කම්කරුවන් වෙනුවෙන්

ජූලි 15, 2021

 

කාජල් බොලිවුඩයේ කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ නිළියක්. දෙදරු මවක ලෙසින් මෙන්ම ආදරණිය බිරියක ලෙසත් නම් දරා සිටින ඇය උපකාර අවැසි වූවන් වෙනුවෙන් ඉදිරිපත් වීමට පසුබට නොවූ තරුවක්. වසංගත කාලයේදී කාජල් සහ සැමියා අජේ දේව්ගන් ඉන්දීය රුපියල් ලක්ෂ 51 ක් සිනමා කර්මාන්තයේ දෛනික වැටුප් කම්කරුවන් වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කළා. පසුගියදා ඇය කම්කරුවන් හට අත්‍යවශ්‍ය වී තිබූ වැහි කබා තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා.

කාජල් අවසන් වරට 'තන්හාජි' චිත්‍රපටය ඔස්සේ අජේ දේව්ගන් සහ සයිෆ් අලි ඛාන් සමඟ දැක ගත හැකි වූ අතර එයට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. එමෙන්ම ඇයගේ රංගනයෙන් ඔපවත්ව ඩිජිටල් ආකාරයෙන් නිකුත් වූ 'ත්‍රිභංග' චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වුණා.