උතුරු සුළඟ මංගල දර්ශනයදා

අප්‍රේල් 29, 2021

චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටය වන "උතුරු සුළඟ" චිත්‍රපටයේ මංගල දර්ශනය 23 වැනිදා කොල්ලුපිටිය ලිබර්ටි ස්කෝප් සිනමාහලේදී පැවැත්විය. උතුරු සුළඟ අප්‍රේල් 29 වැනිදා සිට සිනමාහල්වලදී තිරගත වීමට නියමිතය.

දස දහස් ගණනින් රටට මිනිසුන් අහිමිකළ, ආදරණීයයන් වෙන් කළ, යුද්ධයේ මතක මැදින් යළිත් සිය ජීවිතය ගොඩනංවා ගැනීමට වෙහෙසෙන සෙබල තරුණයෙකු හා ඔහුගේ ප්‍රේම වෘතාන්තය මූලික කරගනිමින් උතුරු සුළඟ නිර්මාණය වී ඇත.

මොහොමඩ් ගානි, කපිල නවරත්න, රසික ජිනසේන චාමර ජනරාජ් පීරිස් යන සමූහයගේ නිෂ්පාදන වෑයමක් වන උතුරු සුළඟේ කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් විජේරත්නගෙනි. තුෂානි බුලුමුල්ලගේ ගී පදවලට සංගීතය උදාර ජයකොඩිගේය. චිත්‍රපට සංගීතය ජානක ෆොන්සේකා ගෙනි.

එරංග ජීවන්ත, කාවින්ද්‍යා දුල්ෂානි, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක, මීනා කුමාරි, රෝහණ බැද්දගේ වැනි ප්‍රවීණ මෙන්ම නවක රංගන ශිල්පීන් මේ සඳහා රංගනයෙන් දායක වී ඇත.