සිනමාවට අහිමි වූ හිතවතිය සුරේනි සෙනරත්

ජුනි 3, 2021

සුරේනිගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ තමා විසින්ම 1983 වසරේ නිෂ්පාදනය කළ කේ.ඩී. දයානන්ද අධ්‍යක්ෂණය කළ “ ලොකු තාත්තා” චිත්‍රපටයයි. මාලිනී ෆොන්සේකා, උපාලි අත්තනායක, රොබින් ප්‍රනාන්දු, සෝනියා දිසා, ලයනල් දරණියගල මේ චිත්‍රපටයේ රඟපෑහ. සුරේනි මේ චිත්‍රපටයේ සර්කස් කණ්ඩායමක සර්කස්කාරියක ලෙස රඟපෑවාය. 1984 සරසවිය සම්මාන උලෙළේදී වසරේ හොඳම නවක නිළිය ලෙස ලක්ස් සම්මානය සුරේනි දිනා ගත්තේ “ලොකු තාත්තා” චිත්‍රපටය වෙනුවෙනි.

මීට වසර කිහිපයකට ඉහත සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ හය දෙනෙක් එකට හමුවන අවස්ථා සුලබව දක්නට ලැබුණි. පියා, මව හා ගැහැණු දරුවෝ දෙදෙනෙක් හා පිරිමි දරුවෝ දෙදෙනෙක් මීට ඇතුළත් වූහ. ඔවුන් සිනමාව සමඟ අත්‍යවශ්‍යයෙන්ම බැඳී සිටි මේ පවුල සෙනරත් පවුල ක්ෂේත්‍රය දැන සිටියහ. පියා වූයේ පියරත්න සෙනරත්ය. ඔහු චිත්‍රපට නළුවෙකු විය. මව අයිරාංගණී චිත්‍රපට නිෂ්පාදිකාවක් වූවාය. ලොකු දුව සුරේනි චිත්‍රපට නිළියක් මෙන්ම නිෂ්පාදකවරියකි. ගයානි, හර්ෂ, ප්‍රභාත් යන දුවත් පුතුන් දෙදෙනාත් චිත්‍රපට සම්බන්ධීකරණ කටයුතුවලට උර දුන්න. සෙනරත් පවුලේ ක්‍රියාකාරීණිය වූයේ සුරේනිය. සුරේනි දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිට පසුගියදා 26 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේදී මිය ගියාය.

සුරේනි 1986 තිරගත වූ “ මල්වරුසා” චිත්‍රපටයේ නිෂ්පාදිකාව වූ අතර එහි චරිතයක් ද රඟපෑවාය. මේ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, අමරසිරි කලංසූරිය. රොබින් ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, සුරේනි සෙනරත් ප්‍රධාන චරිත රඟපෑහ. කේ.ඩී. දයානන්ද අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට සුරේනි මුල්වරට රඟපෑවේ තම මව වූ අයිරාංගණී සෙනරත් (1975) නිෂ්පාදනය කළ දයානන්ද ජයවර්ධන අධ්‍යක්ෂණය කළ අමරණීය ආදරේ චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ සෝනියා දිසා, පියරත්න සෙනරත්, පද්මා සිරිවර්ධන, මානෙල් වානගුරු, ප්‍රධාන චරිත රඟපෑහ.

සුරේනි කළුතර බාලිකා විද්‍යාලයේත්, කොළඹ රොස්මීඩ් බාලිකා විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවාය. 1959 ජූනි 17 වෙනිදා ඇගේ උපන්ගම කළුතරය. “ අමරණීය ආදරේ” ළමා චරිතයක් රඟ පෑ ඇයගේ දෙවැනි චිත්‍රපටය වූයේ තම (1980) මව නිෂ්පාදනය කළ, දයානන්ද ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “ ඩොක්ටර් සුසන්තා” ය. මේ චිත්‍රපටයේ සෝනියා දිසා, පියරත්න සෙනරත්, මානෙල් වානගුරු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමඟ සුරේනි ද රඟපෑවාය.

සුරේනිගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ තමා විසින්ම 1983 වසරේ නිෂ්පාදනය කළ කේ.ඩී. දයානන්ද අධ්‍යක්ෂණය කළ “ ලොකු තාත්තා” චිත්‍රපටයයි. මාලිනී ෆොන්සේකා, උපාලි අත්තනායක, රොබින් ප්‍රනාන්දු, සෝනියා දිසා, ලයනල් දරණියගල මේ චිත්‍රපටයේ රඟපෑහ. සුරේනි මේ චිත්‍රපටයේ සර්කස් කණ්ඩායමක සර්කස්කාරියක ලෙස රඟපෑවාය. 1984 සරසවිය සම්මාන උලෙළේදී වසරේ හොඳම නවක නිළිය ලෙස ලක්ස් සම්මානය සුරේනි දිනා ගත්තේ “ලොකු තාත්තා” චිත්‍රපටය වෙනුවෙනි.

“ බිනරි සහ සුදු බණ්ඩා (1984) කවුළුව (1987), රස රහසක් (1988), බදුලු කෝච්චිය (1989) චන්ඩි රජා (1990), උතුර දකුණ වැඩ බැරි නම් වැඩක් නෑ ( 1991), නොහඬන් කුමරියේ, ජයග්‍රහණ, පවන රළු විය, හඬන කිංකිණි, 150 මුල්ලේරියාව, විජය ගීතා ( 994) චුට්ටේ, හිත හොඳ සූරයෝ, දළුලන ගිනි (1995), සතුටයි කිරුල අපේ (1995), අකුණු පහර, අඳුරු සෙවණැලි, සත්‍යාදේවි (1999), සළුපොට අහසට (2000) සුරපුරයට කන්‍යාවක් (2002) රඟපෑ චිත්‍රපට අතර වෙයි. ටෙලිනාට්‍ය නිළියක ලෙස කළු කපා එළි, භුමරංගය, ටෙලිනාට්‍යවල රඟ පෑ ඇය වේදිකා නාට්‍ය නිළියක ලෙස වලාකුළු, යකඩ සපත්තු, නරලොවට වැඩ, නාට්‍යවලද රඟපෑවේය. සුරේනි කතරගම විවේක නිකේතනය භාරව සිටි මේ කාලයේ එහි ආගන්තුක සත්කාර ලැබූ ජනපි‍්‍රය නළු නිළියන් රැසක් සිටියහ. ඇය කලක් ශී‍්‍ර ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරිය වුවාය. ක්‍රියාකාරි දේශපාලනයට එක් වුවද තනතුරු දැරුවද ඇය සැමට හැකි අයුරින් උපකාර කළ මානව දයාවෙන් යුතු චරිතයක් විය. අසරණ වූ කලාකරුවන්ට කලාකාරිණියන්ට අත්වැලක් වූවාය. පවුල පිටින්ම ගොස් අසරණ රෝගීන්ට මුදල් හදල් දුන්නාය.

2001 දී මියගිය තම පියා වූ පියරත්න සෙනරත් මෙන්ම සුරේනි ඉතා උණුවන හදවතකට හිමිකම් ලබා සිටියාය. ඇය මෙන්ම පියාද කලාවට ආදරය කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කළ පියරත්න සෙනරත් (1925 - 2001) වැදිබිම, රුහුණු කුමාරි, දෙහදක දුක, පික් පොකට්, කේසර සිංහයෝ, අද මෙහෙමයි, සිරිල් මල්ලී චිත්‍රපටවල රඟපෑවේය. ඔහුගේ බාල සොහොයුරා වු නවරත්න සෙනරත් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි කාලයේ සරසවිය සම්මාන ජුරියේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

සුරේනිගේ සොහොයුරෙකු වූ ප්‍රභාත් සෙනරත්ද මීට කලකට ඉහත මිය ගියේය. ජීවිතයේ එන ඕනෑම අභියෝගයක් සිනාමුසුව භාරගෙන නිතරම සිනහ මුසුව සිටි ඇය ඇත්තටම “ යකඩ ගැහැනියකි, සෙනෙබර යෙහෙළියකි, මිතුරියකි, සහෝදරියකි.

සේයාරූ - දයාන් විතාරණ