ශ්‍රෙයාගේ පුංචි අමුත්තා

ජුනි 3, 2021

ශ්‍රෙයා ගෝෂාල් ලොවම දිනූ ගායන තාරකාවකි. "ශ්‍රෙයාදිත්‍යගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිමු" යනුවෙන් තමා මව් පදවිය අපේක්ෂාවෙන් සිටින බව ඇය නිවේදනය කර සිටියේ මීට මාස කිහිපයකට පෙරදීයි. "අපගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය සඳහා අප සූදානම් වන විට ඔබගේ ආදරය හා ආශිර්වාදය අවශ්‍යයි" ඇය පැවසුවාය. ශ්‍රෙයා සහ ඇගේ සැමියා ශිලාදිත්‍ය මුඛෝපාධ්‍යාය ඔවුන්ගේ බිළිඳා පිළිගත්තේ මැයි 22 වැනි සෙනසුරාදාවේදීයි.

ඇය එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත්තේ ඔවුන්ට ආශිර්වාද පුද කළ සැමට ස්තූතිය පිරිනමමිනි. "අද දහවල් අපේ පවුලට බිළිඳෙකු එක් වුණා. එය මීට පෙර කවදාවත් නොසිතූ හැඟීමකි. ශිලාදිත්‍ය, මම සහ අපගේ පවුලේ අය අතිශයින් සතුටට පත්වෙමු. අපගේ බිළිඳාහට ඔබ කළ අසීමිත ආශීර්වාදයන්ට ස්තූතියි" යනුවෙන් ඇය සටහනක් යෙදුවා.