ජීවන් ගායනයට

ජුනි 3, 2021

 

 

විජය කුමාරතුංගයන්ගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි ජීවන් කුමාරතුංග ප්‍රථමවරට ස්වතන්ත්‍ර ගීත දෙකක් ගයමින් විජය මෙන්ම ගායනයටත් පිවිසිලා. "ජීවා" චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් හා හා පුරා කියා චිත්‍රපට අධ්‍යක්ෂණයටද පිවිසිලා. ජීවන් කුමාරතුංග විසින් ගයන මේ ගීත දෙක රචනා කර ඇත්තේ ලේඛිකා ඉන්දු මදුබාලා විසින්. ප්‍රවීණ සංගීතවේදී සුනිල් ධර්මසේන එහි සංගීත නිර්මාණ කටයුතු කරලා තියෙනවා. කලක් රිදී තිරයේ ජනප්‍රිය පෙම්වතෙකු වී සිටි ජීවන් ඉදිරියේදී තමන්ගේ මධුර හඬින් රසික සිත් සනහාලන බව නම් අපට විශ්වාසයි.