හතරදෙනාම සූරයෝ

ජුනි 3, 2021

 

 

සිනමාව සහ ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ බොහෝ නළුවන් වීරයන් බවට පත් කළ ප්‍රතිවීර චරිත හතරක් පසුගියදා එක ඡායාරූපයකට හසුවී සමාජජාලාවල පළ වී තිබුණා. ඒ රෙක්ස් කොඩිප්පිලි, සුදත් ඇන්තනී, බුද්ධික ජයරත්න සහ මිලින්ද මඩුගල්ල යන අයයි. රෙක්ස් කොඩිප්පිලි කියන්නේ දශක පහකට අධික කාලයක් පුරා ලාංකේය සිනමාව තුළ දුෂ්ටයාගේ චරිතය රඟපෑ සිනමා පෞරුෂයක්. මුල් කාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වී පසුකාලීනව විදේශගත වී සිට නැවතත් ප්‍රතිවීර චරිතයක් මඟින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු රංගන ශිල්පියෙක් සුදත් ඇන්තනී. ඒ වගේම කවුරුත් දන්න වර්තමාන සිනමාවේ දුෂ්ටයා බුද්ධික ජයරත්න. මේ වනවිට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිවීර චරිතවලට පණ පොවන ජනප්‍රිය රංගන ශිල්පියෙක් මිලින්ද මඩුගල්ල. දෙවෙනි ඉනිම ටෙලිනිර්මාණයේ රූගත කිරීම් අතරතුර ගත් ඡායාරූපයක් තමයි බුද්ධික ජයරත්න තමන්ගේ ෆේස්බුක් පිටුවට එක් කරලා තිබුණේ. ඒ අපූරූ ගීතයක කොටසක්ද සමඟින්.

"කෙනෙකුට කරදර නොදෙන්නේ...

අපි අන්තිම අහිංසකයි...

හැඩට වැඩට හරි සූරයෝ

අපිත් කොළඹ කොල්ලෝ"