පනයෙන් නිර්මාණය කරගන්නා දේ මත බවයි". එම අඩවියේ දර්ශකයේ මේ කතා මාලාවට ලැබී ඇති සාමාන්‍ය අගය 7.75/10 ක් වන අතර විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක්වී ඇත.