සාප්පු සවාරි බෑ

ජුනි 3, 2021

 

ආලියා භාත් මේ වන විට බොලිවුඩයේ සිටින දක්ෂතම නිළියක බවට පත් වී අවසන්. කොරෝනා වසංගතයෙන් බාධා පැමිණුනද 2021 සඳහා ඇගේ රූගත කිරීම් දින දර්ශනය මුළුමනින්ම පිරී තිබේ. 'ගංගුබායි කැතියාවඩි', 'ආර්ආර්ආර්', 'බ්‍රහ්මස්ත්‍රා', 'තක්ට්' ඒ අතර වේ. මේ නිසාම ඇගේ පෞද්ගලික ජීවිතයට තවමත් කාලය සොයා ගැනීමට අපහසු වී ඇති බව පෙනේ.

හොලිවුඩ් හෝ බොලිවුඩ් හෝ වෙනත් රටක හෝ නිළියන් යනු සාප්පු සවාරි යෑමට බෙහෙවින් ප්‍රිය කරන පිරිසකි. විවිධ විලාසිතාවලින් යුතු ඇඳුම් පැලඳුම් ඔවුන්ගේ තෝරා ගැනිම් අතර ප්‍රමුඛ වේ. නමුත් ආලියා යනු ඒ අතර වෙනස් චරිතයකි. ඇය වරෙක ඉන්ස්ටග්‍රම් ඔස්සේ ප්‍රේක්ෂයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පැවසූයේ, තමා සාප්පු සවාරි යෑමට අකමැති බවයි. "මම සාප්පු සවාරි යෑමට කැමති නැහැ. ඔබ මාව සාප්පුවකට කැඳවා ගෙන ගියහොත්, මම ඉතා ඉක්මණින් එළියට එන්නෙමි" යනුවෙනි. කෙසේ නමුත් අන්තර්ජාල සාප්පු සවාරි ඇයගේ අකමැත්ත බොහෝ සේ වෙනස් කර ඇත.