ටයිගේරියන්ස් ආදරය මැද බොලිවුඩයේ සත් වසරක්

ජුනි 3, 2021

 

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඉන්දියානු සිනමාවේ ක්‍රියාදාම මෙන්ම නර්තනයෙන්ද කැපී පෙනන නළුවෙකි. පසුගියදා ඔහු සමරනු ලැබූයේ බොලිවුඩයේ හත් වැනි වසරයි. ඉන්දියානු සිනමාවේ ඔහුගේ ගමන ආරම්භ වූයේ ක්‍රිති සැනොන් සමඟ 'හෙරොපන්ති' චිත්‍රපටයෙනි.

මේ වන විට ඔහු බොලිවුඩයේ වඩාත් ආකර්ෂණීය නළුවෙකු බවට පත්ව සිටී. ටයිගර් සිය රසික රසිකාවන් නම් කර තිබෙන්නේ 'ටයිගේරියන්ස්' ලෙසිනි. බොලිවුඩයේ සත් වැනි වසර සමරමින් ටයිගර් විශේෂ සටහනක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළේය. "මා අද කොතැන සිටියත් මා අත්කරගෙන ඇති සියල්ල ටයිගේරියන්ස් හමුදාව නිසා ය. ඔබ නොමැතිව මට කිසිවක් නැත" එම සටහනේ විය. ඔහුගේ ඉදිරි චිත්‍රපට අතර 'හෙරොපන්ති 2' මේ වසරේ දෙසැම්බර් 03 වැනි දින තිරගත වීමට නියමිතව ඇත. මේ හැරුණු විට ටයිගර් සතුව ක්‍රිති සැනොන් සමඟ 'බාගී 4' සහ 'ගන්පාත්' චිත්‍රපටද වේ.